ලොවම රැවටුනිද?

Robin Hood of Sherwood

Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    මගේ බ්ලොග් පෝස්ට් එකක් මෙහෙම පලවෙලා මේ වගේ කමෙන්ට්ස් ලැබුන එක ගැන ගොඩක් සතුටුයි. පුලුවන් උන් ඉන්නවා නම් මගේ බ්ලොග් පැත්තෙත් ඇවිල්ලා පොඩි කමෙන්ට් පාරක් දීලා සප් එකක් දියන්. :):):)

    Code:
    [COLOR="Red"][SIZE="5"]http://dhiyatha.blogspot.com/[/SIZE][/COLOR]

    ela ela ban... eka hoda blog ekak.. ubada eka karanne?
     

    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    machan oya thiyena photos tika Apollo 11 eke ewa witaraine, namuth Apollo 12,14,15,16,17 NASA eken yawwa, ewata one taram saakshi thiyenawa, mama wishwaasa karanwa hadata giya kiyala, ewagema oya hama photo ekatama NASA ekata uttara deela thiyenawa
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    You must spread some Reputation around before giving it to Robin Hood of Sherwood again. :(

    හොද මාතෘකාවක් මචන් .මගෙනම් අදහස අපි නැවත නැවතත් රැවටෙමින් ඉන්නව කියල .ගසා දාපු ක්ලිප් එක බලපන් :( දෙවැනි ලෝක යුද්දේ පටන් ගන්න මුලික හේතුවක් වෙච්ච පර්ල් වරායට ජපන්නු බෝම්බ දාපු එකත් ඇමරිකන් කාරයෝ කලින් දැනගෙන කලින් ප්ලාන් කල එකක් කියල ඔප්පු වෙමින් තියෙනවලු :shocked::shocked:
     

    Robin Hood of Sherwood

    Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    machan oya thiyena photos tika Apollo 11 eke ewa witaraine, namuth Apollo 12,14,15,16,17 NASA eken yawwa, ewata one taram saakshi thiyenawa, mama wishwaasa karanwa hadata giya kiyala, ewagema oya hama photo ekatama NASA ekata uttara deela thiyenawa
    :):):):) wenna puluwan machan
    You must spread some Reputation around before giving it to Robin Hood of Sherwood again.
    :frown::frown::frown:
    ow machan eka mage blog eka
    :):):):) ela ela jaya wewa
    මරුසිරා;16355185 said:
    මේකෙනම් ගොඩක් පිළිගන්න පුළුවන් දේවල් තියනවා බන් :shocked::shocked::shocked: විකිලික්ස්ත් ඕකම තමයි කියල තිබුනේ .මේක cia ප්ලනක් කියල :shocked::shocked: රේප්+4
    :baffled::baffled::baffled:
    මරුසිරා;16355242 said:
    You must spread some Reputation around before giving it to Robin Hood of Sherwood again. :(
    :frown:
    හොද මාතෘකාවක් මචන් .මගෙනම් අදහස අපි නැවත නැවතත් රැවටෙමින් ඉන්නව කියල .ගසා දාපු ක්ලිප් එක බලපන් :( දෙවැනි ලෝක යුද්දේ පටන් ගන්න මුලික හේතුවක් වෙච්ච පර්ල් වරායට ජපන්නු බෝම්බ දාපු එකත් ඇමරිකන් කාරයෝ කලින් දැනගෙන කලින් ප්ලාන් කල එකක් කියල ඔප්පු වෙමින් තියෙනවලු :shocked::shocked:

    ane manda ban mun serama ragapam wage karanne
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Kodiya Hulagata Lela denava kiyana eka piliganna baha. Kodiya nohakilmata uda daraya steel bar ekakata athul karala thiyenne. Eken kodiya diga harila thiyenne. Kodiya hakula gena ena vita podi vela thiyena nisa, cross steel bar ekath thiyena nisa lela denava vage penne. Truly Hulagak naha. Namuth Ohunata avsya vela thibuna kodiya Hulagata lela denava vage pennana. Kodiyak hitavana kota ehemane. Nathnam kodiya hakilila adakunu karapu kodiyak vage sad day ekak venava. Methana kodiya Hulagata lela denne naha. Boruvak neve.
     
    Last edited:

    Robin Hood of Sherwood

    Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    Kodiya Hulagata Lela denava kiyana eka piliganna baha. Kodiya nohakilmata uda daraya steel bar ekakata athul karala thiyenne. Eken kodiya diga harila thiyenne. Kodiya hakula gena ena vita podi vela thiyena nisa, cross steel bar ekath thiyena nisa lela denava vage penne. Truly Hulagak naha. Namuth Ohunata avsya vela thibuna kodiya Hulagata lela denava vage pennana. Kodiyak hitavana kota ehemane. Nathnam kodiya hakilila adakunu karapu kodiyak vage sad day ekak venava. Methana kodiya Hulagata lela denne naha. Boruvak neve.

    the whole world envy USA :lol: moon landing borui kiyanna tharam ridila :P

    :frown::frown::frown::frown::frown::frown:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මටනම් හිතෙන්නේ මුන් බොරුවක් තමයි කරලා තියෙන්නේ..
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83

    තව ගොඩක් සාක්ෂි තියෙනවා බන් .එක ගගනගාමියෙක් මැරෙන වෙලාවේ කිව්වලු අපි තනිකර බොරුවක් කලේ කියල ,තවත් පින්තුරයක් තියෙනවා ගත්තේ කොහොමද කියලා පැහැදිලි කරන්න බැරි ,නෙවාඩා කාන්තාරේ ඔය සෙල්ලම් ටික දැම්මා කියලා තමයි කට්ටිය කියන්නේ
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    සඳ ගමන ප්‍රෝඩාවක්ද????




    1969 ජූලි මස 20 වන දින ඇමෙරිකානු ගගනගාමීන් දෙදෙනෙකු වන නීල් ආම්ස්ට්‍රෝන්ග් සහ බස් ඕල්ඩ්‍රින් ඇපොලෝ 11 යානයෙන් සඳ මතට ගොඩ බැස්සේ මුලු මහත් මිනිස් ඉතිහාසයේම යෝධ ඉදිරි පිම්මක් සනිටුහන් කරමින්. මෙම ඓතිහාසික අවස්ථාව එදා මුලු ලෝකය පුරාම සජීවීව රූපවාහිනියෙන් විකාශය කෙරුනා. මිනිසා මුලින්ම සඳ මත පා තැබූ ඒ ඓතිහාසික මොහොත නීල් ආම්ස්ට්‍රෝන්ග් විසින් එදා විස්තර කරන ලද්දේ මෙලෙසින්.

    "මෙය මා තබන එක් කුඩා පියවරක් පමණක් වුවත් මෙය මුලු මහත් මිනිස් සංහතියම පනිනා යෝධ ඉදිරි පිම්මකි."


    නමුත් ඔහු සැබැවින්ම සඳ මතට ගොඩ බැස්සාද?

    එසේත් නැතිනම් රුසියාව සමග පැවති සීතල යුද්ධය ජය ගැනීමට මෙය ඇමෙරිකාව විසින් හොඳින් සැළසුම් කර වේදිකා ගතකල රඟදැක්වීමක් පමණක්ද?
    හැත්තෑව දශකයේ සඳ මත පා තැබූ ඇමෙරිකානුවන්ට මේවන තෙක් නැවත වතාවක් එය ඉටු කරගැනීමට නොහැකි වූයේ ඇයි?

    සඳ ගමන ප්‍රෝඩාවක් බව විශ්වාස කරන මිනිසුන් ප්‍රමාණය කාලයත් සමග වැඩි වී තිබෙනවා. නවතම වාර්තා වලට අනුව ඇමෙරිකානු ජනගහණයෙන් 20%ක් පමණ පිරිස විශ්වාස කරන්නේ ඇමෙරිකානුවන් කිසිදිනක සඳ මත පා නොතැබූ බවයි.

    ඇමෙරිකානුවන් සඳ මත පා නොතැබූ බවට මත ප්‍රකාශ වන්නේ නිකම්ම නිකම් නොවෙයි. මෙම තර්කය ගොඩනැගී ඇත්තේ විවිධ කරුණු සාධක පදනම්වයි.

    කෙසේ වෙතත් මෙම තර්ක වලට නාසා ආයතනය පිළිතුරු සපයා තිබෙනවා. සඳ ගමන ප්‍රෝඩාවක් බවට ඇති සාක්ෂි සහ ඒවාට පිළිතුරු ලෙස නාසා ආයතනය ලබාදුන් ප්‍රකාශ පහතින් දැක්වෙනවා.



    1.) සුළඟේ ලෙළදෙන ඇමෙරිකානු කොඩිය

    flag-waving-moon-landing_9803_600x450.jpg

    සඳ මතදී ඇමෙරිකානු කොඩිය ලෙළදෙන අයුරු​


    ඇමෙරිකානුවන් සඳ මත ගොඩබාන අවස්ථාව රූපවාහිනියෙන් විකාශය කරන විට සඳ මත ගැසූ ඇමෙරිකානු කොඩිය සුළඟේ ලෙළදී තිබෙනවා. ඒ වගේම ඡායාරූප වලත් මේ බව දැකගැනීමට පුලුවන්. නමුත් ප්‍රශ්නය වන්නේ සඳ මත වායුගෝලයක් නොමැති වීමයි. එම නිසා සඳ මත සුළඟක් ඇතිවීමේ හැකියාවක් නොමැත. එසේනම් සඳ මත ගැසූ ඇමෙරිකානු කොඩිය ලෙළදුන්නේ කෙසේද?

    නාසා ආයතනයේ පැහැදිලි කිරීම

    කොඩිය රැගෙන ගොස් ඇත්තේ කුඩා නළයක් තුළයි. එම නළයෙන් කොඩිය ඉවතට ගැනීමේදී ඇති වූ රැළි නිසා කොඩිය ලෙළදෙන ආකාරයෙන් දිස්වේ. කොඩිය ගසා තිබෙන රිට ගගනගාමින් ඇල්ලූ විට ඇති වූ කම්පනය හේතුවෙන් කොඩියේ රැළි ඇතිවූ බව තවත් එක පැහැදිලි කිරීමක්.



    2.) චන්ද්‍ර යානය ගොඩබෑමේදී සඳේ පෘෂ්ඨය මත ඇතිවූ සළකුණු දක්නට නොලැබීම


    picture1.jpg

    රතු කවය තුළ ඝට්ඨන සළකුණු දක්නට නැත​

    ඇත්ත වශයෙන්ම යානයක් සඳ මත ගොඩබෑවා නම් සඳේ පෘෂ්ඨය මත ඝට්ඨන සළකුණු ඇතිවිය යුතුය. යානය ගොඩබෑමේදී ඇතිවන කම්පනය හේතුවෙන් මේවා තරමක් විශාල ඒවා විය යුතුය. නමුත් කිසිම ඡායාරූපයක හෝ වීඩියෝවක මේ ආකාරයේ සළකුණු දක්නට නොමැත. චන්ද්‍ර යානය නිකම්ම පෘෂ්ඨය මත තැබුවාක් මෙනි. අඩුම තරමින් සඳේ පෘෂ්ඨය මත තැන්පත් වී ඇති දූවිලි තට්ටුව පවා කැළඹී ගිය අයුරක් දක්නට නොලැබේ.

    නාසා ආයතනයේ පැහැදිලි කිරීම

    සඳ මතුපිට ගුරුත්වාකර්ෂණ බලය පෘථිවිය මතුපිටදීට වඩා සැළකිය යුතු මට්ටමකින් අඩුය. එම නිසා යානය ගොඩබැස්සවීමේදී ඇතිවන තෙරපුම සඳ මතදී සැළකිය යුතු මට්ටමකින් අඩුය. යානය ගොඩබැස්සවීමේදී සඳේ පෘෂ්ඨය මත සළකුණු ඇති නොවීමට හේතුව මෙයයි. එමෙන්ම සඳේ මතුපිට ඉතා තද ඝණකමකින් යුක්තය. බහුලවම ඇත්තේ තද පාෂාණය. එම නිසා තෙරපුම මීට වඩා වැඩි වුවත් සළකුණු ඇතිවීමේ හැකියාවක් නොමැත.




    3.) ආලෝක ප්‍රභව කිහිපයක් තිබීම

    MoonLightingDiscrepancy1.jpg

    පැති දෙකකට සෙවණැලි වැටී ඇති අයුරු
    සඳ මතට ආලෝකය ලැබිය හැක්කේ එකම ප්‍රභවයකින් පමණි. ඒ ප්‍රභවය නම් සූර්යයායි. නමුත් ඡායාරූප හා වීඩියෝ නිරීක්ෂණය කිරීමේදී විවිධ වස්තු වල සෙවණැළි විවිධ දිශා වලට වැටී ඇති අයුරු දැකගත හැකිය. සඳ ගමන ප්‍රෝඩාවක් යයි පවසන්නන්ගේ අදහස වී ඇත්තේ මේ ආලෝක ප්‍රභව වලට හේතුව මෙම ඡායාරූප චිත්‍රපට කලාගාරයක් තුලදී ලබාගෙන තිබීම බවයි.

    නාසා ආයතනයේ පැහැදිලි කිරීම

    සඳ මතුපිට ඇති විවිධ කඳු පල්ලම් ආදිය නිසා ආලෝකයේ දිශාව තරමක් වර්තනය වී ඇත.

    නමුත් මෙම පැහැදිලි කිරීම මීට එරෙහි වන්නන් විසින් එක හෙලා ඉවතලනු ලබයි. මෙම ආකාරයේ සිදුවීමකින් මෙතරම් විශාල වශයෙන් ආලෝකය වර්තනය විය නොහැකි බව ඔවුන්ගේ අදහසයි. ඉහත ඡායාරූපයේ දැක්වෙන අන්දමට ආලෝකය අංශක 45කින් පමණ ආනත වී ඇත.


    4.) වැන් ඇලන් විකිරණ තීරය

    belt.jpg


    පෘථිවියේ චුම්බක ක්ෂේත්‍රය නිසාවෙන් රැඳී පවතින සදාකාලිකවම එම ස්ථානවලම පවතින අධික විකිරණශීලීතාවයෙන් යුක්ත තීරයක් අභ්‍යවකාශයේ තිබේ. මෙම තීරය හඳුන්වන්නේ වැන් ඇලන් විකිරණ තීරය යනුවෙනි. චන්ද්‍ර යානය සඳ මතට ළඟා වීමට නම් අනිවාර්යයෙන්ම මෙම කලාපය පසුකර යා යුතුය. චන්ද්‍ර යානය තුළ හා පිටත කොතරම ඝනකම් ඇලුමිනියම් ආවරණ තිබුනත් මෙම ප්‍රදේශයේ ඇති අධික විකිරණශීලීතාවය ගගනගාමීන්ව නිසැකවම පුළුස්සා දැමිය යුතුය.

    නාසා ආයතනයේ පැහැදිලි කිරීම

    මෙම විකිරණ තීරය පසුකර යාමට චන්ද්‍ර යානයට ගතවූයේ ඉතා සුළු කාලයකි. එම නිසා ඔවුන්ට විකිරණ ප්‍රහාර එල්ල වූයේ ඉතා අඩු ප්‍රමාණයකිනි. එම නිසා ගගනගාමීන් පිළිස්සී ගියේ නැත.



    5.) අද්භූත වස්තුව

    moon-stuff012.jpg


    සඳ ගමනේ ඡායාරූප නිකුත් වූ පසුව එක් ඡායාරූපයක තිබූ විශේෂ වස්තුවක් පිළිබඳව කාගේත් අවධානය යොමු විය. ගගනගාමියෙකුගේ හෙල්මටයේ වීදුරුවෙන් පෙනෙන මෙම අද්භූත වස්තුව ලණුවකින් එහෙමත් නැත්නම් වයර් එකකින් එල්ලෙන ස්වාභාවයක් දක්නට ලැබේ. මෙම ස්ථානයට කිසිසේත්ම අදාළ නොවන මෙම වස්තුව චිත්‍රාගාර වල තිබෙන "ස්පොට් ලයිට්" එකක්ද?

    නාසා ආයතනයේ පැහැදිලි කිරීම

    මේ සම්බන්ධව පැහැදිලි කිරීමක් සිදුවී නොමැත. කෙසේ වෙතත් ඡායාරූප වල මෙම වස්තුව ඉතා අපැහැදිලි අතර හරියාකාරව හඳුනා ගැනීමට දුෂ්කරය.
    කෙසේ වෙතත් ඡායාරූපවල තිබෙන යානයේ පිටතට විහිදී තිබෙන කිසිම කොටසක් මෙය බවට සැක කළ නොහැක.



    6.) තරු දක්නට නොලැබීම

    a16_11446551.jpg

    එකදු තරුවක්වත් අහසේ නොමැති අයුරු​

    සඳ මත වායුගෝලයක් නොමැත. එම නිසා සඳ මත සිට අහස දෙස බැලූ කල පෘථිවියේදී පෙනෙනවාට වඩා හොඳින් සඳ මතදී තරු දිස්විය යුතුය. නමුත් එකම ඡායාරූපයකවත් වීඩීයෝවකවත් එකම තරුවක්වත් දැකගත නොහැක. මෙයට හේතුව කුමක්ද? තරුවල පිහිටීම අනුව නිවැරදිව සැළසුම් කර නිවැරදි ලෙස තරු පිහිටන ස්ථාන ලකුණු කර පෙන්වීම අතිශය අපහසු බැවින් සිතාමතාම මෙම ව්‍යාජ ඡායාරූපවලට තරු ඇතුලත් නොකර සිටියාද?

    නාසා ආයතනයේ පැහැදිලි කිරීම

    ඡායාරූපවල ගුණාත්මක අගය එතරම් ඉහළ නොවන බැවින් ඡායාරූපවල තරු සටහන්ව නොමැත.


    මෙය ඉතාමත් බලවත් සාධකයකි. ඉහළ ගුණාත්මක භාවයෙන් යුත් ඡායාරූප වලද තරු දක්නට නොලැබේ. එමෙන්ම පෘථිවියේ සිට ගන්නා එතරම්ම ගුණාත්මක භාවයකින් යුක්ත නොවන ඡායාරූපවල පවා තරු සටහන් වේ. එම නිසා වායුගෝලයක් පවා නොමැති තැනක සිට ලබාගත් ඡායාරූපවල තරු සටහන් නොවූ බව පිළිගැනීමට අපහසුය.



    7.) "C" අකුර සහිත පාෂාණ කැබැල්ල

    c-rock-actual-c.jpg

    "C" අකුර පැහැදිලිව සටහන්ව ඇති අයුරු
    මෙය ඉතා ප්‍රසිද්ධ ඡායාරූපයකි. මෙහි ඉතා පැහැදිලිවම "C" අකුර දක්නට ලැබේ. මෙම "C" අකුර ඉතාමත්ම සමමිතික වේ. එනම් මෙය ස්වාභාවිකව ඇතිවූ පැල්ලමක් වීමට ඇති ඉඩකඩ ඉතා අඩු බවයි. මෙය චිත්‍රාගාරයේදී පාෂාණ කැබැලි වෙන්කර හඳුනා ගැනීමට යොදන ලද අකුරක් බවටද කණ්ඩායමේ නොසැළකිලිමත් භාවය නිසාවෙන් මෙම අකුර වැරදි පැත්තට සිටින සේ තබා ඡායාරූපය ගෙන තිබෙන බවත් සඳ ගමන සත්‍යයක් බව පිළිනොගන්නා අයගේ මතයයි.

    නාසා ආයතනයේ පැහැදිලි කිරීම

    මෙයට ලැබී තිබෙන පැහැදිලි කිරීම් දෙක එකිනෙකට වෙනස් ප්‍රතිවිරුද්ධ දෙකකි. එකක්නම් ඡායාරූප සකසන්නා විසින් සිතාමතාම විහිලුවට කල දෙයක් බවයි!!!
    අනෙක නම් ඡායාරූපය සකසන (Develop) අවස්ථාවේදී එය මතට වැටුනු කෙස් ගසකින් මෙම අකුරේ සළකුණ ඇතිවී ඇති බවයි.



    8.) ඡායාරූපවල ඇති කතිර සළකුණු

    sibrel_crosshair.jpg

    කතිර සළකුණට ඉදිරියෙන් වස්තුවක් ඇති බව පෙනෙන අයුරු​

    ගගනගාමීන් විසින් සඳ මතදී ඡායාරූප ගැනීමට භාවිතා කල කැමරාවල ඡායාරූප නාභිගත කිරීම සඳහා කතිර සළකුණු භාවිතා විය. මෙම කැමරාවලින් ඡායාරූප ගැනීමේදී මෙම කතිර සළකුණුද ඡායාරූපයේ සටහන් වේ. මෙම කතිර සළකුණු කැමරාව මගින් ඇතිවන්නක් නිසා සියලුම කතිර සළකුණු ඡායාරූපයේ ඇති වස්තූන් සියල්ලටම ඉදිරියෙන් එනම් එම වස්තූන් මත පිහිටන සේ සටහන් විය යුතුය. නමුත් ඇමෙරිකානුවන් නිකුත් කල ඡායාරූප කිහිපයකම වස්තූන් කිහිපයකට පිටුපසින් කතිර සළකුණු පිහිටා ඇති බව නිරීක්ෂණය කල හැකිය. ඉහත ඡායාරූපයේ කහ පැහැති කවය තුළද මේ බව දැකගත හැකිය. මින් ඇඟවෙන්නේ ඡායාරූප ලබාගත් පසුව ඒවා සංස්කරණය කල බවයි.

    මෙම කාරණාවට නාසා ආයතනයෙන් පැහැදිලි කිරීමක් ලැබී නැතත් ඔවුන් ව්‍යාජ ඡායාරූප නිර්මාණය කලා නම් කතිර සළකුණු සිටින ආකාරයේ කැමරා ඒ සඳහා භාවිතා කලේ ඇයිද යන්න සලකාබැලිය යුතු කරුණකි. මෙම සළකුණු ඇති නොවන ආකාරයේ කැමරා පැහැදිලිවම ඔවුන්ට භාවිතා කලහැකිව තිබිණි.



    9.) ස්ථාන දෙකකදී ලබාගත් ඡායාරූපවල එකම පසුතලයක් දක්නට ලැබීම.

    aulishite-1.jpg

    එකම පසුබිම ඡායාරූප දෙකේම දක්නට ලැබෙන අයුරු​

    ඉහත ඡායාරූපයේ දැක්වෙන ඡායාරූප දෙකකදීම එකම පසුබිමක් දක්නට ලැබෙන අයුරු පැහැදිලිව පෙන්වා දී ඇත. මෙහි ඇති ප්‍රශ්නය වන්නේ එම ඡායාරූප දෙක ස්ථාන දෙකකදී ලබාගත් ඡායාරූප ලෙස නාසා ආයතනය විසින් සඳහන් කොට තිබීමයි. එසේනම් ඡායාරූප දෙකේදීම එකම පසුබිමක් දක්නට ලැබෙන්නේ ඔවුන් එකම පසුතලයක් භාවිතා කරමින් මෙම (ව්‍යාජ) ඡායාරූප ලබාගත් නිසාද?
    තවද එක් ඡායාරූපයක ලූනර් මොඩියුලද පෙන්වයි. ලූනර් මොඩියුලය ගොඩබෑ පසු සියලුම ඡායාරූප ලබාගත් බැවින් මෙම ස්ථානය එකම ස්ථානයක් ලෙස සඳහන් කරන්නෙකුට විරුද්ධව තවත් ප්‍රශ්නයක් මතුවේ. එක් ඡායාරූපයක ලූනර් මොඩියුලය තිබීමටත් අනෙකේ ලූනර් මොඩියුලය නොතිබීමටත් හේතුව කුමක්ද?


    නාසා ආයතනයේ පැහැදිලි කිරීම

    සඳ පෘථිවියට වඩා සැළකිය යුතු ප්‍රමාණයකින් කුඩා බැවින් සඳේ ඇති වස්තූන් පියවි ඇසට දිස්වන්නේ සත්‍ය වශයෙන්ම වස්තුවට ඇති දුරට වඩා ඉතා ආසන්න ස්ථානයක ඇති අයුරකිනි. එම නිසා මෙම ඡායාරූප ස්ථාන දෙකකදී ගත් ඒවා බවට කර ඇති ප්‍රකාශය නිවැරදි වේ. මෙම ස්ථාන දෙක අතර දුර ප්‍රමාණය සැතපුම් ගණනාවක් වුවත් ඈතින් පෙනෙන කඳු පංති ආසන්නව දිස්වන්නේ ස්ථාන දෙකම එකම ස්ථානයක් බවට අදහසක් ඇතිවිය හැකි අයුරෙනි.




    සඳ ගමන ප්‍රෝඩවක් බවට ඔප්පු කිරීමට උත්සාහ දරන්නන් ඒ බවට සාක්ෂි වශයෙන් ඉදිරිපත් කරන ප්‍රධාන කරුණු මේවා වේ. මෙම කරුණු වලට විරුද්ධව නාසා ආයතනයද ඉදිරිපත් කර ඇති කරුණුද සළකා බැලීමෙන් අනතුරුව සඳ ගමන ප්‍රෝඩාවක්ද නැද්ද යන්න තීරණය කිරීම පාඨක ඔබට භාරයි!!!!


    www.listverse.com හි පළවූ ලිපියක් ඇසුරිනි.

    මේක ගෙඩි පිටින් කොපි කෙරුවේ මෙතනින්.. http://dhiyatha.blogspot.it/search/label/ලොවම රැවටුනිද?
    සියලුම ගෞරවය ඔහු සතුයි... මේක ඔබ සමග බෙදා ගත්තට මට රෙප් දුන්නොත් එය මා සතුයි..
    ----------VENAS DISA VALATA SHADOWS [SEVANALI] THIYENNA PULUWAN MEA VIDIYATA. MOON EKATA YANA VITA , KALUWARA NAM, ALOKA PRABAVA [LIGHT ] MEHEN ARAN GIYA EVA LIGHT KARANNA ATHI, EMA ALOKA PRABAVA DEKAKIN DISA DEKAKATA SHADOWS ATHI VENNA PULWAN.
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නැකැත් රාල;16354058 said:
    ඇමරිකාව තව ඔය වගේ කොච්චර ජාති කරන්න ඇතිද?:shocked::shocked:

    කවුද දන්නෙ? :no: මං හිතන්නෙ Area 51 වලත් ඔය වගේම තව විකාර case ඇති! :shocked:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Moon wala idala apahu enakota , ohun moon eka matha , instrument ekak place karala ave , signals sound ekak polowata evana vidiyata. Ema signal sound eka earth ekata labenavane. Eka nisa boru venna baha.