ලේ බොන මිනිස්සු
මෙරට බොහෝ නගරවල පිහිටුවා ඇති පෞද්ගලික වෛද්‍ය රසායනාගාර සේවාවන්වලට නිසි ප්‍රතිපත්තියක් සකස් නොකිරීමෙන් ඒවායින් ජනතාව සූරාගෙන කෑම සිදු වන නිසා වහාම මේ සදහා වැඩපිළිවෙළක් සකස් කළයුතු බව රජයේ වෛද්‍ය පර්යේෂණාගාර තාක්ෂණ විද්‍යාඥ සංගමය සදහන් කරයි.
රුපියල් පහක් හයක් වියදම් වන පරීක්ෂණ සදහා රුපියල් තුන්සියයක් පන්සියයක් අතර මුදලකුත්, රුපියල් 30-40ක් වියදම් වන පරීක්ෂණ සදහා රුපියල් 900-1200 දක්වා එම ආයතන වලින් මුදල් අය කිරීම සිදු කරන බවද එම සංගමයේ සභාපති ජානක නිෂාන්ත මහතා පවසයි.
රුධිරයේ සීනි ප්‍රමාණය පරීක්ෂා කිරීම සදහා වියදම් වන්නේ රුපියල් 3-5 මුදලක් වුවත්, එම පරීක්ෂණ කටයුතු සදහා රුපියල් 300-350 අතර මුදලක් අයකරන බවත් කොලෙස්ටරෝල් පරීක්ෂන කටයුතු සදහා වියදම් වන්නේ රුපියල් 9.00-12.50 අතර මුදලක් වුවත්, එම පරීක්ෂණ කටයුතු සදහා රුපියල් 900-1200 අතර මුදලක් අයකරන බවද ජානක නිෂාන්ත මහතා සදහන් කළේය.
එසේම බොහෝ වෛද්‍ය රසායනාගාරවල සේවය කරනු ලබන්නේ නිසි සුදුසුකම් සහිත පුද්ගලයන් නොවන බවට හෙළි වී තිබෙන නිසා සිදු කරන පරීක්ෂණ වල ගුණාත්මක තත්ත්වය පිළිබදවද ගැටලූ ඇති වෙමින් තිබෙන බවද හෙතෙම වැඩි දුරටත් පැවසීය.

තාම අපේ රටේ හංල් ටික දවසෙ ගානට ගෙනියන මිනිස්සු ඉන්නව කියන එකත් අමතක කරන්න හොද නෑ 