ලේ බැංකුව හිස් ලු!!!
ලේ බැංකුව හිස් ලු! ඇයි ඒ? දැන් යුද්දේ ඉවර නිසා, ගොඩක් මිනිස්සු ලේ දන් දෙන එක නවත්තලලු! 50% කට වඩා ලේ දන් දෙන අය අඩු වෙලා කියලා තමයි ලේ බැංකුවේ නිලධාරීන් කියන්නේ! විශේෂයෙන්ම අප්‍රේල් මාසේ ලේ ඇත්තෙම නැති තරමට, බැංකුව හිස් වෙනවලු! මින්ස්සු වෙසක් දවසට, වෙනත් පෝය දවස් වලට, නත්තලට එහෙම වැල නොකැඩි ගිහින් දන් දෙන්නේ! එතකොට ඒවා රහත් වෙනවද? නැහැ එත් වැල නොකැඩි ගිහින් ලේ දන් දුන්නට, ඒ දෙන ලේ තියාගන්න පුළුවන් දවස් 30 ක් වගේ කාලයක් විතරයි!
ඒ වගේම අලුත උපන් දරුවන්ට, දෙන්නේ අලුත්ම ලේ විතරයි! ඉතින් හැම දවස් දාහතරකට සැරයක්, ලේ බැංකුවට ලැබෙන අලුත්ම ලේ ටික, කාසල් මාතෘ රෝහල, කොළබ මහා රෝහල, රිජ්වේ ළමා රෝහල වගේ ඒවාට දීලා, ඒවායේ ඉතුරු වෙලා තියෙනවනම්, දවස් 14 වැඩි ලේ නැවත ගෙන්න ගන්නවලු, වැඩිමල් රෝගීන් සදහා අවශ්‍ය වෙලාවට රෝහල් වලට සපයන්න!
ගොඩක් වෙලාවට පෞද්ගලික රෝහල් වලට සපයන්නවත්, ලේ නැහැලු ලේ බැංකුවේ! ලේ දන් දෙන ඒකට මිනිස්සු බයද? මම හිතන්නේ බයට වඩා මිනිස්සුන්ට වෙලාවක් නැති කම! ඔබගේ වටිනා කාලයෙන් පැයක්, ලේ දන්දෙන්න කැප කලොත්, ඊලග පැයේ ඔබ නිසා, තවත් මනුස්සයෙක්ගේ ජිවිතයක් බේරෙන්න පුළුවන්!දන් දීමෙන් අඩුවෙන ලේ, පැය කිහිපයක් ඇතුලත,අපේ ශරීරය විසින් සමබර කරගන්නවා!
තව දෙයක් තියෙනවා, ගැහැණු ළමයින්ට කිවුවොත් ලේ දන් දෙන්න කියලා… අපෝ මහත් වෙනව නේ කියනවා! එහෙම මහත් වීමක් කොහොමටවත් වෙන්නේ නැහැ! එක අත්දැකීමෙන් කියන්නේ!
අනිත් කාරණේ , ලේ දන් දීමේ කදවුරු වලට යනවට වඩා ඉක්මනින්, නාරාහේන්පිට ලේ බැංකුවට ගිහින්, ලේ දන් දෙන්න පුළුවන්! පැය බාගයකින් ඔක්කොම ඉවර කරලා, දුර ගමන් සහ බර වැඩ නැති දවසක්, ගත කරන්න පුළුවන් කමක් තියෙනවනම්, වෙලාවක් ලැබුන සැනින් ලේ ටිකක් දන් දෙන්න! වෙලාවට ලේ ටිකක් ලැබුනොත් 'මරණය' උනත් කල් දාගන්න පුළුවන්, මැරෙන්න ඉන්න මනුස්සයෙක්ට!
අනික දැන් රුධිර පට්ටිකා (red cells) දන් දෙන්නත් පුළුවන්! හැබැයි එක නම් කරන්න ඉඩ දෙන්නේ, අඩුම තරමින් 12 පාරක් වත්, ලේ දන් දීලා තියෙන කෙනෙකුට විතරයි! හේතුව, එකට පැය 2 කට ආසන්න කාලයක් ගත වෙනවා සහ එක ටිකක් අමාරු ක්‍රියාවලියක් නිසා!
අ… අනික දැනට හිගම ලේ වර්ගේ තමයි A+ වර්ගය! මිනිස්සුන් ගෙන් වැඩි පිරිසක් A+ නිසා රෝහල් ගත වෙන්නන් වැඩි හරියක් A+! ඉතින් වැඩියෙන් උවමනා වෙන්නෙත් A+ ම තමයි! එක පුද්ගලයෙකුට අවුරුද්දකට ලේ දෙන්න පුළුවන් වාර හතරේදී, විරාමය, මාස 3 යි! ඉතින් ඒ මාස 3 ඇතුලතදී ලේ හිගයක් ආවත්, දීපු අයට නැවත දෙන්න බැහැ...!!
ඉතින් තියෙන එකම විසදුම , මට හිතෙන හැටියට, හැකි පමණින් නිරෝගී අය, ලේ දන් දෙන්න පෙළබිම විතරයි! ලේ දන් දෙන්න යද්දී, තවත් කෙනෙක්ව එක්කන් යන්න ලේ දන් දෙන්න! අඩුම තරමින්, තව එක මනුස්සයෙක් වත් පොළබවන්න, ලේ ටිකක් දන් දීලා මේ රටේ, කොහේ හරි දැනට ජිවත් වෙන, මරණාසන්න මනුස්සයෙක්ට ජිවිතයක් දෙන්න!
නිරෝගී, වයස අවුරුදු 18 වැඩි, නියමිත බර ඇති කෙනෙකුට, අවුරුද්දකට, හතර පාරක් ලේ දෙන්න පුළුවන් එකේ, හදිස්සියකදී තව කෙනෙක්ගේ ජිවිතයක් බේරගන්න පුළුවන් වෙන්න නිරෝගී අය, ලේ දන් දෙන්න යොමු වෙන්න කියලා මම කාරුණික ඉල්ලීමක් කරනවා, සියලුම බ්ලොග් කියවන්නන් ගෙන්! ඉතින් පුළුවන් අය පුළුවන් ඉක්මනට, ලේ ටිකක් දන් දීලා, කගේ හරි ජිවිතයක් බේරගන්න උදවු කරන්න! සමහර විට ඔයා බේරාගන්නේ මගේ ජිවිතේ වෙන්නත් පුළුවන් දවසක!
ලේ බැංකුව හිස් ලු! ඇයි ඒ? දැන් යුද්දේ ඉවර නිසා, ගොඩක් මිනිස්සු ලේ දන් දෙන එක නවත්තලලු! 50% කට වඩා ලේ දන් දෙන අය අඩු වෙලා කියලා තමයි ලේ බැංකුවේ නිලධාරීන් කියන්නේ! විශේෂයෙන්ම අප්‍රේල් මාසේ ලේ ඇත්තෙම නැති තරමට, බැංකුව හිස් වෙනවලු! මින්ස්සු වෙසක් දවසට, වෙනත් පෝය දවස් වලට, නත්තලට එහෙම වැල නොකැඩි ගිහින් දන් දෙන්නේ! එතකොට ඒවා රහත් වෙනවද? නැහැ එත් වැල නොකැඩි ගිහින් ලේ දන් දුන්නට, ඒ දෙන ලේ තියාගන්න පුළුවන් දවස් 30 ක් වගේ කාලයක් විතරයි!
ඒ වගේම අලුත උපන් දරුවන්ට, දෙන්නේ අලුත්ම ලේ විතරයි! ඉතින් හැම දවස් දාහතරකට සැරයක්, ලේ බැංකුවට ලැබෙන අලුත්ම ලේ ටික, කාසල් මාතෘ රෝහල, කොළබ මහා රෝහල, රිජ්වේ ළමා රෝහල වගේ ඒවාට දීලා, ඒවායේ ඉතුරු වෙලා තියෙනවනම්, දවස් 14 වැඩි ලේ නැවත ගෙන්න ගන්නවලු, වැඩිමල් රෝගීන් සදහා අවශ්‍ය වෙලාවට රෝහල් වලට සපයන්න!
ගොඩක් වෙලාවට පෞද්ගලික රෝහල් වලට සපයන්නවත්, ලේ නැහැලු ලේ බැංකුවේ! ලේ දන් දෙන ඒකට මිනිස්සු බයද? මම හිතන්නේ බයට වඩා මිනිස්සුන්ට වෙලාවක් නැති කම! ඔබගේ වටිනා කාලයෙන් පැයක්, ලේ දන්දෙන්න කැප කලොත්, ඊලග පැයේ ඔබ නිසා, තවත් මනුස්සයෙක්ගේ ජිවිතයක් බේරෙන්න පුළුවන්!දන් දීමෙන් අඩුවෙන ලේ, පැය කිහිපයක් ඇතුලත,අපේ ශරීරය විසින් සමබර කරගන්නවා!තව දෙයක් තියෙනවා, ගැහැණු ළමයින්ට කිවුවොත් ලේ දන් දෙන්න කියලා… අපෝ මහත් වෙනව නේ කියනවා! එහෙම මහත් වීමක් කොහොමටවත් වෙන්නේ නැහැ! එක අත්දැකීමෙන් කියන්නේ!
අනිත් කාරණේ , ලේ දන් දීමේ කදවුරු වලට යනවට වඩා ඉක්මනින්, නාරාහේන්පිට ලේ බැංකුවට ගිහින්, ලේ දන් දෙන්න පුළුවන්! පැය බාගයකින් ඔක්කොම ඉවර කරලා, දුර ගමන් සහ බර වැඩ නැති දවසක්, ගත කරන්න පුළුවන් කමක් තියෙනවනම්, වෙලාවක් ලැබුන සැනින් ලේ ටිකක් දන් දෙන්න! වෙලාවට ලේ ටිකක් ලැබුනොත් 'මරණය' උනත් කල් දාගන්න පුළුවන්, මැරෙන්න ඉන්න මනුස්සයෙක්ට!
අනික දැන් රුධිර පට්ටිකා (red cells) දන් දෙන්නත් පුළුවන්! හැබැයි එක නම් කරන්න ඉඩ දෙන්නේ, අඩුම තරමින් 12 පාරක් වත්, ලේ දන් දීලා තියෙන කෙනෙකුට විතරයි! හේතුව, එකට පැය 2 කට ආසන්න කාලයක් ගත වෙනවා සහ එක ටිකක් අමාරු ක්‍රියාවලියක් නිසා!
අ… අනික දැනට හිගම ලේ වර්ගේ තමයි A+ වර්ගය! මිනිස්සුන් ගෙන් වැඩි පිරිසක් A+ නිසා රෝහල් ගත වෙන්නන් වැඩි හරියක් A+! ඉතින් වැඩියෙන් උවමනා වෙන්නෙත් A+ ම තමයි! එක පුද්ගලයෙකුට අවුරුද්දකට ලේ දෙන්න පුළුවන් වාර හතරේදී, විරාමය, මාස 3 යි! ඉතින් ඒ මාස 3 ඇතුලතදී ලේ හිගයක් ආවත්, දීපු අයට නැවත දෙන්න බැහැ...!!
ඉතින් තියෙන එකම විසදුම , මට හිතෙන හැටියට, හැකි පමණින් නිරෝගී අය, ලේ දන් දෙන්න පෙළබිම විතරයි! ලේ දන් දෙන්න යද්දී, තවත් කෙනෙක්ව එක්කන් යන්න ලේ දන් දෙන්න! අඩුම තරමින්, තව එක මනුස්සයෙක් වත් පොළබවන්න, ලේ ටිකක් දන් දීලා මේ රටේ, කොහේ හරි දැනට ජිවත් වෙන, මරණාසන්න මනුස්සයෙක්ට ජිවිතයක් දෙන්න!
නිරෝගී, වයස අවුරුදු 18 වැඩි, නියමිත බර ඇති කෙනෙකුට, අවුරුද්දකට, හතර පාරක් ලේ දෙන්න පුළුවන් එකේ, හදිස්සියකදී තව කෙනෙක්ගේ ජිවිතයක් බේරගන්න පුළුවන් වෙන්න නිරෝගී අය, ලේ දන් දෙන්න යොමු වෙන්න කියලා මම කාරුණික ඉල්ලීමක් කරනවා, සියලුම බ්ලොග් කියවන්නන් ගෙන්! ඉතින් පුළුවන් අය පුළුවන් ඉක්මනට, ලේ ටිකක් දන් දීලා, කගේ හරි ජිවිතයක් බේරගන්න උදවු කරන්න! සමහර විට ඔයා බේරාගන්නේ මගේ ජිවිතේ වෙන්නත් පුළුවන් දවසක!
Source:-Click Here

එක පාරක් අවුරුද්දකට විතර කලින් ගියත් එක්ක එත් මම කෙට්ටු නිසා මගින්ම හැරෙව්වා 