ලොකයේ හොදම විරහ ගීය

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ලොකයේ හොදම විරහ ගීය

    අපි ආයෙත් හමු නොවුනා නම්
    ඉස්‌සර දවසක මියගිය සෙනෙහස
    යළි ඉපදී මා හද හඬවන්නට
    අපි ආයෙත් හමු නොවුණා නම්

    ඔබ නොහඳුනනා විරහ වේදනා
    පෙරදා වින්දේ මා පමණයි
    හුඟ කලකින් හමුවී සෝ ළතැවුල්
    අදත් විඳින්නේ මා පමණයි

    සමුගන්නට නම් අහිමි ආදරෙන්
    මේ ලෙස ඇයි අප හමුවන්නේ
    ආදරයේ කඳුළින් මියයන්නට
    ජීවිත ඉරණම විසඳෙන්නේ

    පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
    තනුව/සංගීතය - වික්‌ටර් රත්නායක
    ගායනය - සෝමතිලක ජයමහ


    වළ දැමූ අතීතයක්‌.... යළි ගොඩ දමන්න කැමැති කවුද... අතීතයේදී අප මුහුණදුන් ඇතැම් අමිහිරි සිද්ධීන්... යළි යළිත් මතක්‌ වෙද්දී... හදවත හඬා වැළපෙනවා.... ඒ නිසාමයි ඒවා වළ දමන්නේ... ඒත්.... ඒ යටගිය අතීතය අපි ඉදිරියේ යළිත් දකින්න ලැබුණොත්...

    අපි ආයෙත් හමු නොවුණා නම්
    ඉස්‌සර දවසක මියගිය සෙනෙහස
    යළි ඉපදී මා හද හඬවන්නට
    අපි ආයෙත් හමු නොවුණා නම්

    ඇය ඔහුගෙන් වෙන්වෙලා අවුරුදු ගණනාවක්‌ ගතවෙලා... ඒ සුන්දර අතීතය යළි යළිත් සිහිවීම මානසික වධයක්‌... ඒ නිසාම මේ පෙම්වතා ඇයවත්.... ඇය හා ගත කළ අතීතයත් වළදමා අවසන්.... ඒත්.... ඒත්... හදිසියේම ඔහුට ඇය හමුවෙනවා. දෙයියනේ.... ඇයි අපි ආයෙත් හමුවුණේ... අතීතයේ අප දෙදෙනා අතර බැඳි ප්‍රේමය දැන් මියගිහින්... ඔබ මා හමුවට මේ විදිහට ආවාම.... ඒ මියෑදුන ප්‍රේමය යළි ඉපිද මගේ හදවත හඬවනවා.... අපි ආයෙත් හමු නොවී ඉන්නයි තිබුණේ....

    මේ ගීතය ලියුවේ ආචාර්ය අජන්තා රණසිංහයන්...

    මේක මම සෝමතිලක ජයමහට ලියපු එකම ගීතය... විරහව, පෙම් විරහව.... සුලබ මාතෘකාවක්‌ නේ... ඒත් මට ඕනෑ වුණා වෙනස්‌ මගක්‌ ගත් විරහ ගීයක්‌ ලියන්න... ඒ අනුව තමයි මේ ගීතය ලියෑවුණේ...

    ඔබ නොහඳුනනා විරහ වේදනා
    පෙරදා වින්දේ මා පමණයි
    හුඟකලකින් හමුවී සෝ ලතැවුල්
    අදත් විඳින්නේ මා පමණයි...

    මාව අතැර දැමුවේ ඔබයි. ඒ නිසා මා පමණයි විරහා වේදනාව වින්දේ.... ඔබ විරහව හඳුනන්නේවත් නැහැ.... දැන් කාලෙකට පස්‌සේ යළි ඔබ මා හමුවට ඇවිත්.... එදා වගේම අදත් ඒ විරහව අලුත් වෙලා... ශෝක වේදනා අද විඳින්නෙත් මා පමණයි....

    යළිත් අපි ගී පද රචකයා වෙත හැරෙමු. "මේ ගීතයේ තනුව නිර්මාණය කළේ වික්‌ටර් රත්නායක.... මේ අත්දැකීම මගේම අත්දැකීමක්‌ නොවේ. මේක පොදු අත්දැකීමක්‌... හැත්තෑව දශකය අවසන් භාගයේදී තමයි මේ ගීය ලියෑවුණේ....

    සමුගන්නට නම් අහිමි ආදරෙන්
    මේ ලෙස ඇයි අප හමුවන්නේ
    ආදරයේ කඳුළින් මියයන්නට
    ජීවිත ඉරණම විසඳෙන්නේ


    දෛවය ඇයි මේ විදිහට මට සරදම් කරන්නේ... ඔබේ ආදරය මට හිමි නැහැ... අපි සමුගන්නවා නම් ඇයි මෙහෙම නැවත නැවතත් හමුවන්නේ....

    මම අවුරුදු ගණනාවක්‌ම ඔබේ රුව මගෙ මතකයෙන් මකා දමා සිටියා.... දැන් යළි ඔබට දකින්න ලැබුණා...

    මගේ ජීවිතයෙ ඉරණම ආදර වේදනාවෙන් සිදුවන මරණයක්‌ද?.....

    ආචාර්ය අජන්තා රණසිංහයන් අතින් ලියෑවුණු ගීත ගොන්න අතරින් ඉතාමත් හැඟුම්බර ගීයක්‌ ලෙස මේ ගීතය සලකන්න පුළුවන්..... පොදු අත්දැකීමක්‌ විරහ වේදනාවක්‌ නැත්නම් සමහර විට ඒ ජීවිතය අසම්පූර්ණයි කියලත් හිතෙනවා. කෙසේ වෙතත් සෝමතිලක ජයමහ ප්‍රවීණ ශිල්පියාගේ හඬ තුළ විරහව විඳින අහිංසක පෙම්වතකුගේ හඬට සමාන කමකුත් තියෙනවා.... වික්‌ටර් රත්නායකයන් අර්ථයට මෙන්ම හඬට ද ගැලපෙන ආකාරයේ තනුවකින්, සංගීත නිර්මාණයකින් ගීතයට දායක වී සිටිනවා.
     
    • Like
    Reactions: champi159

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේ සින්දුවෙ ඩවුන්ලෝඩ් ලින්ක් එකක් තියෙනවාද?
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    සමුගන්නට නම් අහිමි ආදරෙන්
    මේ ලෙස ඇයි අප හමුවන්නේ
    ආදරයේ කඳුළින් මියයන්නට
    ජීවිත ඉරණම විසඳෙන්නේ