ලොකුම හෙන

farcry919

Well-known member
  • Mar 31, 2016
    1,245
    261
    83
    USA
    නිවාඩු දවසක කඩාපත් වෙන්න පුලුවන් ලොකුම හෙනගෙඩි



    1. හදිසි අමුත්තො


    free-day-01.gif



    හෙණ ගහන්න වගේ නැන්දලා මාමාලා වරුසාවක් ගෙදරට සෙට් වෙන එක තරං කරුමයක් තුන් ලෝකෙම නැහැ කියලා නිවාඩු දවසේ ගෙදරට වෙලා ඉන්න ඕනම මනුස්සයෙක් පිලිගන්නවා. උන්ගෙ විගඩං බලන්නයි, කෑම ජාති ගේන්න දුවන්නයි, අඩුපාඩු හාර අවුස්සන ඒවට උත්තර දෙන්නයි ගියාම වෙනිං දෙයක් කරන්න වෙන්නෙ නැහැ.


    2. ලයිට් වතුර කැපිලි


    free-day-02.gif


    හොඳ නින්දක් ගහන්න හදද්දි ලයිට් කපන එක, නිදහසේ වෙලාව අරං නාගන්න යද්දි වතුර කපන එක කියන්නෙ මනුස්සයෙකුට නිවාඩු දවසක වෙන්න පුළුවන් තවත් ලොකු හෙණ ගෙඩියක් තමයි. ෆෑන් එක දාගන්න නෑ, ටීවී බෑ. කම්පියුටර් බෑ. මලා වගේ තමයි.


    3. අමතක වීම්


    free-day-03.jpg



    අමතක වෙන සිද්ධියත් නිවාඩුව එක්කම සිද්ධ වෙන දෙයක්. සමහරු දුක්වෙන්නෙ පෝයට කොලපාට බෝඩ් තියෙන කඩ වහල තියෙන හින්දයි. කලින් දවසෙ ගන්න අමතක වෙන එක ඉතිං ලොකු අවුලක්නෙ. සමහරුන්ගෙ නිවාඩුව ඒ නිසාම අවුල් වෙනවා.


    4. ශ්‍රමදාන



    ඔන්න නිදහසේ ප්ලෑන් ගහං ඉන්නකොට සෙට්වෙන තවත් මරාලයක්. ඔවුව ප්ලෑන් කරන්නෙ නින්දෙ සහ නිදහසේ වටිනාකම දන්නෙ නැති උදවිය. දැන් ඉතිං නින්ද කඩාගෙන ගිහිං පාරවල් උදළු ගාපංකො


    5. ටෙක්නිකල් ඉෂූස්


    free-day-05.jpg



    මෙච්චරකල් හොඳට වැඩකරපු කම්පියුටරේ අද උදේ ඉඳන් ඔන් වෙන්නෙ නැහැ/ රවුටර් එකේ සිග්නල් පෙන්නන්නෙ නැහැ/ ෆෝන් එකේ ස්ක්‍රීන් එක ගිහින් වගේ ප්‍රශ්නයක් වුනොත් එහෙම ඉඳල ඉවරයි. නිවාඩු දවසෙ හිතේ සතුටත් එක්කම නැති වෙලා යනවා.


    6. ආපදා


    free-day-06.gif



    මෙහෙම දවසට තමයි වත්තට නයි එන්නෙ. ඉතිං උන්ව එලවන්න යන්න ඕන. අම්ම‍ගෙ අතින් වොෂ් රූම් එකේ ටැප් එක කැඩිලලු. ඒවා හයි කරන්න යන්න ඕන. අක්කගෙ කාමරේ දොර කැඩිලලු. ඉතිං තවත් වැඩක්.


    7. ව්‍යාපාරික ප්‍රජාව

    free-day-07.jpg



    ඔක්කොම හරියට තියෙද්දි අපේ ව්‍යාපාරික ප්‍රජාව හෙනේට ඉන්න වෙලාවලුත් තියෙනවා. උන් පත ස්පීඛර් බැඳලා රටටම උන්ගෙ වරුණෙ කියද්දි ගෙවල් ඇතුළෙ මිනිස්සු කොට්ට දෙක කන් දෙකට තියාගෙන හුස්ම අදින්න ඕන ඉතිං.


    8. බලු අපරාධ

    free-day-08.jpg




    එහා ගෙදර අයියල ට්‍රිප් යනවා. අපි ඉතිං බල්ලොන්ට මියුට් දාන්නයැයි. එක්කො බල්ලව එක්කගෙන යන්න ඕන. නැත්තං අඳුරන තැනකට බල්ලව දීලා යන්න ඕන. උන් ඒ මොකුත් නැතුව ආතල් එකේ ට්‍රිප් ගිහින්. අපි ඉතිං බලු ආතල් කන්වලින් පෙරෙනකංම දුක් විඳින්න ඕන. කෝල් එකක් දුන්නම ඌ කියනව තුන් පාරක් ෂීබා කිවුවම කෑ ගහන එක නවතිනවලු. මං තිස් හත් සැරයක් ෂීබගේ අම්මගෙ නමත් කිවුව… මූ නෙවෙයි සද්දෙ නැවැත්තුවෙ. ඉන්එහා ගෙදරින් බෙරිහන් නොදී ඉන්නැයි මටත් සද්ද!




    9. බූට් සින්දු

    free-day-09.jpg




    යාන්තං ගෙදර ඉන්න දවසෙම දිනුකයා කෙල්ල එක්ක තරහ වෙලා. දිනුකයා කියන්නෙ මගේ හොඳම යාළුව‍ා. ගෙට එහා පැත්තෙ පාරෙ ඉන්නෙ. ඒ නිසා ගෙදර නෙමෙයි කියන්නත් බැහැ. පොර‍ගෙ දුක්ගැනවිල්ල අහං ඉන්න ගියාම ඉතිං සසර කළකිරෙනවා. මොනව වුනත් අහං ඉන්නත් වෙනවා ඉතිං

    උපුටාගැනිමකි
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලයිට් කොහේද බන් කපන්නේ, කරන්ට් එකයි කපන්නේ. :P
    :rofl: කරන්ට් එක කොහොමද බන් කපන්නෙ විසන්ධි කරන්න නං පුළුවන් :P
    දෑකැත්තෙන් ගොයම් කපනව වගේද කපන්නෙ :P
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    :rofl: කරන්ට් එක කොහොමද බන් කපන්නෙ විසන්ධි කරන්න නං පුළුවන් :P
    දෑකැත්තෙන් ගොයම් කපනව වගේද කපන්නෙ :P

    ඩිස්කනෙක්ට් කරන එකට කපනවා කියලත් කියනවා බන්. :P