
labour department ghin complaint krapan aniwa okunn hirawenawa

මට අවුලක් වුණා මේ ළගදි. කෙටියෙන් කිව්වොත් ජොබ් එකට එන්න එපා කිව්වා. ස්ථිරයි ජොබ් එක. ඒක වුණේ මගෙ වරදක් නිසා නෙමෙයි. දන්න කෙනෙක් ඉන්නවා නම් මේකට කරන්න පුලුවන් දෙයක් කියන්න. කතාව මේකයි. ටිකක් දිග කතාවක් හොදේ.
2015.07.15 BOI (කර්මාන්තපුරයක්) එකක තියෙන Company එකක IT Executive ජොබකට ගියා. තනි අයිතිකාරයෙක්ගෙ Company එකක්. ඒකට යනකොට මට IT පැත්තෙන් පළපුරුද්දක් තිබුණෙ නැහැ. වැඩ පුලුවන්. IT Diploma එකක් තියෙනවා. Qualification අවුලක් නැහැ. Engineering Clark පළපුරුද්ද තිබුණා ඉස්සෙල්ලා කරපු ජොබේ. ඒකෙන් අයින් වුණේ පඩි මදි, ඉරිදත් වැඩ නිසා. පහළ තියෙන්නෙ අවුල වුණ Company එකේ Job Advertisement එක මීට අවුරුද්දකට කළින් දාළ තිබ්බ.
![]()
Interview කරනකොට මම පඩියක් කතා කරන්න හැදුවත් කතා කරන්න දුන්නෙ නැහැ. එදා මට වැඩිය කතා කරන්න දුන්නෙ නැහැ. මන් කියන්න හදනකොට මොනවා හරි කිව්වා. 15 ක් දෙන්නම් කියලා, මාස 03 කින් පඩි වැඩි කරන්න පොරොන්දු වුණා. ඉස්සෙල්ලා එකෙත් දුන්නෙ 15 නිසා, ජොබක් හොයා ගන්නත් අමාරු නිසා, ඒ වෙනකොට ජොබක් තිබුණෙත් නැති නිසා, ළගත් නිසා, සෙනසුරාදා වරුවක් වැඩ ඉරිදා නිවාඩු නිසා කැමති වුණා කරන්න දෙයක් නැතිකමට.
වැඩ කරගෙන යනකොට අමතර වැඩ දාන්න ගත්තා හිමිහිට. Stock Taking එකක් එහෙම අනිවාර්යෙන් කලා හැම මාසෙම 01 වෙනිදාට. තව IT වලට කිසිසේත්ම අයිති නැති Stores Functions කරන්න කියන්න ගත්තා. මාත් බැහැ කියන්නෙ නැතුව කරන්න පුලුවන් ටික කරලා දුන්නා. ඔහොම ටික දවසක් යනකොට ඒකෙ තියෙන Warehouse එකේ ඉන්න Finished goods බලන Store Keeper අයින් වෙන්න ඕනි කිව්වා. වෙනම එකෙක් හිටියා Stores වල Raw Matirials (RM) පැත්තට. උන්ට ලොකු වැඩක් නැහැ. හැබැයි වගකීම වැඩියි. පඩිය 17500 + 2500 (Allowance) + OT තිබුණෙ. 25ක් ගන්නත් අමාරුයි උන්ට. OT එහෙම වැඩි නම් 5000 ක් තිබුණොත් 3000 ක් ගෙවන්න කියලා Note එකක් දාළ එවනවලු. මිනිහම කතා කරලා ඉන්න කියලා, ඇරලා දානවා OT එකටත්. 2500 Allowance එක දෙන්නෙ Duty List එකක් තියෙනවා Due dates දාළා. ඒක හරියට කළොත් තමයි. ස්ථිර හැමෝවම වෙන වෙනම Interview කරනවා Allowance එකට.
අයින්වෙනවා කිව්ව Store Keeper ව මුලින්ම Interview කරනකොට Basic 25000 ක් දෙන්නම් කියලා පොරොන්දුවෙලා. ඒත් ඇවිත් ගත්ත පළවෙනි පඩියෙ Basic 17500 තිබිලා තියෙන්නෙ. ඒ ගැන සැරින් සැරේට ගිහින් කතා කළාට ලබන මාසෙ දෙන්නම් කියලා ඒ වෙලාවට ෂේප් කරලා දාළා. Appointment Letter එකේ 17500 දාළ තියෙන්නෙ. වචනෙ විශ්වාස කරලා අවුරුද්දක් ඉදලා කොච්චර ඇහුවත් දෙන්නෙ නැති නිසා, යන්න ගියා. යනකොට උගෙ අන්තිම පඩිය කැපුවා. දෙන්නෙ නැතුව ඉන්නයි හැදුවෙ. ඌට වුණ කේස් එක මේකයි.
Stores වල Loading & Unloading කියලා එකක් තියෙනවා. දවසක් මූ යන්න හදනකොට ලොක්කා කතා කරලා කියලා, හදිස්සි Loading එකක් තියෙනවා, කවුරුත් නැති නිසා කරන්න කියලා. RM Store Keeper ගෙ වගකීම තමයි Loading & Unloading. ඌ හරියට 5 ට යන්න ගිහින්. Finished goods බලන Store Keeper කියලා ලොක්කගෙ හැටි දන්න නිසා කරන්න බැහැ කියලා. වගකීමක් බාරගන්න බැරි නිසයි එහෙම කියලා තියෙන්නෙ. මහ එකා කියලා ඔයා වගකීම ගැන කිසිම ගැටලුවක් කරගන්න එපා, බය නැතුව කරන්න මමනෙ කියන්නෙ කියලා. වචනෙ විශ්වාස කරල, අන්තිමට වැඩේ කරලා.
ඒ කරපු Loading එකේ යවපු ඒව වලින් Case එකක් අඩුවෙලා යවපු තැනට යනකොට. ඌ හරියට යවලා. අතර මගදි මොනව හරි වෙලා තියෙන්නෙ. උගෙ අන්තිම මාසෙ පඩිය නොදී තියාගන්නයි හැදුවෙ. අයින් වෙලත් මාස ගාණක් ඇදලා ඇදලා, කතා කරන කොට, අන්තිමට නොදී බැරිවෙනකොට දුන්නා 3000 ක් ද කොහෙද අඩු කරගෙන.
අරූ ගිය නිසා, RM Store Keeper ට ලොක්කා කියලා Finished goods බලන්න කියලා. ඌ බැහැ කියලා. බාරගත්තෙ නැහැ. බැලුවෙත් නැහැ. ඔහොම ඉන්නකොට මගෙ ඇගේ ගහන්න ඉදලා තියෙන්නෙ, වෙන කෙනෙක් කියලා මන් ආවෙ IT වලට, ඕක දුන්නොත් අස්වෙලා යයි කියලා. මට වටෙන් වටෙන් එනකොට තේරුණ නිසා, මන් කිව්වා මන් නම් බාරගන්නෙ නැහැ, යනවා යන්න කියලා. ඒක තමයි කියලා තියෙන්නෙ.
කෙනෙක් නැති නිසා Finished goods පැත්ත හොදටම අවුල් වෙලා තිබුණෙ. එකෙක් ඇවිත් දවස් 04 න් ගියා. තව එකෙක් ඇවිත් මාසෙන් ගියා. ඔහොම ටික දවසක් යනකොට ඔය ගැන ටික ටික මගෙන් අහන්න ගත්තා Stock Taking එක කරන නිසා. මන් හැම මාසෙම පළවෙනිදට ගත්ත රිපෝට් එක දීලා හිටියා.
RM Store Keeper පට්ට ඇම්ඩා මාතර පැත්තෙ ඩයල් එකක්. අපේ Tally කියලා System එකක් දුවනවා. ඒකට Stores එකෙන් ගන්න ඒවා එහෙම System අඩු කරන්න, එකතු කරන්න ඕනි. MRN, FGTN කියලා දෙකකින් ඒව වෙන්නෙ. තව ගොඩක් ඒව තියෙනවා. ඒව කළේ අයින්වෙලා ගිය එකා. RM Store Keeper කියනවා ඌ දාන්නෙ RM විතරයි කියලා System එකට. ඔහොම ටික දවසක් ගිහින් මූ දාන ඒවත් වරද්දන්න ගත්තා. ඕනි කමින්මයි කළේ. දන්නෙ නැහැ කියලා බොරුවට පෙන්නන්න කළේ. අන්තිමට මූ ලොක්කට කියලා කොහොම හරි ඒ ඔක්කොම මට කරන්න දැම්මා GRN, Deliver Note කියලා දෙකක් නැතුව අනිත් අමාරු Stores එකෙන් කරන්න ඕනි System දාන ඒවා කළේ මම. හරියට යන්න ඕනි නිසා, මාත් කරන්නම් කියලා බැහැ නොකියා බාරගත්තා.
ඌ පෞද්ගලිකව ලොක්කව අදුරනවා. කේලම් කියනවා. මාර ම කපටියි. මගෙන් System එකත් එක්ක Physical තියෙන Variance report එකක් Value කරලා ඉල්ල ගත්තා හැම මාසෙම ලොක්කා. ලොකු Variance තිබුණා. ඒව දැකලා බයවෙලා. RM Store Keeper ට දැන් වැඩ අඩු නිසා, වෙන කවුරුත් කරන්නෙ නැති නිසා Finished goods ඇතුලුව මුලු Warehouse එකම මූට බාර ගන්න කියලා, බැරි නම් යන්න කිව්වලු. ඌ බාරගන්නම් කියලා Stock Taking එකක් අරගෙන මගෙත් එක්ක, බාර ගන්නෙ නැතුව ඉදලා වෙන එකක් හොයාගෙන, යන අන්තිම දවස වෙනකන් බොරු කිය කිය ඉදලා යන්න ගියා. ඌ යනකොට කරපු අන්තිම Stock Taking එකේ Variance තිබුණා. ඒත් උගෙ මුලු පඩියම කිසිම අවුලක් නැතුව දීල දැම්මා. Variance ගැන Finance එකෙන් කතා කලහම නැහැ ඒකෙ Variance නැහැ කියලා ලොක්කා අරූව යැව්වා. මිනිහට අවුලක් නැත්නම් අපිටත් මොකෝ කියලා Finance එකෙන් Figures ටික තියාගෙන හිටියා.
දැන් බොරුවට Interview කරනවා, කාව වත් ගන්නෙ නැතුව ඇද ඇද තිබුණා මාස ගාණක්. Meetings වලදි එහෙම කියන්න ගත්තා මගෙ වගකීමක් Stores බලන එක කියලා. මන් කොහොමත් බාරනොගන්න නිසා කටවහගෙන හිටියා මුලින්. එහෙම ඉන්න ඉන්න බැරිම වුණා අන්තිම වෙනකොට. මාත් කතා කරන්න ගත්තා ඒක මට අදාළ නැහැ කියලා. අමුතු අමුතු ටෝක් දෙන්න ගත්තා අදාළ නැහැ, අයිති නැහැ මගෙ වගකීමක් නෙමෙයි කියන්න බැහැ කියලා. මාත් කිව්වා මගෙ Path එක IT, උදව්වක් වශයෙන් කරන්න පුලුවන් දේවල් කරලා දුන්නෙ. බාරගන්න බැහැ කියලා කිව්වා. තියෙන වැඩත් එක්ක කරන්න බැහැ ඇත්තටම. ඒත් හරියන්නෙ නැහැ. දිගටම අහන්න ගත්තා දැන් කොහොමද, අර රිපෝට් එක හදල එවන්න කිය කිය Stores වල දේවල්ම ඉල්ලන්න ගත්තා. මාත් කෙනෙක් නැති නිසා ගන්නකන් කරන්න පුලුවන් දේවල් කරලා දුන්නා වගකීමෙන් බැහැරව.
2016.01.15 ට මාස 06 යි. මන් ස්ථිරයි. Confirmation Letter එක හම්බවුණා. IT Executive කියලා ගත්ත මන් IT Officer අන්තිමට. මාස 03 න් වැඩි කරනවා කිව්ව ඒවා මොකුත් නැහැ. කිහිපවතාවක්ම කතා කළාට වැඩක් වුණේ නැහැ. 2500 Allowance එකක් දෙනවා කියලා අර ලියුමෙ දාළ තිබුණා. ඔන්න දැන් 2016.02.15 මට Duty List එකක් එවලා තිබුණා. කළින් Duty List එකක් ඉල්ලුවට දුන්නෙ නැහැ. මේ පහළින් තියෙන්නෙ ඒක. මේක තියෙන වැඩයි, කරන වැඩයි බැලුවහම මොන රෙද්දක් ද කියලා හිතුණා. IT Executive කියලා ගත්ත මන් දැන් IT Officer වෙලා. මේකෙ Stores & Finance Clark වෙලා.
![]()
Meeting වල දි දිගින් දිගටම කිව්වා Mail වලින් වැඩ කරන්න කියලා කට්ටිය Call කරන නිසා. Staff එකෙත් 09 ක් වගෙයි ඉන්නෙ. මහා ලොකු Company එකක් නෙමෙයි. ලොක්කා Office එන්නෙ සතියට දෙපාරක් වගේ. ලොක්කා වෙන තැනක Factory Manager කෙනෙක්. අපි වැඩ කරන එක එයාගෙ පෞද්ගලික Company එක. මන් මේ පහළ තියෙන විධියට මට අදාළ නැති ටික මාක් කරලා 2016.02.16 Mail එකක් දැම්මා.
![]()
![]()
මන් Mail එක යවන්න දවස් 02 කට වගේ ඉස්සෙල්ලා, Finance Executive ගෙ අතින් Company mail එකෙන් වෙන Company එකක Accounts ලොක්කටම ගිහින් වැරදිලා. ඕකට ලොකු කේස් එකක් ඇදිලා Finance Executive ට බැන්නා සැරටම. එයා ලොක්කාගෙ හොර වැඩ ඔක්කොම දන්නවා. අවුරුදු 06 ක් විතර දැන් තියෙන Company එකේ. දැන් එකට එන්න කළින් වෙන Company එකක අවුරුදු 12 ක් විතර වැඩ කරලා තියෙනවා ලොක්කත් එක්ක.
Basic 27500 ට ඉන්නෙ Finance Executive. එකට එකත් කියනවා ලොක්කත් එක්ක. වැඩක් කිව්වහම වෙලාවක් නැහැ කියල මග ඇරලා දානවා. බෝල් පාස්. ඒකෙ ඉන්න කිහිප දෙනෙක් අවුරුදු ගාණක් වැඩ කරලා තියෙන නිසා ලොක්කත් එක්ක, ගේමෙන්මයි ඉන්නෙ හැම වෙලේම. අන්තිම තැනට ඇවිත් තියෙන්නෙ ඒ කට්ටිය ලොක්කත් එක්ක වැඩ කරලා.
Finance Executive ගෙ Assistant ට දවසක් Bank Account එකක ලොකු ගාණක් තියෙනවා අහුවෙලා. ඒක ඉස්සර දැකපු එකක් නෙමෙයිලු. කාටවත් කියන්න එපා කියලා එක වහල එතනින්. ලාබෙ තනිකරම තිබුණ කියන්නෙ ඒකෙ. පාඩුයි වහන්න ඕනි කිය කිය දුවන්නෙ. අමු ම බොරුව කරන්නෙ.
මගෙ Mail එකට 2016.02.19 මට හදිස්සියෙම Meeting එකක් තියලා කතා කරලා “ I’m not a Store Keeper “ කිව්වා කියලා කේස් එක ගොඩක් ලොකුවටම ඇද්දා. ඕනි දෙයක් කතා කරලා කරගන්න පුලුවන් මගෙත් එක්ක, විනය අතින් අන්තිමයි කියලා, Documents ටික Hand Over කරලා, හොදට හිතලා තීරණයක් අරගෙන සතියකින් ඇවිත් හම්බ වෙන්න කිව්වා. ඒ වෙනකන් එන්න ඕනි නැහැ කිව්වා Office. කියන්න ඕනි දේ කෙළින් ම Mail කරපු එක වැරදියි කියලා අන්තිමට මුලු වැරැද්දම මගෙ පිටට දැම්මා. අදාළ නැති දේවල් කරන්න කිව්ව එක ගැන මොකුත් නැහැ. මාත් ඇර ගන්න ගියෙ නැහැ කට වහගෙන හිටියා එදා.
මේක මගෙ විෂයට අදාළ දෙයක් නෙමෙයි කියන්න පුලුවන්. ඒත් ඉන්නව නම් කියන ඕනිම දෙයක් කරන්න ඕනි කියන එක තමයි කිව්වෙ. ඒ කියන්නෙ පු* හෝදන්න කිව්වොත් ඒකත් කරන්න ඕනි කියන ගානට කිවවෙ.
ගන්නකොට කිව්වෙ නැහැ. ඒව කරනවා කියලා පඩියවත් වැඩි වෙන්නෙ නැහැ. පඩිය ගැන කතා කරනවට වත් කැමති නැහැ. තනිකරම බොරුව කරන්නෙ පාඩුයි කියලා. වහනවා කියනවා, ඒත් කවදාවත් වහන්නෙ නැහැ. බෝනස් එකක් දෙන්නෙ නැහැ. දීලත් නැහැලු කවදාවත්. Salary increment එකක් නැහැ ඉන්න අයට අවුරුදු 03 කින්. කොහොම හරි වැඩේ කරගන්නයි මදන්නෙ. ලොක්කම කියල මමනෙ කියන්නෙ බය නොවී කරන්න කියලා, පොඩ්ඩ මිස් වුණ ගමන් ජරාම විධියට පඩියෙන් කපලා දානවා, හොයන්නෙ බලන්නෙවත් නැතුව. කරපු කෙනාට අදාළ දෙයක් වුණත් නැතත් දෙනවා Deduction එක. ඒ වගේ මහ ජරාම වැඩ තියෙන්නෙ.
මන් Resignation දීල යන්න හැදුවෙ. ඉන්න අය කිව්වා සතියකින් ආවත් අද කිව්වත් එකයි. මට ගිහින් කතා කරන්න කියලා. මාත් ඉතින් ආපහු ගියා. දැන් හිතෙනවා අපරාදෙ ඕකගෙ ළගට ගියෙ කියලා. ගිහින් කිව්වා ඒ වචනෙ වැරැද්දක් තියෙනවා නම් Sorry, එච්චර ලොකුවට හිතලා එවපු එකක් නෙමෙයි, මගෙ තියෙන වැඩත් එක්ක කරන්න අමාරුයි. Stores මන් කරලත් නැහැ, ඒ නිසා කරන්න බැහැ ඒක කිව්වෙ කියලා. පොර නිකන් අමුතු විධියකට හිනා වෙලා, 2016.02.23 එන්න කිව්වා.
එදා හවස 3 වෙනකන් රස්තියාදු කරලා, සියලුම සිදුවීම දාල සමාව අරගන්නව නම් අරගෙන ලියුමක් ලියාගෙන එන්න කියලා. මන් Resignation දුන්නෙ නැති නිසා, කෙළින්ම ඇහුවා Office එන්න ඕනි ද හෙට ඉදල කියලා. එන්න එපා කිව්වා. ලොක්කා ආපහු එන දවසක කතා කරලා ලියුම අරගෙන ඇවිත් හම්බවෙන්න කිව්වා.
කොහොමත් ආපහු ගන්නෙ නැහැ. පදිරි වෙන්න ආපහු යන්නෙත් නැහැ. ලියුම ගත්තොත් ඌට වාසියි. වරදක් නැතුව ලියුම් දෙන්න අවශ්‍ය නැහැනෙ.
මේ මාසෙ පඩියත් ගන්න තියෙනවා මට. ඒකටත් වැඩේ දෙයි. 13 ක් විතර ඇති EPF, ETF 1300 ක් විතර කැපිලා එනකොට. OT තියෙනවා කිව්වට ඉන්න දෙයක් නැහැ. පඩිය නම් තේරුමක් නැහැ. මට එන්න එපා කියලා ලිඛිතව නෙමෙයි කිව්වෙ. කිව්වෙ නැහැ කියලා කියන්නත් පුලුවන්. ඒවගේ ඩයල් එකක්. මන් ඇබ්සන් වුණා කියලා ඌට චාන්ස් එක ගන්න පුලුවන් එතනින් මේ ටිකේ ම ගියෙ නැති නිසා.
මන් නම් සමාව ගන්නෙ නැහැ ලිඛිතව. එතකොට මගෙ වැරැද්ද වෙනවා. කෙළින් කතා කරපු එක වැරැද්දක් කියලා මට නම් හිතෙන්නෙ නැහැ. ඌ ජරා වැඩේ කරලා, මට අදාළ නැති ඒව කරන්න කියලා, අන්තිමට මුලු වැරැද්දම මගෙ පිට දාල දැන්. මගෙන් EPF, ETF කපලා තියෙනවා. Pay sheet තියෙනවා. ඒත් තාම B Card එකවත් හැදුවෙ නැහැ.
Stores වල මීයො කාපු කෑම, Expire වෙලා Market return ආව Products තියාගෙන ඉන්නවා විනාශ නොකර. කිව්වහම ඒව අයින් කරන්න ඕනි නැහැ ආපහු හදල යවන්න පුලුවන් කියලා. Damage සහ Expire වුණ සමහර Products තියෙනවා Sellable තත්වෙන් Stores වල. කරන්න පුලුවන් ගොඩක් ඒව ආපහු Repack කරලා මාකට් එකට යවනවා. බර අඩුවෙන් යවනවා. හොර වැඩ තියෙනවා.
ඌ මෙන්න මේ වගේ ඩයල් එකක්. මුලින්ම Security ජොබ් එකක් කරලා තියෙන්නෙ. දැන් ඔය ඉන්න තැනට ඇවිත් තියෙන්නෙ කට්ටිය අදුරගෙන. Insurance කරලත් තියෙනවා. සුපිරිම කුණෙක් තමයි මන් මෙච්චර කාලෙකට දැකපු. සල්ලි ලෝකෙ අතරමන් වෙලා. සේවකයන්ට සාධාරණ පඩියක් ගෙවන්නෙ නැහැ. Interview එකේ දි පඩියක් පොරොන්දු වෙලා, ඒ විශ්වාසෙන් වැඩට එන එකාගෙ පඩියටත් ගේම ගහනවා. මුල සිට බොරුව කරන්නෙ. කිසිම මනුස්සකමක් නැහැ. අම්මට හරියට සලකලා නැහැ. මැරුණහම දානෙවත් දීල නැහැලු. බොරු කියනවා හොදටම. නිහතමානී නැහැ පොඩ්ඩක්වත්. උඩින් එකයි යටින් එකයි. කෙනෙක්ට එකක් කියලා, අනිත් කෙනාට තව එකක් කියනවා. කෙළින් තීරණයක් ගන්න බැහැ. ආත්මාර්ථකාමීකමේ උපරිමේට ගිය ඩයල් එකක්. තමන්ගෙ ගෑණිට, ළමයට හරියට සලකන්නෙ නැහැ. හරියට ඉගෙන ගත්ත එකක් නෙමෙයි. ඉංශ්‍රීසි නම් ටිකක් පුලුවන්. හිතන් ඉන්නෙ එයා හැමෝවම අන්දල තියෙන්නෙ, හෙන පොර කියලා. මේක කිව්වෙ චරිතෙ ගැන දැන ගන්නයි.
වෙන Company එකක Accounts හදල යවපු Mail කේස් එකට Finance Executive ව යවන්න බැරි එකට ඇරියස් එක මගෙන් තමයි ඇල්ලුවෙ. එයා යැවිවොත් ඒ තරම් අඩු පඩියකට කෙනෙක් ගන්න අමාරුයි. මුගෙ හොර වැඩ ඔක්කොම දන්නවනෙ. ඒ වාසි අවාසි තමයි බලන්නෙ. මට වගේ Staff එකේ කෙනෙක්ට බොරු හේතුවක් ඇදලා මේ විධියට දැන් කළහම අනිත් අය ඔක්කොම Control වෙනවනෙ. අනුන්ගෙ වැරදි වලට අහක ඉන්න මම පළි නැහැනෙ. මෙච්චර කාලයක් කරලා තියෙන්නෙ ටික කාලෙකට අඩු පඩියට බොරු කියලා, කෙනෙක්ව අරගෙන මොනම හරි ලෙඩක් ඇදල, බැරි වෙනකොට එපා කරවලා යවන එකයි. එහෙම කළහම වැඩ ටිකත් කෙරිලා. තව පැති ගොඩකින් ලාබයිනෙ උන්ට.
මට ඉස්සෙල්ලා IT වලට හිටපු එකාගෙ අන්තිම මාසෙ මුලු පඩියම දිල නැහැ. හේතුව Password වගයක් දුන්නෙ නැහැ කියලා. ඒක බොරු හේතුවක්. කිසිම දෙයක් වෙනස් කරල නැහැ තාමාත්. Default තියෙන්නෙ. මොකක්ම හරි හේතුවක් හදලා පඩියට නම් අරිනවමලු යන 99% ගෙ. කළින් හිටපු Cashier තාත්තත් නැති, අම්මා එකතැන අසනීපෙන් ඉන්න කෙල්ලෙක්. ඒ කෙල්ලගෙ අනිතිම මුලු පඩිය ම රු. 12500 ක් තියාගෙන බොරු හේතුවක් හදලා. ඒකෙන් තමයිලු ඒ කෙල්ල අම්මට බෙහෙත් අරගෙන දෙන්නෙයි, ජීවත් වෙන්නෙයි. ඇහුවහම බොරු හේතු ගොඩක් කියනවලු තාමත්. මොනව ම හරි හේතුවක් හදනවලු. මේ මම දන්න දේවල් ටිකක්. ඒවගේ Hold කරගත්ත Salary විතරක් වෙනම Rs. 180000 ක් වගේ ගානක් ආසන්න වශයෙන් තියෙනවලු. වැඩේ කියන්නෙ එකෙක්වත් පැමිණිල්ලක්වත් කරන්නෙ නැති එකයි.
මට මූව හිර වෙන්න ම ගේමක් අදින්න විධියක් කියපල්ලකො දන්න කෙනෙක් ඉන්නව නම්. කරන දෙයක් ඉක්මන්ට කරන්න ඕනි. රිදෙන්නම දෙන්න ඕනි මට මේ කරපු බලු වැඩේට. යන එන වෙලාවක් බලලා මොනව හරි කරන්න පුලුවන්. දත් දෙකක් ගලවන්න කියල ඉන්නෙ මතක හිටින්න හොදට. ඒත් ඊට වැඩිය රිදෙන්නම දෙයක් කරන්න ඕනි ඕකට ආපහු කාටවත් නොකරන්න මේවගේ දෙයක්.
oyata thiyanawa neda job description ekak adumagane appointment letter eke tiyanawa neda duties & responsibilities kiala section ekak.. mn hithanne athi... oya dala tiana tikath tiaganna.. resignation eka denna salary eka illanna resignation letter eke reason karanna oyata galapenne nathi JD eken pita jobs karanna denne kisima additional payment ekak karanneth naha kiana eka (man dnna widihata puluwan aduwen Idle tiana ekata wagema wadi pura wada ganna ekatath sue karanna labour law anuwa.. ahanna danna kenekgen hodatama) e deelath dunne naththam yanna Labour tribunal ekata complaint karanna. e wagema ETF EPF dalada balanna department eken ahala...
Food process karana thanaknm ithin consumer authority ekata hari complaint karanna puluwanne mehema jara kama hadanne kiana eka
oya company eka kohomath hoda naha ain wela wena thanak balanna hoda thanak labewi. all the best

go to labour department (narahenpita)
gihin oka kiyanna unta lawyer kenek eyalama allala umbata laksha ganak aran dei//
and oya asadaraneeta lakwechcha anit ayawat set karaganna
company eke tiyagena inna parana,damage,expire foods gena consumer authority ekata oththuwak deepan horen tiyena place ekkama okun hedigewila yanna.company ekath expose karapan ban.ethakota tawa ekek unta ahu wena ekak nethiwei.
උඹේ prmnt letter එක තියෙනවා නම් අවුලක් නැ..කාවවත් එහෙම තමන්ගේ හිතුමානාපේට අයින් කරන්න බෑ. වරදක් නම් ලිඛිතව දන්වන්න ඕනේ..දැනුම් දිමකින් තොරව නිවාඩු ගියත් අයින් කරන්න කලින් අනතුරු අඟවලා ලිඛ්තව එවන්න ඕනේ...උඹ කිව්වා වගේ පොරක් නම් අනිවා ඌ EPF ETF කැපුවට ඌ යටි මඩි ගහන් ඇත්තේ..check කරලා බලපන් හරියට කපපු ටික වැටිලද කියලා..ටිකක් බර අත්තක් සෙට් කර ගනින්..සේසතම විකුණලා ඌට පාරට බහින්න වෙන්නේ..
Bump
Ubata sadaranayak wenna kiyala hithanawa.

ඔය වගේ එලොපු උන් අල්ලාගෙන නඩු දානවා කියලා හිර කරපන්..ප්ලිසියේත් පැමිණිල්ලක් දාපන්

Athaarinnepa machan.![]()

Dan case eka harida?

BOI එකට ගිහින් මේ ගැන කියන්න පුළුවන් ඔයාට උදව් කරයි අනිවා

eliyata giyoth okata nemei lokkata serama kiyala palayan aniwama
puluwan nam case ekak file karahan
