ලේ පැල්ලමෙන් මනින කන්‍යාභාවය

Blueteeth

Member
Oct 29, 2011
29
4
0
මේ කතා දෙකම මගේ කනට වැටුනු කතා... මිතුරෙක්ගෙ මිතුරෙක් සහ මිතුරියක් තමයි නායික නායිකාවන්...


ඇය උසස් අධ්‍යාපනය ලබන යුවතියක්... ගමේ පාසල් යන කාලේ තරුණයෙක් එක්ක පෙමින් බැඳෙන ඇය කාලයක් යද්දි මේ තරුණයාගේ නොදුටු පැත්ත දකිනවා. ඔහු මත් ද්‍රව්‍ය වලට තදින් නැඹුරු උනු... රස්තියාදු කාර යාළුවො රොත්තක් වට කරගත් කෙනෙක්... අයථා සම්බන්ද එහෙමත් ඔහුගේ ලෝකයේ තිබිල තියෙනවා. ඉතින් මේ තරුණිය එම සම්බන්දයට තිත තියනවා. ඒ පාසල් කාලයේදිමයි. පසුව ඈ නගරයට එන්නේ උසස් අධ්‍යපනය සඳහා... කාලය ගත උනත් අර තරුණයාගේ තර්ජන වලින් අඩුවක් නෑ.


" මම උඹව කොහොම හරි බඳිනවා " කියන තැන තමයි ඔහු සිටියේ...


මේ අතර මෙතනට සම්බන්ද වෙනවා තුන් වැන්නෙක්. අපි ඔහුට සුජිත් කියමු... සුජිතුත් මේ තරුණියත් අතර සම්බන්දයක් ඇති වෙනවා.


මේ අතර නිවාඩුවට ගමේ ගිය වෙලාවකදි අර ගමේ තරුණයා විසින් අර තරුණියව පැහරගෙන යනවා. දිනක් රඳවා ගැනීමෙන් පසු ඇය නිදහස් කරන ඔහුගේ එකම බලාපොරොත්තුව උනේ අර තරුණිය විවාහ කර ගැනීම. දිනක් රඳවා ගත්තත් කිසිම කරදරයක් නොකර තමයි තරුණියව නිදහස් කරන්නේ...


මේ සිදුවීම් දැන ගැනීමෙන් පසු සුජිත් හෙවත් වර්තමාන පෙම්වතා මේ තරුණියගෙන් ඈත් වෙන්න තීරනය කරන්නේ ඔහුගේ වචන වලින් " ලෙඩකට කර ගහන්න බැරි කමට ".

කාලයක් ගත වෙද්දි සුජිත් හා තරුණිය අතර සම්බන්ධය නැවත දලු ලනවා... ඒ අතර ගමේ වසවර්ති තරුණයා බලාපොරොත්තු අත හැර ගන්නෙ නෑ... නගරයට පැමිනෙන ඔහු දිනක් ඇයව පැහරගන්නවා... ඇගේ දෙමව්පියන්ට මරණ තර්ජන කරමින්.. ඇයට පහර දෙමින් ඔහු ඇයට බලකර සිටිනවා ඔහු සමඟ විවාහ වන්නට... දෙමව්පියන් ගැන ඇති බයටම ඇය ඔහු ගේ ඉල්ලීමට එකඟ වෙනවා...

කිසිත් සිදු නොවූ විලසට විවාහ රෙජිස්ටාර් කෙනෙක් ඉදිරිපිටදී ඇයට පොතේ අත්සන් කර එම තරුණයාගේ නීත්‍යානුකූල භාර්යාව බවට පත් වෙන්නට සිදු වෙනවා.

නැවත ඇය නගරයේ අත හැර දමන ඔහු ගමට යනවා...

පෙම්වතා වූ සුජිත් සමඟ පොලිසියට යන ඇය සිදුවීම පැමිනිලි කරනවා... එහි ප්‍රතිපලයක් ලෙස ගමේ තරුණයා පොලිස් අත්තඩංගුවට පත් වෙන අතර ඇයව වෛද්‍ය පරීක්ශනයක් සඳහා යොමු කෙරෙනවා. එහිදී ඔප්පු වෙනවා ඇයට කිසිම විදියක ලිංගික අතවරයක් සිදු වී නොමැති බවට.. සුජිත් ඇගේ පෙම්වතා... ඇය සමඟ සම්බන්ධය නවත්වන්නේ නැහ...

ඒත් විවාහයක් සිදුවී ඇති හෙයින් ඇය දික් කසාද වීමට නඩුවක් ගොනු කර තිබෙනවා.

අවසානයේ ඒ තරුණියගේ අතීතය දන්න සුජිත් ඇයව විවාහ කරගන්න කැමති වන හෙයින් කිසිම ප්‍රශ්නයක් ඇති වන්නේ නැහ...

ඒත්.... ඔව්.. සුජිත් ඒ සඳහා කැමති වන්නේ ඇයි ???

ඒ අර වෛද්‍ය පරීක්ශනයෙන් ලැබුන සහතිකය නිසා... ඇය පිරිසිදු තරුණියක්... කන්‍යාවක් බව ඔප්පු වූ නිසා බව ඔබ පිලිගන්නවද... ඒත් සත්‍ය එයයි. ඇයට කරදරයක් වී තිබුනානම් ඔහු ඇයව පිලිගන්නෙ නෑ...

" ඔව්ව පස්සට ප්‍රශ්න වෙනවා.. වැරද්දක් වෙච්චි කෙල්ලෙක් ගෙන් වැඩක් නෑ.. ඒත් දැන් හිත සුද්දයි වෛද්‍ය වාර්තාව නිසා " ඒ ඔහුගේ වචන...

ආදරය... විශ්වාසය...එකිනෙකා තේරුම් ගැනීම... ඒ සියල්ලටම උඩින් කන්‍යාවියක් වීම පෙරට ඇවිත්.... සුදු රෙද්දෙ ලේ පැල්ලම නැති උනොත් මඟුල හබක් ඒ තියරිය අනුව....


කතා අංක දෙක....

ඇය කරන රැකියාවට අනුව ඇයට රට පුරා විතරක් නෙමෙයි සමහර විට රටින් පිටත් ඇවිදින්නට සිදුවනවා... ඒ හැම ගමනකට ඇය සහභාගී වන්නේ මැදිවියේ සිටි ඇගේ " බොස් " සමඟින්. මේ දෙදෙනා අතර තිබූ සම්බන්ධය " බොස් " ගෙන් එහා ගියපු සම්බන්ධයක් කියා බොහෝ දෙනා අතර සැකයක් තිබුනා.. සැකයක්.. එහෙමත් නැත්තම් කට කතාවක්... මිසක් ඔප්පු වූ දෙයක් නොවේ..

කාලයකට පසු ඇය තරුණයෙක් එක්ක පෙම් සබඳතාවක් ඇති කරගන්නවා. කට කතාවලට අනුව " බොස් " මේ ගැන තදින් උරණ වෙනවා... හේතු කිහිපයක් මත ඇයටත් ඔහුටත් සිදුවන්නේ හඳ පානේ පැන යන්නට.

ඔවුන් මධු සමය ගත කරන්නේ තරුණියගේ හිතවතියකගේ නිවසක. පසු දින උදේ තරුණියගේ රාත්‍රී ගවුමේ තිබූ ලේ පැල්ලම දකින් තරුණයා ප්‍රීතියෙන් පිනා ගොස් ඇයව බදාගන්නවා... තරුණයාට සතුටුයි.. කට කතා බොරුවක්... ඒත් දෙවන දිනයේත් එය එසේම සිදු වෙනවා...

එම නිවස හිමි වැඩිහිටි හිතවතිය " සමහර ගෑනු ළමයින්ට එහෙම වෙනවා " කියමින් ඔවුන් සනසවනවා.

සියල්ල හොඳින්... තරුණිය කන්‍යාවක් වීම නිසා තරුණයාත් සතුටින්..

" එයා සතුටින් නේ.. බලාපොරොත්තු වෙන්නේ ඕකනේ කොල්ලො.. ඒ දේ දෙන්න අපි දැන ගන්න ඕනි.. ඒකට ක්‍රම තියෙනවා.. " ඒ ඇගේ වචන...

ඇය ඇත්තටම ඊට පෙර ලිංගිකව වෙන කෙනෙක් එක්ක හැසිරී තිබුනාද නැද්ද ඔප්පු නොවුනත් ඇගේ වදන් යමක් කියාපානවා යැයි සිතෙනවා... මටත් මේ කතාව හෙලි කල මිතුරාටත්..

සැකය හරි නම්... තරුණියක් විදියට ඇය ආදරය... විශ්වාසය...එකිනෙකා තේරුම් ගැනීම... ඒ සියල්ලටම උඩින් කන්‍යාවියක් වීම ට මුල් තැන දෙන සමාජයට වංචා සහගතව හරි ඕනි කරන උත්තරේ දීලා... ඇගේ අනාගතය වෙනුවෙන්... හඳපානේ ගිහිල්ලත් ලේ පැල්ලමක් නැති වීම නිසා මඟුල හබක් කර ගැනීමට වඩා එයට වංචාවක් කිරීම සුදුසු යැයි ඇයට හැඟෙන්න ඇති...

මේ ලිපියට මෙන්න මේ කරුණු ටිකත් මම යොදා ගන්නම්...

කාන්තාවන්ගේ කන්‍යා භාවය යලි සකසන්න ( hymen repair surgery ) සැත්කමක් තියෙනවා වගේම ඒ සඳහා පහසුකම් ලංකාවෙත් තියෙනවා යැයි කොහේදී හෝ මා කියෙව්වා මතකයි...

සිද්දිය පොඩි මෑන් ගේ වචන වලින් " ඉස්සරහ දොරෙන් ඇතුළු නොවී පස්සෙ දොරින් ඇතුල් වුනා නම් " හේමලය කියන විදියට " මල නොතල රොන් ගත්ත නම් " සෙකන්ඩ් නෙමෙයි කීවෙනි හෑන්ඩ් උනත් මොන දහ අට සන්නිය නටල ඇවිත් තිබුනත් බඳින එකාට ඒ කෙල්ල කන්‍යවියක්... කවුද රැවටෙන්නෙ ??

උත්පත්තියෙන් වූ පිහිටීමක් නිසා හෝ.. යම් යම් වෙනත් හේතු නිසා සමහර තරුණියන්ගේ පළමු එක් වීමේදී ඔය ආකරයෙන් ලේ පිටවීමක් නොවෙන බව මම අසා තියෙනවා. එතකොට ඒ තරුණිය කන්‍යාවියක් නෙමෙයිද ? දික් කසාඳ කල යුතුද... ??


පහු ගිය කාලේ අහන්න දකින්න ලැබුනු ආකරයේ සිද්දි... කුඩා කාලයේදී කාමතුරයෙක් අතින් දූශනය වූ තරුණියක් නම් ඇයට සිදුවන්නේ කුමක්ද ලේ පැල්ලම් බලාපොරොත්තු වන මේ සමාජයේ.. ??

එලකිරියේ මේ ගැන ඇති වූ කතා බහකදි 425 දෙනෙක් ගේ අදහස් එක්ක මම් මේ ලිපිය නවත්තන්නම්...


ඔබේ අනාගත බිරිඳ කන්‍යාවියක් විය යුතුද ? ( click on the image to zoom )

Untitled.png


මෙතනදි කන්‍යාවියක් යන්නෙන් අදහස් වුනේ පිරිමියෙක් සමඟ ලිංගිකව එක් නොවූ කෙනෙක් කියන එක... එතකොට පිරිමියෙක් ට නම් ඒකේ අනික් පැත්ත.. ගැහණියක් සමඟ ලිංගිකව එක් නොවූ කියන එක......

58 % ක් ඒ කියන්නේ තවමත් කන්‍යාවියක් බලාපොරොත්තු වෙනවා... ඒ අතරම 8% ක් මීට කලින් ගෑනු එක්ක බුදියෑව කියන එක පිළිගෙනත් තවමත් අනාගත බිරිඳ කන්‍යාවියක් විය යුතුය කියන මතයේ ඉන්නවා...

ප. ලි : ලිපියේ මගේ අදහස මේ ගැන නොකියවෙනවා නම්... මෙන්න...

"" ලේ පාර බලන්න ඕනිම නම් බැඳපු දා රෑට උල් පිහියක් අරන් ගිහින් ඇනපන් ගෑනිට... ""

සංවාදට විවෘතයි... ඈනෝනිමස් උනත් කමක් නෑ අදහස් දක්වන්න.... කුනුහරුප නැතුව.


source ::: http://palaamalla.blogspot.com/2011/11/blog-post_16.html


elakiri thread related to that : http://www.elakiri.com/forum/showthread.php?t=91859

im not a virgin but she must be -- menna mekata vote karapu un hoyala araka kapala danna one. wesige puthala walaththa wada serama karala anith kellange petti kadala hoyanawa pettiya kadichcha nathi kello badinna
 

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    කන්‍යා පටලය කියන්නේ ශරීරයේ අනෙක් කොටස් වගේම තුවාල වීම හා සුවවීමට හැකි පටලයක්...
    ලිංගික එක්වීමකදී මේක ඉරී ගිහින් දින කිහිපයකින් (යළි යළිත් එක්වීමක් නැත්නම්) සුව වෙන්න පුළුවන්...

    මෙහිදී මුලින් ඉරී ගිය කැළල සියුම් පරීක්ෂාවකදී දැක ගත හැකියි. නමුත් මෙවැනි පරීක්ෂා සිදු කරන්නේ සාමාන්‍යයෙන් අධිකරණ වෛද්‍ය කටයුතු වලදීයි...

    මේ නිසා සාමාන්‍ය පුද්ගලයන් "කන්‍යාභාවය" කියල කියන 'ලේ පිටවීම' කියන සිද්ධිය කන්‍යාභාවය ගැන නිවැරදිම මිම්මක් නෙවෙයි. උදා - එක් වරක් පමණක් ලිංගික එක්වීමක් සිදුවී කලකට පසු නැවත එක්වන විටද ලේ පිටවිය හැකියි (False Positive)

    Hymen reconstruction - මේ සැත්කමින් කරන්නේ ඉරීගිය කන්‍යා පටලය නැවත ආසන්න කර මැහුම් යෙදීමක්..

    මෙහි සමස්ථ පරමාර්ථය ඒ කාන්තාව සමඟ ලිංගික එක්වන පුද්ගලයා රැවටීමකට ලක් කිරීමයි (කන්‍යා පටලය යනු ශරීරයේ කිසිදු වැදගත් කාර්යයක් ඉටු නොකරන කොටසකි ).

    වෛද්‍යවරයෙක් හැටියට මගේ පෞද්ගලික මතය නම් මේ සැත්කම සදාචාර විරෝධී බවයි (ඇත්තටම හදිසි අනතුරකින් එවන් තුවාලයක් නොවුනේ නම්).

    අවාසනාවකට වගේ රජයේ රෝහල් වලත් මේක කෙරෙනවා. (එනම් ජනතාවගේ බදු මුදලින් මිනිසුන් මුලා කිරීම සඳහා උගුල් අටවනවා).
    :rolleyes:
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    අපේ රටේ කොල්ලෙක්ට ඕනෙම ජරා වැඩක් කල හැකි. මම කිව්වේ කෙල්ලෝ ඕනෙම ගානක් එක්ක එකට නිදා ගෙන හිටියට අව්ලක් නෑ. ඊත් කෙල්ලක් බැරි වෙලාවත් කොල්ලෙක්ගේ අතින් ඇල්ලුවොත් එකී වල්කෙල්ලෙක්. එකට නිදා ගත්තොත් පර ගැනියෙක්. කොල්ලන්ට ඕනෙම මගුලක් කරලා කිසම අව්ලක් නැතිව marry කරන්න පුළුවන්. මෙන්න මේවි මචන්ලා වෙනස් වෙන්න ඕනේ.
     

    Null User

    Member
    Nov 11, 2011
    597
    28
    0
    කන්‍යා පටලය කියන්නේ ශරීරයේ අනෙක් කොටස් වගේම තුවාල වීම හා සුවවීමට හැකි පටලයක්...
    ලිංගික එක්වීමකදී මේක ඉරී ගිහින් දින කිහිපයකින් (යළි යළිත් එක්වීමක් නැත්නම්) සුව වෙන්න පුළුවන්...

    මෙහිදී මුලින් ඉරී ගිය කැළල සියුම් පරීක්ෂාවකදී දැක ගත හැකියි. නමුත් මෙවැනි පරීක්ෂා සිදු කරන්නේ සාමාන්‍යයෙන් අධිකරණ වෛද්‍ය කටයුතු වලදීයි...

    මේ නිසා සාමාන්‍ය පුද්ගලයන් "කන්‍යාභාවය" කියල කියන 'ලේ පිටවීම' කියන සිද්ධිය කන්‍යාභාවය ගැන නිවැරදිම මිම්මක් නෙවෙයි. උදා - එක් වරක් පමණක් ලිංගික එක්වීමක් සිදුවී කලකට පසු නැවත එක්වන විටද ලේ පිටවිය හැකියි (False Positive)

    Hymen reconstruction - මේ සැත්කමින් කරන්නේ ඉරීගිය කන්‍යා පටලය නැවත ආසන්න කර මැහුම් යෙදීමක්..

    මෙහි සමස්ථ පරමාර්ථය ඒ කාන්තාව සමඟ ලිංගික එක්වන පුද්ගලයා රැවටීමකට ලක් කිරීමයි (කන්‍යා පටලය යනු ශරීරයේ කිසිදු වැදගත් කාර්යයක් ඉටු නොකරන කොටසකි ).

    වෛද්‍යවරයෙක් හැටියට මගේ පෞද්ගලික මතය නම් මේ සැත්කම සදාචාර විරෝධී බවයි (ඇත්තටම හදිසි අනතුරකින් එවන් තුවාලයක් නොවුනේ නම්).

    අවාසනාවකට වගේ රජයේ රෝහල් වලත් මේක කෙරෙනවා. (එනම් ජනතාවගේ බදු මුදලින් මිනිසුන් මුලා කිරීම සඳහා උගුල් අටවනවා).
    :rolleyes:
    :no: kellek bayai nam thamange anagataya chater wei kiyala oka nisa surgry eka karagena sathutin inna puluvannam mokadda eke waradda DOCO|? :eek:
    kollo athin vagema kello athinuth waradi wenava eva hadagena issarahata yanna hoda nadda?:nerd:
    අපේ රටේ කොල්ලෙක්ට ඕනෙම ජරා වැඩක් කල හැකි. මම කිව්වේ කෙල්ලෝ ඕනෙම ගානක් එක්ක එකට නිදා ගෙන හිටියට අව්ලක් නෑ. ඊත් කෙල්ලක් බැරි වෙලාවත් කොල්ලෙක්ගේ අතින් ඇල්ලුවොත් එකී වල්කෙල්ලෙක්. එකට නිදා ගත්තොත් පර ගැනියෙක්. කොල්ලන්ට ඕනෙම මගුලක් කරලා කිසම අව්ලක් නැතිව marry කරන්න පුළුවන්. මෙන්න මේවි මචන්ලා වෙනස් වෙන්න ඕනේ.
    anivarenma.. kellonta meeta wadiya nidahasak tiyenna oni..:yes:
     

    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර
    එයා දැන් කන්‍යාවියක්ද නැත්ද යන සීන් මට වැඩක් නෑ....
    කෙල්ල මට සිරාවටම ආදරෙයි නම්,මමත් එයාට සිරාවටම ආදරෙයි නම්, අපි දෙන්න අතරෙ ලොකු විශ්වාසයක් තියනව නම් එච්චරයි....

    අනික කන්‍යාභාවය නැති වෙලා යන්න ක්‍රම ගොඩක් තියනවා... එකට අනිවාර්යයෙන්ම පිරිමියෙක් සම්බන්ද විය යුතුම නැහනෙ.....
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    පුතා;11427733 said:
    එයා දැන් කන්‍යාවියක්ද නැත්ද යන සීන් මට වැඩක් නෑ....
    කෙල්ල මට සිරාවටම ආදරෙයි නම්,මමත් එයාට සිරාවටම ආදරෙයි නම්, අපි දෙන්න අතරෙ ලොකු විශ්වාසයක් තියනව නම් එච්චරයි....

    අනික කන්‍යාභාවය නැති වෙලා යන්න ක්‍රම ගොඩක් තියනවා... එකට අනිවාර්යයෙන්ම පිරිමියෙක් සම්බන්ද විය යුතුම නැහනෙ.....



    :yes::yes::yes::yes::yes:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    කසාදයක් කියන්නෙ විශ්වාසය මත පවතින දෙයක් විශ්වාසයක් නැත්නම් ලේ පයින්ට් ගනන් ගියත් වැඩක් නෑ:no:


    :frown::frown::frown::frown::frown:ඈත්ත මචන්,,,ආදරය ගන නම් මන් කලකිරිල බාන්
     

    Hummer

    Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    "" ලේ පාර බලන්න ඕනිම නම් බැඳපු දා රෑට උල් පිහියක් අරන් ගිහින් ඇනපන් ගෑනිට... ""

    :lol::lol::lol::lol:
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    Kellek Kollekge athin wath allala nathnam podi risk ekakuth thiyanawa marry kalata passe pita yanna..
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    Oya kastiya liyanakota "Adaree thamai wadagath" " Mata eka thiyanawanam anek dewal wadagath na" owa awankawama ehema treat karanne kalathurakin kenek. nathnam owa nikan liyana akuru witharai..ewa anek aya balaporoththu wenawa ape rate culture eka hadila thiyana widiha anuwa.