ලොකු වෙඩින් නෑ (Sachith Peris)

Terra Nova

Well-known member
  • Jun 20, 2017
    329
    101
    83
    ලොකු වෙඩින් නෑ (Sachith Peris)

    ලොකු වෙඩින් නෑ, ආවේ නාමල්, DJ අරා එක්ක හොඳම යාලුවෝ 4යි සචිත් පීරිස් විවාහය කාටත් නොකී හේතුව ගැන ෆේස්බුක් ගිණුමෙන් හෙළිකරයි

    අද කාලේ වෙඩින් එකක් ගද්දි තියෙන්නේ අලුත්ම විදියේ ට්‍රෙන්ඩ් එකක්. සප්‍රයිස් වෙඩින් ප්‍රපෝසල් දෙනවා, ප්‍රී ෂූට් කරනවා, විවාහ ගිවිස ගන්නවා, අන්තිමට දවස් 2ක විතර ලොකු වෙඩින් එකකුත් ගන්නවා. සල්ලි තියෙන අය ඒ ඒ විදියට ඒ ඒ හොටෙල් බුක් කරනවා. සමහරු ණයවෙලා වෙඩින් අරන් ජීවිත කාලෙම ණය ගෙව ගෙව ඉන්නවා. ඒ දේවල් වලට අපි වැරැද්දක් කියන්නේ නෑ. මොකද තමන්ගේ ජීවිතේ තීරණ ගන්න ඕනි තමන්ට ඕනි විදියට මිසක් තවත් කෙනෙකුට ඕනි විදියට නොවන නිසා.

    හැබැයි මේ වගේ රැල්ලක් අතරේ වෙනස් විදියකට ළඟදි දවසක විවාහ ගිවිසගත්ත අපි ගොඩදෙනෙක් දන්න කෙනෙක් හිටියා. ඒ සචිත් පීරිස්. ලොකුවට වෙඩින් තිබුණේ නෑ, රට වටේ හැමෝටම කියලා තිබුණේ නෑ, ළඟින් හිටිය යාලුවෝ 4 දෙනෙකුයි, පවුලේ අයයි විතරයි ඔහුගේ විවාහ ගිවිසගැනීමට හිටියේ. සාක්ෂිකාරයින් විදියට අත්සන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂයි, අරවින්ද ලොකුගේ (DJ අරා) යි.

    සචිත් අතගත්තේ යශින්කා එක්ක. ඇය නම් කලා ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් නෙවෙයි. මීට දින 2කට කළින් සිද්ධවුණු මේ විවාහ ගිවිසගැනීම ගැන සචිත් පීරිස් ඔහුගේ පෞද්ගලික ෆේස්බුක් ගිණුමේ සටහනක් යොදලා තිබුනේ මේ විදියට….

    සුභ පතපු හැම දෙනාටම ගොඩක් ස්තුතියි !
    විශේෂ දෙයක් කියන්න තියනවා,
    ගොඩක් දෙනා මගෙන් ඇහුවා wedding photo එක දාන්න කියලා.මගේ යාලුවෝ, ලඟම හිතවත් අය, නෑදැයෝ ඇහුවා අපිට wedding එක කිව්වේ නෑ නේ,අපිට Party එකක් ඕන වගේ දේවල්.එතකොට තවත් සමහර අය මගෙන් ඇහුවා අයි නාමල් රාජපක්ෂට කතා කරේ,අයි එයා එක්ක photo එකක් දැම්මේ ඔයාට හොඳ නෑ නේද කියලා.
    මේ හැම දේකටම මම උත්තර දෙන්නම්.

    Wedding photo එකක් දාන්න අපි wedding photo එකක් ගත්තේ නෑ,Pre Shoot එකක් කරේ නෑ .අද දාපු photo එකත් මගේ camera එකෙන් මගේ හිතවත් මල්ලි කෙනෙක් ගත්ත එකක්.

    Wedding එක කිව්වේ නැති හේතුව,
    අපි wedding එකට වෙන් කරලා සල්ලි වලින් බොහොම පොඩි මුදලකින් අපේ Registration එක විතරක් කරා.පව්ලේ අයයි හැම වෙලාවේම ලඟින් හිටිය යාලුවෝ 4 දෙකුටයි විතරයි කිව්වේ.

    මමත් මගේ wifeඋත් දෙන්නම මස් මාළු බිත්තර කිසි දෙයක් කන්නේ නෑ සහ මත් පැන් සිගරට් බොන්නේ නෑ.ඉතින් wedding එකක් කරොත් එන අයට ඒවා දෙන්න වෙන්නෙත් නෑ.
    අනිත් එක අපි දෙන්නට ආරාධනා කරන්න සැහෙන පිරිසක් ඉන්නවා.

    ඉතින් එච්චර ලොකු මුදලක් එක දවසකට නාසති කරන්නේ නැතුව
    ඉතුරු සේරම මුදල් වලින් දුප්පත් පවුලකට ගෙයක් හදලා දෙන්න අපි තීරණය කරා.
    එකේ වැඩ ඉක්මනින්ම පටන් ගන්නවා හැබැයි ඉවර උනාම ඒවගේ photos දාලා ඒ මිනිස්සුන්ව අපහසුතාවයට පත් කරන්නේවත්.ඒ අයට උදව් කරා කියලා Publicly ගන්නවත් අපිට අදහසක් නෑ.එහෙම කරන්නෙත් නෑ.

    නාමල් රාජපක්ෂයි ,අරවින්ද ලොකුගේ නැත්නම් (Dj ආරා) තමයි අපිට සාක්ෂි අත්සන් කරේ.

    එකටත් හේතු ගොඩක් තියනවා.
    නාමල් මගේ පොඩි කලේ ඉඳන් යාළුවා.
    එයා නිසා තමයි මම අරක්කු සිගරට් කිසි දෙයක් බොන්නේ නැත්තේ .ඉස්කෝලේ යන කාලෙම අපි ඕවට යොමු වෙනකොට ,test karanna හදනකොට ඒවා වරදයි කියලා හොඳ මගට ගත්තේ එයයි.
    අනිත් එක එයා තමයි මගේ wifeට මාව ගැලපෙනවා කියලා මාව marry කරන්න කියලා මුල්ම කපු කම කරේ

    අරවින්ද අයියා ගැන කියනවා නම් සෑහෙන ගොඩක් දේවල් තියනවා තියනවා.

    ඉතින් ලොකු ඉල්ලිඉමක් තියනවා කරන්න.
    පුළුවන් නම් ලොකු weddings ගන්නේ නැතුව සාමන්‍ය විදිහට කරලා.
    එකට වෙන් කරපු සල්ලි වලින් නැති බැරි කෙනෙක්ට උදව් කරන්න.පුළුවන් උපරිම විදිහට.
    ඒක පුළුවන් නම් Trend එකක් කරගන්න.
    එතකොට මේ පුංච් රටේ නැති බැරි අය ගොඩකට හොඳක් වෙයි.

    ස්තූතියි,
    සචිත් පීරිස්


    උපුටා ගැනීම citizen.lk.
     

    Terra Nova

    Well-known member
  • Jun 20, 2017
    329
    101
    83
    20525968_1390530561030868_7867950463796281647_n.jpg
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,062
    1
    11,096
    113
    Good. but ithin hamoma oka karanna giyoth Photo mallila ,aiyalata kela wenawa, andana akkala,aiyalata kela wenawa, wedding hall karayanta kela wenawa. mal karayanta kela wenawa.
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    දැන් හිගන විදිහට වෙඩින් ගන්න එකත් ට්‍රෙන්ඩ් එකක් වෙලා

    ඒත් ඇත්තටම හිඟන නැහැනෙ බං.:P
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,626
    1,897
    113
    මම මෙ නිකන් කියන්නෙ ඔය කියන විඩියට වෙඩිම ගත්තනම් නිකන් හිටාන්කො එකේ ඔය ගෑන FB දාන්නෙ නතුව මොකද මෙයා බෑන්ද නොබෑන්ද කියල අපිට මොකො

    Self marketing da man da :P :D
     
    Last edited:

    Terra Nova

    Well-known member
  • Jun 20, 2017
    329
    101
    83
    මම මෙ නිකන් කියන්නෙ ඔය කියන විඩියට වෙඩිම ගත්තනම් නිකන් හිටාන්කො එකේ ඔය ගෑන FB දාන්නෙ නතුව මොකද මෙයා බෑන්ද නොබෑන්ද කියල අපිට මොකො

    Self marketing da man da :P :D

    :D
     

    Terra Nova

    Well-known member
  • Jun 20, 2017
    329
    101
    83
    Good. but ithin hamoma oka karanna giyoth Photo mallila ,aiyalata kela wenawa, andana akkala,aiyalata kela wenawa, wedding hall karayanta kela wenawa. mal karayanta kela wenawa.

    :yes: ලෝකෙට පේන්න නය වෙලා කරල මැරෙනකන් නය ගෙවනව
    ඊට වඩානම් මෙහෙම හොඳයි :yes:
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    Good. but ithin hamoma oka karanna giyoth Photo mallila ,aiyalata kela wenawa, andana akkala,aiyalata kela wenawa, wedding hall karayanta kela wenawa. mal karayanta kela wenawa.

    ලොල්. මාර ටෝක්ස් බන් උබලා දෙන්නේ!
    එක්කෝ උඹ ඔය බිස්නස් එකේ ඉන්න කෙනෙක්.

    මිනිස්සු වෙඩින් ගන්නේ උන්ව පෝසත් කරන්නද? :lol:

    ලංකාවේ ඉන්නේ බැංකු ණය අරන් අනිත් උන් පෝසත් කරලා, ණය ගෙවා ගෙවා අවුරුදු පහක් ලුණුයි බතුයි කරන මෝඩයෝ.