ලොකු උදව්වක් ඕන මචන්

TrueTalk

Active member
  • Jun 4, 2017
    392
    124
    43
    අපේ නෑදෑවෙන මල්ලි කෙනෙක් කුඩු වලට ඇබ්බැහි වෙලා. ගෙදර අයටත් කරදර කරනවා. ගෙදර බඩු පොලොවේ ගහලා ලොකු කලබල කරනවා ඉන්න බෑ කියලා. අවට ගෙවල් වලටත් කරදරයි. මූව පොලීසියෙන් ගෙනියන්න කලින් මොකක් හරි පුණරුත්ථාපන මද්‍යස්ථානයක් නැද්ද යවන්න. ලොකු උදව්වක් බන්
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Hot line එක්ක තියනවා බං ඔහොම අයට උදවු කරන්න. මට Number එක මතක නෑ.

    Sri Lanka Sumithrayo එකත් උදවු කරනවා.

    Update!
    National danger drug control board. ආණ්ඩුවේ එකක්.
    Number එක 1984. Call එකක් දෙන්න.
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අපේ නෑදෑවෙන මල්ලි කෙනෙක් කුඩු වලට ඇබ්බැහි වෙලා. ගෙදර අයටත් කරදර කරනවා. ගෙදර බඩු පොලොවේ ගහලා ලොකු කලබල කරනවා ඉන්න බෑ කියලා. අවට ගෙවල් වලටත් කරදරයි. මූව පොලීසියෙන් ගෙනියන්න කලින් මොකක් හරි පුණරුත්ථාපන මද්‍යස්ථානයක් නැද්ද යවන්න. ලොකු උදව්වක් බන්


    mcn hamuduruwo karana thana tynwa bn hriytama place eka mathaka na habai ethanm nm hodai kyl ahala tynwa bn

    BUMPER
     
    • Love
    • Like
    Reactions: NRTG and TrueTalk

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    policyata gihin complain ekak daanna
    ethakota leeshiyenma punaruththaapana ekakata daanawa
    hebei daanne boho welaawata 14 days

    ahapahu eddi
    maasa 6k wath niwaasa adassiye thiyanna puluwan wenna kaamarayak hadala thiyanna kiyanna
    furniture okkoma ain karala padurak/mattayak vitharak daala (hira kuuduwak wage)
    athulema sarala bathroom ekak ekka
    eliyata yanna kisima paarak nethuwa
    eeken eliyata ganeema nethuwa maasa 6k thiyala thiyanna
    kanna bonna denna podi janel keellak thiyala

    nathnam aayama dawas 14n ooka punaruththaapanaya wenenne ne
    aayeth shape eke ooka karanawa
     
    • Like
    Reactions: NRTG and TrueTalk

    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    පොලිස් කේස් දානවට කැමති නෑ බන්. පොඩි කොල්ලෙක් නේ.
    කොටු කරලා තියන්න අමාරුයි. මූ අතපය හූරගන්නවා ලේ යනකම්. ඉන්නම බැරි උනාම
     
    • Sad
    Reactions: NRTG

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    අපේ නෑදෑවෙන මල්ලි කෙනෙක් කුඩු වලට ඇබ්බැහි වෙලා. ගෙදර අයටත් කරදර කරනවා. ගෙදර බඩු පොලොවේ ගහලා ලොකු කලබල කරනවා ඉන්න බෑ කියලා. අවට ගෙවල් වලටත් කරදරයි. මූව පොලීසියෙන් ගෙනියන්න කලින් මොකක් හරි පුණරුත්ථාපන මද්‍යස්ථානයක් නැද්ද යවන්න. ලොකු උදව්වක් බන්
    පොලීසීය හරහා තමා පුනරුත්තාපනයට යොමු කරවන්න ඕනී..
    පුන්රුත්තාපන ක්‍රියාවලියට උනත් හැම එකාම හැදෙන්නේ නෑ..
    ගොඩක් එවුන් හැදුනා වගේ පෙන්නලා ආයේ එලියට ඇවිත් පෙර සේම වැඩ කරනවා. :baffled:
    පුන්රුත්තාපනයෙන් හැදුනේ නැත්තම් කෙලින්ම හිර ගෙදරට තමා යවන්නේ..
    ඊට පස්සේ ඉතින් කොහොමත් ගොඩ ගන්න බෑ..:rolleyes:

    හොදම දේ පොලීසියට බාර දෙන එක තමා..
    එහෙම නැතුව නම් අමාරුයි.
    ටිකක් හරි බය වෙන්න පොලීසිය ඕනී එහෙම නොඋනොත් ඊලගට මිනීමැරුමකින් කෙලවර වෙයි :confused:
     
    • Like
    • Sad
    Reactions: TCB Rox and NRTG

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මම නම් දෙන්නෙක් ගොඩ දාල මහා ලොකු පිනක් කරගත්තා මචන් . කල විදිහ කියන්නම්. මේක උනේ 2009.
    ඒ කියන්නේ අපේ යක්කු කාලේ. අපේ සැට් එකේ හිටියා තිස්දාහක් විතර්. අය්යල දෙන්නෙක් වගේ හිටියේ . ඊළගට ලොකු සෙට් එක අපේ සෙට් එක. අපිට පල්ලෙහා කොල්ලෝ සෙට් තුනක් විතර හිටියා. ඔක්කොම උන් කියන එක අහනවා අකුරට. බොන්න පුළුවන් අරක්කු සහ ජොයින්ට් එක පමණයි. එතනින් එහා යන උන්ට මහා පරිමාන දඩුවම්. ටික කලක් යනකොට දෙන්නෙක් වැටෙන් පනිනවා වගේ දැනුනා. එකෙක් පරවියා සහා අනිකා මංජු මල්ලි. පරවියා කියන්නේ AL මැතට A එකක් තිබ්බ පට්ට හැන්ඩි කොල්ලෙක්. බලාගෙන යනකොට වැඩේට සෙට් වෙලා. පරෙය්යා අවිස්සාවේල්ලේ. උ මෙහෙ ඉන්නේ මාමගේ ගෙදර . ටික දවසක ඉදන් එහේ යන්න ගත්තා නිතරම. අපි හිතුවේ කෙල්ලෙක් ලයින් කරනවා ඇති කියල. පස්සේ මුගේ මීටර් අව්ල් ලයින් එක තෙරුනා .

    මගෙත් එක්ක හිටියා පුෂ්පේ කියලා දල ඩයල් එකක්. අපි දෙන්නා කතා වෙලා ගෙන්නා ගත්තා පුෂ්පේ ගේ ගෙදරට. උ තනියම එහෙ ඉන්නේ. මුලින්ම ඇහුවා ශේප් එකේ. පස්සේ ගැහුවා මුගේ මුණ පලේනකන්ම. පස්සේ මු අඩ අඩා ඇත්තම කිව්වා. මුලින්ම කලේ මුට දුන්න උන්ට අවිස්සාවේල්ලට ගිහින් සලකලා අවා .සෙට් එකම පොලිසියට අල්ලලා දුන්නා. මම කුදුවෙත් හිටියා.

    සතියක් විතර යනකොට මුව අල්ලගත්තා . අල්ලලා ගේ ඇතුලේ ඇදේ ගැට ගහලා තිබ්බා ගලවන්නේ නැතුව. ඒ වගේ තැනකට හාර්ට් ඇටක් තියන උන්ව එහෙම එක්කගෙන යන්න එපා. හිතා ගනිල්ලා සික් එකේ තරම. සික් එකට කුල් වතුර තමා දෙන්න ඕනේ . එකෙන් සික් එක පොඩ්ඩක් බහිනවා. එත් උගේ අවයව වලට හොද නැ . කෑම කොමත් කන්නේ නැ .එක නිසා ජිවනි එක්ක ග්ලුකෝස් දාල දෙන්න ඕනේ. රැ එළිවෙනකන් බැදලා තිබ්බා. රෑ තිස්සේ ඒක එකා එනවා කැ ගැහිල්ලට. පොලිසියෙන් අවා එක පස්සේ කියන්නම්.

    පහුවදා උදේම අයි 300 කැල්ලක් දෙන්න ඕනේ. නැත්නම් ඌ ඉවරයි. මොකද බෙහෙත් වලින් නෙමේ සික් එක කොන්ට්‍රෝල් කරන්නේ. එකෙන් පස්සේ මු කන්න ගන්නවා. කන්න දෙන්න ඕනේ හොදට. ආයි සික් එක හැදෙන්නේ රැ 7 විතර වෙනකොට. අන්න ඒ වෙලේට. ගස් බැදලා නා වන්න ඕනේ. මෙහෙම දවස් 3 කරනකොට බදු නැතුව හිනි බඩගින්නක් එනවා.උම ඉල්ලනකන් ඉන්න ඕනේ. එක තමා සික් එක කඩුනා කියන සයින් එක. එත් 40% විතර තමා. ඉතුරු ටික මානසිකව කඩන්න ඕනේ.

    කිසිම වෙලාවක දවල් ට සික් එක හැදෙන්න දෙන්න එපා. මොකද මහා පට්ට දවල අව්වේ හැදුනොත් ස්නායු පද්දතිය ඉවරයි. සහ වකුගඩු වලට සැහෙන්න හානියක් වෙනවා. මේක අහගත්තෙ ඩොක්ටර් කෙනෙක්ගෙන් පස්සේ. එකට තමා උදේම 300 දෙන්න ඕනේ. පස්සේ බය කරලා තියන්න ඕනේ. ගියොත් තෝව නෙමේ මරන්නේ තොගේ මල්ලි මරන්නේ. මොකද උත් මේ වගේ උනොත් උබලගේ අම්මා ඊට වඩා කැමති වෙනවා මල්ලි මැරෙනවා දකින්න. එහෙම කියල බය කරලා තිබ්බේ.


    ෆලෝ අප් එක තමා වැදගත්. සහ මානසික ගුණ්ඩු. මුට දෙන උන්ට අනිවා රිටර්න් එක දෙන්නම ඕනේ. දැන් උන්ට ගහන්න යන්න එපා. කෙලින්ම දන්නා කියන ආමි හරි CID එකෙක්ට හරි දීපල්ලා වැඩේ දෙන්න. මොකද උඩ කනෙක්ෂන් තිබ්බොත් උබලා ඉවරයි. මු අයි යන්නේ නැ . එත් අර පොට් එක මතක් උනොත් කෙස්. සහ උන්ට මුව හම්බෙන්න සෙට් උනොත් අයි පොලබවනවා. මු එක පාරක් ගිහින් තිබ්බා. අපි ගැහුවේ මොකුත් නැ . මුට කිව්වා උබ ගිය ටිකේ හිටි විදිහ මතක් කරගනින් කියලා. මුට මොලේ තියන නිසා ශේප් උනා.

    දැන් රට ඉන්නේ. අපිම සෙට් කරලා දුන්නා සව්දි ඉන්නේ. අපේ සජිත් අය්යා ඉන්නවා එහෙ. පොර එක්ක ඉන්නේ. අවරුදු 10 ක් විතර මතක විදිහට දැන් . තාම බැදලා නැ . මෙහෙට එන්න එපා කියලා තියෙන්නේ. අපිට මොනවද ඕනේ කියලා දවස ගානේ අහනවා. අව්රුද්දට එහෙම බේරිල්ලක් නැ . සත පහක් ගත්තේ නැ . පස්සේ මුට මල පනින නිසා කිව්වා ෂෙල් එක ලග පාරේ බුදු මැදුරට 5 ක් දීපන් කියලා. මු උද පැනලා එව්වා. ඉතින් බන් එකෙන් ලැබෙන මානසික තෘප්තිය මම හිතන්නේ නැ ගන්න පුළුවන් කියලා ලේසියෙන්. ඌ උගේ මල්ලි අම්මා තාත්තා උන්ගේ පවල් වල ඔක්කොම සතුටින් ඉනෙන් අපේ සෙට් එක නිසා.

    මෙහෙම දෙයක් කරන්න බය නැති වෙන්න ඕනේ. සහ උබලා බැදලා දරුවෝ ඉන්නවා නම් ඔය වගේ දෙකට යන්න එපා. පුනුරුත්තාපන යවන්න එපා බන් උව මානසික වහලෙක් වෙනවා. අපි සෙට් එක එක්ක උව තියාගත්තා නිසා උගේ මනස හොද පැත්තට හැරුනා. උම එක කිව්වා. රට යන දවසේ අපි දෙන්නව බදාගෙන ඇඩුවා . යන්න බැ කියලා. කෙල්ලෙක් වත් අඩන්නේ නැ එහෙම. උබලාම කල්පනා කරලා දෙයක් කරපන්. මේකෙන් ගන්න පුළුවන් දේවල් ගනින්. හැබැයි මේක දැන් තියන තත්වේ එක්ක මෙහෙම්මම කරන එක නම් මෝඩ වැඩක්.

    උව බෙරගිනින්