ලුසියානෝ මරාන්සි

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ලුසියානෝ මරාන්සිව දන්නවද?

    සීගිරි ලාලනියන් නොඑන ගමන් යයිද.....!

    මීට වසර 43 ඉහතදී සීගිරි ළඳුන් රෝගී වූ අවස්‌ථාවක්‌ ගැන විමසා බැලීමටද මේ කදිම අවස්‌ථාවකි.

    ඒ ඉතා බිහිසුණු රාත්‍රියකි. සීගිරි මහා කැලෑව පැත්තෙන් උළලේනුන්ගේ හඬක්‌ ද බස්‌සන්ගේ සහ බකමූණන්ගේ භයානක හඬක්‌ ද ඇසෙන්නට වූ ඒ මූසල රාත්‍රිය 1967 ඔක්‌තෝබර් 14 වැනිදා සීගිරි බෙයඳේ ක්‍රිස්‌තු වර්ෂ පස්‌වන සියවසේ උපත ලද සීගිරි ලාලනියන් විනාශ කිරීමට කුරිරු හස්‌තයන් අවතාර ලෙසින් ආහ. එදා සීගිරි ලාලනියන් මියෑදෙන්නට නොදී රැක ගත්තේ එවක පුරාවිද්‍යා කොමසාරිස්‌වරයාව සිටි ආචාර්ය චාල්ස්‌ ගොඩකුඹුර මහතාගේ නායකත්වය යටතේ රසායනික තහවුරු කිරීම් පිළිබඳ විශේෂඥයකු වූ ද එවක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්‌ (රසායන සංරක්‍ෂණ) වරයකු වූද ආචාර්ය රාජාද සිල්වා මහතා සහ ඉතාලියේ මේ සංරක්‍ෂණ කටයුතු පිළිබඳ සිටි ලුසියානෝ මරාන්සි මහතා ප්‍රමුඛ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරි පිරිස විසිනි. ඔවුන්ට පින් සිදුවන්නට යළිත් සීගිරි බෙයඳේ සීගිරි ලාලනියෝ සුවපත් වූහ. යළිත් වරක්‌ සීගිරි බෙයඳේ සිටින සීගිරි ලාලනියන් 22 ගෙන් කීපදෙනෙක්‌ රෝගී වූ බැව් අපි දැනගතිමු. ඒ ගැන අප පමණක්‌ නොව ඈත එපිට පිටිසර ගම් දනව්වල සිටින අප රටේ ජනතාව බොහෝ දුකට පත් වී සිටින බවද අපි දනිමු. කෙසේ හෝ එම සීගිරි ලාලනියන් ඉතා ඉක්‌මනින් සුවපත් වේවායි අපි දු ප්‍රාර්ථනා කරමු.

    අප මෙහිදී ඔබට ඉදිරිපත් කරන්නට සූදානම් වන්නේ හරියටම මීට වසර 43 පමණ ඉහතදී ඒ සීගිරි ලාලනියන් විනාශ කළ පසුව ඔවුන් යළිත් සුවපත් කළ ආකාරය හා එහි පසුබිම පිළිබඳ විමසා බැලීමටය. පළමුව සඳහන් කළ යුතු ඉතා සංවේදී කරුණක්‌ද ඇත. එනම් සිය සේවා කාලයෙන් ඉතා වැඩි වසර ගණනාවක්‌ සීගිරි කැටපත් පවුර අසල සිට සීගිරි කුරුටු ගී 685 ක්‌ පිටපත් කර (Estampaqes හස්‌පිටපත්) Sigiri Graffit නමින් මහා ග්‍රන්ථ 2 ක්‌ ලියූ ඒ මහා ප්‍රාඥයා මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා එදා සීගිරි ලාලනියන්ගේ මුහුණුවල පමණක්‌ නොව සිරුර ද නිල් සායමින් වැසූ ඒ හතිබ්‍රෂ්ටයින් යින් කළ කුරිරු ක්‍රියාව නිසා කඳුළු සැළුවේය. මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයාගේ දෙනෙතට එදා කඳුළු නැඟුණේ ඒ මහා විනාශයෙන් සිදුවූ ජාතික ව්‍යසනය දරාගත නොහැකි වූ නිසාය.

    මෙවර දුර්වර්ණ වෙමින් තිබෙන සීගිරි ලාලන රූපවලට වහාම පිළියමක්‌ යෙදීමට ජනාධිපතිතුමාගේ උපදෙස්‌ අනුව දැනටමත් පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජෙනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා කටයුතු කිරීම අපට ඇති එකම අස්‌වැසිල්ලකි.

    එදා සීගිරි ලාලනියන් ඝාතනය කිරීමේ ඒ මහා පාපකර්මය පිළිබඳව 2003 වර්ෂයේදී අප විසින් ලියන ලද සීගිරි කාශ්‍යප" නම් ග්‍රන්ථයේ මෙසේ සටහන් කරන ලදී.

    ක්‍රිස්‌තු වර්ෂ පස්‌වන සියවසේදී අපේ උදාර මුතුන් මිත්තන්ගෙන් පැවත එන චිත්‍ර ශිල්පීන් විසින් අඳින ලද සීගිරි චිත්‍ර 1967 ඔක්‌. 14 වැනිදා රාත්‍රි කිසියම් පිරිසක්‌ විසින් සායම් ගා විනාශ කරන ලදී. මේ විනාශය ඇසූ මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ නෙතඟට කඳුළු නැඟුණු බවද ඉතා ප්‍රකට කරුණකි. මන්ඩෝදක කුටි ලෙසින් මෙම සීගිරි චිත්‍ර සිතුවම් කළ ලෙන් පෙදෙස හැඳින්වේ. එහි තිබූ සිතුවම් දහනවයෙන් දහ හතකට වඩා කොළ සායම් තවරා තිබුණි . (A කුටියේ 5 ක්‌ හා B කුටියේ 14 කි.) තවද විකෘති කර ඇති සිතුවම් දෙකකින් එකක (B කුටිය අංක 3) හිසත් ඊළඟ සිතුවමේ (B කුටිය අංක 4) ඉඟෙන් උඩ කොටසක්‌ සූරා දැමීමෙන් එම රූප දෙක අලුත්වැඩියා කළ නොහැකි අයුරින් විනාශ කර තිබුණි. ඊළඟ සිතුවම් (B කුටිය අංක 5) උල් ආයුධයකින් ඇන තිබුණි.

    ඉතාලියේ ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පි චිත්‍ර සංරක්‍ෂකයෙක්‌ වූ ලුසියානෝ මරාන්සි මහතා සති දෙකක කාලයක්‌ ලංකාවේ නැවතී සිට සීගිරි චිත්‍රවලට සිදුවූ හානිය ඉවත් කළේ. මේ පිළිබඳව එවක උනන්දුවකින් කටයුතු කළේ පසුව හිටපු පුරාවිද්‍යා කොමසාරිස්‌වරයකු ද වූද ආචාර්ය රාජා ද සිල්වා මහතා ය. මේ සඳහා ඇමරිකා එක්‌සත් ජනපදයේ ස්‌මිත් සෝනියන් කෞතුකාගාරයේ පූර්ණ සහායද නොබඳව ලැබුණි.

    සීගිරි කාශ්‍යප -2003 - සිරිසමන් විඡේතුංග පි. 32.) මෙම විනාශය පිළිබඳ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ වාර්ෂික පාලන වාර්තාවේ (1967-68) මෙසේ සඳහන් වේ.

    "කලබල වූ ඕවසියර් කෙනකුන් විසින් හරියට තේරුම් ගත නුහුණු ටැලිෆොaන් පණිවිඩයක්‌ අනුව සීගිරියේ බිතුසිතුවම් ගුහා තුළ ඇති චිත්‍රයන් මත පසුගිය රාත්‍රියේදී කොළපාට ලියන තීන්තයක්‌ කවුදෝ විනාශකාරීන් විසින් ඉසිනු ලදැයි වැටහී ගියෙන් සීගිරියට වහා ගොස්‌ එම තීන්ත අස්‌ කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස 1967 ඔක්‌තෝබර් මස 15 වැනිදා උදේ එවකට සිටි පුරාවිද්‍යා කොමසාරිස්‌වරයා (ආචාර්ය චාල්ස්‌ ගොඩකුඹුර) විසින් මට (ආචාර්ය රාජා ද සිල්වා මහතාට) දන්වන ලදී.

    ලියන තීන්ත අස්‌ කිරීම සඳහා විශාල ප්‍රමාණයක්‌ රසායන ද්‍රව්‍යයන් ද රැගෙන මගේ නැහැවීමේ කණ්‌ඩායමක්‌ කැටුව එදා සවස සීගිරියට ළඟා වුණෙමි. මේ වනවිට ඒ පළාතම වර්ෂා කාලය එළැඹ තිබුණෝය. එහි ගිය අපට දැන ගන්නට ලැබුණු අන්දමට එම මිල කළ නොහෙන බිතුසිතුවම් මත තවරා තිබුණේ ලියන තීන්ත නොව දැන් කාලයේ ජනෙල් දොරවල්වල යෙදීමට ගන්නා වර්ගයක කොළපාට තීන්තයකි. (එහි ඡායාරූප දෙකක්‌ මේ සමඟ ඉදිරිපත් කරන ලදී.) පෙරදින පරීක්‍ෂණයන්ට තදනන්තරව පොලිසිය විසින් බිතුසිතුවම් ගුහාවේ දොරට අලුත් ඉබ්බෙක්‌ යොදා තිබුණෙන් පසුදින උදයේ පොලිසියත් සමග චිත්‍ර පරීක්‍ෂා කරන ලදී. පොලිසියේ අදහස වූයේ විනාශකාරීන් අඟුලු ලා තිබුණු දොරවල් දෙකකට උඩින් පැන බිතුසිතුවම් ගුහාවේ අවසාන දොර යතුරකින් අරින ලද බවය.

    (පුරාවිද්‍යා කොමසාරිස්‌ගේ පාලන වාර්තාව 1967 - 68 ආචාර්ය ආර්. එච්. ද සිල්වා පි. ඨ23)

    එම අවස්‌ථාව සැබැවින්ම කඩා බිඳ දමා තිබුණු කොටස්‌වල ගලේද තින්ත උලා තිබීම නිසා චිත්‍ර පළමුව කඩා බිඳ දමා දෙවනුව තීන්ත උලා ඇති බව ද ඉහත සඳහන් වාර්තාවේ දැක්‌වේ. ඒ කාලයේ තිබුණු එකම විද්යුත් මාධ්‍යය වූයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථාව පමණි. පුවත්පත්වලින්ද මේ විනාශය පිළිබඳ වාර්තා කර තිබුණි.

    ආචාර්ය රාජා ද සිල්වා මහතා ප්‍රමුඛ රසායන සංරක්‍ෂකයන් විසින් තීන්ත ඉවත් කිරීමේ කටයුතු කරන ලදී. එම පුරාවිද්‍යා වාර්තාවේ මෙසේද සඳහන් වේ.

    මේ වැඩය 1967 ඔක්‌තෝබර් මස 21 වැනි දින අධ්‍යාපන හා සංස්‌කෘතික කටයුතු අමාත්‍යතුමාගේ ස්‌ථිර ලේකම් ඇම්. ඡේ. පෙරේරා මහතා විසින් පරීක්‍ෂා කරන ලදී. සීගිරියේ විනාශකාරී ක්‍රියාව ගැන අධ්‍යාපන හා සංස්‌කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යංශයට දැනගන්නට ලැබුණු වහාම ඇමැති තැම්පත් අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල මැතිතුමා විසින් බිතු සිතුවම් තහවුරු කිරීම පිළිබඳ ලැබිය හැකි හොඳම විශේෂඥයාගේ සේවය ලබාදෙන ලෙස ඉල්ලමින් යවන ලද කේබල් පණිවුඩයක ප්‍රතිඵල වශයෙන් රෝමයේ පිහිටුවා ඇති සංස්‌කෘතික වස්‌තූන් හැදැරීමේ සහ සංරක්‍ෂණය කිරීමේ අන්තර් ජාතික මධ්‍යස්‌ථානය විසින් තහවුරු කිරීම පිළිබඳ විශේෂඥයෙකු වූ ලුසියානෝ මරාන්සි මහතා සති දෙකක වැඩ සඳහා ලංකාවට පැමිණීමට සූදානම් විය. 1967 ඔක්‌තෝබර් මස 22 දා මරාන්සි මහතා ලංකාවට පැමිණ මේ රටේ තහවුරු කිරීමේ කණ්‌ඩායම සමග වහා සාකච්ඡා කරන්නට පටන් ගත්තේය.

    පසු දිනම මේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග සීගිරියට ගිය මරාන්සි මහතාට තමා විසින් ගෙනෙන ලද ද්‍රව්‍යයන් හා ලංකාවේ ලබාගත හැකි ද්‍රව්‍යයන් යොදා අප විසින් යොදාගෙන තිබුණාට වඩා ඉක්‌මන් වැඩපිළිවෙළක්‌ තෝරා ගැනීමට සමත් විය. සමහර චිත්‍ර කොටස්‌ වටේ වැඩුqණු දිලීරත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පැරැණි සකස්‌ කිරීමත් යන දෙකම අස්‌කරන ලදී. (පුරාවිද්‍යා පාලන වාර්තාව 1967-68 පි. ඨ25)

    කෙසේ හෝ සීගිරි බිතු සිතුවම් විනාශ කර දින 8 ක්‌ ඇතුළත ලුසියානෝ මරාන්සි මහතා මෙරටට ගෙන්වාගෙන තීන්ත ගෑ බිතු සිතුවම්වල එම තීන්ත ඉවත් කර ඒවා නැවත සංරක්‍ෂණය කිරීමේ කටයුතු සති දෙකක්‌ පුරා ඉටු කළ බව වාර්තා වී ඇත.

    වසර 43 ඉහතදී කරන ලද සංරක්‍ෂණ ක්‍රියාදාමය 1967-68 පුරාවිද්‍යා පාලන වාර්තාවල ඉතා දීර්ඝ ලෙසින් සඳහන් කර තිබේ.

    එහිදී අනුගමනය කරන ලද ක්‍රමවේදය පිළිබඳ මෙසේද සඳහන් වේ.

    "ක්‌ෂාරය භාවිතා කිරීමෙන් මේ වර්ණ ද්‍රව්‍යයේ පාට නැති කළ හැක. එහෙත් සෝඩියම් හයිෙඩ්‍රාක්‌සයිඩ් වැනි වූ ඉතා තනුක කාබනික ක්‍ෂාරයන් වුවද පාවිච්චියෙන් අතිරික්‌තය සෝඩියම් කාර්බොනේට්‌වලට පෙරළීම නිසා පසුව නොයෙක්‌ පැටලිලි ඇතිවන්නට පුළුවන. මේ සඳහා වාෂ්පශීලී කාබයින මූලස්‌ථ සමග බුට්‌ල් ඇමින් පාවිච්චි කිරීම රෝම මධ්‍යස්‌ථානය විසින් යෝජනා කරන ලදී. මෙය අවශ්‍යතාවට සෑහෙන බව පෙනී ගියේය. ඇමිනයද යොදන ලද්දේ කෙළවරේ කපු පුළුන් ඔතා වීදුරු කූරකිනි.

    (පුරාවිද්‍යා වාර්තාව 1967-68 පි. 25)

    ලුසියානෝ මරාන්සි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණු සීගිරි බිතු සිතුවම්වල එම සාපරාධී නරුමයන් විසින් ගාන ලද තීන්ත ඉවත් කිරීමේ කාර්ය කොතරම් සාර්ථකව ඉටු කළේද යත් සකස්‌ කරන ලද්දේ කුමන කොටස්‌ද යන්න නරඹන්නාට තේරුම් ගත හැකි පරිදි කළ බවද වාර්තාවේ සඳහන් වී ඇති අතර එහි තවදුරටත් මෙසේ සඳහන් වේ.

    බෙල් මහතා (ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස්‌ එච්. සී. පී. බෙල්) සීගිරි බිතු සිතුවම් වල දුටු කඩතොලු වුණු බොහෝ තැන් පුරවා නූතන පාටවල් යොදා ඒ කාලයේදීම කරන ලද සකස්‌ කිරීම් අප විසින් තහවුරු කළ යුතුව තිබුණු කොටස්‌වලට පිටට විහිදී තිබුණේය. 1889 දී චිත්‍ර පිටපත් කිරීම සඳහා මරේ මහතා (ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ ඒ. මරේ මහතා) විසින් ඒවා මත එලන ලද ටිසියු කඩදාසි අස්‌කර ගනිද්දී එම චිත්‍ර කොටස්‌ අවටින් තිබුණු වර්ණ තට්‌ටුව ගැලවී ඇත. මේ සුදට තිබුණු කොටස ඒ කාලයේදී සකස්‌ කළ නමුත් ඒ යොදන ලද වර්ණයන් සමග ගැලපුනේ නැත. මේ කොටස්‌වල මරුන්සි මහතා විසින් කළේ දිය කළ සායම් (රිවස්‌ පොලිටර් පාටවල් සහ අක්‌වාටෙක්‌ ඇරිලික්‌, පොලිටර් ඉමල්ෂන් බොකුර් කොලොම්බි නිව්යෝක්‌) යොදා අවශ්‍ය වූ ඉතාම අඩු ප්‍රමාණයේ සකස්‌ කිරීම් කරන ලදී. මේ කටයුතුවලදී එකල සැලසුම්කරු ඇස්‌. ඇම්. සෙනෙවිරත්න පසුව (සහකාර කොමසාරිස්‌) හා ඡායාරූප ශිල්පී ඇම්. ඩබ්. ඊ. කරුණාරත්න (පසුව සහකාර අධ්‍යක්‍ෂ) යන මහත්වරුන් විසින් මේ වැඩ කොටස සඳහා මරුන්සි මහතාට දක්‍ෂ ලෙස සහාය දුන්හ.

    (පුරාවිද්‍යාව පි. 26)

    බිතු සිතුවම්වල විනාශ කිරීමට ගෑ තීන්ත ඉවත් කිරීමෙන් හා ප්‍රතිසංස්‌කරණවලින් පසුව ටි්‍රලින් හි දිය කළ ඇරලොයිඩ් නම් රෙසිනයක්‌ චිත්‍ර මත තවරන ලදි. මෙය චිත්‍රවල ආරක්‍ෂාව සඳහා පමණක්‌ නොව. පැහැදිලි බව වැඩි කිරීමටද හේතු වූ බව එම වාර්තාවේ සඳහන් වේ. (ඉහතින් වරහන් තුළ සඳහන් කරන ලද්දේ මේ ලියුම්කරු විසිනි.)

    මේ වැඩ කොටස අවසන් කළ ලුසියානෝ මරාන්සි මහතා 1967 නොවැම්බර් මස 4 වැනිදා ආපසු ගියේය. ඉන්පසු දෙවැනි වතාවටත් ඒ මහතා 1968 මාර්තු මස 4 වැනිදා ලංකාවට පැමිණ සීගිරි බිතු සිතුවම් සංරක්‍ෂණයේ කටයුතු ඒ වසරේ අප්‍රේල් මස 11 දින දක්‌වා සිදු කළ යළි සිය රට බලා ගියේය. මරාන්සි මහතා මෙහි පැමිණ චිත්‍ර ගුහාවල ළඳුන් ඔවුන්ගේ ප්‍රකෘති ලක්‍ෂණයට පැමිණෙන සේ පණ ගන්වා වර්තමානයේත් අනාගතයේත් පරම්පරාවන්ගේ ආනන්දය පිණිස අප පුරාණ චිත්‍ර කලාවේ මේ නිදසුන් තබා පෙරළා සිය රටට ගියේය. ඔහුගේ සංරක්‍ෂණ වැඩවල අනර්ඝත්වය ගැන මේ රටේ ජනතාවත් අප දිවයිනෙන් පිටත වෙසෙන කලා රසිකයනුත් ඔහුට ගැතිය" යනුවෙන් 67-68 පුරාවිද්‍යා පාලන වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.

    කෙසේ වුවද 1968 මැයි මාසයේ 9 වැනිදා සීගිරි ළඳුන් නැවත සුවපත් කිරීමෙන් පසුව සිදුවූ සිදුවීමක්‌ පුරාවිද්‍යා වාර්තාවේ මෙසේ සඳහන් කර ඇත.

    1968 මැයි මස 9 වැනි දින සම්භාවනීය අමුත්තනුත් දහස්‌ ගණන් රටවැසියනුත් ඉදිරියේදී සීගිරි ගලෙන් බටහිර පැත්තෙන් ඇති පැරැණි රාජ සභා ශාලාවෙහි පවත්වනු ලැබූ ඉතිහාසගත විය යුතු රැස්‌ වීමකදී අධ්‍යාපන හා සංස්‌කෘතික කටයුතු අමාත්‍යතුමා (අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල මහතා) විසින් සීගිරි බිතු සිතුවම් ගුහාව උත්සවාකාරයෙන් යළිත් විවෘත කරන ලදී. එහි මෙසේද සඳහන් වී ඇත. මෙම උත්සවය සාර්ථක කර ගැනීමෙහිලා මේ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු විශේෂ කොට සහකාර කොමසාරිස්‌ මාකස්‌ ප්‍රනාන්දු සහ ප්‍රකාශන සහකාර (පසුව නියෝජ්‍ය කොමසාරිස්‌ හා පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්ව සිට අභාවප්‍රාප්ත (1993) වූ) ඇම්. එච්. සිරිසෝම යන මහත්වරු බොහෝ වෙහෙස ගෙන වැඩ කළෝය.

    මෙහිදී ලුසියානෝ මරාන්සි මහතාගේ සංරක්‍ෂණ කටයුතු වාර්තා කිරීම සඳහා ගුවන් විදුලි සංස්‌ථාවේ නියෝජිතයා ලෙස ගිය ප්‍රවීණ මාධ්‍යවේදී අප හිතවත් පාලිත පෙරේරා මහතාගේ අත්දැකීමක්‌ මේ ලේඛකයා සමග පැවැසුවේය. එය මේ අවස්‌ථාවේදී මේ ලිපියේ සඳහන් කිරීම මැනවැයි සිතුවෙමි. අප හිතවත් පාලිත පෙරේරා මහතා එදා ලුසියානෝ මරාන්සි සමග කළ සාකච්ඡාවේදී ඒ මහතා පාලිත පෙරේරා මහතාගෙන් අප සිත් කම්පා කරවන ප්‍රශ්නයක්‌ ඇසුවේය.

    "වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ ආරක්‍ෂා කරගෙන ආ මේ ඉතාම ශේ්‍රෂ්ඨ ශිෂ්ටාචාරයකට අයත් වූ සංවේදී මිනිසුන් ජීවත් වූ ඔබේ රටේ මිනිසුන් ඇයි මෙවැනි මහ පොළව නුහුලන අපරාධයක්‌ කළේ."

    අදත් අපට අසන්නට ඇත්තේ ඒ ප්‍රශ්නයමය. සංවේදී චිත්‍ර ශිල්පීන් පමණක්‌ නොව සංවේදී පුරවැසියන්ද ගම්වැසියන්ද අප රටේ සිටි බවට සීගිරි කැටපත් පවුරේ ක්‍රි.ව. 6 සියවසේ සිට ක්‍රි.ව. 15 වැනි සියවස තෙක්‌ ලියූ කුරුටු ගී (ගීත නොවේ) ඒ රසිකයන්ට පමණක්‌ නොව අනාගත පරපුරට ඉතිරි කර ඇති මෙහි සිදු කළ ඒ මහා විනාශය සැබවින්ම 20 වැනි සියවසේ දකුණු ආසියාවේ පමණක්‌ නොව ශිෂ්ට සම්පන්න මනුෂ්‍යයන් වාසය කරන මේ ලෝකයේ සිදු වූ 20 වැනි සියවසේ මහා සංස්‌කෘතික ෙ€දවාචකය ලෙසින් මෙහි සටහන් කළ යුතුව ඇත.

    සිරිසමන් විඡේතුංග
    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ සහ මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ හිටපු ජනමාධ්‍ය උපදේශක
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මම අහලා තිබ්බේ පිස්සෙක් තීන්ත ගැහුව කතාවක් එත් මේකේ කියන විදියට හිතාමතාම නේ ගලා තියෙන්නේ එතකොට තින්ත ගාපු එවුන් අල්ලලා නැද්ද? මම හිතන්නේ උඩු කය නිරුවත් රෑප හින්ද එව පෙන්නන බැරි ගොබ්බ සෙට් එකක් කරපු වැඩක් වගේ( අද කෙල්ලෙක් කොටට ඇන්දත් කෑ ගහන එවුන් වගේ ) සංරක්ෂන වැඩේ ලුසියානේ මරන්සි හොදටම කරලා තියෙනවා.
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මම අහලා තිබ්බේ පිස්සෙක් තීන්ත ගැහුව කතාවක් එත් මේකේ කියන විදියට හිතාමතාම නේ ගලා තියෙන්නේ එතකොට තින්ත ගාපු එවුන් අල්ලලා නැද්ද? මම හිතන්නේ උඩු කය නිරුවත් රෑප හින්ද එව පෙන්නන බැරි ගොබ්බ සෙට් එකක් කරපු වැඩක් වගේ( අද කෙල්ලෙක් කොටට ඇන්දත් කෑ ගහන එවුන් වගේ ) සංරක්ෂන වැඩේ ලුසියානේ මරන්සි හොදටම කරලා තියෙනවා.

    නැහැ උඩුකය නිරුවත් ප්‍රශ්නෙට වඩා සිංහලකමට වයිර කරන මොකෙක් හරි අවජාතකයෙක් කරපු වැඩක් වෙන්න පුලුවන්
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Defaced_Sigiriya_Frescoes.jpg



    images
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    කරපු එවුන් අල්ල ගන්න බෑරි වුන එක නම් අපරාදයක්. ශුවර් එකට ඉන්දියාවේ සම්බන්දයක් ඈති
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    කරපු එවුන් අල්ල ගන්න බෑරි වුන එක නම් අපරාදයක්. ශුවර් එකට ඉන්දියාවේ සම්බන්දයක් ඈති

    matath ehema hithenawa

    mokada suddo kalanam unta 1948ta kalin karanna thibba
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    "වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ ආරක්‍ෂා කරගෙන ආ මේ ඉතාම ශේ්‍රෂ්ඨ ශිෂ්ටාචාරයකට අයත් වූ සංවේදී මිනිසුන් ජීවත් වූ ඔබේ රටේ මිනිසුන් ඇයි මෙවැනි මහ පොළව නුහුලන අපරාධයක්‌ කළේ." :(:(
     

    Similar threads