ලොවටම එකක් වශයෙන් ඉතිරිවූ, ලංකාවට යකඩ ගොඩක්

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,923
    3,269
    113
    ලොවටම එකක් වශයෙන් ඉතිරිවූ, ලංකාවට යකඩ ගොඩක් පමණක් වූ මිලියන ගණනක් වටිනා සම්පත Sentinel Cammell Class V2 වාශ්ප රේල් කාරය

    1928 දී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව වෙත Sentinel-Camel Wagon ආයතනය හා නොටිංහැම්හි Cammell ස්කේල් සහ සමාගම විසින් නිෂ්පාදනය කරන ලද ගියර් පද්ධතියකින් සමන්විතව නිපදවන V2 පන්තියේ පටු දුමිරිය වාෂ්ප රේල් කාර් එන්ජින් තුනක්, ඔවුන්ගේ උපකරණ සමඟ මෙරටට සපයා ඇත.

    under frame-mounted horizontal six cylinder single-acting එන්ජිමකින් සහ twin camshaft valve gear and cardan-shaft transmission ගියර් පද්ධතියකින් සමන්විත වූ මෙයට Sentinel’s high-pressure water tube බෝයිලරයක්ද ඇතුලත් කර තිබුනා.

    එහි ප්‍රතිපලය උනේ ඉතා අඩු ගල් අඟුරු පරිභෝජනයක් මගින් වැඩි දුරක් ගමන් කිරීමේ හැකියාවක් මේවා සතුවීමයි. ඒ වගේම මෙම v2 වාෂ්ප රේල් කාර් නඩත්තු කිරීමේ වියදම් ඉතා වීශාල වශයෙන් අඩු පිරිවැයක් ගත්තා. මේ නිසා පෙර නිෂ්පාදිත රේල් කාර් වලට වඩා මෙය වීශාල වශයෙන් සාර්ථකත්වයක් පෙන්නුම් කළා.
    ප්‍රථමයෙන්ම, 1976 වර්ෂය වන තුරු සබරගමුව ඉහල කොටසේ පමණක් එනම් රත්නපුර ඕපනායක අතර ධාවනයට යොදවා ඇති මෙම v2 රේල්කාරය එම කොටසේ හැතැප්ම 22 දුරක් ආවරණය කළා. ඒ වන විටත් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කැලණිවැලි මාර්ගයේ ධාවනයට යොදවා තිබු Hunslet 4-4-0T වර්ගයේ වාෂ්ප එන්ජින් ධාවනයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබු නිසා එයට විසදුමක් ලෙස මෙම රේල් කාර් කැලණිවැලි දුම්රිය මාර්ගයේ ධාවනයට යෙදවීමට තීරණය කලා.

    මින් අංක 331 රේල් කාරය 1980 වර්ෂය දක්වා තම සේවය නොපිරිහෙලා ලබාදී තිබෙනවා.1990 දී නැවත පුර්ණ අලුත්වැඩියාවකින් පසු අංක 331 රේල්කාරය සංචාරකයන් රැගෙන යාම සදහා යොදාගෙන ඇති අතර ඒ අතරතුර කාලයේදී කැලණිවැලි මාර්ගය පුළුල් දුම්රිය මාර්ගයක් ලෙස වැඩිදියුණු කළා(1991 වර්ශයේදි HITACHI Class S8 දුම්රිය මෙරටට ගෙනාවා).

    නමුත් ඒ වනවිටත් V2 රේල් කාරය සක්‍රිය සේවයේ යෙදි සිටි නිසා පටු දුම්රිය ධාවනය කල හැකි ආකාරයෙන් මාර්ග දෙකක් ඇතිකර තිබුණද, අවාසනාවන්ත ලෙස 1998 දී සිදුවූ දුම්රිය පිලි පැනීමත් සමග ඉතිරිව තිබු පටු දුම්රිය මාර්ගය 1998 වර්ෂය අවසාන වනවිට සම්පුර්ණයෙන්ම ඉවත් කරනු ලැබුවේ v2 රේල් කාර් සහ පටු දුම්රිය මාර්ග වල ස්වර්ණමය යුගයේ අවසානය සටහන් කරමින්. මෙම රේල් කාර් අතුරින් අංක 332 සහ 333 දරන රේල් කාර් පිලිවෙලින් 1976 දී සහ 1974 දී ධාවනයෙන් ඉවත් කර ඇති බවට පැවසෙනවා. අංක 331 රේල් කාරය 2008 වර්ෂය වන තෙක් දෙමටගොඩ ධාවනාගාරය තුල පමණක් ධාවනය කර ඇතත් එය මේ වන විට ධාවනයෙන් ඉවත් කර තිබෙනවා.

    දැනට ලෝකයේ මෙම වර්ගයේ ධාවන මට්ටමින් ඉතිරව තිබූ එකම වාෂ්ප රේල් කාරය ලෙස සැලකෙන්නේ මෙම Sentinel v2 රේල් කාරය බවට පැවසෙන අතර, එහි වටිනාකම පවුම් මිලියනයකටත් වඩා වැඩි බවට ගණන් බලා තිබෙනවා.
    FB_IMG_1659248787594.jpg
    FB_IMG_1659248781169.jpg
    FB_IMG_1659248765254.jpg
    FB_IMG_1659248750244.jpg
    FB_IMG_1659248733338.jpg
    FB_IMG_1659248745344.jpg
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මිලියන ගාණක් වටිනවා නම් විකුණලා දාමු
    පොනිල්ට කියල බලපන්. ඕකයි ඉඩමයි දුම්රිය දෙපාර්තමෙන්තුවත් එක්කම විකුනල දායි
     
    • Haha
    Reactions: Smartm

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,138
    3
    118,875
    113
    Gampaha
    ගල් අඟුරු වලින් වැඩ කරන ක්‍රේන් එකකුත් තියෙනව. ඔය වගේම ලෝකෙටම එකයි කියල තමයි ඒකත් කියන්නෙ...

    වරායෙද, cgr එකේද කියල හරියට මතක නෑ...
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    මේක දුන්නත් බෝතල් පත්තර කාරයා පොඩි බේසමක් දෙයි
     
    • Dislike
    Reactions: Qnjb_54