ලොක්ඩවුන් කරොත් ආර්ථිකය ඇත්තටම කඩා වැටෙනවාද?

Bad_horse

Well-known member
  • Apr 23, 2021
    724
    2,080
    93
    33
    ලංකාවේ කොරෝනා රැල්ලක් එනකොටම ආණ්ඩු පාක්ෂිකයන් සහ විපක්ෂ පිරිස අතර ඇතිවෙන විවාදයක් තමයි රට ලොක්ඩවුන් කලයුතුද නැතිද යන වග. මෙවර ලාන්ස්ලෙට් වෛද්‍ය ජර්නලයේ රටවල් කිහිපයක ලොක්ඩවුන් කිරීම සහ රටේ දල දේශීය නිෂ්පාදයට ඇතිවුන බලපෑමත්, රෝගය මර්ධනය සඳහා බලපෑ ආකාරයත් මේ මඟින් විශ්ලේෂණයට ලක් කරලා තිබ්බා.(https://www.thelancet.com/journals/lancet/article/PIIS0140-6736(21)00978-8/fulltext)
    මේ සමීක්ෂණය පටන් අරන් තිබ්බෙ 2020 පෙබරවාරි මාසයේ ඉඳන්. ලෝකයේ රටවල් 32ක් ඇසුරෙන් මාස 12ක කාලසීමාවකදී ගත් දත්ත විශ්ලේෂණය කරනවා. මේකෙදි ඔවුන් දැකපු ලොක්ඩවුන් කිරීමේ ආකාර දෙකකට බෙදනවා. එකක් තුරන් කිරීමේ ක්‍රමය (elimination) අනෙක හානි අවම කිරීමේ ක්‍රමය (mitigation).

    මේ රටවල් 32න් තුරන් කිරිමේ ක්‍රමයට (elimination) අදාල රටවල් 5ක් තිබ්බා (Australia, Iceland, Japan, New Zealand, and South Korea) (චීනයට මේ සමීක්ෂණය සඳහා දත්ත ලබාදීම ප්‍රතික්ෂේප කර තිබුණා) ඔවුන් භාවිතා කලේ රෝගීන් සුළු ප්‍රමාණයක් වාර්තා වෙන විටදීම අදාල ප්‍රදේශ සඳහා රෝගීන් පැතිරීම වැළැක්වීමට ඇති සියළුම ක්‍රියාමාර්ග එකවර ක්‍රියාත්මක කිරීමයි. එනම් එම ප්‍රදේශ වල අහඹු pcr පරීක්ෂණ වැඩි කිරීම, ආශ්‍රිතයන් සොයාගැනීම (contact tracing), ස්වයං නිරෝධායනය සඳහා යොමු කිරීම, එකවර ප්‍රදේශ ලොක්වුන් කිරීම යන ක්‍රියාමාර්ගය ටික. මේ රටවල් 5 මරණ සංඛ්‍යාව හානි අවම කිරීමේ රටවල් වලට වඩා 25 ගුණයක් අඩු බවට නිරීක්ෂණය කරන්න හැකි වුනා. මේ ක්‍රමයට නිතරම එල්ල වුන චෝදනාවන් වුනේ එකවර ලොක්ඩවුන් ක්‍රියාමාර්ග ගැනීම හරහා මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය සිදු වුන බවත්, ආර්ථිකයට අයහපත් බලපෑම් එල්ල වෙන බවත් කියන දෙක. නමුත් මෙලෙස එකවර ක්‍රියාත්මක කරන ලොක්ඩවුන් කෙටි කාලයට සීමා වෙන නිසා ඒ රටවැසියන්ගේ සහයෝගය ඒ රටවල රජයට නොඅඩුව ලැබුණ අතර ප්‍රශ්න කිරීමේදී ඒ පිළිබඳ අසතුට දැක්වූයේ ඉතා සුළු පිරිසක් පමණයි. මෙම රටවල් 5 ආර්ථික මට්ටම 2021 මුලභාගය වන විට කොරෝනා වල පෙර පැවති තත්ත්වය වලට පැමිණ තිබුණ බැවින් දෙවෙනි චෝදනාවත් පදනම් රහිත වෙනවා.

    අනෙක් ක්‍රියාමාර්ගය වෙච්ච හානි අවම කිරීමේ ක්‍රමය (mitigation) අනුගමනය කළ රටවල් 32ක් මේ සමීක්ෂණයට සහභාගී වුනා (Austria, Belgium, Czech Republic, Denmark, Estonia, Finland, France, Germany, Greece, Hungary, Ireland, Italy, Latvia, Lithuania, Luxembourg, Netherlands, Norway, Poland, Portugal, Slovak Republic, Slovenia, Spain, Sweden, Switzerland, United Kingdom, Canada, Chile, Colombia, Mexico, United States.) මේ රටවල් අනුගමනය කලේ සෞඛ්‍ය පද්ධතිය සංතෘප්ත වෙන අවස්ථාව වෙනවිට ලොක්ඩවුන් ක්‍රියාමාර්ගය අනුගමනය කිරීමයි. ඒ කියන්නේ ඔවුන්ගේ ඉලක්කය වුනේ රෝගීන් අඩු කරගැනීම නොව සෞඛ්‍ය පද්ධතිය කඩා වැටීම වළක්වා ගැනීමයි. ඒ ඉලක්කය සපුරා ගන්න ඒ රටවල් වලට ලොක්ඩවුන් ක්‍රියාමාර්ග මාස ගණනාවක් තබා ගැනීමටත්, රෝගී සංඛ්‍යාවත්, රෝගී මරණ සංඛ්‍යාවත් වැඩි වීමට හේතු වූ අතර, ආර්ථිකයටද දැඩි පහරක් එල්ල වී තිබුණා.

    මේ ඒ සමීක්ෂණය ඇසුරෙන් කෙරුන දත්ත සමාලෝචනයක්
    gr1_lrg.jpg

    මෙලෙස සාර්ථකත්වයට පත් වූ රටවල් 4ක්ම දූපත් රාජ්‍යයන් වීම විශේෂයි. (දකුණු කොරියාවේ ඉතා තදින් පාලනය වන දේශසීමාවක් ඇත) දූපත් වීම නිසාම දේශසීමාවන් හරහා වෙනත් රටවල රොගීන් පැමිණීමේ අවධානම නැති වෙන අතර රට හුදකලා කිරීම පහසු වෙනවා. ඇත්තටම පැහැදිලි ලෙසම මුල් අවස්ථාවේදීම ලොක්ඩවුන් ක්‍රියාමාර්ගයට යෑම හරහා ආර්ථික බලපෑමක්, සමාජ බලපෑමත්, සෞඛ්‍ය බලපෑමත් අඩු බව පෙනෙද්දීත් බොහෝ රටවල් නැති බිල්ලන් මවමින් කොරෝනාව දිගට ඇද ගන්නෙ ඇයි ප්‍රශ්නය මෙහිදී පැන නගිනවා. කොරෝනා නිසා ලෝක ධනපතියන් හට අලාභයක් සිදුවුවා යැයි සිතුවත් ඇත්ත වශයෙන්ම වූනේ එහි අනෙක් පැත්තයි.
    IMG_20210621_193540_561.jpg

    අනෙක් අතට සේවකයන්ගේ වැටුප් කප්පාදුව, වැඩ ප්‍රමාණය වැඩිවීම මේ කාලයේ දකින්නට ලැබුනු අතර බොහෝ ආයනන ඔය කියූ තරම් පාඩු ලැබුවාද කියන එක ප්‍රශ්නයක්. පෞද්ගලික රෝහල් වල පවා අනෙක් රෝග සඳහා රෝගීන් අඩු වුවත් කොරෝනා රෝගය මඟින් වෙනම ඊටත් වඩා ලාභයක් උපයනවා. අනෙක් අතර රජයකට "ලොක්ඩවුන්" කාලයක් තුළ හදිසි නීති ක්‍රියාත්මක කිරීම හරහා මහජන විරෝධය වැලැක්වීමේ නීතිමය රාමුවක් මේ කාලයේ ලැබෙනවා. රටක මහජන විරෝධයකින් තොරව ඕනෑ ආකාරයකට බදු අයකිරීම්, භාණ්ඩ මිල වැඩිකීරීම් සිදු කිරීමේ අවකාශය මේ හරහා ලැබෙන අතර ඒවාට විරුද්ධ ක්‍රියා කරන්නන් අත්අඩංගුවට ගැනීමට අවකාශයක් මේ හරහා ලැබෙනවා. ඒ නිසා රජයකට සහ මහා පරිමාණයේ ව්‍යාපාරිකයින්ට රටක් ඉතා පහසුවෙන් පාලනය කල හැකි කාලයක් කොරෝනා රෝග ව්‍යාප්තිය හරහා ලැබෙනවා. පසුගිය සති කීපය තුල අපිත්, ව්‍යාපාරිකයන්ට අලාභ නොවන පරිදි, ආණ්ඩුවට විරුද්ධ වන්නන් මැඬලිය හැකි ඉතා සාර්ථක එහෙත් රෝග බෝවීම වැලැක්වීම අතින් අසාර්ථක සංචරණ සීමා කාලයක් ගතකලා. මේ සති කීපය තුළ පෙර අවුරුද්දේ ලොක්ඩවුන් කාලය තුළ රෝගීන් සහ මරණ සංඛ්‍යාව සම්බන්ධයෙන් ලැබූ ප්‍රගතිය ලැබුවාද කියලා හිතලා බලන්න.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දෙන්නෙක් තුන් දෙකන් ලාබ ලැබුවට එදාවේල හොයන් කාපු මිනිස්සු ඉවරයි, ඕක නොතේරෙනවනම් ආනේ මන්ද ඉතින්
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,514
    15,891
    113
    111
    Gotham
    batman.com
    දෙන්නෙක් තුන් දෙකන් ලාබ ලැබුවට එදාවේල හොයන් කාපු මිනිස්සු ඉවරයි, ඕක නොතේරෙනවනම් ආනේ මන්ද ඉතින්
    Ow, job කරන එවුන් hitan inne hamotama maseta බැංකුවට ganak watenawa kyala.

    Ada පාරේ gya nan තේරෙනවා kochchara මිනිස්සු අද දවස් ගානකින් ආපහු Business patan අරන් ද කියලා, මෙච්චර කල් උන් kawe bwwe khmada kyala.
     
    • Like
    Reactions: Bad_horse

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කුලී වැඩ කරන ඒකෙක්ගෙන් අහල බලපන්
    ඈත්තටම ඔය කියන ෆුල් ලොක් ඩවුන් ගිය රටවල් තමන්ගේ රටවෑසියන්ට මුදල් දුන්නා වහපු කාලේ ජීවත් වෙන්න .. එහෙම තමා ඒ රටවල එදිනෙදා වෑඩ කරන අයට ප්‍රශ්ණයක් නොවුනේ.. ඒ වගේම ඒ හෑම රටේම ආර්ථිකයට ලොකු පාඩුවක් වුනේ නෑ අනිත් රටවලට වගේ වාසියක් මිසක්.. මරණ අඩුයි.. ...
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    දෙන්නෙක් තුන් දෙකන් ලාබ ලැබුවට එදාවේල හොයන් කාපු මිනිස්සු ඉවරයි, ඕක නොතේරෙනවනම් ආනේ මන්ද ඉතින්
    කුලී වැඩ කරන ඒකෙක්ගෙන් අහල බලපන්

    සති 2ක් 3ක් නෙ ලොක් වෙන්නෙ එකෙක් 2නෙක් අහු උන ගමන්ම. ටක් ගාල ලොක් කරම ඉක්මනින්ම වැඩේ ක්ලෝස්. එලීමිනේට් වෙලාම යනව වේව් එක. එ ක්‍රමය හොදයි මාස ගනන් අර්තිකය වට්ටගෙන දගලනවට වඩා. වැඩක් දෙන එකාටත් ආදායමක් තියෙන්න එපයි. අනේ මන්ද උබලගෙ බයි මොලේ ලොකුයිනෙ ලෝක මට්ටමේ සමීක්ශන වලට වඩා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සති 2ක් 3ක් නෙ ලොක් වෙන්නෙ එකෙක් 2නෙක් අහු උන ගමන්ම. ටක් ගාල ලොක් කරම ඉක්මනින්ම වැඩේ ක්ලෝස්. එලීමිනේට් වෙලාම යනව වේව් එක. එ ක්‍රමය හොදයි මාස ගනන් අර්තිකය වට්ටගෙන දගලනවට වඩා. වැඩක් දෙන එකාටත් ආදායමක් තියෙන්න එපයි. අනේ මන්ද උබලගෙ බයි මොලේ ලොකුයිනෙ ලෝක මට්ටමේ සමීක්ශන වලට වඩා
    කොරෝනා කියන එක හොද වෙනවනම් 100%ක් මාත් එකගයි මාසයක් වහල තියන්ඩ, මාසයක් වැහුවත් එහෙම වෙන්නෙ නැ.. මොලේ අඩුව තියෙන්නෙ උබට...
     
    • Like
    Reactions: Venux

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    724
    2,080
    93
    33
    උඹලා වැරදි කොනෙන් අල්ලන් ඉන්නෙ. මෙතන කතා කලේ අපේ රටේ mitigation ගිය නිසා සංචරණ සීමා එක දික් කරන්න වුනා කියන එක, Elimitaion theory එකට ගිය රටවල් ලොක්ඩවුන් කලේ ලොකු කුඩා බේදයක් බලන්නෙ නැතුව. දාපු එක ඇත්තටම දැම්ම. දැන් දාල තියෙන්නෙ ලොක්ඩවුන් එකක් නෙවෙයිනේ. ජොබ් කරන උන්ට සල්ලි ලැබෙන නිසා කට වහන් ඉන්න අතරේ කුලී වැඩ කරපු අහිංසකයන්ට කෙලවුනාට කවුරුවත් කතා කරන්නෙ නැති කාලයක්. ඒක නිසා මුලදිම එකපාර තදේට ලොක්ඩවුන් දාල සති දෙකෙන් ඉවර කරන්න පුලුවන් දෙයක් මුන් "සංචරණ සීමා" කියල දාගෙන කරන මගඩියේ වාසිය මොකක්ද කියන එක. දේශපාලයට කුලී වැඩ කරන මිනිහගේ එකම වටිනාකම ඡන්දෙ විතරයි. ඡන්දයක් ළඟ පාතක නැතුව ඔය මිනිස්සු ගැන කවුරුවත් කතා කරන්නෙ නෑ. සල්ලි හම්බෙන එක කාල බිලා ගෙදරට වෙලා ඉන්නවා. මොනවා කළත් ලෙඩේ වැඩිවෙනකොට රට වහන්න වෙනවා. ඒ වහන එක පොඩි මිහ්නිහට අඩුම බලපෑමක් ඇතිවෙන විදියට නොකරන්නෙ ඇයි? මුලින්ම වහන එකා අඩුම කාලයක් වහන් ඉඳලා ආර්ථිකේට පාඩුවක් නැතුව දිනුවා කියන එකයි මේකෙන් කිව්වෙ. අනික පොඩි මිනිහට තව තවත් කෙල වෙන විදියට ආණ්ඩුව මේක අද්දවන්නෙ ඇයි කියන එක.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    කොරෝනා කියන එක හොද වෙනවනම් 100%ක් මාත් එකගයි මාසයක් වහල තියන්ඩ, මාසයක් වැහුවත් එහෙම වෙන්නෙ නැ.. මොලේ අඩුව තියෙන්නෙ උබට...

    සමීක්ශනයෙන් පෙන්නන එක තෙරුම් ගන්න බැරි මොලෙ අඩු එකෙක් නෙමෙයි උබ. කඩේ යන වහලෙක් නිසා ආන්ඩුවෙ ක්‍රමයට වෙනස් ක්‍රමයක් ගැන කීවම උබට අවුල්. එච්චරයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සමීක්ශනයෙන් පෙන්නන එක තෙරුම් ගන්න බැරි මොලෙ අඩු එකෙක් නෙමෙයි උබ. කඩේ යන වහලෙක් නිසා ආන්ඩුවෙ ක්‍රමයට වෙනස් ක්‍රමයක් ගැන කීවම උබට අවුල්. එච්චරයි
    අනේ මෙහෙමත් මරි මෝඩයො, ආණ්ඩුවෙ ලබ්බක් නෙමේ එදාවේල උපයපු මිනිස්සු ඉවරයි කියල කීවෙ.. ආණ්ඩුවට සපෝට් කරන්ඩ නම් එහෙම වෙලා නැ කියන්ඩයි ඕන..
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    අනේ මෙහෙමත් මරි මෝඩයො, ආණ්ඩුවෙ ලබ්බක් නෙමේ එදාවේල උපයපු මිනිස්සු ඉවරයි කියල කීවෙ.. ආණ්ඩුවට සපෝට් කරන්ඩ නම් එහෙම වෙලා නැ කියන්ඩයි ඕන..

    යකෝ මේ යන ක්‍රමේටනෙ එදා වේල හොයපු එවුන්ට කෙලවෙන්නෙ. උබට කියන දේ තෙරුම් ගන්න තරම් මොලයක් නැත්නම් මක් කරන්නද.
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,321
    2,925
    113
    උඹලා වැරදි කොනෙන් අල්ලන් ඉන්නෙ. මෙතන කතා කලේ අපේ රටේ mitigation ගිය නිසා සංචරණ සීමා එක දික් කරන්න වුනා කියන එක, Elimitaion theory එකට ගිය රටවල් ලොක්ඩවුන් කලේ ලොකු කුඩා බේදයක් බලන්නෙ නැතුව. දාපු එක ඇත්තටම දැම්ම. දැන් දාල තියෙන්නෙ ලොක්ඩවුන් එකක් නෙවෙයිනේ. ජොබ් කරන උන්ට සල්ලි ලැබෙන නිසා කට වහන් ඉන්න අතරේ කුලී වැඩ කරපු අහිංසකයන්ට කෙලවුනාට කවුරුවත් කතා කරන්නෙ නැති කාලයක්. ඒක නිසා මුලදිම එකපාර තදේට ලොක්ඩවුන් දාල සති දෙකෙන් ඉවර කරන්න පුලුවන් දෙයක් මුන් "සංචරණ සීමා" කියල දාගෙන කරන මගඩියේ වාසිය මොකක්ද කියන එක. දේශපාලයට කුලී වැඩ කරන මිනිහගේ එකම වටිනාකම ඡන්දෙ විතරයි. ඡන්දයක් ළඟ පාතක නැතුව ඔය මිනිස්සු ගැන කවුරුවත් කතා කරන්නෙ නෑ. සල්ලි හම්බෙන එක කාල බිලා ගෙදරට වෙලා ඉන්නවා. මොනවා කළත් ලෙඩේ වැඩිවෙනකොට රට වහන්න වෙනවා. ඒ වහන එක පොඩි මිහ්නිහට අඩුම බලපෑමක් ඇතිවෙන විදියට නොකරන්නෙ ඇයි? මුලින්ම වහන එකා අඩුම කාලයක් වහන් ඉඳලා ආර්ථිකේට පාඩුවක් නැතුව දිනුවා කියන එකයි මේකෙන් කිව්වෙ. අනික පොඩි මිනිහට තව තවත් කෙල වෙන විදියට ආණ්ඩුව මේක අද්දවන්නෙ ඇයි කියන එක.
    මේ පාණ්ඩුව මේක අදින්නෙ උංගෙ වාසියට. මිනිස්සු කොටු කරල තියන්න..
    නැත්තං මේ රෙද්දෙ සංචරණ සීමාව නොදා, එක පාර සති දෙකක් curfew දැම්මනං මේක සෑහෙන්න control වෙනව..
    එදා වේල හොයාගන්න මිනිස්සු ගැනනම් කියන්න තියෙන්නෙ; ඇයි දැං මේ සංචරණ සීමා දැම්ම මාසෙම ඒ මිනිස්සුන්ට රස්සාවක් කරගන්න පුළුවන්කමක් ලැබුණද? නෑනේ.. මෙහෙම බොරුවට අදින එකෙන් ඇත්තටම තැලෙන්නෙ ඒ මිනිස්සු..

    හරියට එක දිගට curfew දාල airport වහල තිබ්බනං, අපිට ගොඩ එන එක මහ දෙයක් නෙමෙයි.. එතකොට දවස් පඩි මිනිස්සුන්ටත් පඩි නැති වෙන්නෙ වැඩිම සති දෙකයි..
    ඒත් මේ සංචරණ සීමා මඟුලෙන් ඒ මිනිස්සුන්ට මාසෙකම පඩි නැති උනා දැනටමත්...
     
    කොරෝනා කියන්නෙ මේ රටේ විතරක් තියෙන දෙයක් නම් පාලනේ කරගන්ඩ බැරි මේ රටට විතරනම් ඔය බයිල ඔක්කොම හරි යනව,එහෙම නෙමේනම් කියවල වැඩක් නැ..

    යකෝ මේ යන ක්‍රමේටනෙ එදා වේල හොයපු එවුන්ට කෙලවෙන්නෙ. උබට කියන දේ තෙරුම් ගන්න තරම් මොලයක් නැත්නම් මක් කරන්නද.
    ඒකනෙ මම මුලුන්ම කිවෙ උබනෙ එහෙම නැ කියාගෙන ආවෙ මොන්ගල්ද??? මුලට ගිහින් බලපන් මම මොකක්ද කියල තියෙන්නෙ කියල..
    ------ Post added on Jun 21, 2021 at 8:27 PM
     
    • Haha
    Reactions: VPS09

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    724
    2,080
    93
    33
    දෙන්නෙක් තුන් දෙකන් ලාබ ලැබුවට එදාවේල හොයන් කාපු මිනිස්සු ඉවරයි, ඕක නොතේරෙනවනම් ආනේ මන්ද ඉතින්
    මේ ත්‍රෙඩ් එකේ මම එහෙම නෑ කියල තියෙද? එදා වේල හොයන් කාපු එකා නැත්තටම නෑ, ජොබ් කරන් උන්ගේ පඩිත් කපලා තියෙන්නෙ. එහෙම කරන්න උනේ හරි හමන් ලොක්ඩවුන් එකක් ඉකමනින් දැම්මෙ නැති නිසා. ඉක්මනින් ලොක්ඩවුන් කරන්න බැරි ආර්ථිකයට බලපෑමක් වෙන නිසා කියන තර්කය පදනම් විරහිතයි මේ සමීක්ෂණයට අනුව. දෙවෙනි රටවල් 32 බලපන් US, UK පවා ඉන්නවා අපි වගේ කරලා උන්ගේ ආර්ථිකේට කලින් වගේ පණ ගහල නැඟිටින්න බැරි වෙලා තියෙන්නෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේ පාණ්ඩුව මේක අදින්නෙ උංගෙ වාසියට. මිනිස්සු කොටු කරල තියන්න..
    නැත්තං මේ රෙද්දෙ සංචරණ සීමාව නොදා, එක පාර සති දෙකක් curfew දැම්මනං මේක සෑහෙන්න control වෙනව..
    එදා වේල හොයාගන්න මිනිස්සු ගැනනම් කියන්න තියෙන්නෙ; ඇයි දැං මේ සංචරණ සීමා දැම්ම මාසෙම ඒ මිනිස්සුන්ට රස්සාවක් කරගන්න පුළුවන්කමක් ලැබුණද? නෑනේ.. මෙහෙම බොරුවට අදින එකෙන් ඇත්තටම තැලෙන්නෙ ඒ මිනිස්සු..

    හරියට එක දිගට curfew දාල airport වහල තිබ්බනං, අපිට ගොඩ එන එක මහ දෙයක් නෙමෙයි.. එතකොට දවස් පඩි මිනිස්සුන්ටත් පඩි නැති වෙන්නෙ වැඩිම සති දෙකයි..
    ඒත් මේ සංචරණ සීමා මඟුලෙන් ඒ මිනිස්සුන්ට මාසෙකම පඩි නැති උනා දැනටමත්...
    සති දෙකෙන් ඕක ඉවර වෙන්නෙ නැ, මාසෙකට පස්සෙත් කොරෝනා බෝ වෙලා තියෙනව,
     
    • Haha
    Reactions: VPS09