ලේ_බැංකුව_හිස්_ලු!

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ලේ_බැංකුව_හිස්_ලු!

    ලේ බැංකුව හිස් ලු!


    blood-bag2.jpg


    ඇයි ඒ? දැන් යුද්දේ ඉවර නිසා, ගොඩක්මිනිස්සු ලේ දන් දෙන එක නවත්තලලු! 50% කට වඩා ලේ දන් දෙන අය අඩු වෙලා කියලා තමයි ලේ බැංකුවේ නිලධාරීන් කියන්නේ! විශේෂයෙන්ම අප්‍රේල් මාසේ ලේ ඇත්තෙම නැතිතරමට, බැංකුව හිස් වෙනවලු! මිනිස්සු වෙසක් දවසට, වෙනත් පෝය දවස් වලට, නත්තලට එහෙම වැල නොකැඩි ගිහින් දන් දෙන්නේ! එතකොට ඒවා රහත් වෙනවද? නැහැ, එත්වැල නොකැඩි ගිහින් ලේ දන් දුන්නට, ඒ දෙන ලේ තියාගන්න පුළුවන් දවස් 30 ක් වගේ කාලයක් විතරයි!

    blood_donation.jpg


    ඒ වගේම අලුත උපන් දරුවන්ට, දෙන්නේ අලුත්ම ලේ විතරයි! ඉතින් හැම දවස් දාහතරකට සැරයක්, ලේ බැංකුවට ලැබෙන අලුත්ම ලේ ටික, කාසල් මාතෘ රෝහල, කොළබ මහා රෝහල, රිජ්වේ ළමාරෝහල වගේ ඒවාට දීලා, ඒවායේ ඉතුරු වෙලා තියෙනවනම්, දවස් 14 වැඩි ලේ නැවත ගෙන්න ගන්නවලු, වැඩිමල් රෝගීන් සදහා අවශ්‍ය වෙලාවට රෝහල් වලට සපයන්න!

    mission-i.gif


    ගොඩක් වෙලාවට පෞද්ගලික රෝහල් වලට සපයන්නවත්, ලේ නැහැලුලේ බැංකුවේ! ලේ දන් දෙන ඒකට මිනිස්සු බයද? මම හිතන්නේ බයට වඩා මිනිස්සුන්ට වෙලාවක් නැති කම! ඔබගේ වටිනා කාලයෙන් පැයක්, ලේ දන්දෙන්න කැප කලොත්, ඊලග පැයේ ඔබ නිසා, තවත් මනුස්සයෙක්ගේ ජිවිතයක් බේරෙන්න පුළුවන්! දන් දීමෙන් අඩුවෙන ලේ, පැය කිහිපයක් ඇතුලත, අපේ ශරීරය විසින් සමබර කරගන්නවා!

    010310_blood.jpg


    තව දෙයක් තියෙනවා, ගැහැණු ළමයින්ට කිවුවොත් ලේ දන් දෙන්න කියලා… අපෝ මහත් වෙනවනේ කියනවා! එහෙම මහත් වීමක් කොහොමටවත් වෙන්නේ නැහැ!

    blood-bank.jpg


    අනිත් කාරණේ, ලේ දන් දීමේ කදවුරු වලට යනවට වඩා ඉක්මනින්, නාරාහේන්පිට ලේ බැංකුවට ගිහින්, ලේ දන් දෙන්න පුළුවන්! පැය බාගයකින් ඔක්කොම ඉවර කරලා, දුර ගමන් සහ බර වැඩ නැති දවසක්, ගත කරන්න පුළුවන් කමක් තියෙනවනම්, වෙලාවක් ලැබුන සැනින් ලේ ටිකක් දන් දෙන්න! වෙලාවට ලේ ටිකක් ලැබුනොත් 'මරණය' උනත් කල් දාගන්න පුළුවන්, මැරෙන්න ඉන්නමනුස්සයෙක්ට!

    M5320893-Blood_donation-SPL.jpg


    අනික දැන් රුධිරපට්ටිකා (Red Cells) දන් දෙන්නත් පුළුවන්! හැබැයි එක නම් කරන්න ඉඩ දෙන්නේ, අඩුමතරමින් 12 පාරක් වත්, ලේ දන් දීලා තියෙන කෙනෙකුට විතරයි! හේතුව, එකටපැය 2 කටආසන්න කාලයක් ගත වෙනවා සහ එක ටිකක් අමාරු ක්‍රියාවලියක් නිසා!

    blood-donation.jpg


    අ… අනික දැනට හිගම ලේ වර්ගේ තමයි A+ වර්ගය! මිනිස්සුන්ගෙන් වැඩි පිරිසක් A+ නිසා රෝහල් ගත වෙන්නන් වැඩි හරියක් A+! ඉතින් වැඩියෙන් උවමනා වෙන්නෙත් A+ ම තමයි! එක පුද්ගලයෙකුට අවුරුද්දකටලේ දෙන්න පුළුවන් වාර හතරේදී, විරාමය, මාස 3 යි! ඉතින් ඒ මාස 3 ඇතුලතදී ලේ හිගයක්‌ ආවත්, දීපු අයට නැවත දෙන්න බැහැ...!!

    blood_donation_jcdv_live.jpg


    ඉතින් තියෙන එකම විසදුම, මට හිතෙන හැටියට, හැකි පමණින් නිරෝගී අය, ලේ දන් දෙන්න පෙළබිම විතරයි! ලේ දන් දෙන්න යද්දී, තවත්කෙනෙක්ව එක්කන් යන්න ලේ දන් දෙන්න! අඩුම තරමින්, තව එක මනුස්සයෙක් වත් පොළබවන්න, ලේ ටිකක් දන් දීලා මේ රටේ, කොහේ හරි දැනට ජිවත් වෙන, මරණාසන්න මනුස්සයෙක්ට ජිවිතයක් දෙන්න!

    50493_69399841177_5426695_n.jpg


    නිරෝගී, වයස අවුරුදු 18 වැඩි, නියමිත බර ඇතිකෙනෙකුට, අවුරුද්දකට, හතර පාරක් ලේ දෙන්න පුළුවන්එකේ, හදිස්සියකදීතව කෙනෙක්ගේ ජිවිතයක් බේරගන්න පුළුවන් වෙන්න නිරෝගී අය, ලේ දන්දෙන්න යොමු වෙන්න කියලා මම කාරුණික ඉල්ලීමක් කරනවා, සියලුම දෙනාගෙන්, ඉතින් පුළුවන් අය පුළුවන් ඉක්මනට, ලේ ටිකක් දන් දීලා, කගේ හරි ජිවිතයක් බේරගන්න උදවුකරන්න! සමහර විට ඔයා බේරාගන්නේ මගේ ජිවිතේ වෙන්නත් පුළුවන් දවසක!

    blood.jpg


    blood.jpg


    මෙන්න තියෙනවා ශ්‍රී ලංකාවේ ලේ බැංකුවේ වෙබ් සයිට් එක,


    http://www.bloodbanksrilanka.com/
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    ඉතා හොඳ පෝස්ට් එකක්... කාලීන මාතෘකාවක් :)
     

    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    Good post bro..rep ++

    But matath kiyanna podi deyak thiyenawa..Mamath 3 times blood donate karala thiyenawa.But eka parak ape campus ekata blood bank eken ewilla blood gaththa.but eka paratama magadi eyala blood ganna eka neweththuwa eyalata ewa daanna thawa ida ne kiyala.Godaak ayata blood denna beri una..Mama kiyanne blood bank eke ayath meeta wada hondata plan karala Blood ganna enna one...
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    Good post bro..rep ++

    But matath kiyanna podi deyak thiyenawa..Mamath 3 times blood donate karala thiyenawa.But eka parak ape campus ekata blood bank eken ewilla blood gaththa.but eka paratama magadi eyala blood ganna eka neweththuwa eyalata ewa daanna thawa ida ne kiyala.Godaak ayata blood denna beri una..Mama kiyanne blood bank eke ayath meeta wada hondata plan karala Blood ganna enna one...

    නැහැ මචන් අපි වැල නොකැඩී ගිහින් ලේ දන් දුන්නට, ඒ වේලාවේ ලේ ගබඩාකරගන්න පහසුකම් මදිවෙන්න ඇති එයාලට, ඒ දෙන ලේ තියාගන්න පුළුවන් දවස් 30 ක් වගේ කාලයක් විතරයිලු. එක වෙන්න ඇති කෙස් එක,
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මචෝ පොස්ට් එක නම් එල. එත් උස්සපු ලින්ක් එකත් එක්ක දැම්මොත් නේද හොඳ.
    http://maayaa-araliya.blogspot.com/2011/12/blog-post_23.html

    මම ඔය බ්ලොග් කියවන්නේ නැහැ බන්, මම ඔවට යන්නෙත් නැහැ, ඔක මට අවේ ඊ මේල් එකකින්, හොද නිසයි දැම්මේ