ලොතරැයි මණ්ඩලයේ දූෂණ

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
ලොතරැයි මණ්ඩලයේ දූෂණ

ජාතික ලොතරැයි මණ්ඩලයේ දූෂණ වංචා සැඟව ඇත්තේ එහි ප්‍රචාරක හා දැන්වීම් වැඩ සටන් තුලය. ජාතික රූපවාහිනිය ,ස්වාධීන රූපවාහිනිය හා දෙරන නාලිකාවල ප්‍රචාරය වන වැඩසටහන් සියල්ල සභාපතිවරයාට හා එම නාලිකාවන්හි විවිධ පාලකයන්ට ආයතන මුදල් ලබාදෙමින් නිර්මාණය වූ අතර සතියකට එකී වැඩසටහන් වලින් ලබාගන්නා මුදල ලක්ෂ 05 ,06 ක් ඉක්මවන බව ලොතරැයි මණ්ඩල සේවකයෝ පවසති. මැතිවරණ දින කිහිපයකට පෙර මේ වැඩසටහන් 2015 වසරට පවත්වාගෙන යාමට ගිවිසුම් අත්සන් කොට ඇති අතර මේ දූෂිත ගනුදෙනු


අවලංගු කරන ලෙස එහි සේවකයෝ තව දුරටත ඉල්ලා සිටි. එමෙන්ම ලොතරැයි ඉහළ කළමනාකාරීත්වයට රූපවාහිනි, ගුවන්විදුලි, පුවත්පත් ආදී පුද්ගලික මාධ්‍ය ආයතනයන්ගෙන්


මාසිකව ලැබෙන කප්පම් මුදල් ප්‍රමාණය ගැන සොයා බලන ලෙසද, එහි සේවකයෝ රජයෙන් ඉල්ලා සිටිති. එමෙන් ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ලෙස කටයුතු කල නාමල් රාජපක්ෂ මහතාගේ හිතවතුන් විවිධ ව්‍යාපෘති පෙන්වමින් මණ්ඩලයෙන් ගෙනගිය මුදල් ප්‍රමාණය ගැන පරීක්ෂනයක් ආරම්භ කිරිමටද ඔවුන් යොජනා කර සිටී.

3300lk