ලේ බැංකුව හිස් ලු!!!

djrox91

Well-known member
  • Sep 27, 2011
    686
    359
    63
    Matara
    ලේ බැංකුව හිස් ලු!!!

    ලේ බැංකුව හිස් ලු! ඇයි ඒ? දැන් යුද්දේ ඉවර නිසා, ගොඩක් මිනිස්සු ලේ දන් දෙන එක නවත්තලලු! 50% කට වඩා ලේ දන් දෙන අය අඩු වෙලා කියලා තමයි ලේ බැංකුවේ නිලධාරීන් කියන්නේ! විශේෂයෙන්ම අප්‍රේල් මාසේ ලේ ඇත්තෙම නැති තරමට, බැංකුව හිස් වෙනවලු! මින්ස්සු වෙසක් දවසට, වෙනත් පෝය දවස් වලට, නත්තලට එහෙම වැල නොකැඩි ගිහින් දන් දෙන්නේ! එතකොට ඒවා රහත් වෙනවද? නැහැ එත් වැල නොකැඩි ගිහින් ලේ දන් දුන්නට, ඒ දෙන ලේ තියාගන්න පුළුවන් දවස් 30 ක් වගේ කාලයක් විතරයි!


    ඒ වගේම අලුත උපන් දරුවන්ට, දෙන්නේ අලුත්ම ලේ විතරයි! ඉතින් හැම දවස් දාහතරකට සැරයක්, ලේ බැංකුවට ලැබෙන අලුත්ම ලේ ටික, කාසල් මාතෘ රෝහල, කොළබ මහා රෝහල, රිජ්වේ ළමා රෝහල වගේ ඒවාට දීලා, ඒවායේ ඉතුරු වෙලා තියෙනවනම්, දවස් 14 වැඩි ලේ නැවත ගෙන්න ගන්නවලු, වැඩිමල් රෝගීන් සදහා අවශ්‍ය වෙලාවට රෝහල් වලට සපයන්න!


    ගොඩක් වෙලාවට පෞද්ගලික රෝහල් වලට සපයන්නවත්, ලේ නැහැලු ලේ බැංකුවේ! ලේ දන් දෙන ඒකට මිනිස්සු බයද? මම හිතන්නේ බයට වඩා මිනිස්සුන්ට වෙලාවක් නැති කම! ඔබගේ වටිනා කාලයෙන් පැයක්, ලේ දන්දෙන්න කැප කලොත්, ඊලග පැයේ ඔබ නිසා, තවත් මනුස්සයෙක්ගේ ජිවිතයක් බේරෙන්න පුළුවන්!දන් දීමෙන් අඩුවෙන ලේ, පැය කිහිපයක් ඇතුලත,අපේ ශරීරය විසින් සමබර කරගන්නවා!


    තව දෙයක් තියෙනවා, ගැහැණු ළමයින්ට කිවුවොත් ලේ දන් දෙන්න කියලා අපෝ මහත් වෙනව නේ කියනවා! එහෙම මහත් වීමක් කොහොමටවත් වෙන්නේ නැහැ! එක අත්දැකීමෙන් කියන්නේ!


    අනිත් කාරණේ
    , ලේ දන් දීමේ කදවුරු වලට යනවට වඩා ඉක්මනින්, නාරාහේන්පිට ලේ බැංකුවට ගිහින්, ලේ දන් දෙන්න පුළුවන්! පැය බාගයකින් ඔක්කොම ඉවර කරලා, දුර ගමන් සහ බර වැඩ නැති දවසක්, ගත කරන්න පුළුවන් කමක් තියෙනවනම්, වෙලාවක් ලැබුන සැනින් ලේ ටිකක් දන් දෙන්න! වෙලාවට ලේ ටිකක් ලැබුනොත් 'මරණය' උනත් කල් දාගන්න පුළුවන්, මැරෙන්න ඉන්න මනුස්සයෙක්ට!




    අනික දැන් රුධිර පට්ටිකා (red cells) දන් දෙන්නත් පුළුවන්! හැබැයි එක නම් කරන්න ඉඩ දෙන්නේ, අඩුම තරමින් 12 පාරක් වත්, ලේ දන් දීලා තියෙන කෙනෙකුට විතරයි! හේතුව, එකට පැය 2 කට ආසන්න කාලයක් ගත වෙනවා සහ එක ටිකක් අමාරු ක්‍රියාවලියක් නිසා!


    අනික දැනට හිගම ලේ වර්ගේ තමයි A+ වර්ගය! මිනිස්සුන් ගෙන් වැඩි පිරිසක් A+ නිසා රෝහල් ගත වෙන්නන් වැඩි හරියක් A+! ඉතින් වැඩියෙන් උවමනා වෙන්නෙත් A+ ම තමයි! එක පුද්ගලයෙකුට අවුරුද්දකට ලේ දෙන්න පුළුවන් වාර හතරේදී, විරාමය, මාස 3 යි! ඉතින් ඒ මාස 3 ඇතුලතදී ලේ හිගයක්‌ ආවත්, දීපු අයට නැවත දෙන්න බැහැ...!!


    ඉතින් තියෙන එකම විසදුම
    , මට හිතෙන හැටියට, හැකි පමණින් නිරෝගී අය, ලේ දන් දෙන්න පෙළබිම විතරයි! ලේ දන් දෙන්න යද්දී, තවත් කෙනෙක්ව එක්කන් යන්න ලේ දන් දෙන්න! අඩුම තරමින්, තව එක මනුස්සයෙක් වත් පොළබවන්න, ලේ ටිකක් දන් දීලා මේ රටේ, කොහේ හරි දැනට ජිවත් වෙන, මරණාසන්න මනුස්සයෙක්ට ජිවිතයක් දෙන්න!


    නිරෝගී, වයස අවුරුදු 18 වැඩි, නියමිත බර ඇති කෙනෙකුට, අවුරුද්දකට, හතර පාරක් ලේ දෙන්න පුළුවන් එකේ, හදිස්සියකදී තව කෙනෙක්ගේ ජිවිතයක් බේරගන්න පුළුවන් වෙන්න නිරෝගී අය, ලේ දන් දෙන්න යොමු වෙන්න කියලා මම කාරුණික ඉල්ලීමක් කරනවා, සියලුම බ්ලොග් කියවන්නන් ගෙන්! ඉතින් පුළුවන් අය පුළුවන් ඉක්මනට, ලේ ටිකක් දන් දීලා, කගේ හරි ජිවිතයක් බේරගන්න උදවු කරන්න! සමහර විට ඔයා බේරාගන්නේ මගේ ජිවිතේ වෙන්නත් පුළුවන් දවසක!




    Source:-Click Here
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    maxxa post machan....mama 2times le deela theyanawa...

    tatoo theyana ayata le dan denna puluwanda.... danna kenek kiapanko machooo....le denna asai aith....
     

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    i have given about 11 times....once i have given to blood bank. and 4 times i have given to cancer hospital, m'gama, 2 time to Karagampitiya (front of dehiwal police station) & about 4 times to family & friends in need...!!

    i like to give blood....im A+.
     
    • Like
    Reactions: geethq

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මගේ බ්ලොග් එකෙත් ඔයපොස්ට් එක කොපිකරලා ගැහුවා. වැරදි දේකට නෙවේ ඒකෙන් ජීවිතයක් හි බේරෙයිනේ.:D
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    maxxa..........math denna inne 21 adu ayata denna ba neda??
    එහෙම කතාවක් නෑ. උඹ 16ට වැඩි නං, හොද සෞඛ්‍ය තත්වෙන් ඉන්නවා නං ලේ දෙන්න පුලුවං.
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ලේ දෙන්න ආසයි:) එක පාරක් අවුරුද්දකට විතර කලින් ගියත් එක්ක එත් මම කෙට්ටු නිසා මගින්ම හැරෙව්වා :baffled:
    මම ලේ දුන්නොත් ආපහු පයින්ට් 2ක් විතර මට දෙන්න වෙයි කිව්වා:dull:
    එතන හිටපු තරුන ලේඩි ඩොක්ටර් කෙනෙක්:love::P
    වටින ත්‍රෙඩ් එකක්
    +ජයවේවා
    11.gif
     
    • Like
    Reactions: djrox91

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    වටිනා පණිවුඩයක් :cool:
    මම තුන් පාරක් ලේ දන් දීල තියෙනවා එක පාරක් මහරගම පිළිකා රෝහලේදී පට්ටිකා පමණක් දන් දුන්න. ඒකත් වෙලාව ගත උනාට කිසිම අපහසුවක් දැනෙන දෙයක් නෙමෙයි. ඒ හින්ද බය නැතුව ඕනම කෙනෙක් රුධිරය හෝ රුධිර පට්ටිකා දන් දෙන්න.

    ගොඩක් අය හිතන්නෙ අම්මෝ රිදෙනව ඇති කියලනේ. ඇත්තටම මුලින්ම කටුව ඇතුල් කරද්දී විතරක් injection එකක් ගහනවා වගේ චුට්ටක් රිදෙනව එච්චරමයි. :)

    ආයෙ පාරක් යන්න ඕන. :D
    ස්තුති මතක් කරාට
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    Nice post machan.....!!! රෙප් දෙන්න බැලූ

    මචං මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. High blood pressure තියෙන කෙනෙකුට ලේ දන්දෙන්න හොඳ නැද්ද??
     

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    මම A+ ලේ ඇත්තෙක්. මමත් ලේ දිලා තියනවා කිහිප වතාවක්ම, එවෙලෙදි දැක්ක දෙයක් තමයි.
    අනිකුත් අයගෙන් ගන්නවට වඩා වැඩි ප්‍රමාණයක් මගෙන් ලේ ගන්නවා..

    දැන් දැනගත්තා එකට හේතුව.

    මුල් හිමිකරුටත් පළ කළ මිතුරටත් තැන්ක්ස්.....
     

    dcdweerawardhana

    Well-known member
  • Jan 9, 2008
    1,165
    278
    83
    Kelaniya
    ලේ දෙන්න ආසයි:) එක පාරක් අවුරුද්දකට විතර කලින් ගියත් එක්ක එත් මම කෙට්ටු නිසා මගින්ම හැරෙව්වා :baffled:
    මම ලේ දුන්නොත් ආපහු පයින්ට් 2ක් විතර මට දෙන්න වෙයි කිව්වා:dull:
    එතන හිටපු තරුන ලේඩි ඩොක්ටර් කෙනෙක්:love::P
    වටින ත්‍රෙඩ් එකක්
    +ජයවේවා
    11.gif
    Oya prasney matath thiyanava. Denna uvamanaava thibbath kettu nisaa denna bey.:sorry:
     
    • Like
    Reactions: djrox91

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    තුන් පාරයි දීලා තියෙන්නේ.. පළවෙනි පාර ආසාවට වගේ ගිහින් දුන්නා/ දෙවෙනි පාර පන්සලේ කෑම්ප් එකට ගිහින් දුන්නා/ තුන්වෙනි පාරට දුන්නෙ යාළුවෙක් ඇක්සිඩෙන්ට් වෙලා