ලොවටම නොමිලේ Wi-Fi

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    Wi-Fi hotspots වලින් පිරුණු නගරයක් ගැන හිතින් මවා ගන්න. දැන් හිතා ගන්න එය නොමිලේම භාවිත කරන්නටත් පුළුවන් කියලා. තවදුරටත් මෙය සිතුවිල්ලක් පමණක්ම නෙමෙයි. ගූගල් සමාගම එළිදරවු කරලා තිබෙනවා මේ සඳහා ඔවුන්ගේ නවතම වැඩපිළිවෙල. මේ මඟින් ලොව පුරා නගර සියල්ලම පාහේ ගාස්තු අය නොකරන WiFi hotspot ජාලයකින් යුක්ත වේවි. මේ කාර්යය සිදු කරන්නේ ගූගල් සමාගම අනුබද්ධිත Sidewalk Labs විසින්. මේ සමාගමේ අරමුණ වන්නේ තාක්ෂණික නිපැයුම් මඟින් ජනතාවගේ ජීවන මට්ටම උසස් කිරීමයි. පසුගියදා ඔවුන් නිවේදනය කලා මේ වසරේ සැප්තැම්බර් මාසයේදී පමණ ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ සියලුම දෙනාට WiFi නොමිලේ ලබා දෙන බව.



    නමුත් කොහොමද මේ කාර්යය ඔවුන් කරන්නට යන්නේ?

    ඔවුන් මේ කාර්යය කරන්න යන්නේ අමුතුම ක්‍රමයකට. නිව්යෝර්ක් නගරය පුරා ඇති 10,000 කට ආසන්න පැරණි දුරකථන කුටි Wi-Fi pylons එහෙමත් නැත්නම් WiFi Hotspot බවට පත් කරනවා. මේවා හරහා අඩි 150 ක ප්‍රදේශයක් ගාස්තු රහිත WiFi Zones බවට පත් වෙනවා. නොමිලේ අන්තර්ජාල සේවා සැපයීමට අමතරව දුරකථන ආරෝපණය කරගැනීම, රට ඇතුලත දුරකථන ඇමතුම් ලබා ගැනීම ආදියද නොමිලේම සිදු කර ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. මෙම කුටි වල පවතිනවා ස්පර්ශ සංවේදී තිර සහිත තොරතුරු පද්ධතියක්. මේවා හරහා ඕනෑම අයෙකුට ගමන් බිමන් වලදී ඕනෑම තොරතුරක් පහසුවෙන් ලබා ගැනීමටද හැකි වෙනවා. මෙම සියලුම කුටි දැන්වීම් ප්‍රචාරණයට විවෘත වෙනවා. Titan වෙළඳ දැන්වීම් ප්‍රචාරණ ජාලය හා එක්වයි ඔවුන් මෙය සිදු කරන්නේ. ඔවුන් මේ හරහා ඩොලර් මිලියන 500 ක ලාභයක් ඊළඟ වසර 12 තුල ලැබීමට අපේක්ෂා කරනවා. ගූගල් සමාගමේ මේ ප්‍රථම වෑයම සාර්ථක වුවහොත් ඔවුන් මෙම වැඩසටහන ලොව පුරා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා.


    අමු අමුවේ උපුටා ගත්තේ techguru.lk වෙබ් පිටුවෙන්
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    එම දේ හිතේ මවා ගෙන හස්තකර්මාන්තයේ නියැලෙන්න :lol:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Google ලට වාසියි මිනිස්සු Internet එන තරමට, මොකද උන් ad වලින් නේ සල්ලි හොයන්නේ වැඩි පුරම.