ලොකු කෙල්ල ඕලෙවල් පාස්.

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ලොකුදුව ඔලෙවල් පාස් කිරියනි. A විතරමයි. උපරිම රිසල්ට් ගත්තා. පට්ට සතුටුයි. මම වැඩක් කර කර ඉන්න ගමන්, කෙල්ල දුවන් ඇවිත් මාව බදන් පාස් තාත්තේ කියලා කිව්වා. මට ඇඩුනා ඕයි. සිරාවට. ළමයෙක් හදලා ඒ ළමයා ඉදිරියට යද්දි දෙමාපියන්ට මාරම සතුටුයි. අද මට තේරෙනවා මගේ අම්මා තාත්තා කොච්චර සතුටු වෙන්න ඇද්ද කියලා අපි ගැන.

    කෙල්ල ක්ලාස් ගියා. ඉංග්‍රිසි, කොමස්, විද්‍යාව විතරක්. ඉතිරි ඒවා එකකට වත් ගියේ නැ. අනිත්වා එයාම තනියමත්, පාසල් ගුරුවරන්ගෙනුත්, මමත්, ඉමොජි අක්කාත් කියලා දුන්නා.

    A/L බයෝ කරන්නැ කියනවා.කෙල්ලට දොස්තර වෙයන් කියන මානසිකත්වය අපි කවදාවත් මනසට දාලා නැ. කෙල්ල කැමැති ස්ට්‍රිම් එක කෙල්ල කරයි. කෙල්ලගේ කැමැත්ත.

    ආඩම්බරකාර පියෙක් කියලා හිතට දැනෙනවා බං. ඔය කරණ ⁣පොඩියට ශොට් එක දාන නරක වැඩත් නවත්තන්න ඕනා. දැන් වගකිම්සහගත පියෙක් වෙන්න ඕනා කලින්ට වඩා.

    බොක්කෙන්ම ආපු ඔක්කොම ලිව්වා. උබලා ඉතින් මගේ යාලුවොනේ.
    👏