TYKE කියන්නේ සර්කස් කන්ඩායමක හිටපු සර්කස් ඇතින්නක්. 1994 අගෝස්තු 20 වෙනිදා හවායිහි Neal Blaisdell Center වල පවත්වපු සංදර්ශනයක් අතරතුරේදී TYKE එයාගේ පුහුණුකරු ඇලන් කෑම්ප්බෙල්ව මරලා දැම්මා. ඒ විතරක් නෙමෙයි එයාගේ සහායක ඩලාස් බෙක්විත් ඇතුලුව 13දෙනෙක්ට තුවාල සිදුකලා. නිදහස හොයාගෙන සර්කස් පිටියෙන් එලියට පැනපු TYKE හවායිහි කකාකෝ වෙළෙද නගරයේ පාරවල්පුරා විනාඩි 30ක් පමන දිවගියා. නමුත් පොලීසිය ඇගේ නිදහස උණ්ඩ 86කින් අවසන්කලා. ලේ ගලන තුවාල එක්ක ඇදවැටුනු TYKE මහපාරෙම අවසන් සුසුම් හෙලුවේ අවට හිටපු මිනිස්සුන්ගේ දෑසට කදුලු එක්කරමින්.





TYKE ඇයි එහෙම කලේ??


TYKE ඊට කලිනුත් තෙවරක් මේ විදිහට ප්‍රචන්ඩ වුනා. 1993 අප්‍රේල් 22 සහ 23 දවස් දෙකේ Altoona, Pennsylvania Jaffa Shrine Center හිදී සංදර්ශනයක් අතරතුර එලියට පැනලා ඩොලර් 14000ක අලාබහානි සිදුකලා.ඊලග දවසේ පුහුනුකරුවෙක්ට පහර දුන්නා.
1993 ජූලි 23 North Dakota State Fair in Minot වලදී විනාඩි 25 පුරා පාලනයකින් තොරව විශාල විනාසයක් කරන්නTYKE ට හැකි වුනා.
TYKE ඒ තරම් දරුණු උනේ ඇයි??


TYKE ව පොඩි කාලෙම රංචුවෙන් අල්ලගෙන සර්කස් කන්ඩායමට ගෙනැවිත් තිබුනත් ඇයට කොන්ක්‍රීට් කාමරයකට සීමාවී ජීවත්වීමට සිදු වුනා. ඇගේ විශ්වාසය සහ මුරන්ඩුකම මෙල්ල කිරීමට පුහුනුකරුවන් "bullhook," නම් ආයුදය යොදාගෙන ඇගේ සංවේදී ප්‍රදේශ වන කන් පිටුපස, පා ඇගිලි, දණ හා ගුදය අවට ප්‍රදේශ වලට පහර දී තුවාල සිදුකර තිබුනා.




බිය සහ තුවාල ඇයව කීකරු කරනු ඇතැයි ඔවුන් සිතුවා. නමුත් 1994 අගෝස්තු 20 වනදා කසපහර සහ පා පහර මැද ඇගේ තීරණාත්මක මොහොත එළබුණා.






අවසන් නිමේශය.
බලාපොරොත්තු දල්වාගෙන මාර්ගය දිගේ දිව ආ TYKE ගේ ගමන අවසන් කිරීමට පොලීසිය මගබලා සිටියා. වෙඩි උණ්ඩ එකිනෙක ඇය වෙත එද්දී, හිස සලමින් සොයා ආ නිදහස මෙය නොවේ යැයි ඇය පැවසුවත් මිනිසත්කම අහිමි නොමිනිසුන්ගේ වරදට ඇය වරදකාරිය බවට තීන්දු වී තිබුනා. ඇගේ ඇස් මුලුමනින්ම විවරව ව්‍යාකූලව පැවතුනත් තත්පර කිහිපයක් පැවති වෙඩි ප්‍රහාර හමුවේ අවසානයේ උණ්ඩ 87 කට ඇගේ සිරුර නිසල කරන්නට හැකි වුනා.


TYKE ගේ මරණය මුලුමහත් ලෝකයේම දෑස් සත්ව අවිහිංසාව කෙරෙහි යොමුකරන්නට සමත් වුනා. සත්ව අයිතීන් වෙනුවෙන් සටන් කරන්නන්ගේ ප්‍රධාන සංකේතයක් බවට TYKE පත් වුනා. සර්කස් වෙනස් කිරීමට TYKE ගේ මෙම සටන සමත් නොවුවත් නව නීති ඒ වෙනුවෙන් ගෙන ඒමට මෙම සිදුවීම බලපෑමක් සිදුකලා.


අතීතාවර්ජනාව.


TYKE ගේ පුහුණුකරු ඇලන් කැම්ප්බෙල්ගේ මරණ පරීක්ශණයේදී ප්‍රකාශ වුනා ඔහුගේ ශරීරයේ ඇල්කොහොල් සහ කොකේන් අන්තර්ගත වූ බව. එමෙන්ම ඩෙන්වර් සත්වෝද්‍යානය ප්‍රකාශ කලා ඔහු සත්ව හිංසා පිලිබදව 1980 සිට චෝදනා ලැබූ පුද්ගලයෙකු බව.


TYKE ගැන පසු කලෙක ගීත මෙන්ම චිත්‍රපටද බිහි වුනා. මෙට්ල් සංගීත කන්ඩායමක් වන Tourniquet ගේ "86 Bullets" ගීතය 2012 වසරේදී නිකුත් වුනා. එමෙන්ම 2015 දෙසැම්බර් මස නිකුත් වු Tyke Elephant Outlaw චිත්‍රපටය සම්මාන රාශියකින් ඇගයීමට ලක්වුනා.
ප්‍රධාන සත්ව අවිහිංසාවාදී සංවිධානයක් වන ජර්මනියේ peta ආයතනය TYKE ගේ මරණය සිදු වී දස වසරක් පිරීම සැමරූ ආකාරය


සර්කස් සත්තු විතරක් නෙමෙයි කිසිම සතෙක් කැමති නෑ නිදහස සීමා කරනවාට තමන් තමන්වම උදාහරණෙකට ගන්න ඕනි. සත්ව අවිහිංසාව වෙනුවෙන් කැපවෙමු. අපට දුන් ආදර්ශය එයයි.


මෙම ත්‍රෙඩ් එක දැමීමට හේතුකාරක වූ ACHillES_SL ගේ http://www.elakiri.com/forum/showthread.php?t=1725268 ත්‍රෙඩ් එකට ස්තූතිය.



වැඩිදුර තොරතුරු අවශය නම්...
http://www.peta.org/features/tyke-elephant-video-death/
http://tykeelephantoutlaw.com/
https://ciccib.wordpress.com/2013/08/20/19-years-since-tyke-the-circus-elephant-was-brutally-killed/
reps & bumps welcome

