ලංකාවේ කොරෝනා රැල්ලක් එනකොටම ආණ්ඩු පාක්ෂිකයන් සහ විපක්ෂ පිරිස අතර ඇතිවෙන විවාදයක් තමයි රට ලොක්ඩවුන් කලයුතුද නැතිද යන වග. මෙවර ලාන්ස්ලෙට් වෛද්‍ය ජර්නලයේ රටවල් කිහිපයක ලොක්ඩවුන් කිරීම සහ රටේ දල දේශීය නිෂ්පාදයට ඇතිවුන බලපෑමත්, රෝගය මර්ධනය සඳහා බලපෑ ආකාරයත් මේ මඟින් විශ්ලේෂණයට ලක් කරලා තිබ්බා.(https://www.thelancet.com/journals/lancet/article/PIIS0140-6736(21)00978-8/fulltext)
මේ සමීක්ෂණය පටන් අරන් තිබ්බෙ 2020 පෙබරවාරි මාසයේ ඉඳන්. ලෝකයේ රටවල් 32ක් ඇසුරෙන් මාස 12ක කාලසීමාවකදී ගත් දත්ත විශ්ලේෂණය කරනවා. මේකෙදි ඔවුන් දැකපු ලොක්ඩවුන් කිරීමේ ආකාර දෙකකට බෙදනවා. එකක් තුරන් කිරීමේ ක්‍රමය (elimination) අනෙක හානි අවම කිරීමේ ක්‍රමය (mitigation).
මේ රටවල් 32න් තුරන් කිරිමේ ක්‍රමයට (elimination) අදාල රටවල් 5ක් තිබ්බා (Australia, Iceland, Japan, New Zealand, and South Korea) (චීනයට මේ සමීක්ෂණය සඳහා දත්ත ලබාදීම ප්‍රතික්ෂේප කර තිබුණා) ඔවුන් භාවිතා කලේ රෝගීන් සුළු ප්‍රමාණයක් වාර්තා වෙන විටදීම අදාල ප්‍රදේශ සඳහා රෝගීන් පැතිරීම වැළැක්වීමට ඇති සියළුම ක්‍රියාමාර්ග එකවර ක්‍රියාත්මක කිරීමයි. එනම් එම ප්‍රදේශ වල අහඹු pcr පරීක්ෂණ වැඩි කිරීම, ආශ්‍රිතයන් සොයාගැනීම (contact tracing), ස්වයං නිරෝධායනය සඳහා යොමු කිරීම, එකවර ප්‍රදේශ ලොක්වුන් කිරීම යන ක්‍රියාමාර්ගය ටික. මේ රටවල් 5 මරණ සංඛ්‍යාව හානි අවම කිරීමේ රටවල් වලට වඩා 25 ගුණයක් අඩු බවට නිරීක්ෂණය කරන්න හැකි වුනා. මේ ක්‍රමයට නිතරම එල්ල වුන චෝදනාවන් වුනේ එකවර ලොක්ඩවුන් ක්‍රියාමාර්ග ගැනීම හරහා මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය සිදු වුන බවත්, ආර්ථිකයට අයහපත් බලපෑම් එල්ල වෙන බවත් කියන දෙක. නමුත් මෙලෙස එකවර ක්‍රියාත්මක කරන ලොක්ඩවුන් කෙටි කාලයට සීමා වෙන නිසා ඒ රටවැසියන්ගේ සහයෝගය ඒ රටවල රජයට නොඅඩුව ලැබුණ අතර ප්‍රශ්න කිරීමේදී ඒ පිළිබඳ අසතුට දැක්වූයේ ඉතා සුළු පිරිසක් පමණයි. මෙම රටවල් 5 ආර්ථික මට්ටම 2021 මුලභාගය වන විට කොරෝනා වල පෙර පැවති තත්ත්වය වලට පැමිණ තිබුණ බැවින් දෙවෙනි චෝදනාවත් පදනම් රහිත වෙනවා.
අනෙක් ක්‍රියාමාර්ගය වෙච්ච හානි අවම කිරීමේ ක්‍රමය (mitigation) අනුගමනය කළ රටවල් 32ක් මේ සමීක්ෂණයට සහභාගී වුනා (Austria, Belgium, Czech Republic, Denmark, Estonia, Finland, France, Germany, Greece, Hungary, Ireland, Italy, Latvia, Lithuania, Luxembourg, Netherlands, Norway, Poland, Portugal, Slovak Republic, Slovenia, Spain, Sweden, Switzerland, United Kingdom, Canada, Chile, Colombia, Mexico, United States.) මේ රටවල් අනුගමනය කලේ සෞඛ්‍ය පද්ධතිය සංතෘප්ත වෙන අවස්ථාව වෙනවිට ලොක්ඩවුන් ක්‍රියාමාර්ගය අනුගමනය කිරීමයි. ඒ කියන්නේ ඔවුන්ගේ ඉලක්කය වුනේ රෝගීන් අඩු කරගැනීම නොව සෞඛ්‍ය පද්ධතිය කඩා වැටීම වළක්වා ගැනීමයි. ඒ ඉලක්කය සපුරා ගන්න ඒ රටවල් වලට ලොක්ඩවුන් ක්‍රියාමාර්ග මාස ගණනාවක් තබා ගැනීමටත්, රෝගී සංඛ්‍යාවත්, රෝගී මරණ සංඛ්‍යාවත් වැඩි වීමට හේතු වූ අතර, ආර්ථිකයටද දැඩි පහරක් එල්ල වී තිබුණා.
මේ ඒ සමීක්ෂණය ඇසුරෙන් කෙරුන දත්ත සමාලෝචනයක්
මෙලෙස සාර්ථකත්වයට පත් වූ රටවල් 4ක්ම දූපත් රාජ්‍යයන් වීම විශේෂයි. (දකුණු කොරියාවේ ඉතා තදින් පාලනය වන දේශසීමාවක් ඇත) දූපත් වීම නිසාම දේශසීමාවන් හරහා වෙනත් රටවල රොගීන් පැමිණීමේ අවධානම නැති වෙන අතර රට හුදකලා කිරීම පහසු වෙනවා. ඇත්තටම පැහැදිලි ලෙසම මුල් අවස්ථාවේදීම ලොක්ඩවුන් ක්‍රියාමාර්ගයට යෑම හරහා ආර්ථික බලපෑමක්, සමාජ බලපෑමත්, සෞඛ්‍ය බලපෑමත් අඩු බව පෙනෙද්දීත් බොහෝ රටවල් නැති බිල්ලන් මවමින් කොරෝනාව දිගට ඇද ගන්නෙ ඇයි ප්රශ්නය මෙහිදී පැන නගිනවා. කොරෝනා නිසා ලෝක ධනපතියන් හට අලාභයක් සිදුවුවා යැයි සිතුවත් ඇත්ත වශයෙන්ම වූනේ එහි අනෙක් පැත්තයි.
අනෙක් අතට සේවකයන්ගේ වැටුප් කප්පාදුව, වැඩ ප්‍රමාණය වැඩිවීම මේ කාලයේ දකින්නට ලැබුනු අතර බොහෝ ආයනන ඔය කියූ තරම් පාඩු ලැබුවාද කියන එක ප්‍රශ්නයක්. පෞද්ගලික රෝහල් වල පවා අනෙක් රෝග සඳහා රෝගීන් අඩු වුවත් කොරෝනා රෝගය මඟින් වෙනම ඊටත් වඩා ලාභයක් උපයනවා. අනෙක් අතර රජයකට "ලොක්ඩවුන්" කාලයක් තුළ හදිසි නීති ක්‍රියාත්මක කිරීම හරහා මහජන විරෝධය වැලැක්වීමේ නීතිමය රාමුවක් මේ කාලයේ ලැබෙනවා. රටක මහජන විරෝධයකින් තොරව ඕනෑ ආකාරයකට බදු අයකිරීම්, භාණ්ඩ මිල වැඩිකීරීම් සිදු කිරීමේ අවකාශය මේ හරහා ලැබෙන අතර ඒවාට විරුද්ධ ක්‍රියා කරන්නන් අත්අඩංගුවට ගැනීමට අවකාශයක් මේ හරහා ලැබෙනවා. ඒ නිසා රජයකට සහ මහා පරිමාණයේ ව්‍යාපාරිකයින්ට රටක් ඉතා පහසුවෙන් පාලනය කල හැකි කාලයක් කොරෝනා රෝග ව්‍යාප්තිය හරහා ලැබෙනවා. පසුගිය සති කීපය තුල අපිත්, ව්‍යාපාරිකයන්ට අලාභ නොවන පරිදි, ආණ්ඩුවට විරුද්ධ වන්නන් මැඬලිය හැකි ඉතා සාර්ථක එහෙත් රෝග බෝවීම වැලැක්වීම අතින් අසාර්ථක සංචරණ සීමා කාලයක් ගතකලා. මේ සති කීපය තුළ පෙර අවුරුද්දේ ලොක්ඩවුන් කාලය තුළ රෝගීන් සහ මරණ සංඛ්‍යාව සම්බන්ධයෙන් ලැබූ ප්‍රගතිය ලැබුවාද කියලා හිතලා බලන්න.

Last edited: