ලොක්ක ගෙ වැඩ කිඩ ...

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ලොක්ක ගෙ වැඩ කිඩ ...

    NXPQ00y.jpg

    වෛද්‍ය සභාව ආනන්ද සමරසේකර වැරදිකරු කරයි
    (රංජන් කස්තුරි)

    රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ගේ අස්ථි කොටස් අස්ථානගතවීම සම්බන්ධයෙන් කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා වරදකරුවකු වන බවට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තීන්දු කර ඇත.

    ඒ අනුව ඔහුගේ වෛද්‍ය බලපත්‍රය මාස 6කට තහනම් කිරීමට ද ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තීන්දු කර තිබේ.

    වෛද්‍ය සභාව සිදුකළ දීර්ඝ විභාගයකින් පසුව මෙම තීන්දුවට එළැඹී තිබේ.
    1471634684d3.jpg

    The Sri Lanka Medical Council today (26) gave a written undertaking to Colombo magistrate’s court no. 03 that disciplinary action would be taken with regard to the report submitted by Prof. Ananda Samarasekara, Dr. Rajaguru and another doctor who performed the first postmortem examination into the body of Wasim Thajudeen. With that promise, the SLMC submitted a new postmortem examination report to the court.
    It has accepted that Prof. Samarasekara and the other two doctors were responsible for the disappearance of the leg bones of Thajudeen. Based on Samarasekara’s report, magistrate Nishantha Peiris had ruled that Thajudeen had died in a vehicle accident.

    The Attorney General’s Department is of the view that legal action could be initiated against the three on charges of criminal negligence, concealing evidence and conspiracy. Therefore, Prof. Samarasekara and the two others are risking arrest.

    Commenting on this, a legal expert told us that the Thajudeen case could be the best criminal case in recent history.

    http://www.lankanewsweb.net/ar/news...inary-action-against-prof-ananda-samarasekara

    ඔවු ඔවු මිනිහත් රජයේ විශ්ව විද්‍යාලයක තමා

    දැන් ඉන්නේ siatm එකේ නේ

    අනික ඉතින් ඇටකටු යවලා තියෙන්නේ ලක්ෂ 120 දීපු උන්ට උගන්නන නේ

    මෙහෙම යනකොට ඉස්පිරිතාලෙ මැරෙන කට්ටිය ගෙ කොටස් වුණත් යවන්න බැරි නෑ :no:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මෙව්වා දැම්මට වැඩක් නෑ බං රෙද්ද. කැම්පස් එකේ කොල්ලෝ එකෙක් දෙන්නෙක් මැරෙනකන් තමයි එක්ස් කෝ එකේ උන් බලන් ඉන්නේ හාල්පාරුවෝ වගේ. ඕනේ නැති රෙද්දවල් වලට මහින්දයට ගොට්ට අල්ලන්න ETCA එකටයි ඉන්දියන් ඇම්බියුලන්ස් වලටයි, ඉස්කෝල කේස් වලටයි හැම රෙද්දටම ස්ට්‍රයික් කොරලා කෑ ගහලා දැන් මේකට කිසි ඇක්ශන් එකක් ගන්නේ නෑ සොලිඩ්. හැමදාම ටෝකන් කර කර නම් ඉන්නවා. මෙදාපාර සැලරි එකෙනුත් 2000 ක් කපනවනේ ඔය නීති වැඩ වලට කියලා. මොන ලබ්බක්ද බං කරන්නේ මුන්? මට නම් දැන් ගොමා වල මෙම්බෙක් කියන්නත් හතර විලි ලැජ්ජයි. ඊට හොඳයි මෙඩිකල් ස්‍ටුඩන්ට් ලයිෆ් එක.
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    තජුඩීන්ගේ ඇට සඟවා ඝාතනය ගැන බොරු මරණ සහතික දුන් ‘විශේෂඥ‘ වෛද්‍ය ආනන්ද සමරසේකර සුළු දඬුවමකින් ලිස්සා යවා කාලෝ ගෙදර යයි

    ආනන්ද සමරසේකර ගේ වෛද්‍ය බලපත්‍රය සදහටම නොහැකි නම් අවම වශයෙන් වසර 5 කට හෝ අවලංගු කළ යුතු නමුත් මේ වන විට යහපාලන විරෝධී වී සිටින වෛද්‍ය සභාව සමරසේකරගේ වැරදි ඉතාමත් සුළු කොට සලකා තිබීමෙන් වෛද්‍ය සභාවේ කැරැට්ටුව ජනතාවට සිතා ගත හැකි වනු ඇත. ලංකාවේ සිටින වෘත්තිකයන් යැයි කියා ගන්නා අය වගවීමෙන් සහ සදාචාරයෙන් කෙතරම් පහත්දැයි මෙයින් අපූරුවට හෙළි වී තිබේ

    http://www.lankaenews.com/news/5986/si
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    තජුඩීන්ගේ ඇට සඟවා ඝාතනය ගැන බොරු මරණ සහතික දුන් ‘විශේෂඥ‘ වෛද්‍ය ආනන්ද සමරසේකර සුළු දඬුවමකින් ලිස්සා යවා කාලෝ ගෙදර යයි

    ආනන්ද සමරසේකර ගේ වෛද්‍ය බලපත්‍රය සදහටම නොහැකි නම් අවම වශයෙන් වසර 5 කට හෝ අවලංගු කළ යුතු නමුත් මේ වන විට යහපාලන විරෝධී වී සිටින වෛද්‍ය සභාව සමරසේකරගේ වැරදි ඉතාමත් සුළු කොට සලකා තිබීමෙන් වෛද්‍ය සභාවේ කැරැට්ටුව ජනතාවට සිතා ගත හැකි වනු ඇත. ලංකාවේ සිටින වෘත්තිකයන් යැයි කියා ගන්නා අය වගවීමෙන් සහ සදාචාරයෙන් කෙතරම් පහත්දැයි මෙයින් අපූරුවට හෙළි වී තිබේ

    http://www.lankaenews.com/news/5986/si

    :oo::baffled::oo:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,557
    28,441
    113
    තජුඩීන්ගේ ඇට සඟවා ඝාතනය ගැන බොරු මරණ සහතික දුන් ‘විශේෂඥ‘ වෛද්‍ය ආනන්ද සමරසේකර සුළු දඬුවමකින් ලිස්සා යවා කාලෝ ගෙදර යයි

    රාජපක්ෂලාගේ වනචර දශකයේ දී ඝාතනය කර හදිසි අනතුරක් ලෙස යට ගසා දැමූ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ගේ ප්‍රථම පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර ව්‍යාජ වාර්තා දුන් හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි විශේෂඥ ආනන්ද සමරසේකර ගේ වෛද්‍ය බලපත්‍රය මාස 6 කට තහනම් කිරීමට වෛද්‍ය සභාව විසින් අද තීන්දු කර තිබේ.

    වෛද්‍ය සභාව ආනන්ද සමරසේකරට එරෙහිව මෙම තීන්දුව ගන්නා ලද්දේ අධිකරණය විසින් දුන් නියෝගයක් අනුව මිස ස්වයං පෙළඹවීමක් මත නොවන අතර අධිකරණ නියෝගය ක්‍රියාත්මක කිරීමට 2016 වසරේ මුල් භාගයේ සිට අද දක්වා දීර්ඝ කල් මැරීමක්ද සිදු කෙළේය. අවසානයේ දී වෛද්‍ය සභාවේ සභාපති කාලෝ ෆොන්සේකා ගේ නිල කාලය අවසන් වන අවසාන දිනයේ දී දුර්වල තීන්දුවක් ප්‍රකාශ කරන ලදී.

    බැලූ බැල්මට වුවද සැක සහිත මරණයක් වූ වසීම් තජුඩීන්ගේ මරණය හදිසි අනතුරකින් මිය ගිය අයෙකු ලෙස මුලින්ම පෙන්වා සිටියේ එදා ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිව කටයුතු කළ විශේෂඥ වෛද්‍ය ආනන්ද සමරසේකර විසිනි. එහිදී ආනන්ද සමරසේකර තජුඩීන් ඝාතනය වසන් කළා මදිවාට එය ඝාතනයක් බවට තිබෙන ප්‍රධානතම සාක්කියක් වූ ඝාතනයට පෙර ම්ලේච්ඡ ලෙස පහර දී කඩා දමන ඔහුගේ කකුලේ කලවේ අස්ථිය පවා මෘත දේහයෙන් ලබා ගැනීමෙන් පසු තම භාරයේ දී අතුරුදහන් කර දැමුවේය. මේ බව හෙලිවූයේ යහපාලන ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු වසීම් තජුඩීන්ගේ සිරුර යළි ගොඩ ගෙන කරන ලද දෙවන මරණ පරීක්ෂණයේ දීය. ආනන්ද සමරසේකර තමාගේ පළමු ව්‍යාජ මරණ පරීක්ෂණ වාර්තාව ලබා දීමට ද වසර දෙක හමාරක් තරම් විශාල කාලයක් ලබා ගත් අතර ඒ සඳහා ද අධිකරණයට හතර වතාවක්ම නොතීසි නිකුත් කිරීමට ද සිදුවිය.

    මෙකී ආනන්ද සමරසේකර වනාහී තජුඩීන් ඝාතනයේ දී පමණක් නොව අලුත්ගම සිදුකරන ලද ඝාතන වලදී ද දී තිබුනේ රාජපක්ෂ රෙජීමයට අවශ්‍ය තීන්දුය. අලුත්ගම ඝාතන තියුණු ආයුධ වලින් කළ කැපුම් තුවාල නිසා සිදුවූ මරණ බවට ඔහු තීන්දු කළද පසුව කරන ලද පරීක්ෂණ වලදී හෙලි වූයේ ඒවා ටී 56 උණ්ඩ වලින් කරන ලද වෙඩි තැබීම් වලින් සිදුකළ මරණ බවයි. එදා අවි ආයුධ තිබුනේ ගෝඨාභය විසින් යැවූ ආරක්ෂක හමුදා අතය. ඒවා ගැන දැන් පරීක්ෂණ සිදු වන්නේ ද නැත.

    කෙසේ වෙතත් තජුඩීන් මරණ පරීක්ෂණයේ දී වෛද්‍ය වෘත්තියට නිගා දෙන තරම් තිරිසන් ක්‍රියාවක් කළ ආනන්ද සමරසේකර සම්බන්ධයෙන් පරීක්ෂණ කර තමන්ට කරුණු වාර්තා කරන්නැයි කොළඹ මහේස්ත්‍රාත් වරයා නියෝග කරන්නේ ඊට සුදුසුම ආයතනය වන වෛද්‍ය සභාවට ය. ඒ 2016 වසරේ මුල් කාර්තුවේ ය. දිනෙන් දින මෙම වාර්තාව ලබා දීම මග හරිද්දී අධිකරණය විසින් කිහිප වතාවක්ම දින නියම කරමින් වාර්තාව ලබා දෙන ලෙස වෛද්‍ය සභාවට නියෝග කළද සභාව කල් මැරුවේය. අවසානයේ දී තීන්දුව ලබා දුන්නේ අද ය.

    මෙතරම් වැරදි සිදුකර ඇති ආනන්ද සමරසේකර වරදකරුවකු යැයි වෛද්‍ය සභාව තීන්දු කරන්නේ තජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් සිතා මතා ව්‍යාජ තීන්දු දීම ගැන හෝ අලුත්ගම මරණ සම්බන්ධයෙන් සිතා මතා ව්‍යාජ තීන්දු දීම ගැන නොව ඔහුගේ භාරයේ තිබියදී තජුඩීන්ගේ සිරුරේ අස්ථි කොටස් අස්ථානගත කිරීම සම්බන්ධයෙන් පමණි. ඒ අනුව ඔහුගේ වෛද්‍ය බලපත්‍රය මාස 6 කට පමණක් තහනම් කිරීමට වෛද්‍ය සභාව තීන්දු කර ඇත. වෛද්‍ය සභාවේ වත්මන් සභාපති කාලෝ ෆොන්සේකාගේ නිල කාලය නිමාවන අවසන් දිනයේ දී මෙවැනි ලිහිල් තීන්දුවක් දුන්නේ හෙට එන නව සභාපතිවරයා විසින් දැඩි තීන්දුවක් ලබා දෙනු ඇතැයි යන සැකය නිසා ය.

    විශේෂඥ වෛද්‍ය වෘත්තියේ වගකීම් මෙතරම් ගණිකා වෘත්තියේ යෙදැවූ ආනන්ද සමරසේකර ගේ වෛද්‍ය බලපත්‍රය සදහටම නොහැකි නම් අවම වශයෙන් වසර 5 කට හෝ අවලංගු කළ යුතු නමුත් මේ වන විට යහපාලන විරෝධී වී සිටින වෛද්‍ය සභාව සමරසේකරගේ වැරදි ඉතාමත් සුළු කොට සලකා තිබීමෙන් වෛද්‍ය සභාවේ කැරැට්ටුව ජනතාවට සිතා ගත හැකි වනු ඇත. ලංකාවේ සිටින වෘත්තිකයන් යැයි කියා ගන්නා අය වගවීමෙන් සහ සදාචාරයෙන් කෙතරම් පහත්දැයි මෙයින් අපූරුවට හෙළි වී තිබේ.

    - http://www.lankaenews.com/news/5986/si
     
    :lol::lol: