ලොවම හිරු දුටු මොහොත!
Guys seriously damn good story... this story worth to do a cinematography !
ලොවම හිරු දුටු මොහොත!
33 වැනි පතල්කරුවා වූ ලුයිස් උර්සුවා
පොළොව මතුපිටට පැමිණි මොහොත.......
පැය 22 1/2 ක ජීවිතාරක්ෂක මෙහෙයුමක් යටතේ පතලේ කොටු වී සිටි පතල්කම්කරුවන් තිස්තුන්දෙනා බේරා ගැනීමට හැකි විය. මෙලෙස දින 69 ක් ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටි පතල් කම්කරුවන්ගේ ජීවිතය ද කටුකය. අතිශයින්ම ශෝචනීයයි. ඔවුන්ට මසකට ලැබෙන්නේ ඩොලර් 1600 ක වැටුපකි. එහෙත් දැන් බ්‍රිතාන්‍යයේ රූපවාහිනි සේවාවක් ස්ටර්ලින් පවුම් 250000 කට පතල් කම්කරුවන්ගේ කතාව මිලයට ගැනීමට සූදානම් වී සිටී.
අපි දින 69 ක් තිස්සේ දෙවියන් සහ යක්ෂයා අතරට මැදිවී සිටියෙමු. එහෙත් අවසානයේ දෙවියන් ජය ගත්තා.
- චිලි පතලේ සිරවී සිටි මාරියෝ
චිලියේ රන් හා තඹ ආකරයක සිරවී සිටි පතල්කම්කරුවන් 33 ක් බේරාගත් වීරයා ඔහුයි. මේ වීරයා හතළිස් හැවිරිදි ජැක් හාට්ය. පොළවේ සිදුරු හෑරීම සඳහා ලොව සිටින හොඳම කොන්ත්‍රාත්කරුවා ඔහුය. ජැක්හාට් සහ තරග කළ හැකි වෙන කෙනෙක් නැත.
චිලී පතල් කම්කරුවන් තිස්තුන්දෙනා පතල තුළ කොටු වී සිටින බව වාර්තා වූ විගස ඇමරිකානු බලධාරීන්ගේ සහය මත චිලී රජය ඔහුව ඇෆ්ගනිස්ථානයේ සිට ගුවන් මගින් ගෙන ඒමට විශේෂ ගුවන් යානාවක් යවනු ලැබිණ.
පොළවේ සිට මීටර් 700 ක් යට මිනිසුන් තිස්තුන් දෙනකුගේ ජීවිත තිබුණේ මගේ අතයි. මම මුහුණපෑ බරපතලම දුෂ්කරතාවය වූයේ පතලේ දැඩි කළුගල් විදීමට ටී. 130 සිදුරු යන්ත්‍රයට හැකිවේද යන්නයි. මේ සිදුර විදීමේදී විදුම් යන්ත්‍රයේ කොටස් විනාශ වුණා. එහෙත් අපි උත්සාහය අත්හැරියේ නැහැ. අපි කණ්ඩායමක් මෙන් එක්වී සිදුර විදනු ලැබුවා යෑයි හෙතෙම කියා සිටියේය. ජැක් හාට්ගේ මෙහෙයුමින් පසු පතල්කම්කරුවන් තිස්තුන්දෙනා ගොඩට ගෙන ඒමේ කාර්ය බාරව තිබුණේ ජීවිතාරක්ෂක භටයන් 17 දෙනකුටය. පතල් කම්කරුවන් තුළ රුධිර පීඩනය ඉහළ යැම කැප්සුලය අතරමග නතර වීම යන ප්‍රශ්නවලට අපි මුහුණ පෑවා. මේ නිසා මිනිසුන්ගේ බරට වැලි කොට්ට කැප්සියුලයේ දමා අපි පතලට යවා අත්හදා බැලුවා යෑයි ජීවිතාරක්ෂක කණ්ඩායමේ ප්‍රකාශකයෙක් චිලී මාධ්‍යවලට හෙළි කළේය.
කෙසේ වෙතත් පැය 22 1/2 ක ජීවිතාරක්ෂක මෙහෙයුමක් යටතේ පතලේ කොටු වී සිටි පතල්කම්කරුවන් තිස්තුන්දෙනා බේරා ගැනීමට හැකි විය. මෙලෙස දින 69 ක් ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටි පතල් කම්කරුවන්ගේ ජීවිතය ද කටුකය. අතිශයින්ම ශෝචනීයයි. ඔවුන්ට මසකට ලැබෙන්නේ ඩොලර් 1600 ක වැටුපකි.
එහෙත් දැන් බ්‍රිතාන්‍යයේ රූපවාහිනි සේවාවක් ස්ටර්ලින් පවුම් 250000 කට පතල් කම්කරුවන්ගේ කතාව මිලයට ගැනීමට සූදානම් වී සිටී.
ඒ මුදල එම තිස්තුන්දෙනා අතර බෙදා ගන්නා බව පතල් කම්කරුවෙක් පවසා ඇත.
මෙහිදී මේ පතල් කම්කරුවන් තිස්තුන්දෙනා ජීවතුන් අතර සිටින බවට පොළවේ සිsටින පිරිසට පණිවුඩයක් එවා ඇත්තේ වැඩ අධිකාරි ලුවිස් උර්සුවාජ. පතලෙන් අවසානවරට එළියට පැමිණියේද ඔහුය. අපි කෙසේ හෝ ගොඩට යමු. ඊට ආත්ම ශක්තියත් අවශ්‍යයි. අපි අපේ පවුල වෙනුවෙන් සටන් කරමු. යෑයි මා සගයන්ට කියා සිටියා යෑයි ලුවිස් උර්සුවා පැවසීය.
මේ පතලේ හිමිකරු වන්නේ මිනේරා සැන් එස්ටීබන් සමාගමයි. පසුගිය කාලය තුල මේ පතලේ අනතුරු රැසක් සිදුවී ඇත. මේ නිසා එම පතල් සමාගමට 43 වතාවක් දඩ නියම විය.
මේ අතර ඔපරේෂන් හෝප් නමැති මේ ගලවා ගැනීමේ මෙහෙයුමට පැය 48 ක් ගත වනු ඇතැයි අපේක්ෂා කෙරුණි. එහෙත් චිලී රජය පැවසුවේ පැය 22 ක් හා විනාඩි 31 ක් තුළ මෙහෙයුම අවසන් වූ බවයි.
මේ ජීවිතාරක්ෂක මෙහෙයුමට ඩොලර් මිලියන 22 ක් වැය විය. එහෙත් මේ මුදල් වැයවීම ගැන තැකීමක් නැහැ. අපට අවශ්‍ය මිනිස් ජීවිතයයි යෑයි චිලී ජනාධිපති සෙබස්තියන් පිනේරු කියා සිටියේය.
මෙහිදී පතල වෙත සිදුරු තුනක් හෑරීමට තීරණය විය. එක් සිදුරක් හෑරීමෙන් පසු ඉන් පතල් කම්කරුවන් සමග සම්බන්ධකම් පැවැත්විය හැකි යෑයි තීරණය විය.
මෙම සිදුර හැරීමේ විස්මයජනක ක්‍රියාදාමය සඳහා හෙක්ටර් රොක් නමැති සමාගමක් සම්බන්ධ විය. මේ සමාගම විසින් පිස්ටන් මගින් ක්‍රියා කරන විදුම් කූරු සපයා තිබුණි. 2007 වසරේදී මේ පතල වසා දැමීමට අධිකරණය විසින් නියෝග කෙරුණි. මෙයට හේතු වූයේ පතල් කම්කරුවකු මිය යැම නිසා ඔහුගේ ඥතීන් විසින් නඩු පැවරීමෙනි. එහෙත් 2008 දී මේ පතල යළි විවෘත විය. දින 17 ක් තිස්සේ මෙම පතලේ සිටි පිරිස ජීවතුන් අතර සිටින බවට වාර්තා වූයේ නැත.
එහෙත් විදුම් යන්ත්‍රයෙන් සිදුර හෑරීමෙන් පසු එහි එල්ලා තිබූ කුඩා කොළ කැබැල්ලක් මගින් පතල් කම්කරුවන් තිස්තුන්දෙනා ජීවතුන් අතර සිටින බව අනාවරණය විය.
එම කොල කැබැල්ලේ තිබුණේ අපි සුවසේ සිටින බව යන්නයි. මෙහිදී මෙම පතලේ සිටි කම්කරුවන් කණ්ඩායම බේරා ගනු ලැබුවේ රජය සතු කොබෙල්කෝ සමාගමයි.
චිලී ජනාධිපති සෙබස්තියන් පිනේරා ඊයේ චිලි ජනතාව අමතමින් ඇමරිකානු නාසා අභ්‍යවකාශ ආයතනය විසින් මෙකී විස්මිත මෙහෙයුම සඳහා සහය වූ ආකාරය හෙළි කළේය. අඟල් 28 ක් වූ සිදුර තුළ කැප්සියුලය ගමන් කරන විට එය කැරකුනොත් ප්රශ්නයකි. ඊට හේතුව කැප්සියුලයේ එන තැනැත්තා කලබල වීමට ඉඩ ඇති නිසයි. මේ නිසා නාසා ආයතනය අපට දැඩි පෝෂණ දියර ආහාර සැපයූවා යෑයි හෙතෙම සඳහන් කළේය.
මේ අතර විදේශ මාධ්‍ය විසින් දිවි ගලවාගත් ආකර කම්කරුවන්ගෙන් අදහස් විමසනු ලැබවේය.
අපි උපන්නේ ආකර කම්කරුවකු ලෙස ක්‍රියා කිරීමටයි. මිය යන්නෙත් ආකර කම්කරුවකු ලෙසයි යෑයි ඔව්හු කියා සිටියහ.
මේ අතර එදා කිසිදු ආකාරයක සැලකීමකට ලක් නොවූ මේ පතල් කම්කරුවන්ව දැන් ජනාධිපති මන්දිරවලටත්, රූපවාහිනි වැඩසටහන්වලට හා සංචාරක දැන්වීම්වලටත් පැමිණෙන ලෙස ඇරයුම් කර ඇතැයි අනාවරණය විය.
පතල් කම්කරුවන් තිස්තුන් දෙනා ගලවා ගැනීමේ අවසාන අවස්ථාව වාර්තා වීමත් සමඟ චිලියේ සන්තියාගු අගනුවර මාර්ගවල ධාවනය වූ වාහනවල නලා ශබ්දයෙන් මුළු අගනුවරම පිළිරැව් දුන්නේය.
මේ පතල් කම්කරුවන් අතර එක් බොලිවීයානු වැසියකු ද විය. බොලිවියානු ජනාධිපති ඊවෝ මොරාලෙස් ඔහුව බැලීම සඳහා චිලී අගනුවරට සම්ප්‍රාප්ත විය.
මෙම ජීවිතාරක්ෂක මෙහෙයුම ගැන පාප් වහන්සේ ප්‍රකාශයක් කරමින් දෙවියන් වඩාත් කාරුණිකවී ඇතැයි කීයේය.
ලෝක ඉතිහාසයේ මෙවැනි විශ්මයජනක සිද්ධියක් වාර්තා වූයේ මුල්වරටය.
චිලියේ ආකරවල සිදුවන අනතුරුවලින් සෑම වසරකම 40 ක් පමණ මියයයි. මෙහිදී මේ පතල කොතරම් ගැඹුරුදැයි මුල්වරට හෙළි කළේ සන්තියාගු නුවර පුවත්පත්ය. විදේශ මාධ්‍ය මේ පතල අඩි 700 ක් ගැඹුර යෑයි පවසද්දී චිලී මාධ්‍ය පැවසුවේ එය අඩි 2000 ක් ගැඹුර බවයි.
එහෙත් පතලේ නියම තත්ත්වය මෙතෙක් හෙළි කර නැත.
එය රහසකි. මේ රහස් චිලී රජය හෙළි කර නැත. මෙහිදී තවත් සිද්ධියක් වාර්තා විය. ඒ පතලේ සිට ගොඩට පැමිණි කම්කරුවන්ට ඕක් ලි සමාගම ඩොලර් 2080 ක් වටිනා අව් කණ්නාඩි සැපයීමයි. ඉන් ඔවුන්ගේ ඇස ආරක්ෂා වේ.
කීර්ති වර්ණකුලසූරිය
divayina - http://www.divaina.com/2010/10/15/feature01.html