ලෝකයේ භයානකම කෑම වර්ග

kpg

Well-known member
  • Jun 3, 2008
    3,445
    1,805
    113
    In My Home
    ලෝකයේ ජීවත්වෙන මිනිස්සු වගේම ඒ අයගෙ ආහාර රටාවනුත් හරිම විවිධාකාරයි. කෙනෙක්ට අතිශයින් රසවත් ආහාරයක් තවත් කෙනෙක්ට බොහොම අප්‍රියජනක වෙන්න පුළුවන්. ඒ වගේම තමයි, හරිහැටි කරුණු නොදැන ආහාරයට ගන්නා සමහර එවන් ආහාර අතිශයින් භයානක සෞඛ්‍ය අවදානම් ඇති කරන්නත් පුළුවන්.


    1. ෆූගූ (Fugu)​

    01-85.jpg


    ෆුගු එහෙමත් නැත්නම් පෆර් ෆිෂ් (Puffer Fish) කියන්නේ මේ ලෝකයේ තියන භයානකම කෑම අතරින් ඉහළින්ම ‍තියන ආහාරය කියල කිවුවොත් අපි වැරදි නැතිවෙයි. මාරාන්තික විෂ වර්ගයක් වන සයනයිඩ් වගේ 1200 ගුණයක විෂක් ෆූගූ මාළුවාගේ අන්තර්ගත වෙනවා. ඒ නිසා මේ මාළුවාව කෑමට පිළියෙල කරන්න විශේෂිත ක්‍රමවේදයකුත් තියනවා. එක්සත් ජනපදයේ තහනම් ආහාරයක් වන ෆූගූ ජපානයේ තමයි බහුලව ආහාරයට ගන්නේ. මේ මාළුවාව නිවැරදි ආකාරයට පිළියෙල කරන්න ඉගෙන ගන්න ජපන් සූපවේදියෙක්ට වසර ගණනාවක පුහුණුවක් අවශ්‍ය වෙනවලු. එහෙම වෙලත් වසරකට මේ ෆූගු විෂවීමෙන් සිද්ධ වන මරණ ගණනාවක්ම ජපානෙන් අදටත් වාර්තා වෙනවා.


    2. ඇකී (Ackee)​

    02-84.jpg


    ෆූගු වගේම ඇමරිකා එක්සත් ජනපදයේ තහනම් වෙලා තියන අවදානම් සහගත ආහාරයක් තමයි මේ ඇකී පළතුර. මේ පළතුරේ නිජබිම වෙන්නෙ ජැමෙයිකාව. ඒ වගේම ජැමෙයිකාවෙ ජාතික පළතුර හැටියටත් මේ පළතුර සැලකෙනව. හැබැයි මේ ඇකී පළතුර කියන්නෙ හරිහැටි ඉදිල නැති අවස්ථාවක කෑවොත් දැඩි සේ විෂ වෙන්න පුළුවන් පළතුරක්. මොකද නොඉදුණු ඇකී ගෙඩි වල හයිපොග්ලයිසින් (Hypoglycin) කියන විෂ වර්ගය ඇතුළත් වෙනව. මේ පළතුරේ ඇටත් විෂ සහිතයි. විෂ ශරීරගත වුණොත් වමනය, කෝමා තත්ත්වය ඇතිවෙලා, මරණය වුණත් ළඟා වෙන්න පුළුවන්.


    3. සන්නක්ජි (Sannakji)​

    03-84.jpg


    සන්නක්ජි කියන්නේ කොරියානු ආහාරයක්. මේ ආහාරය සකසන්නේ නක්ජි කියන කුඩා බූවල්ලන් වර්ගයකින්. ඇත්තටම කියනවනම් මේක ඇවිල්ලා බූවල්ලාව අමුවෙන්ම පිළිගන්වන ආහාරයක්. බූවල්ලාව මරපු ගමන් කුඩා කැබලිවලට කපලා, තල තෙල් ඉහලා තමයි ආහාරය සඳහා පිළිගන්වන්නේ. නමුත් බූවල්ලාගේ අඬු වල තිබෙන ස්නායු ක්‍රියාකාරීත්වය නිසා මේ ආහාරය පිළිගන්වන මොහොත වෙනකොටත් ඒ අඬු කැබලි චලනය වෙමින් තමයි පවතින්නෙ. අන්න ඒ නිසාම තමයි මේ ආහාරය භයානක එකක් බවට පත්වන්නෙත්. මොකද මේ අඬුවල චලනය වීම නිසා මේ ආහාර කැබලි උගුරේ හිර වෙලා, හුස්ම හිරවීමකට ලක්වෙලා, මරණට වුණත් ළඟා වෙන්න පුළුවන්. මේ ආහාරය නිසා සිදුවූ මරණ ගැනත් වසරකට කීප වතාවක්වත් අහන්න ලැබෙනවලු.

    4. කිඩ්නි බීන්ස්​

    04-84.jpg


    කිඩ්නි බීන්ස්, එහෙමත් නැත්නම් රතු බෝංචි ඇට කියන්නේ බොහොම පෝෂ්‍යදායී ආහාරයක්. ලංකාවේ අපි අතරත් මේ කිඩ්නි බීන්ස් යම් පමණක් ජනප්‍රියයි. හැබැයි ගොඩක් දෙනෙක් නොදන්න කාරණයක් තමයි අමු කිඩ්නි බීන්සවල ෆයිටොහිමොග්ලූට්නින් (Phytohaemagglutinin) නම් විෂ රසායනිකයක් ඇතුළත් වෙනවාය කියන එක. ඒ නිසා කිඩ්නි බීන්ස් අමුවෙන් කන්න කිසිසේත්ම හොඳ නෑ වගේම හොඳින් තම්බන්නෙ නැතුව කන්නත් හොඳ නෑ. රැයක් පෙඟෙන්න තියලා විනාඩි 10කට වැඩි කාලයක්වත් ගතකරලා හොඳින් තම්බලා මිසක් කිඩ්නි බීන්ස් ආහාරයට ගන්න හොඳ නෑ. විෂ වුණොත් වමනය, උදරාබාධ සහ හිසේ කැක්කුම වගේ තත්ත්වයන්ට ලක්වෙන්න පුළුවන්.



    5. කසු මර්සු (Casu Merzu)​

    05-84.jpg


    මේ චීස් වර්ගයේ නමේ තේරුම වෙන්නෙත් “කුණු චීස්” කියන එකයි. ලෝකයේ තිබෙන චීස් වර්ග අතරින් ඉතාම අප්‍රසන්න සහගත විදිහට නිර්මාණය කෙරෙන චීස් වර්ගයක් තමයි මේක. සාර්ඩිනියාවේ සහ මධ්‍යධරණී මුහුදේ පිහිටි දූපත්වල ජනප්‍රිය චීස් වර්ගයක් වන මේ කසු මර්සු හදන්නේ බැටළු කිරිවලින් හදන චීස්වල පණුවන්ට වැඩෙන්න දීලයි. කොහොම නමුත් මේ චීස් කෑමේදී පණුවන්වත් අප්ට කැවෙන්න ඉඩ තියන නිසා සමහර රටවල මේ ආහාරය තහනමට ලක් කරලයි තියෙන්නෙ. අපිරිසිදු ක්‍රමවේදයකට සකස් කරන මේ චීස් මගින් නොයෙකුත් සෞඛ්‍ය අවදානම් ඇතිවීමට හැකිවීම ඊට හේතුවයි.



    6. රුබාබ් (Rhubarb)​

    06-80.jpg


    ලංකාවෙත් නුවර එළිය ප්‍රදේශයේ වගා කරන මේ එළවළු වර්ගය සමහරවිට ඔබත් ආහාරයට ගෙන ඇති. මේ රුබාබ්වල කොළවල ඔක්සලික් (Oxalic) නම් විෂක් පවතිනවා. ඒ නිසා මේ කොළ වැඩි ප්‍රමාණයක් කෑමෙන් ජීවිත අවදානමක් වුණත් ඇතිවෙන්න පුළුවන් කියලයි කියන්නේ. හැබැයි සාමාන්‍යයෙන් මේවා ආහාරයට ගන්න අයට මරණය අත්පත් වෙන්න තරම් විෂවෙන ප්‍රමාණටක රුබාබ් කොළ කැවෙන්නේ නැහැ. ඒ වුණත් මේ රුබාබ් කොළ ස්වල්ප වශයෙන් ආහාරයට ගන්න එකෙනුත් සෞඛ්‍ය ගැටළු ඇතිවෙන්න පුළුවන්. නම් වශයෙන් කියනවනම් උගුරේ සහ ඇස්වල වේදනාවන්, කරකැවිල්ල, ශ්වසන අපහසුතා සහ පාචනය වගේ තත්ත්වයන් මේ නිසා ඇතිවන්න පුළුවන්.



    7. හකාල් (Hakarl)​

    07-79.jpg


    අයිස්ලන්ත ජනතාව අතර ජනප්‍රිය, මාළුවලින් හදන ආහාරයක් තමයි මේ හකාල් කියන්නේ. ග්‍රීන්ලන්ඩ් කියන මෝර මාළු වර්ගයකින් සකසනු ලබන මේ හකාල් කියන්නේ අපි ආහාරයට ගන්නා කරවල වගේ කාලයක් තිස්සේ මාළු පරණ කරලා හදාගන්නා ආහාරයක්. මේ මෝර මාළුවාව ඇල්ලුවාට පස්සේ මාළුවාව තරමක වලකට දාලා උඩින් වැළි බොරළු දාලා වහලා මාස 2, 3ක් තියෙන්න හරිනවා. ඊට පස්සෙ ගොඩ අරන්, කෑලි කපලා මාස ගණනක් තිස්සේ එල්ලලා වේලෙන්න තැබීමෙන් පස්සෙයි ආහාරයට ගන්නේ. මේ විදිහට කල් අරන් පිළියෙල කරන්න හේත වෙන්නේ මේ මෝර මාළු වර්ගය අතිශයින්ම විෂ සහිත වීම නිසයි. වැරදීමකින් හෝ හරිහැටි පරණ වෙලා, වියළීමට ලක්වෙලා නැති මේ හකාල් කෑවොත් බඩේ දරුණු ආබාධ, ස්නායු ආබාධ වගේම මරණය වුණත් අත්වෙන්න පුළුවන් කියලයි කියන්නේ.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    සන්නක්ජි (Sannakji).

    මම food ranger එකේ දැක්ක ජපනෙත් ඔහොම පොඩි බුවල්ලෙක් මොකක් ද මන්ද sauce එකක ඔබල පණපිටින් කනවා. Trevor james dial එක chopstick එකෙන් අල්ලලා තමයි අර පොඩි බුවැල්ල කන්නේ.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඇයි බන් මිනිස්සු ඔහොම ඒව කන්නෙ? 🤔🤮
    කසිප්පු බොනවා වගේම සීන් එකක්ද මන්දා? ඈබ්බෑහි වෙනවා ඈති.. සමහර විට වෙන වෙන වාසි තියෙනවා කියලා කනවා වෙන්න පුලුවන්