එන්නත මුලින්ම ඉල්ලුම් කරපු රටවල ඒ රටේ ඉන්නා මිනිසුන්ට අවශ්‍ය ප්‍රමාණය වගේ දෙතුන් ගුණයක් එන්නත් ගොඩ ගැහිලා තියෙනවා.
අපේ රටේ අවශ්‍ය වෙලේ එන්නත් ඕඩර් කරේ නැහැ. ඒ කාලේ කර පැනියක් පස්සේ දුවපු එක, මුට්ටි ගගට දාපු එක. අන්න ඒ කාලේ තමයි මොලේ තියෙන රටවල් එන්නත් ඕඩර් කරේ බෙහෙත් හදන සමාගම් වලින්. ගොඩක් රටවල් කලින්ම ඇනවුම් මුදල් ගෙවල තිබ්බේ. ඒවායින් තමයි මේ කොම්පැනි එන්නත හැදුවෙත්. ඒ රට වලට හරි මිලට එන්නත් හම්බුනා. මිනිසුන්ට කලින්ම එන්නත් ලබා දෙන්නත් පුළුවන් කම ලැබුනා.
අපේ රටේ ඒ කාලේ ඉදන්ම අනාගත්තු එක කරේ. ඒ තියා ගොමා එකෙන් කිව්වෙත් දේශීය වෙදකම ප්‍රචලිත කරමු, දුම් හට්ටි අල්ලමු වගේ කතා. අනුරුද්ධ පවාදෙනියා එහෙම මතකනි. හෙළ වෙදකම ප්‍රචලිත කරේ. හැබැයි දැන් අන්තිමේදී හම්බුන එන්නත් සොච්චමත් මුලින්ම විදගත්තේ ගොමා එකේ උන්. උන්ගේ පවුල් වල උන්ටත් විදගත්තා. එතකොට දේශීය වෙදකම් කතා මොකවත් නැහැ. ඔන්න උන්ගේ දෙපිටකාට්ටු කම