Labour Dept. යන්න කළින් Legal Aid Commision එකටත් කෝල් කරලා හරි ගිහිල්ලා හරි බලන්න. Contacts පහළ දක්වා ඇති. නීතිමය තත්ත්වය ගැන අවබෝධයක් ගන්න, පොටක් පාදාගන්න උදව්වක් වේවි. සෑම සිකුරාදාම ඩේලිනිවුස් සහ දෙසතියකට වරක් අඟහරුවාදා ලංකාදිප පුවත්පත්වල Legal Aid Commision එකේ ප්රශ්න සහ පිළිතුරු පිටුවක් තියෙනවා. එහි ඔවැනි ගැටළුත් වරින් වර සාකච්ඡා වෙනවා. හැකිනම් මාස 3ක විතර පරණ පත්තර හොයාගෙන බලන්න අදාළ නීතිය ගැන දැනගන්න. ටොරින්ටන් අසල තිබෙන ජාතික පුස්තකාලයෙදි සුළු ගාණක් ගෙවල පරණ පත්තර බලන්නත් ඒවයෙ පොටෝකොපි ගන්නත් පුළුවන්.
මෙන්න නීති ආධාර කොමිසමේ Contacts.
LEGAL AID COMMISSION OF SRI LANKA
No 129, Hulftsdorp Street,
Colombo - 12, Sri Lanka.
Tel +94-11-5335329 / +94-11-5335281
Telefax +94-11-2433618
E-mail [email protected]
Web www.legalaidcommission.com
Thanks Bro!

