ලේසියෙන්ම ලිනක්ස් ඉගෙන ගන්න මේක කරන්න

chathun_pc

Active member
  • Jun 25, 2008
    208
    135
    43
    magnet field
    linux.png


    අද මම කියන්නෙ ගොඩක් වැදගත් දෙයක් ගැන. ලිනක්ස් ඉගෙන ගන්න සහ තමන්ගෙ ලිනක්ස් දැනුම වැඩිකර ගන්න හැමෝටම ඕනම තැනකදි (bathroom එකේදි උනත්) කරන්න පුලුවන් පොඩි දෙයක් ගැන. ආධුනික අයට හා කැම්පස් වල ඉගෙන ගන්න නංගිල මල්ලිලට මේක ගොඩක් විශේෂයි.
    ලිනක්ස් වල කමාන්ඩ් දන්න තරමට තමයි හොඳ ඒ වගේම කමාන්ඩ් ලයින් එකේ වැඩ කරල ඒකට හුරු වෙන්නත් ඕන.

    මේකට ලේසි පහසු හා හොඳම වැඩේ තමයි මම දැන් කියන්නෙ. කලින් ලිනක්ස් කතා article එකේ https://www.facebook.com/groups/307118092732096/permalink/4315376655239533/
    මම කිව්වනෙ ලිනක්ස් හැම තැනම ඉන්නව කියල ඉතින් ඔයාල ගාවත් ලිනක්ස් මේ වෙලාවෙ ඉන්නව ඔයාගෙ smart මොබයිල් එකේ, මේක use කරල ඔයාලට නොහිතන වැඩ ගොඩක් කරගන්න පුලුවන්.

    මුලින්ම යන්න PLAY STORE එකට. ගිහින් දාගන්න Termux App එක මේකෙන් ඔයාලට ඔයාගෙ මොබයිල් එකේ තියන ලිනක්ස් කර්නල් එකත් එක්ක ගනුදෙනු කරගන්න පුලුවන්. App එක open කරහම පොඩි හුරතල් ටර්මිනල් එකක් ඕපන් වෙනවා දැන් වැඩ පටන්ගන්න. තව මේ වගේ terminal apps ගොඩක් තියනව play store එකේ මේකම දාගන්න මොකද මේක ගොඩක් ලේසියි.

    ඔයාගෙ phone එක root කරල නැතිතාක් කල් කිසි දේකට බය වෙන්න එපා කිසි ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.
    Computer එකේ තියනව වගේ ඔක්කොම ලිනක්ස් කමාන්ඩ්ස් මේකෙ වැඩ කරන්නෙ නම් නෑ නමුත් ගොඩක් ඒව තියනව ඔයාල ලිනක්ස් කමාන්ඩ්ස් හොයාගෙන ගහල try කරල බලන්න කොහොමද වැඩ කරන්නෙ කියල කියල.

    දිගටම කමාන්ඩ්ස් practice කරන්න එතකොට මතක තියාගන්න ලේසියි. පහල ලින්ක් එකේ තියන වීඩියෝ එක බලල idea එකක් ගන්න. වීඩියෝ එකේ ෆොන්ට් එක පොඩී පොඩ්ඩක් high resolution දාල බලන්න. https://youtu.be/ofV7waI_IlA

    Termux project එක ගැන වැඩි විස්තර මේ වෙබ් එකෙන් බලා ගන්න
    මේවගේ දේවල් තව දැනගන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න https://linuxlanka.com එකේ රෙජිස්ටර් වෙන්න ඔයාලගෙ දැනුමත් ශේයා කරන්න.
    අපේ fb page එක like කරල group එකට join වෙන්න. CB4 TECH YouTube චැනල් එකත් subscribe කරන්න.

    https://www.facebook.com/cbfortech
    https://linuxlanka.com/
    #linuxlanka #linux #tech #sinhalatech
    #madterminal