මිනිහෙක් වෙන්ඩ ඇති
තම බිරිඳ ගෙන් ගුටි කා, මුහුණේ පැලැස්තර අලවා ගෙන කන්තෝරු ආ මෛත්රිපාල දැක රූපසේන සමච්චල් සිනාවක් මුවඟට නඟා ගනිමින් මෙසේ ඇසීය.
’තමන්ගෙ ගෑනිට ඔය තරම් බය වෙන්නේ මිනිහෙක්ද එහෙම නැත්තං ගැරඬියෙක්ද?’
’මං හිතන්නෙ මං මිනිහෙක් වෙන්ඩ ඇති. මොකද අපේ ගෑනි ගැරඬින්ට හරි බයයි.’ මෛත්රිපාල නියාලු ලෙස හිනාවෙමින් පිළිතුරු දුන්නේය.



ලොකුම බොරුව
’වසන්තා දන්නවද වැඩක්? මනෝජ් කියනවා එයා ජීවිතේටම ආශ්රය කරපු ලස්සනම කෙල්ල මමලු’ නිතර දොඩමලු වන නිලූකා, වසන්තා ඉදිරියේ ඇති පුටුවේ වාඩිවෙමින් කීවාය.
’ඔහොම තමයි අනේ, ඔය මනෝජ් ඉඳ හිටලා ඔය විධියේ පට්ටපල් බොරුත් කියනවා’ ලිපිගොනුවක හිරවී සිටි වසන්තා එම ගොනුවෙන් හිස ඔසවමින් කීවාය.



-silumina/lakbima-
Last edited:






Lol kiyala thread ekak demmama man wage hayyen hina weyan