ලුසී අක්කාගේ තියරිය අනුගමනය කල හිරුණිකා &#3473

Kabaragoya

Member
May 13, 2010
367
62
0
ලුසී අක්කාගේ තියරිය අනුගමනය කල හිරුණිකා &#3473

ලුසී අක්කාගේ තියරිය අනුගමනය කල හිරුණිකා එරන්ජලි ප්‍රේමචන්ද්‍ර
207861_437254729651719_585100563_n.jpg


ලුසී අක්කා ගේ මිනිහා වැඩ කලේ උළු මෝලේය. උළු මෝලේ මුදලාලි සේවකයන්ට හරිහැටි ගෙව්වේ නැත. සේවකයන්ගෙන් වැඩ ගත්තේ සැලකුවේ වහලුන්ට වගේය. උළු මෝලේ අනාරක්ෂිත විදුලි කාන්දුවිමකින් ලුසී අක්කා ගේ මිනිහාට කරන්ට් වැදී ඔහු මළේය. සේවකයෝ මේ ගැන උද්ඝෝෂණය කළහ. ලුසී අක්කා ද සේවකයන් සමග හරි හරියට උද්ගෝෂණය කරමින් මියගිය සැමියාට වන්දියක් දෙන ලෙස කීවාය. නමුත් ලැබුණු වන්දියක් නැත.

ලුසී අක්කා නඩු යන බව පැවසුවාය. නමුත් දාපු නඩුවක් නැත.


ටික කාලයක් යන විට උළු මුදලාලි ලුසී අක්කා ගේ ගෙදර නිතර ගැවසෙන්නට විය. සමහර දවස් වලට උළු මුදලාලි රාත්රිය ගත කලේ ලුසී අක්කා ගේ ගෙදරය.

මේ ගැන උළු මෝලේ කට්ටිය ලුසී අක්කාගෙන් ඇසු විට ඇය පැවසුවේ " මැරිච්ච මිනිහා මලා ඒත් දැන් මම කාල ඇඳලා ඉන්න එපැයි " කියාය.


හිරුණිකාද ලුසී අක්කා වගේය. භාරතගේ මරණය ජාත්යන්තරයට ගෙන යන බව කීවාය. ලංකා අධිකරණයෙන් යුක්තිය ඉල්ලුවාය.


නමුත් දැන් නිල නිවාසයට නිල වාහනයට සහ දුමින්දගේ පවුලෙන් දුන් මුදල් වලට උද්ඝෝෂණ නැවතී තිබේ. හෙට අනිද්දා දුමින්ද ලංකාවට පැමිණි විට ජනතාව අන්දන්නට රුපවාහිනී කැමරා වලට මොකක් හෝ කියනු ඇත. නමුත් සක්රිය උද්ඝෝෂණයක් සිදු වන්නේ නැත.

තව ටික කාලයක් යන විට දුමින්ද සහ හිරුණිකා එකට අත්වැල් බැඳගෙන ඩිලාන් පෙරේරා සහ සුසන්ත පුංචිනිලමේ මෙන් එකම ආණ්ඩුවේ වැඩ කරනු ඇත.


ඒ අනුව බලන විට හිරුණිකාද "ලුසී අක්කා ගේ තියරිය" අනුගමනය කොට තිබේ. ඒ ගැන වරදක් නැත. සමාජ සාධාරණයක්, යුක්තියක් නැති වැඩවසම් ශේෂයන් සමග විකෘති ධනවාදයක් තිබෙන ශ්රී ලංකාව වැනි රටක දියණියක් තමන්ගේ පියාගේ මළකුණ හෝ විකුණාගෙන කෑම පුදුමයක් නොවේ.


භාරත ලක්ෂ්මන් අහිංසක විජය කුමාරතුංග කෙනෙකු නොවේ. ඔහු මැරයෙකු විය. මිනිසුන්ගෙන් කප්පම් ගත්තේය. කප්පම් නොදුන් විට මිනිසුන්ට පහර දුන්නේය. ඉඩම් බලෙන් අල්ලාගත්තේය. පාතාලයක් රන් කලේය. නමුත් වඩාත් බලවත් හා ආණ්ඩුවේ අනුග්රහය තිබු මැරයා වන දුමින්දට ඔහු පරාජය විය.


දැන් භාරත ලක්ෂ්මන් යනු ඉතිහාසයේ කුණුකුඩයට ගිය තවත් එක සොත්ති උපාලි කෙනෙකි. ඔහුගේ මරණය ගැන ඔහුගේම බිරිඳ හෝ දියණිය සත්ය හඬක් නගන්නේ නැත. ඒ නිසා හිරුණිකාලා සමග බෝඩ් ලෑලි උස්සාගෙන සිටි ජනයා අනාතය.

හිරුණිකාට තමන්ගේ අම්මාට වඩා මොලයක් තිබුණි. අම්මා නිල නිවාසයට නිල වාහනයට නිහඬ වන විට හිරුණිකා උද්ගෝෂණය දිගටම ගෙන ගියාය. උද්ගෝෂණය දිගු සහ බලවත් වන තරමට හෙට්ටු කිරීමේ අගය වැඩි වන බව හිරුණිකා ඉවෙන් මෙන් දැන සිටියාය.


[Borrowed from Dr. Lahiru Senanayake's Status Update.]