ලෙඩ රෝග සොයන කැඩපතක්

costaxxx

Well-known member
  • Nov 12, 2008
    1,801
    238
    83
    32
    Wennappuwa
    ලෙඩ රෝග සොයන කැඩපතක්

    mirror2.jpg
    :D:D:D

    Ming-Zher Poh නම් විදුලි හා වෛද්‍ය ඉංජිනේරුවරයෙකු විසින් සොයා ගෙන ඇති මෙම කැඩපත Medical Mirror නමින් හදුන්වයි. මෙය නිපදවීම සඳහා වසර 1½ ක් පමණ ගතවී ඇති අතර තවමත් ඒ සඳහා වැය වූ වියදම අනාවරණය වී නැත.මෙහි ඇති ද්විත්ව කැඩපත පිටුපසින් පිහිටි මොනිටරයේ වෙබ් කැමරාව මගින් පුද්ගලයෙකුගේ හදවත ස්පන්ධනය වන විට ඔහුගේ මුහුණෙන් පරාවර්තනය වන ආලෝකය ග්‍රහණය කර ගනියි. පසුව කොම්පුටරය මගින් එම ආලෝක දත්ත හර්ද සීග්‍රතා කියවීමකට පරිවර්තනය කරයි. එය පහසු කිරීම සඳහා Poh විසින් වෙබ් කැමරාව ග්‍රහණය කර ගන්නා හර්ද සීග්‍රතාවයේ ආලෝක රටාව අවබෝධ කරගත හැකි ගණිත ක්‍රමයක් යොදා ගෙන ඇත.
    තවද මෙහිදී ඔහු විසින් නිර්මිත code එකක් මගින් පද්ධතිය සතු දත්ත මගින් හර්ද සීග්‍රතා කියවීමක් ලබා ගත හැකිවේ.
    Poh තම Ph.D උපාධිය මේ වසරේ අවසන් කල පසුව මෙම කැඩපත වෙළඳපොළට හදුන්ව දීමට අදහස් කරයි. ඔහු පවසනුයේ මෙම උපකරණය රුධිරයේ ඔක්සිජන් සන්තෘප්තිය හා ශ්වසන සීග්‍රතාවය මැනීම වැනි වෙනත් ජෛව දත්තයන්ද මැනීමට යොදා ගත හැකි බවයි.



    PSC0611_IN_098-1-249x300.jpg
    :frown::frown:

    Post eka Wedagathnam Salakala yanna :D :D
    Source http://fmderana.lk/blog/?p=21965:nerd::nerd: