ලේ, කිරි, කඳුළු ලියූ - බෙන් ඔක්රි (BEN OKRI)
සල්මන් රූෂ්ඩි නම් වූ පෙරළිකාර ගත් කතුවරයාට සමාන කළ හැකි තවත් අයෙකු සිටින බව ඔබ මෙතෙක් දැන සිටියේද? එවැනි ගත් කතුවරයකු හමුවන්නේ නයිජීරියාවෙනි. හෙතෙම, බෙන් ඔක්රි නම් වෙයි.
1959 මාර්තු 15 වෙනිදා උපන් බෙන්, නයිජීරියාවේ පශ්චාත් නූතන සහ පශ්චාත් යටත් විජිත යුගය නියෝජනය කරන ගත්කතු පරම්පරාවේ ප්‍රමුඛතමයෙකු ලෙස සැලකෙයි. ඔහු නයිජීරියාවේ සුප්‍රකට උර්හබෝ පරපුරේ සාමාජිකයෙකි. (මෙකි උර්හබෝ පරපුර පැවත එන්නේ දකුණු නයිජීරියාවේ නයිජර් ඩෙල්ටා ප්‍රදේශයෙනි. උර්හබෝ පරපුර එම ප්‍රදේශයේ ප්‍රධානතම ජනවර්ගය ලෙස සැලකෙන අතර ඔවුන්ගේ මව් භාෂාව නයිජර් - කොන්ගො භාෂාවයි.)
බෙන්ගේ මව ග්‍රේස් නම් විය. පියා සිල්වර් ඔක්රි බෙන්ට වයස අවුරුදු දෙකක්වත් නොතිබෙද්දී මවත්, පියාත් ඔහු රැගෙන එංගලන්තයට පැමිණියහ. එහි ලන්ඩන් නුවර පදිංචි වූ ඔක්ට් පවුල එහි සිට ජීවිතය ගෙන යන්නට තීරණය කළහ. බෙන්ගේ පියා මේ කාලයෙදී නීතිය හදාරන්නට පටන් ගත්තේය. බෙන් පාසල් ජීළුිතය ආරම්භ කළේය. කෙසේ වෙතත් 1968 වෙද්දී බෙන්ගේ පියා තීරණය කළේ නැවතත් මව් රටට පැමිණිමටය. ඒ අනුව ඔවුන් නයිජීරියාවට පැමිණි පසුව බෙන්ගේ පියා එරටෙහි ලාගෝස් නුවරදී තම නීතීඥ වෘත්තිය ආරම්භ කළේය.
කුඩා බෙන් මව්පියන්ගේ පැතුම් සපුරමින් හොද අධ්‍යාපනයක් ලැබුවේය. යොවුන් වියේහි පටන් සමාජ, දේශපාලන මාතෘකා යටතේ නොයෙකුත් ලිපි ලිවීඹට කාලය මිඩංගු කළත් ඔහුට ඒ ලිපි එකතු කර ග්රන්ථයක් ලෙසින් එළි දැක්වීමට ප්‍රකාශකයෙකු සිටියේ නැත. නමුත් ඔහු ඒ ලිපිවල ඇතුළත් වූ සිදුවීම් අල්ලා කෙටි කතා රචනා කළේය. එම කෙටි කතාවලින් ඇතැම් නිර්මාණ සවස පුවත්පත්වල සහ කාන්තා සඟරාවල පළවිණි.
බෙන් නැවතත් 1970දී එංගලන්තයට පැමිණියේ සසෙක්ස් විශ්වවිද්‍යාලයේ සාහිත්‍යය හදාරන්නටය. ඒ වෙනුවෙන් ඔහුට නයිජීරියානු රජයෙන් ශිෂ්‍යත්වයක් ලැබිණි. කෙසේ වෙතත් මේ කාලයේ ඔහුට කටුක අත්දැකීම් රැසකට මුහුණ දීමට සිදුවිය. ඔහුට නවාතැනක් නොවුණි. මේ හේතුවෙන් ඔහුට ප්‍රසිද්ධ උද්‍යානවල පවා නිදන්නට සිදුවිය. බෙන් මේ කාලය තවමත් සිහිපත් කරන්නේ මහත් කැමැත්තෙනි. එය තම ජීවිතයේ ඉතාමත්ම වැදගත් කාල පරිච්ඡේදය ලෙස හදුන්වන්නට ඔහු මැළි නොවෙයි. “මම මේ කාලයෙදි නොයෙකුත් දේවල් ලිව්වා.” බෙන් එලෙස පවසා තිබිණි.
බෙන් ග්රන්ථ කර්තෘවරයෙකු ලෙස සාර්ථක වූයේ 1980 දීය. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 21 කි. එම වකවානුවේදී ඔහු ලියූ “ෆලවර්ස් ඇන්ඩ් ෂැඩෝස්” නවකතාව පාඨක ග්‍රහණයට ලක්විය 1983 සිට 1986 දක්වා කාලයෙදී වෙස්ට් ඇෆ්රිකා සඟරාවේ සේවය කළ බෙන්, ඒ අතරේදීම බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සංස්ථාවේ (BBC) ලෝක සේවයේ සම්පත් දායකයකු ලෙසද කටයුතු කළේය. එසේ වුවද ඔහු වෙතින් පොතපත ලිවීමේ පුරුද්ද ගිලිහුණේ නැත. එහි ප්‍රතිඵලයක් ලෙස බෙන් ඔක්රි නම් වූ අප කථානායකයා, ග්රන්ථ කර්තෘවරයකු ලෙස ගරු බුහුමල් ලබන්නේ 1991 දීය. ඒ ඔහු අතින් ලියැවුණු “ද ෆැමිෂ්ටි රෝඩ්” නම් වූ කතාවට බුකර් සම්මානය හිමි වීමත් සමගය.
බෙන් ලියූ තවත් කතා කිහිපයක්.
• ද ලෑන්ඩ්කේප්ස් විතින් - 1981
• සෝන් ඔෆ් එන්චාන්ට්මන්ට් - 1993
• ඇස්ටොනිෂින් ද ගෝඩ්ස් - 1995
• ඩේන්ජර්ස් ලව් - 1996
• ඉන්ෆිනිට් රිචස් - 1998
• ඉන් ආකේඩියා - 2002
• ස්ටාර් බුක් - 2007
ඔහු අතින් ලියැවුණු කාව්‍ය නිර්මාණ කිහිපයකි.
• ඉන්සිඩන්ට්ස් ඇට් ද ශ්රයින් - 1986
• ස්ටාර්ස් ඔෆ් ද නිව් කර්ෆිව් - 1988
• ඇන් ඇෆ්රිකන් එලජි - 1992
බෙන් ලියූ කෘති පශ්චාත් නූතන නිර්මාණයන් ලෙස සැලකෙන බව සාහිත්‍ය විචාරකයන්ගේ මතයයි. කෙසේ වෙතත්, සමහර උගතුන් ඔහුගේ නිර්මාණ දකින්නේ ආධ්‍යාත්මික ලෝකය මතින් යථාර්ථය පෙන්නුම් කරන්නට වෑයම් කරන කෘතීන් ලෙසය. බෙන් පවසන්නේ තම නිර්මාණ සදහා පාදක වූයේ පියාගේ පොත් රාක්කයෙන් සිතට කාවැදුණු දාර්ශනික මතවාදයන් සහ මවගේ මුවින් නික්මුණු සිතට සතුට කැන්දූ කත්නදරවල මිහිරියාව බවය
Source - Mawubima News Paper