ලොකුම~ගුවන්යානා

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ලොකුම~ගුවන්යානා

    මම ඉතින් හැම දාම මොනවා හරි ගුවනට සම්බන්ධ ත්‍රෙඩ් එකක් දානවනේ. ඉතින් මම හිතුව දැනට ලෝකේ නිපදවලා තියන විශාලතම ගුවන් යානා පිළිබඳව ත්‍රෙඩ් එකක් දාන්න. ඔන්න එහෙනම් පටන් ගත්තා.

    1. හියුස් H-4 (ස්ප්රූස් ගූස් ග්රූමන් - Hughes H-4 Hercules ("Spruce Goose") NX37602)

    දැනට ලෝකයේ තියන ලොකුම තටු විහිදී ගුවන් යානාව මෙය වෙනවා. නිපදවලා තියෙන්නේ හියුස් ගුවන් යානා සමාගමෙන් වන අතර මෙය නිපදවනු ලැබුවේ දෙවන ලෝක යුද්ධ සමයේ ඇමරිකන් සොල්දාදුවන් හා භාණ්ඩ බ්‍රිතාන්‍යයට යැවීම සඳහායි.

    spruce-goose.jpg


    H4_Flight.jpg


    tumblr_m4whfdX1p51qkhbxpo1_500.jpg


    මෙහි නිරමාණ කරුවන් වන්නේ හෙන්රි ජේ කයිසර් හා එවකට සිටි ප්‍රසිද්ධ අහස් යාත්‍රා එන්ජිනේරුවකු වන හවර්ඩ් හියුස් යන දෙපලයි.

    hughes1.JPG

    හවර්ඩ් හියුස්

    මෙහි ප්‍රථම ගුවන් ගතවීම නොවැම්බර් 2 1947 දී යෙදුනා. එය මෙහි පළමුවත් අන්තිම ගමනත් උනා. එවකට පැවති යුධ සාමය නිසා මෙය නිපදුවේ තනිකරම බර්ච් නම් දැව යොදාගනිමිනුයි. මෙය ජලය මතින් ගුවන් ගත වීම හා ගොඩ බෑම වන සී ප්ලේන් වර්ගයට අයත් වෙනවා. මෙහි ගුවන් නියමුවන් තිදෙනෙකු මෙම යානාව පැදවීමට අවශ්‍ය වන අතර මෙහි එක් තටුවක ප්රැට් ඇන්ඩ් ව්හිට්නි R-4360 අශ්වබල 4000 එන්ජින් 4 ක් සමන් විත වෙන අතර මුළු එන්ජින් සංඛ්‍යාව 8 ක් වෙනවා.

    H4_Flight_Deck.jpg


    640px-Pratt_%26_Whitney_R-4360_Wasp_Major_1.jpg

    ප්රැට් ඇන්ඩ් ව්හිට්නි R-4360 අශ්වබල 4000 එන්ජිම

    මෙහි මුළු දිග ප්‍රමාණය අඩි 218 අඟල් 8 ක් වන අතට තටු වල මුළු දිග ප්‍රමාණය අඩි 320 අඟල් 11 වනවා. දැනට මෙය ඇමරිකාවේ එවර්ග්‍රීන් ගුවන් කවුතුකාගාරයේ සුරක්ෂිතව තැම්පත් කර තිබෙනවා.
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    2. ඇන්ටනොව් 225 ම්රියා. (Antonov An - 225 Mriya)

    දැනට ලෝකයේ තියන බරින් වැඩිම ගුවන් යානය වන මෙය බුරාන් නම් අභ්‍යවකාශ යානය ප්‍රවාහනය කිරීම සඳහාම මෙය අන්ටෝනොව් ගුවන් සමගම විසින් 1988 දී නිපදවුණා.

    an225no1.jpg


    9492.jpg


    antonov-grand.jpg


    antonov4.jpg


    නිපදවා ඇත්තේ එක් ගුවන් යානාවක් පමණක් වන අතර මෙහි කාර්ය මණ්ඩලය 6 වන අතර මෙහි දිග අඩි 212.6 වන අතර මුළු තටු වල දිග ප්‍රමාණය අඩි 290.2 වෙනවා. මෙහි ZMKB ප්රෝග්රෙස් D -18 එන්ජින් 6 ක් පමණ තිබෙනවා. දැනට මෙය යුක්රේන රජය මගින් පාවිච්චියට ගැනෙනවා.

    9461.jpg
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    3. එයාර් බස් A380 (Air Bus A380)

    ප්‍රංශයේ EADS සමගම විසින් නිපදවනු ලැබූ මෙය දැනට ලෝකයේ විශාලතම මගී යානාව වනවා. මුලින්ම පියාසර කෙරුනේ 2005 වන අතර ප්‍රථම වරට මගීන් රැගත් ගුවන් යානයක් ගුවන් ගත කෙරුනේ 2007 වර්ෂයේ සිංගප්පූරු ගුවන් සේවය මගිනුයි. දැනට මෙම ගුවන් යානා 77 නිපදවා ඇති අතර ලෝකයේ ප්‍රධාන පෙලේ ගුවන් සමාගම් මේ යන මගීන් ප්‍රවාහනයට යොදාගැනෙනවා. මෙහි එක විට මගීන් 525 ක් හෝ ආසන වැඩි කිරීමෙන් 853 දෙනෙකු උනත් ගෙන යා හැකි වන විදියට මෙය නිපදවා තිබෙනවා. මෙහි එන්ජින් රොල්ස් රොයිස් ට්‍රෙන්ට් 900 වනවා. මෙහි තට්ටු දෙකකට ආසන වෙන් කර තිබෙනවා.

    A380_at_hub_from_side_London_Heathrow_Airport.jpg.JPG


    singapore-airlines-airbus-a380-landing-gear-reattracted-1.jpg


    A380_On_Ground.JPG


    A380-cockpit.png


    Airbus_004_550x367.jpg


    A380+Economy+Class_545X320_tcm272-353698.jpg


    trent-900.jpg
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මචෝ දිගටම පෝස්ට් කරන්න එළ........කිරි

    REP 2+ added කොල්ලා