මේක එක්තරා විදියකට අයිතිහාසික පින්තූරයක්. මේ ඉන්නෙ ඉතාලි ජාතික දක්ෂ විත්ර ශිල්පියෙක්. නම ලුසියානෝ මරෙන්සි.
1967 ඔක්තෝබරයේ දවසක ලංකාවේ ඉතාම කණගාටුදායක පුවතක් වාර්තා උනා. ඒ තමයි සංවිධානාත්මක කඩාකප්පල් කරුවන් පිරිසක් විසින් ඓතිහාසික සීගිරි චිත්‍ර වලට තාර ප්‍රහාරයක් එල්ල කරලා විනාශ කරල දාල තිබුණා. එවකට පුරාවිද්‍යා කොමසාරිස් මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා විසින් සීගිරිය අවට කලාපය පුරාවිද්‍යා සංරක්ෂිත කලාපයක් ලෙස නම් කිරීම නිසා තම කඩබිම් ඈතට ගෙනයාමට සිදුවූ වෙළඳුන් විසින් මේ ප්‍රහාරය කරන්නට ඇතැයි පසුව සැළකුණා.. මේ වෙලාවේ මේ සීගිරි චිත්‍ර ගොඩදැමීමේ අභියෝගය බාරගන්නෙ ඉතාලි ජාතික චිත්‍ර ශිල්පී ලුසියානෝ මරෙන්සි මහතා. ඔහු ඉතා දක්ෂ ලෙස විනාශ වූ සීගිරි චිත්‍ර ප්‍රකෘති තත්වයට ගෙන එන්න සමත් වෙනවා...
නමුත් කණගාටුදායක සිද්ධිය නම් ඊට ගොඩක් පසුකාලීනව, බොහෝම මෑතක, ලුසියානෝ මරෙන්සි මහත්මයට අත්වුණ ඉරණමයි. තම ජීවිතයේ අවසාන කාලය සිහිමද ගතියකින් කල්ගෙවූ එතුමා ඉතාලියේ නාපොලි නගරයේ පාරවල් දිගේ යාචකයෙක් වගේ ඇවිද ඇවිද ඉඳලා, කාත්කවුරුත් නැති අනාථයෙක් වගේ නාපොලි නගරයේ රජයේ රෝහලක මියයනවා. බොහොම මෑතක මම නිවැරදි නම් 2011 වගේ.
-උපුටාගැනීමකි -