සංගක්කාර එජාප කොළඹ පුරපති අපේක්‍ෂක යෝජනාව ඉවත දමයි
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර සංගක්කාර මහතාට එක්සත් ජාතික පක්‍ෂයෙන් කොළඹ මහ නරග සභාවට තරග වදින්නැයි කල යෝජනාවක් ඔහු විසින් ඉවත දමා ඇතැයි දැනගන්නට ලැබේ.
පළාත් සභා මන්ත‍්‍රීවරයෙකු සහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු සංගක්කාර එජාප ඉහල නායකත්වය මුණගැස්වීමට සලස්වා ඇති අතර එහිදී ඔවුන් විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.
මෙම යෝජනාව සම්බන්ධයෙන් සිය විරෝධය දක්වා ඇති සංගක්කාර මේ වන විටත් රට තුල අනවශ්‍ය සංවාදයක් සිදුවන බැවින් මෙම යෝජනාව ප‍්‍රතික්‍ෂෙප කරන බව එජාප නායකත්වයට දන්වා ඇත.
දේශපාලනයට අවතීර්ණ වීමට තමන් මේ දක්වා තීරණය කර නැති බවත් දේශපාලනයට පැමිණි වෙනත් ක‍්‍රීඩකයන් සම්බන්ධව රට තුල ඇති ප‍්‍රතිචාර යහපත් නොවන බවද ඔහු වැඩි දුරටත් පවසා ඇතැයි සඳහන්ය.
Last edited:

ලොකූ.... දෙයක්!