ලේ පැල්ලම් වසා දමන කලු පැල්ලම්
ලේ පැල්ලම් වසා දමන කලු පැල්ලම්
Posted on 14 January 2013.
අගවිනිසුරු ආචාර්ය ශිරාණී බණ්ඩාරනායක දෝෂාභියෝගයට පසු ජනාධිපතිවරයා විසින් මේ වන විටත් ධූරයෙන් පහකරනු ලැබ තිබේ. නව අගවිනිසුරුවරයෙකු පත් කරන්නට දැන් සියල්ල සූදානම්ය. නමුත් වර්ථමාන අගවිනිසුරුවරිය ධූරයෙන් පහකලා යැයි කීවාට ඇය තනතුරෙන් නෙරපන්නට ක්‍රමවේදයක් නැත. ගැහැණියක් පිරිමියෙකු බවටත් පිරිමියෙකු ගැහැණියක බවටත් හැර වෙනත් ඕනෑම දෙයක් කළ හැකි යැයි උදම් ඇනූ ජෙ.ආර් ජයවර්ධනගේ ව්‍යවස්ථාව පවා මේ ප්‍රශ්ණයත් සමග අර්බුදයකට ගමන් කර ඇත. මෙයින් පසු අපට ඉතිහාසය අලුතෙන් ලියන්නට සිදුව තිබේ. අගවිනිසුරුන් දෙදෙනෙකු සිටින ලෝකයේ එකම රට බවට පත් වන්නට ලංකාවට අවස්ථාව ලැබී තිබේ.
මේ ගැටලුව සම්බන්ධයෙන් විශේෂයෙන්ම නීතිඥ ප්‍රජාව සෘජුව මැදිහත් විය. එක්සත් ජාතික පක්ෂය ද මේ සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරන්නට විය. ජනතා විමුක්ති පෙරමුණ ප්රජාතන්ත්රවාදය සදහා ජනතා ව්‍යාපාරය නමින් සංවිධානයක් පවා පිහිටුවා ගත්තේ මේ ගැටලුව විසදන්නටය. මනෝ ගනේෂන්, සිරිතුංග ජයසූරිය, වික්‍රමබාහු කරුණාරත්න පුරුදු පරිදි මේ සටනට අවතීර්ණය වී සිටියහ. හිදහිට කරූ ජයසූරිය පවා පොඩි හඩක් නැගුවේය. අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයක් සම්මත කර ඇය එම ධූරයෙන් ඉවත් කිරීම ගැන සියල්ලන්ම මහින්ද රාජපක්ෂ පිට වරද පටවා අත පිසදා ගත්තෝය.
ලංකාවේ නීතිඥ ප්‍රජාව ඇතුලු බහුතරය ඉල්ලා සිටින්නේ ප්රජාතන්ත්රවාදය යළි තහවුරු කරන ලෙසයි. නීතියේ පාලනය සහ අධිකරණයේ ස්වාධීනතාවය යළි ලබා දෙන ලෙසයි. විශේෂයෙන්ම ඇමෙරිකාවේ ජනාධිපති බැරැක් ඔබාමා, ජර්මනියේ චාන්සලස් ඇන්ජෙලා මර්කර්, බ්‍රිතාන්‍ය අගමැති ගෝර්ඩන් බ්‍රවුන් ඉන්දියානු අගමැති මන් මොහන් සිං ඇතුලු බහුතරයක් අය ප්‍රකාශ නිකුත් කරමින් පවසා සිටින්නේ ලංකාවේ ප්රජාතන්ත්රවාදය යළි තහවුරු කරන ලෙසයි. මානව හිමිකම් ආරක්ෂා කරන ලෙසයි. මේ සියලු ගැටලු විසදන්නට මේ ආකාරයෙන් ඉදිරිපත්ව සිටින අය අමතක කරන එක් සත්‍යයක් වන්නේ මේ ගැටලුවේ මූලයයි. ලංකාවේ දෙමල ජාතික ගැටලුවට නිසි පිළිතුරක් ලබා දුන්නේ නම් අද අපට මේ ආකාරයේ ප්‍රශ්ණ මීට වඩා ප්‍රජාතන්ත්‍රවාදීව විසදා ගන්නට අවකාශයක් තිබුනි.
දැන් ප්රජාතන්ත්රවාදය ඉල්ලා කෑ මොර දෙන මේ උදවිය යුද්ධයේ අවසන් කාලයේ ලංකාවේ සිදු වූ දේ නොදැක්කා මෙන් සිටියෝය. විශාල ලේ පැල්ලමකට පසු යළි ප්රජාතන්ත්රවාදය ඉල්ලා සිටීමම විසුලු සහගතය. මානව හිමිකම්, අධිකරණයේ ස්වාධීනතාවය, නීතියේ පාලනය යළි ස්ථාපිත කරන්න යැයි ඉල්ලා සිටින මේ සියලු මහත්වරු සහ නෝනවරු කල්පනා කළ යුත්තේ විශාල මනුෂ්‍ය ඝාතනයකට පසු පැරණී සමාජයේ පරමාදර්ශයන් නැවත අපට ලබා ගන්නට බැරි බවය. ජාතියේ නාමයෙන් සියලු පරමාදර්ශයන් බිදදමා කටයුතු කළ ජාතියකට අත්වනන්ට නියමිත ඉරණ මීට වඩා සුන්දර එකක් වන්නට විදිහක් නැත. විශේෂයෙන් බටහිර රටවල උදවිය අද ලංකාවේ ප්රජාතන්ත්රවාදය පිළිබදව කතා කළත් ලංකාවේ ජාතික ගැටලුවට දේශපාලන විසදුමක් ලබා දෙන්නට ඔවුනට අවශ්‍යතාවයක් නැති විය.
ඒ අතින් ගත් කළ චීනය මේ සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කරන්නේ නැත. මන්ද ඔවුන් වැඩේ අහවරක් කරන්නට ප්‍රසිද්ධියේ උපකාර කළ නිසා වැඩේ අවසන් වූ පසු තත්ත්වය මීට වඩා වෙනස් වන්නට විදිහක් නැති බව දනීයි. චීනයේ ඩෙන් ෂියාවෝ පෙන් එරටට හදුන්වා දුන්නේ සිගප්පූරුවේ ලී කුවාන් යූ ගේ දර්ශණයයි. ඒ නිසා ඒ රටේ ජනතාවට දේශපාලන නිදහස පිළිබදව කතා කරන්නට බැරිය. කතා කළ කෙනා පසුවදා සිට අතුරුදන්ය. ඒ රටේ ඇති එකම දර්ශණය ආර්ථික දර්ශණයයි. ඔවුන් ආර්ථික වශනේ පූර්ණ ලෙස නිදහස දිනා ඇත. මේ රට වල ඕනෑම අයෙකුට ඕනෑම දෙයක් විකුණන්නටත් මිලට ගන්නටත් පුලුවන. නමුත් මානව හිමිකම් ප්රජාතන්ත්රවාද වැනි දේ තහනම් වචනය. අපි වඩාත් ආශක්ත වී සිටින සිංගප්පූරුව සහ චීනය අපි ආදර්ශයට ගනිමින් සිටිමු. ස්වෝජ ජිජැක් මේ සම්බන්ධයෙන් කියන්නේ අපූරු කතාවකි. ඔහු මෙය හදුන්වන්නේ ආසියාතික මුහුණුවරක් සහිත ධනවාදය කියාය. ලංකාවේ දී මෙය අපට හමු වන්නේ සංවර්ධනය කියාය. සංවර්ධනයෙන් ආසිවාවේ ආශ්චර්ය වන්නට බලා සිටින ජාතියක් විශාල ලේ පැල්ලමක් අපැහැදිලි ආකාරයෙන් මකා දමා ඒ ක්ෂිතිමය අත්දැකීමෙන් ගැලවෙන්නට නීතියේ ආධිපත්‍ය, ප්රජාතන්ත්රවාදය, මානව හිමිකම් ගැන කතා කරමන් සිටියි. අගවිනිසුරුවරිය සම්බන්ධ ගැටලුව මේ තරම් සංකීර්ණ මාතෘකාවක් වන්නේ මෙවන් වටපිටාවක් තුළය.
විශේෂයෙන් මේ දවස් වල නීතිය පිළිබදව පුරසාරම් දොඩන හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා අපට අනුව නම් කරන්නට වන්නේ ‛සයිකෝසිකයෙකු’ ලෙසය. සාමාන්‍යයෙන් සයිකෝසියන්ට යථාර්ථය යනු තමන් විසින් නිර්මාණය කර ගන්නකි. පසුගිය සමයේ දේශපාලනිකව විසදා ගතයුතුව තිබූ ප්‍රශ්ණ අධිකරණය මැදිහත් වී විසදන්නට විය. උතුරු-නැගෙනහිර වෙන් කිරීම දේශපාලන තීරණයක් නොව අධිකරණ තීරණයකි. ප්රෙට්රල් සම්බන්ධ ප්‍රශ්ණයට විසදුම් දුන්නේ හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වාය. පී.බී ජයසුන්දර අධිකරණයට ගෙන්වූයේ මොහුමය. මේ ආකාරයෙන් දෙමළ ජාතික ගැටලුව ඇතුලු බෙහෝ දේශපාලන ප්‍රශ්ණ අධිකරණය විසින් විදන්නට ගිය නිසා දේශපාලන ප්‍රශ්ණ විසදන්ට සිදු වූයේ යකඩින් සහ රුධිරයෙනි.
ලංකාවේ දේශපාලනයට චන්ද්‍රිකාගේ ආගමනය සිදුවන්නේ විශාල මිනිස් සංහාරයකට පසු එක්සත් ජාතික පක්ෂයේ මර්ධනාකාරී කුරිරු පාලනයෙන් වසර 17ක් ජනතාව දුක්විදිමින් සිටි යුගයකය.
ඇය ගෙනා උදාන වාක්‍ය වූයේ මානුෂික මුහුණුවරක් සහිත ධනවාදය යන්නයි. වර්ථමානයේ අපට මානුෂික මුහුණුවරක් සහිත ධනවාදයක් ගැන කතා කරන්නට බැරි වන්නේ මානුෂික ගැටලුවක් මානුෂික මෙහෙයුමක් මගින් අවසන් කල නිසාය. මේ නිසා අපට වර්ථමායේ තව දුරටත් මානුෂික යන වචනය පවා කතා කරන්නට බැරිය. මේ නිසා අපට දැන් කියන්නට සිදු වන්නේ වෙස් මුහුණක් සහිත නැතිනම් ප්ලාස්ටික් මුහුණක් සහිත ධනවාදයක් කරා අප ගමන් කරමින් සිටින බවයි. මහින්ද රාජපක්ෂට සියලු පව් පවරා තමන්ගේ දෑත් පිරිසිදු කර ගන්නට වෙර දරණ සියලු අය මේ විනාශයේ පංගුකාරයන් බව අපට අමතක කරන්නට බැරිය.
විශේෂයෙන් ඉදහිට පොඩි සද්දයක් දාන කරූ ජයසූරිය මහතාට තමන් දෑත් ශක්තිමත් කරන්නට ගොස් කලේ විශාල වරදක් බව පවසා සමාව ගන්නට අඩුම තරමේ හැකියාවක් තිබුනි. මේ සියලු කරුනු අපට පසක් කරන්නේ මේ වන විටත් අප ජීවත් වන්නේ නග්න ධනවාදයක් සහිත සමාජයක වන බවයි. මේ සමාජ තුළ අපට මිනිසුන් වෙන්වට අවතාර මුණ ගැසෙන්නේ මේ නිසාය. මේ අවතාර වන් අය කාලයෙන් කාලයට විවිධ වෙස් පෙරළමින් සිටියි. ජාතික ගැටලුව දේශපාලනිකව විසදන්නට තීබු අවකාශයක් ත්රස්තවාදයට ලඝු කරමින් මතවාද තනන්නට උපකාර කල අය කවුරුන්ද? විකටර් අයිවන්, තිරසණී ගුණසේකර, දයාන් ජයතිලක වැනි අය මේ ප්‍රශ්ණය දේශපාලණිකව විසදන්ට තිබූ අවකාශය විනාශ කර දමන්නට අවශ්‍ය සරු පසක් නිර්මාණය කලෝය.
අවසානයේ ලංකාවේ නීතිඥ ප්‍රජාව ඇතුලු දේශපාලන සංවිධාන, සිවිල් සංවිධාන, වාමාංශික පක්ෂ ඇතුලු මේ ප්‍රශ්ණය විසදන්නට මැදිව සිටින සියලු අය අමතක කළ සත්‍ය වන්නේ මේ ගැටලුවේ මූලයයි. අනෙක් අතට මෙවන් තත්ත්වයක් නිර්මාණය කරන්නට තමන් ද කැමැත්තෙන් හෝ අකමැත්තෙන් සම්බන්ධ වී ඇති බවයි. මහින්ද රාජපක්ෂ නපුරු රාක්ෂයෙකු පිසාචයෙකු නම් මේ නපුර නිර්මාණය කරන්නට සම්බන්ධ වූ සැවොම පව්කාරයන් විය යුතුය. මේ යුගයේ ඇත්තේ පව්කාරයන්ගේ සමාජයක් යැයි අපට කියන්නට සිදු වන්නේ මේ නිසාය. අවසන් වශයෙන් සත්‍යට මුහුණ දෙමින් ජාතික ගැටලුවට සැබෑ විසදුමක් ලබා නොදී සංවර්ධනයේ සිහිනයට මුවා වෙමින් ධනවාදය තුළ මොනතරම් නම් කැරළි ගැසුවද පලක් නැති බව කිව යුතුය.
තව දුරටත් නීතියේ ආධිපත්‍ය, අධිකරණයේ ස්වාධීනතාවය, යුක්ති ධර්මය, සාධාරණ සමාජය,සදාර්මික වෙළෙදාම ගැන කතා කිරීමෙන් පලක් නැත. එක්ව අරගල කළ යුත්තේ ධනවාදයට එරෙහිව මිස පුද්ගලවාදයට එරෙහිව නොවේ. ධනවාදයේ ජිවමාන ප්‍රකාශකයන් බරපතල ලෙස විවේචනය නොකර ධනවාදයට එරෙහිව අරගල කරන්නට බැරි බවද පැහැදිලිය. විශාල ලේ පැල්ලමක් වසා දමා ධනවාදය නම් සිහිනය දරාගත නොහැකිව ජාතිවාදය නම් යථාර්ථයට ඇහැරෙන්නට අපට පුලුවන. එවිට අප දුටු නපුරු සිහින වෙනුවට අපට සහනක් දැනෙනු ඇත. දෙමලා ගෙන් පසු හම්බයාවත් ශිරාණි ගෙන් පසු තවත් කෙනෙකුත් අපේ විනෝදය තව දුරටත් පවත්තවා ගෙන යන්නට අපට ආධාරකර ගන්නට පුලුවන.
ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය,