ලේලි හා දෝණී

nishi_gurl

Member
Jun 12, 2018
924
193
0
ලේලි හා දෝණී​


මගේ ලොකු කොල්ලා
කෑවෙ මඟුලක් ගමම හොල්ලා
ගෙන ආව ලේලියගෙ නම තමයි නිමලා
යකින්නක් ඈ නම් මගෙ අම්මපල්ලා

පුතු ඉන්න තැන නම් ඈ හරිම බොළදය
මගෙ පුතා ඇගෙ රෙදිත් හෝදන්න ඕනය
උයන්නෙත් නෑ කන්න හොයන්නෙම කොත්තුය
කොයිවෙලෙත් පුතාගෙන් ඉල්ලන්නෙ තොත්තුය

මගෙ පුතා බැඳගත්ත ඔය වදක භාරී
මාසේ පඩි දවස දා පුතුගේ අත නාරී
ඔහුට නැතුවද ඉතින් වෙන රාජකාරී
දෙකක් තිබුනම ඇයට මදිද ඔය සාරී

ඒත්

අනේ මගේ දෝණී
හරි වාසනාවන්තී
පෙර පිනක් පල දී
ලැබුනේ ඈ හට රත්තරං කඳකී

නැගිටලා අනේ ඒ කොලූ අළුයම
හෝදනව මගේ දුවගේ රෙදි පෙරදි සේරම
බැරි නිසා මගේ පොඩි දූට තව උයමන
කොත්තු ගෙනැවිත් ඈට කවන්නේ ඔහුමය

දෝණී ලක්කාරී
මුදු සුමුදු බාරී
හඬයි සිත පෑරී
කියා ඔහු ගෙන එන්නෙ සාරී

ලේලි නම් එපාමය
පුතු කන්න ආ හැතිරිය
දෝණී සීදේවිය
මගේ බෑණා බුදු වෙන්න ඕනය​
 

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    10.gif


    පට්ට...!!.
     
    • Like
    Reactions: nishi_gurl