ලොව කළඹන සයිබර් හැකින් ප්‍රහාර

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලොව කළඹන සයිබර් හැකින් ප්‍රහාර

    උපුටාගැනීමකි..ගත්තෙ මෙතනින් පොඩ්ඩක්වත් වෙනස් කලේ නෑ තිබුන විදියටම දැම්මා..:yes::yes:




    ලොව කළඹන සයිබර් හැකින් ප්‍රහාර - “ඇනෝනිමස් හැකර් කණ්ඩායමේ“ අලුත්ම මෙහෙයුම් - Are U know about the newest Anonymous hackers Operations Oct – Nov 2011


    1.Operation Dark Net....
    2.An open letter from Anonymous to the
    Government of Israel ....
    3.Operation Brotherhood Shutdown ...

    මොනවද මේ???
    මේ හමුදාවක මෙහෙයුම් වල නම් නෙවේ...
    මේ පසුගිය ඔක්තෝම්බර් මාසයේ හා මේ නොවැම්බර් මස මුල කාලයේ ඇනෝනිමස් ලෙස හදුන්වන හැකර් කණ්ඩායම තම හැකින් ප්‍රහාර විවිධ ඉසව් විවිධ කාරණා සඳහා ඔවුන්ගේ අලුත් සයිබර් මෙහෙයුම් සදහා යොදා ගන්නා නම් තමා..

    03-3.jpg


    මේ හැකින් හා හැකින් ප්‍රහාර මාතෘකාවට බොහෝ දෙනා දැඩි උනන්දුවක් දක්වනවා..
    ඒ හින්දම මේ මාස 02 තුල එල්ලවු සැලකිය හැකි හැකින් ප්‍රහාර ගැන කෙටි විස්තරයක් තමා මේ තියෙන්නේ...
    කරුණු ,විඩියෝ හා ජයාරූප සියල්ලම අන්තර්ජාලයෙන් උපුටගත් අතර දැනුවත් වීම සඳහා පමණක් ඉදිරිපත් කරමි. ඔබේ අදහසත් දාලම යන්න අමතක කරන්න එපා...

    2011/10/07 හා 10 අතර Sony ආයතනය තෙවන වරටත්
    ප්‍රහාරයකට ලක්වේ...

    ඔක්තෝම්බර් මස 07 හා 10 දින අතරදි තුන්වන අවස්ථාවට සෝනි සමාගම හැකින් ප්‍රහාරයට ලක්වුනු අතර මීට පෙර මෙම වසරේම අප්‍රේල් හා මැයි මාස වලදීද හැකර් කණ්ඩායමක ප්‍රහාරයට ලක්විය.දෙවන වර එල්ල වු ප්‍රහාරයේදී මිලියන 246 කට වඩා වු පරිගණක ක්‍රීඩා පාවිච්චි කරන්නන්ගේ තොරතුරු සොරකම් කර තිබු අතර මිලියන 100 කට ආසන්න පිරිසකගේ පුද්ගලික හා ක්‍රෙඩිට් කාඩ් තොරතුරු සොරකම් කර තිබුණි.

    පසුගියදා ප්‍රහාරවලින් සෝනි සමාගමේ
    Play station network (PSN) , Sony Entertainment (SEN)හා
    Sony Online Entertainment (SOE) යන තුනටම හානි සිදුකර ඇති අතර ගිණුම් 93000 ට ආසන්න වු ප්‍රමාණයක රහස් පද සොරකම් කර ඇත.ඒවා අක්‍රිය කොට අදාල පුද්ගලයන් දැනුවත් කිරීමට ඊ- මේල් පණීවුඩ යවා ඇති බව පවසන සෝනි ආයතනය තවදුරටත් පවසන්නේ තම අඩවි හැකින් ප්‍රහාර වලට ලක්ව නැතත් තුන්වන පාර්ශවයක් තම දත්ත සොරා ගෙන ඇති බවත් ඒවා අක්‍රිය කොට ඇති බැවින් බිය විමට කරුනු නැති බවත්ය.
    අප්‍රේල් හා මැයි මාස වලදීද හැකර් ප්‍රහාරයන්හි වගකීම Lulzsec නම් හැකර් කණ්ඩායම භාර ගෙන තිබුනි.මේ ප්‍රහාරය කිසිවකු කරන ලදැයි තවමත් නොදනී.

    එහිදි අත්අඩංගුවට පත් බ්‍රිතාන්‍ය ජාතික තරුණයා මතකද? මෙතනින් බලන්න..

    2011/10/14 - Operation Dark Net හෙවත් ළමා ලිංගික දර්ශණ අතුලත් වෙබ් අඩවි අක්‍රිය කර දැමිමේ ඇනෝනිමස් කණ්ඩායමේ අලුත්ම සයිබර් මෙහෙයුම..

    2011/10/14 දින ආරම්භ කල Operation Dark Net නම් වු ළමා ලිංගික දර්ශණ ඇතුලත් අසභ්‍ය ලාභ ලබන වෙබ් අඩවි බිඳ දැමීමේ මෙහෙයුමෙන්, මෙතෙක් රාජ්‍ය ආයතන,ලොව ප්‍රසිද්ධ වෙළඳ ආයතන හා Visa, Master Card , Pay pal ආදියට ප්‍රහාර එල්ල කරමින් ආරම්භ වු හැකින් ප්‍රහාර වෙනම මඟකට යොමු වී ඇත.

    එහි ප්‍රථම ප්‍රහාරය පසුගිය 27 වනදා දිනකට පවුම් 600 උපයන බ්‍රිතාන්‍ය පුද්ගලයකු සතු අඩවියකට එල්ල කොට ඇත. මෙහෙයුමට පෙර යු ටියුබ් අඩවිය හරහා නිකුත් කරන ලද විඩීයෝ පටයෙන් මෙවැනි ළමයින් ඉලක්ක කොට ඇති ළමුන් ඇතුලත් වන අසභ්‍ය වෙබ් අඩවි වසා දමන ලෙස කියා සිටි අතර ටිවිටර් වෙබ් අඩවිය හරහාද
    එම ප්‍රකාශයම සිදු කර ඇත.
    යු ටියුබ් අඩවිය හරහා නිකුත් කරන ලද විඩීයෝ පටය



    හැකර් කණ්ඩායම වෙබ් අඩවි සබැදුම් සියල්ලම මුලින් ඉවත් කර අතර විනාඩි 05 තුල නැවත ඒවා ක්‍රියාත්මක කිරීමට අයිතිකරුවන් ක්‍රියා කිරීම නිසා ඒවායේ හොස්ටින් නැතිනම් බෙදාහැරීම සිදුකරන සමාගම සොයා (Freedom Hosting) එහි සර්වර් සියල්ල අක්‍රිය කොට දැමුවත් ඔවුන් සතු BackUp මගින් නැවත දත්ත ලබා දීමත් සමග නැවත ක්‍රියාත්මක වු හැකර්කරුවන් එහි වු 100 GB ලට වඩා දත්ත මකා දමමින් 40 වැඩි වු වෙබ් අඩවි ප්‍රමාණයක් අක්‍රිය කොට ඇත.

    95% වඩා මේ අඩවි වලට හොස්ටින් ලබා දී තිබුනේ ඉහත ආයතනයයි.නොවැම්බර් මස 03 වැනිදා මෙම අඩවි වල ගිණුම් පවත්වා ගෙන යන 190 ක් වු පිරිසකගේ IP ලිපින, පෞද්ගලික තොරතුරු හා ජයාරෑප ඇනෝනිමස් කණ්ඩායම අන්තර්ජාලය ඔස්සෙ ප්‍රසිද්ධ කර තිබුනේ
    පේස්ට් බින් නැමති වෙබ් අඩවිය ඔස්සේ ප්‍රසිද්ධ කල නම් මෙතනින් බලන්න..
    මෙවැනි අඩවි සඳහා ඉදිරියටත් ප්‍රහාරයන් එල්ල කිරීමට තමන් මැලි නොවන බව පවසමිනි.
    ඒ සඳහා ලොව වටා සිටින තම සමාජිකයන්ගේ සහය ලැබෙන
    බවත් ඔවුන් තව දුරටත් ප්‍රකාශ කර තිබුනි.

    2011/11/01 - ඇනෝනිමස් කණ්ඩායම මෙක්සිකානු මත්ද්‍රව්‍ය විකුණන කල්ලියකට අභියෝග කරයි.
    පසුගිය නොවැම්බර් මස 01 වැනිදා යු ටියුබ් හරහා මෙතෙක් දැක නොමැති ආකාරයට ඇනෝනිමස් සමාජිකයකු අංග චලන කරමින් නිකුත්කල විඩියෝවෙන්



    ඇනෝනිමස් කණ්ඩායම Zeta නම් වු මෙක්සිකානු කල්ලියකට අභියෝග කලේ ඔවුන්ගේ අත්අඩංගුවට පත් ඇනෝනිමස් සමාජිකයා නිදහස් කරන ලෙසත් එසේ නොවුන හොත් කල්ලියේ සමාජිකයන්ගේ නම්,ලිපින ආදි පෞද්ගලික තොරතුරු හෙලිකිරිමටත් එමගින් එරට පොලිසියට හෝ වෙනත් කණ්ඩායම් වල ප්‍රහාරයන්ටත් ලක් කරන බවත්ය.

    ඔවුන් තවදුරටත් කියා තිබුනේ ආයුධ වලින් තමන්ට ආරක්ෂා නොහැකි වුවත් , කල්ලියේ සියලු කටයුතු කරන කියන දෑ දන්නා නිසා තම සමාජිකයා නිදහස් කරන ලෙසත් එසේ නොවුනහොත් මේ සඳහා සම්බන්ධ පොලිසිය ටැක්සි රියදුරන් හා සියල්ලන්ගේ ජයාරූප හා විස්තර හෙලි කරන බවත්ය.

    කෙසේ වුවත් පසුගියදා අන්තර්ජාල ප්‍රවෘත්ති අඩවි වල සඳහන් වුයේ එම මෙහෙයුම නවතා දැමු බවයි.


    2011/11/07 දින -
    An open letter from Anonymous to the Government of Israel

    ඇනෝනිමස් හැකර් කණ්ඩායම යු ටියුබ් අඩවිය මගින් ඊශ්‍රායල් රජය සඳහා ලිපියක් යනුවෙන් සඳහන් වුනු විඩියෝවකින් ප්‍රකාශයක් නොවැ 04 වැනිදා නිකුත් කල අතර එයට දින 02 පසුව ඊශ්‍රායලයේ ආරක්ෂක අමාත්‍යංශ වෙබ් අඩවියත්, Shin-bet නම් වු අභ්‍යන්තර බුද්ධි ඒජන්සියත්, Mossad Spy Agencyනම් වු ආයතන වල වෙබ් අඩවි සියල්ලත් ක්‍රියා විරහිත විය. Shin-bet ආයතනයේ ප්‍රකාශකයකු පවසා තිබු ආකාරයට මෙම වෙබ් අඩවි හැකර් ප්‍රහාරයකට ලක්ව නැති බවත් පැය කීපයකට ක්‍රියාවිරහිත වු බවත් ඒ ගැන පරීක්ෂන පවත්වන බවත්ය.කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් ඇනෝනිමස් හැකර් කණ්ඩායමේ සම්බන්ධයක් ඇතැයි සැක මතුව තිබේ..

    යු ටියුබයට නිකුත් කල විඩියෝව



    නොවැ 04 වැනිදා ඊශායලයට ආසන්න ජාත්‍යන්තර මුහුදේදී බෝට්ටු දෙකකින් ගමන් කල මාධ්‍ය වේදීන් හා සමාන්‍ය පුද්ගලයන් 27 සමන්විත පිරිසක් ඊශායල වෙරළ ආරක්ෂකයන්ගේ අත්අඩංගුවට පත්වීමේ සිද්ධියක් මුලික කොට ගෙන මෙම ඊශ්‍රායල් රජය සඳහා ලිපියක් යනුවෙන් සඳහන් වුනු විඩියෝව අන්තර්ජාලයට මුදා හරින ලදි.
    එයට සම්බන්ධ ජයාරූප කිහිපයක්...

    02-2.jpg

    01-4.jpg


    2011/11/11 - Operation Brotherhood Shutdown
    මෙය ඔවුන්ගේ අලුත්ම මෙහෙයුම වන අතර එහි පණිවිඩය සදහන් විඩියෝවක් පසුගිය 11 වන සිකුරාදා යු ටියුබය හරහා අන්තර්ජාලයට එකතු කල අතර ඒ ගැන පසුව විස්තර සදහන් කරන්න තමා ඉන්නේ.. මේ ඒ ගැන වු යු ටියුබ් වීඩියෝව..



    හැකර් කරුවන්ටත් වරදී...
    ජර්මනියේ කොටස් වෙළඳ පොල හා සම්බන්ධව ක්‍රියාකරන බව සලකමින් Allezdax.com වෙබ් අඩවිය සති දෙකකට හැකර් ප්‍රහාරයකින් අක්‍රීය කොට තැබුවත් එය ප්‍රංශ රගර් ක්‍රීඩාව හා සම්බන්ධ නු රසික වෙබ් අඩවියක් වු අතර එය හදුන්වන කෙටි නම DAX නිසා මෙම වැරදීම බොහෝ විටම සිදුවී ඇති බව සිතා ගත හැකි අතර දැන් එම අඩවිය යථා තත්වයට පත්ව ඇත..
    ====================================================================
    ලොව වටා එල්ලවන හැකින් ප්‍රහාර දින දින වැඩි වන අතරම දැන් ඔවුන් විවිධ පැති ඔස්සේ හා විවිධ හේතු සඳහා හැකින් ප්‍රහාර එල්ල කරනු ලබයි..

    04-3.jpg


    We are Anonymous.
    We are Legion.
    We do not Forgive.
    We do not Forget.
    Expect Us.

    ඒ ඇනෝනිමස් කණ්ඩායමේ ශිර්ෂ පාඨයයි.



     
    Last edited:

    ~hunter~

    Member
    Nov 8, 2011
    18
    0
    0
    Ela post eka.
    Eka atakin baluwama Anonymous Team eka narakath nehane....pornsites hitan hack karanawa..eka hodai...
    Munge aluthma seen eka tamai facebook ekata pishing site ekak dala tyenwa..ekata logwenakotama okkoma ID password wenama tenaka store wenawa....

    Facebook Security side eka hamadama aluth wena hinada hodai....Facebook Security Side eke inneth Honda Hacker's set ekak tamai'
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල පෝස්ට් එක මචන් ;)
    මුල් කතෘට තමා ස්තුතිය :yes::yes::yes:

    Ela post eka.
    Eka atakin baluwama Anonymous Team eka narakath nehane....pornsites hitan hack karanawa..eka hodai...
    Munge aluthma seen eka tamai facebook ekata pishing site ekak dala tyenwa..ekata logwenakotama okkoma ID password wenama tenaka store wenawa....

    Facebook Security side eka hamadama aluth wena hinada hodai....Facebook Security Side eke inneth Honda Hacker's set ekak tamai.
    අනිවා මචෝ ෆේස් බුක් එකේ දවසින් දවස අප්ඩේට් නේ ඉතින්.ඒක නිසා හොදයි..FB එකේ security එක එලටම තියෙනවා :):)

    කලු පූසා;11355731 said:
    wikipedia eke thiyenawa full story eka
    :yes::yes::yes:
     

    ~hunter~

    Member
    Nov 8, 2011
    18
    0
    0
    කලු පූසා;11355742 said:
    FB hack karana seen eka kiuwe Anonymous la nemei.. eka eyalage name eken penee hitapu wena kattiyakage wedak.. Operation FB ekata eyala hadapu twitter ekath fake.

    un machan info ekahu karanwa witrai..pishing site ekak dala maam hitanne:)....
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කලු පූසා;11355742 said:
    FB hack karana seen eka kiuwe Anonymous la nemei.. eka eyalage name eken penee hitapu wena kattiyakage wedak.. Operation FB ekata eyala hadapu twitter ekath fake.
    Operation FB කියන්නෙ මොකක්ද බං ටිකක් පැහැදිලි කරපන්කෝ

    un machan info ekahu karanwa witrai..pishing site ekak dala maam hitanne:)....
    එලස්

    :Pumba gana eke dala neha ne:rolleyes: :rofl:
    :D:D:D

    Monawaunath mam unwa Agaya Kranawa...
    ඇයි බං ඒ :confused::confused:

    Thanks machan
    Your welcome bro

    එලස් මචං

    එලස් මචෝ
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා!
    නියම පෝස්ට් එකක්!!
    11.gif

    ස්තුතියි යාලුවා බෙදා ගත්තට!
    ඔයා ගාල්ලෙද??:shocked:
    මමත් ගාල්ලේ... :D

    තව හොද දේවල් තිබුනොත් අපිත් එක්ක බෙදා ගන්න!

    9+
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Elaz

    maXXa machan interesting post
    Thanks machan..!

    පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා!
    නියම පෝස්ට් එකක්!!
    11.gif

    ස්තුතියි යාලුවා බෙදා ගත්තට!
    ඔයා ගාල්ලෙද??:shocked:
    මමත් ගාල්ලේ... :D

    තව හොද දේවල් තිබුනොත් අපිත් එක්ක බෙදා ගන්න!

    9+
    ඔවු මම ගාලේ bro :yes::yes:

    Elaz