ලොකුම වන්දියක් ගෙවූ දික්කසාදය

luckgrlS

Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    ලොකුම වන්දියක් ගෙවූ දික්කසාදය

    image_c07960064e.jpg

    ඩුබායි පාලක ෂෙයික් මොහොමද් බින් රෂීද් අල් මක්ටෝම් ඔහුගේ බිරිඳ හයා බින්ට් අල් හුසේන් කුමරියගේ දික්කසාදය, බ්‍රිතාන්‍ය නීති ඉතිහාසයේ විශාලතම වන්දියක් තීන්දු වූ නඩු කටයුත්ත බවට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එම වන්දි මුදල බ්‍රිතාන්‍ය පවුම් මිලියන 554 (ඇමෙරිකන් ඩොලර් මිලියන 733) කි.
    ඩුබායි පාලක ෂෙයික් මොහොමද් බින් රෂීද් අල් මක්ටෝම් ට බිරියන් 6 දෙනකු සිටින අතර, ඒ අතරින් ළාබාලතම බිරිඳ වන්නේ 47 හැවිරිදි  හයා බින්ට් අල් හුසේන් කුමරියයි.

    හයා බින්ට් අල් හුසේන් කුමරිය ජෝර්දානයේ හිටපු රජු හුසේන්ගේ දියණිය වන අතර වර්තමානයේ ජෝර්දානයේ අබ්දුල්ලා රජුගේ අඩ සොහොයුරියයි.
    කුමරිය සහ ෂෙයික් මොහොමද් බින් රෂීද් අල් මක්ටෝම්ගේ විවාහය සිදුවූයේ 2004 වසරේදීය. 2019 දී එය අවසන් විය.විවාහය අවසන් වී කුමරිය දරු දෙදෙනා ද සමඟ පලා ගියේ සැමියා ෂෙයික් මොහොමද් බින් රෂීද් අල් මක්ටෝම් ට බියෙන් ඔහුගේ තාඩන පීඩන ඉවසා සිටිය නොහැකි වූ බැවින් යැයි චෝදනා එල්ල විය. කුමරිය, මක්තූම්ට එරෙහිව ලන්ඩන් අධිකරණයක දික්කසාද නඩුවක් ගොනු කළේ එම චෝදනා මුල්කොට ගනිමිනි.

    දික්කසාදය නිරවුල් කිරීම සඳහා ඩුබායි පාලකයා හයා කුමරිය හා දරුවන් දෙදෙනාට පවුම් මිලියන 554 ක පමණ මුදලක් ගෙවිය යුතු බවට ලන්ඩන් අධිකරණය නියෝග කළේ ඒ අනුවය.

    එම මුදලින් වැඩි ප්‍රමාණයක් යෙදවෙනු ඇත්තේ, ඩුබායි පාලක ෂෙයික් මොහොමද් බින් රෂීද් අල් මක්ටෝම්ගෙන් අනාගතයේ එල්ල වීමට නියමිත තර්ජව හමුවේ හයා කුමරිය සහ දරු දෙදෙනාට ආරක්ෂිතව ජීවත් වීමට බවත් නඩු තීන්දුව ලබා දුන් විනිසුරු විනිසුරු ෆිලිප් මෝර් පවසා පැහැදිලි කර තිබේ.

    ලන්ඩනයේදීය (රොයිටර්)
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඇමසන් ෆවුන්ඩර් ගෙ බිරියට ඩොලර් බිලියන හතලිස් ගානක් ගෙව්වා නේද ?
    එක වන්දියක් නෙවෙයි. ඩිවෝස් සෙට්ල්මන්ට්. පාට්නර් ජොබ් එකක් නොකලත් විවාහ වී ඉන්න කාලේ ඇතුළත උපයන ආදායමෙන් 50% අයිතියක් තියෙනවා.
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,381
    6,484
    113
    මාසෙට ලක්ශ පනහක් නේහ්

    එක දන්නේ නෑ බන් උගේ දේපල ගොඩක් වික්කා ඔය සින් එකෙන්. ගෑනි මුගේ වත්කම් එලි කරා නේ හොරා කාල හන්ගපුව එක්කම.
    ඊට පස්සේ තමා මුගේ කෝටිපති තාත්තලා සියාල ගැන තැන තැන කියා කියා යන්න ගත්තේ
     

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    මාසෙට පවුම් 100ක් නැති අපි...
    වාසනාව බන් වාසනාව