ලොරි_බස්_ඉවතට

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,967
    6,341
    113
    ලොරි_බස්_ඉවතට

    ලංගමට සැප බස් පමණයි.. ලොරි චැසියේ ගැසූ බස් බෑ.. ලගදීම පුද්ගලික අංශයටත්..

    Busmietenfahrer31.jpg

    මින් ඉදිරියට ශ්‍රී ලංගමය සඳහා මිලදී ගන්නේ උසස් තත්ත්වයේ බස්රථ පමණක් බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. ඒ සඳහා නව පිරිවිතර (Specifications) ඉදිරි මාස කිහිපයේදී හඳුන්වා දෙන බවද ඔහු පවසයි. ඔහු අවධාරණය කළේ එම පිරිවිතරවලින් පරිබාහිරව ලංගම සඳහා බස් රථ මිලදී ගැනීමට නොහැකි වන සේ අලුත් නීතියක්ද පාර්ලිමේන්තුව හරහා හඳුන්වා දීමට කටයුතු කරන බවයි. එම නීතිය පෞද්ගලික බස්රථ ප්‍රවාහන සේවාවට පසුව හඳුන්වා දෙනබවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

    ‍“ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මේ වන විට ‍පොදු බස්රථ ප්‍රවාහනයෙන් සියයට 40කට දායකත්වය සපයනවා. කෙසේනමුත් වසර දෙකකට අඩු බස්රථ තියෙන්නේ ඉතාම අඩු ප්‍රමාණයක්. ඒ වගේම වසරකට අලුතින් බස්රථ පන්සියයක් ලංගම බස්රථ ඇණියට එක් කළ යුතු වනවා. මේ තත්ත්වය සැලකිල්ලට ගෙන ඉදිරි‍ මාස කිහිපය තුළදී අලුත් බස්රථ පන්සීයක සිට දහස දක්වා ප්‍රමාණයකින් ලංගමට ලබා දීමට අපේක්ෂා කරනවා. ලබන අගෝස්තු මාසය හෝ ඊට පෙර ‍එම කටයුතු අවසන් වේවි. කෙසේනමුත් මෙහිදී අපේ ප්‍රධානතම අරමුණ වන්නේ මගීන්ට වඩාත් සැපපහසු, නූතන අවශ්‍යතාවලට ගැළපෙන, ආරක්ෂාව උපරිමය තියෙන උසස් තත්ත්වයේ නව බස්රථ ලංගමට ලබා දීමටයි. ලංගම බස්රථ සඳහා පිරිවිතර හඳුන්වා දීමට අපි බලාපොරොත්තු වුණේ ඒ අරමුණින්. එම පිරිවිතර හඳුන්වා දීමෙන් පසුව එයට නොගැළපෙන බස්රථ මින් ඉදිරියේදී ලංගමට මිලදී ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. එම පිරිවිතරවලට ගැළපෙන බස්රථ පමණයි ලංගමට මින් ඉදිරියට මිලදී ගන්නට හැකියාව ලැබෙන්නේ…..”යිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.



    ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ උසස් නිලධාරීන් සමඟ ප්‍රවාහන සහ ගුවන් සේවා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (13) පැවැති සාකච්ඡාවකදීයි.

    මේ වන විට ශ්‍රී ලංකා ගමන ගමන මණ්ඩලය සාමාන්‍ය සේවා සඳහා යොදා ගන්නා බස්රථ පැරණි ආකෘතියේ බස්රථ වේ. ඇතැම් විට එම බස්රථවල එංජිමේ හඬ, ප්‍රමාණය ඉක්මවා අධිකව නිකුත් වේ. ආසනද සුඛෝපභෝගී නොවේ. ඇතැම් විට අර්ධ සු‍ඛෝපභෝගී, සුඛෝපභෝගී සහ අධි ‍සුඛෝපභෝගී බස්රථවලද දක්නට ලැබෙන්නේ එවැනි තත්ත්වයකි. එබැවින් සාමාන්‍ය, අර්ධ සු‍ඛෝපභෝගී, සුඛෝපභෝගී සහ අධි ‍සුඛෝපභෝගී යනුවෙන් එක් එක් කාණ්ඩ සඳහා පිරිවිත හඳුන්වා දීම ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ අරමුණයි. එම ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත ඉදිරියේදී පාසල් ප්‍රවාහනය සහ කාර්යාලීය ප්‍රවාහනය සඳහා යොදා ගන්නා බස්රථ හෝ වෑන්රථ සඳහාද පිරිවිතර හඳුන්වා දීමට අපේක්ෂා කෙරේ. එම පිරිවිතරවලට නොගැළෙපෙන බස්රථ හෝ වෑන් පොදු ප්‍රවාහන සේවාවේ යොදවන්නේනම් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අණපනත් පාර්ලිමේන්තුවට හඳුන්වා දීමට කටයුතු කරන බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද පැවසීය.

    එම සාකච්ඡාව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති උපාලි මාරසිංහ ඇතුළුව උසස් නිලධාරීන් රැසක් එක්ව සිටියහ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔහොම කියල ඉතින් පාරවල්වලට ඔරොත්තු නොදෙන කන්නාඩියක් කැඩුනත් ලස්සයක් විතර හදන්න යන ජාතියේ ඒවා ගෙනෙයිද දන්නේ නෑ අපේ අයියල.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,156
    113
    ඔහොම කියල ඉතින් පාරවල්වලට ඔරොත්තු නොදෙන කන්නාඩියක් කැඩුනත් ලස්සයක් විතර හදන්න යන ජාතියේ ඒවා ගෙනෙයිද දන්නේ නෑ අපේ අයියල.

    indiawe Ashok Leyland thama.VOLVO gena ekak naha malata..;)


    Ashok%20Leyland%2012m%20FE%20Intercity%20Bus%20Coach.jpg
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ඔහොම කියල ඉතින් පාරවල්වලට ඔරොත්තු නොදෙන කන්නාඩියක් කැඩුනත් ලස්සයක් විතර හදන්න යන ජාතියේ ඒවා ගෙනෙයිද දන්නේ නෑ අපේ අයියල.


    ලස්සයක් විතර යද්දී වලවල් වලට හයියෙන් නොදා අනිත් වාහන වලට බලෙන් කපන්නේ නැතුව යයි :P
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,732
    23,406
    113
    Meke un ekka sapata yanna bus ekkwat genna ba...patan gatta thanama reddawal kiynw...bus picco
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    ප්‍රායෝගිකව කරන්න අමාරු වුනත් හොඳ යෝජනාවක්. දැන් ඔය අර රැජින මේ රැජින කියල ස්ටිකර් නාවල, තොරණ වගේ හදල ගත්තට මූලික වශයෙන් ඔය බස් 1990 දශකයේ මුල් භාගයේ හඳුන්වා දුන්ම Lanka Ashock Laylend බස් එකමනේ. ලේකය කොච්චර ඉදිරියට ගියත් අපි තාම අර ලොරි චැසි බස් පස්සෙම යනව.
     

    Nethmina459

    Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~
    ලංකාවට එපා ඔය ‌ලේලන්ඩ් ‌ලොරි චැසිය:no:! දැන්වත් ‌ගෙනෙව් Higher,Mistubishi,Volvo වගේ නියම Luxury බස්...අපිට එපා ඔය ඉන්දියන් ජරාව:growl:...
    කිව්වට බන් මම අවුරුදු 14 න් පස්සෙ කවදාවත් පාරෙ බස් එකක ගිහිල්ල නෑ;)
     
    Last edited: