ලොකු වැඩක් පෙන්නයි.... වාහනවල ඉෂ්ඨරූ වත් නියන්න බෑ....

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    Clean Sri Lanka ” ව්‍යාපෘතියට සමගාමීව ශ්‍රී ලංකා පොලිසිය මගින් රිය අනතුරු හා රථවාහන තදබදය අඩුකර ගැනීම සඳහා රථවාහන ව්‍යාපෘති දෙකක් ක්‍රියාවට නැංවීමට පොලිස්පතිතුමා විසින් උපදෙස් ලබා දී ඇත.



    මෙහි පළමු මෙහෙයුම මගින් රථවාහන වල විවිධ නාද රටා, විවිධ ර්වණ සහිත නිවෙන දැල්වෙන අමතර පහන් සවි කර ධාවනය, නීති විරෝධී සවි කිරීම්, ඝොෂාකාරී නලා සවි කිරීම්, අධික ශබ්ද සහිත සයිලාන්සර්, අනතුරු ඉහල යන ආකාරයෙන් අන්ත්‍රාදායක ලෙස අමතර කොටස් සවි කිරීම ඉෂ්ඨරූප සමගින් ධාවනය වන රථවාහන සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම සිදු කරනු ලබයි.



    දෙවන මෙහෙයුම මගින් උපාය දූතයින් යොදවා පොදු ප්‍රවාහන බස් රථ ධාවනයේදී රියදුරන් සිදු කරන රථවාහන වැරදි අනාවරණය කර ගැනීමෙන් පසු එම වැරදි සඳහා නීතිය ක්‍රියාත්මක කිරීම සිදු කරනු ලබයි.



    මෙම මෙහෙයුම් 2025.01.04 වන දින සිට 2025.01.19 වන දින දක්වා සති දෙකක කාලයක් රියදුරන් හා මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරන අතර, එහිදී රියදුරන් වෙත අවවාද කර දැනුවත් කිරීමට කටයුතු කරනු ලබයි.



    මෙම පළමු මෙහෙයුමට අදාලව රථවාහන වල සවි කර ඇති අමතර කොටස් එම කාලය තුල වාහන වලින් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස රියදුරන් හට උපදෙස් ලබා දෙනු ඇත.



    ඉදිරියේදී මෙම ක්‍රමවේදය නොකඩවා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන අතර එහිදී රථවාහන වල අමතර කොටස් සවිකර ධාවනය කරන හා පොදු ප්‍රවාහන බස් රථවලට උපාය දූතයන් යොදවා තොරතුරු ලබා ගෙන සිදු කරන වැරදි වලට අදාලව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව දන්වා සිටිමි.



    විනයගරුක රියදුරන් ලෙස මාර්ග හා රථවාහන නීති අනුගමනය කරමින් රිය ධාවනයේ යෙදෙන ලෙස ශ්‍රී ලංකා පොලිසිය සියලුම රියදුරන්ගෙන් ඉල්ලා සිටී.
     
    • Dislike
    Reactions: Naughty_kiththa

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    ක්ලීන් ශ්‍රී ලංකා දැන් ඩිජිටල් ශ්‍රී ලංකා වගේම තවත් එක විහිළුවක් වෙලා ඉවරයි :ROFLMAO:
    ත්‍රීවිල් වල ගහපු මේ පාර මාලිමාවට ස්ටිකරුත් ගලවනවලුද :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    Last edited:

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    ක්ලීන් ශ්‍රී ලංකා = අපිට බැහැ :ROFLMAO: 🤌
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,433
    113
    කෑගල්ල
    ඕවාට වඩා වාහන එලවන උන්ගේ මානසික මට්ටම තමා හදන්න ඕනේ, ගොඩක් උන්ට ඕක එක එක විදිහට බලපානවා.. මුන් කරන්නේ උන්ගේ මානසික මට්ටම තවත් පහළට දානවා.

    ඔක්කෝටම කලින් ජෙප්පොං කවුන්සලින් යවන්න වෙනවා.. :lol: :lol:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,258
    1
    16,124
    113
    Super වැඩක්.
    මොකක් කරත්, එක දිගට කරන්න ඕනේ..
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    පොදු ප්‍රවාහනයට ගන්නවා නම් අනිවයෙන්ම නියාමනය කරන්නම ඕනේ. කතා දෙකක් නෑ.

    හැබැයි පුද්ගලික වාහන සීමාවකට යටත්ව මොඩිෆයි කරන්න දෙන්නත් ඕනේ. එච්චරයි.
     
    • Like
    Reactions: Max_r

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,258
    1
    16,124
    113
    පොදු ප්‍රවාහනයට ගන්නවා නම් අනිවයෙන්ම නියාමනය කරන්නම ඕනේ. කතා දෙකක් නෑ.

    හැබැයි පුද්ගලික වාහන සීමාවකට යටත්ව මොඩිෆයි කරන්න දෙන්නත් ඕනේ. එච්චරයි.
    Tour yana bus wlata limited karanna danatamat chance eka දෙනව
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,874
    9,132
    113
    ulan bator
    මෙහෙමයි. ඔවා තිබ්බාම වාහනෙ බර වැඩි වෙලා තෙල් වැඩියෙන් පිච්චෙනවා . එකෙන් තෙල් අපතෙ යනවා වගෙම නරක වායු පිටවීම වැඩි වෙනවා. එවා ඔය වැඩෙන් පාලනය වෙනවා!

    ඔක මදි උනොත් ඊගාවට කාර්පට් ගලවනවා. එකත් මදිනම් සීට් . ලොරි වල නම් ලොරියෙ පස්සෙ ආවරන වගෙ එවා අයින් කරනවා!

    එවායෙ යන්ගමන් පාරට කුනු දාන් ගියාට කිසි අවුලක් නැ! කිසීම හානියක් නැ!.
     
    • Like
    Reactions: incest_cult

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    කලින් ත්‍රෙඩ් එකක clean sri lanka ගැන කියද්දී මිනිස්සුන්ගේ attitude හදන්න ඕන කියලා කිව්වම ඔස්ථාර්ලා කිව්ව ඒව කරලා හරියන්නේ නෑ දැඩි නීති ගෙනැල්ලා නීතියෙන් හදන්න ඕන කියලා... දැන් තියන නීතිය ක්‍රියාත්මක කරද්දී නාහායෙන් අඩනවා මෙහෙම බෑ ඔක්කෝටම කලින් මිනිසුන්ගේ මානසිකත්වය හදන්න ඕන කියලා...
     
    • Like
    Reactions: xengine and Max_r

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    472322299_902503932053733_4203574885264897523_n.jpg
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,648
    9,135
    113
    යද්දි ඕකුන්ගෙ සුදු යකඩ bar වල වැදිලා මලොත් හොදද 🙂 අර accident එකෙන් ගොඩක් මලෙ ඒක නිසා🤣 ඔයිට වඩා දෙයක් හොයමු ගෙවන්ඩ අමාරුයි
     
    • Like
    Reactions: KadawathaKolla

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    කොහම වුනත් මේ කරන වෑඩේ නම් හොද එකක්. මීට වඩා කරන්න දේවල් තියෙනවා කියලා කෙනෙක්ට හිතෙන්න පුලුවන්. ඒ වුනත් මේක නම් දිගටම කල යුතු වෑඩක්

    ත්‍රීවිල් කාරයන්ට බස් කාරයන්ට බයේ මේක නෑවෑත්තුවොත් ඒක ආණ්ඩුවේ බෑරිකම තමා. කලින් ඒවා රිවස් කලා වගේ මේකත් රිවස් කලොත් නම් වසලා හමාරයි
     
    • Like
    Reactions: xengine and ttj