අද උදේ අපේ වත්තෙ ගහකින් ලේන් කූඩුවක් වැටිල. ඇස් ඇරපු පැටව් දෙන්නෙක් ඇතුලෙ. අරගෙන කිරි පෙව්වා. බීගෙන බීගෙන ගියා දවස් ගානක් බඩගින්නෙ ඉඳල වගේ. ගහ ලඟින්ම තියල තිබ්බ කූඩුව පෙට්ටියකට දාල උන්ගෙ අම්මල ඇවිල්ල අරගෙන යයි කියල. තාම අරන් ගිහින් නෑ. බලනකොට පැටව් දෙන්න සීතලට වෙව්ලනව. ඉතින් පරණ රෙදි කෑලි ටිකක් අරගෙන කාඩ්බෝඩ් පෙට්ටියකට දාල පැටව් දෙන්නව තිබ්බ. හැන්දෑ වෙනකන් බලල මෙයාලගෙ අම්ම මෙයාලව ගෙනියන්න අවෙ නැත්තම් මම අරගෙන හදා ගන්නව.
add rep+ if u like

P.S. රෙප් දීපු හැමෝටම ස්තූතියි. කොටුවකුත් පැන්න ඔයාලගෙ රෙප් වලින්.
Last edited:
මීට ඉස්සෙල්ලත් ඔයවගේ ලේන් පැටියෙක් හැදුව මම. ලොකු වුනාම ගියා. ආයිත් ආවෙ නෑ.



පූසො ඇවිත් මරයි. දැන් ඉතින් කරන්න තියෙන්නෙ ටිකක් ලොකු වෙනකන් කන්න බොන්න දීල හදන එකයි ලොකු උනාට පස්සෙ යන්න දෙන්න 


