ලොව දිනූ චරිත !

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    තොමස් අල්වා කියන්නේ මොන ගල් පොන්න්සියෙක් ද

    මෙන්න රියල් ඩයල් එක


    මෙයා හැදුවලු මචන් කරන්ට් එක ඉස්කෝලවල් වල බිත්ති වල දුවන සින් එකක්

    මු විස්වාස කරාලු එකෙන් හොදට ඉගෙන ගැනීම වගේ දේවල් වැඩි වෙනවා කියලා


    ඒවා නොකරන්න අකුල් හෙලපු පල වෙස්ස පොන්නය එඩිසන් මැරිච්ච වලටත් උරෝ රිපන්
    හෙන 1000000000000000000000000000000000000000000000000000 වැඩියන්
     

    COBRA_SM

    Well-known member
  • Aug 6, 2014
    909
    271
    83
    Nawala Road, Nawala
    නිකොලා ටෙස්ලා - 1891

    විද්‍යුත් චුම්භක ක්ෂේත්‍ර පිළිබඳ විද්‍යාව මයිකල් ෆැරඩේ සොයා ගෙන තිබුණ ද, එය වාණිජ මට්ටම දක්වා දියුණු කිරීමේ ගෞරවය අයත් වන්නේ නිකොලා ටෙස්ලා හට ය. ඔහු සොයාගත් භ්‍රමණ චුම්භක ක්ෂේත්‍රය, නූතන යාන්ත්‍ර විද්‍යාවේ පදනමක් වශයෙන් සැලකෙයි. අනෙක් අතට නිකොලා ටෙස්ලාගේ නමට අගින් නිතර ම පේටන්ට් නාම තුන්සියයක් පමණ කියැවෙයි. ජෝර්ජ් වෙස්ටින්හවුස් වැනි ප්‍රකට විද්‍යාඥයන් ට හා නව නිපැයුම්කරුවන් හට ටෙස්ලා ඒ අතරින් ඇතැම් පේටන්ට් බලපත්‍රයක් අලෙවි කළේ මේ සියලු සොයා ගැනීම්වලින් ප්‍රයෝජන ලබා ගැනීමට සහ මුදල් ඉපැයීමට තනි පුද්ගලයකු හට නොහැකි බව වටහා ගැනීමෙන් පසුව ය.

    1856 වර්ෂයේ ඔස්ට්‍රියානු අධිරාජ්‍යය පැවැති සමයේ උපන් නිකොලා ටෙස්ලා, සර්බියානු සම්භවයක් ඇත්තෙකි. ඔහු උපන් ප්‍රදේශය අද අයත් වනුයේ ක්‍රොයේෂියාවට ය. පසුව 1884 දී අමෙරිකානු පුරවැසිභාවය ලැබීමෙන් පසු විදුලි බල්බය සොයා ගත් තෝමස් අල්වා එඩිසන් සමඟ ටික කාලයක් පර්යේෂණ කටයුතුවල නිරත වීමට ඔහු සමත් විය. ඉන් පසු දෙදෙනා දෙපසකට ගියහ. ලෝකයට මේසා නව නිපැයුම් පෙළක් දායාද කිරීමට ටෙස්ලාට හැකි වූයේ මේ දෙපසට යාම නිසා යැයි ද පැවසේ. ඔහුගේ මේ සියලු නිපැයුම් අතරින් ටෙස්ලා දඟරයට විශේෂ ස්ථානයක් හිමි වන්නේ එය රැහැන් රහිත ගුවන් විදුලි කර්මාන්තයේ විප්ලවීය වෙනසක් සිදු කිරීමට සමත් වූ නිසාය.

    විද්‍යාත්මක භාෂාවෙන් පවසන්නේ නම් ටෙස්ලා දඟරය වනාහී විද්‍යුත් අනුනාද චුම්භක පරිණාමක පරිපථයකි. සම්ප්‍රදායික විද්‍යුත් පරිණාමක හෙවත් ට්‍රාන්ස්ෆෝමරවල මෙන් නොව මෙහිදී පරිණාමකයේ දඟරවල කම්බි ඔතා තිබුණේ බුරුල් ලෙසය. එනම් කම්බි එකිනෙක අතර වායු අවකාශයක් ජනිත වන පරිදිය. මේ නිසා ඉහළ වෝල්ටියතා නිකුත් කරන සෙසු සියලු උපාංගවලට වඩා විශාල වෝල්ටියතාවක් නිපදවීමට ටෙස්ලා දඟරයට හැකියාව තිබේ. වෝල්ටියතාව අධික වුව ද එහි පවතිනුයේ අඩු විද්‍යුත් ධාරාවකි.

    විද්‍යුතයේ සුප්‍රසිද්ධ සූත්‍රය වන ඡ්=ධ්අ හෙවත් විද්‍යුතය, ධාරාවේත් ප්‍රතිරෝධයේත් ගුණිතයට සමාන වේ යන සරල පදනම මත පිහිටා කටයුතු කළ ද ටෙස්ලාගේ පරිකල්පන හැකියාව අපූර්ව එකක් විය. වෝල්ටියතාව අත්‍යාධික වුව ද, අඩු විදුලියක් නිපදවීමට හේතුව වන්නේ එහි අධික ප්‍රතිරෝධයක් තිබීමයි. මේ නිසා ටෙස්ලා දඟරය දර්ශනීය ලෙස කෘත්‍රිම අකුණු ඇති කිරීමට සමත් විය. එක්ස් කිරණ ජනනය, අධි සංඛ්‍යාත විකල්ප විදුලිය පිළිබඳ සංසිද්ධිය, ඉලෙක්ට්‍රොතෙරපි සහ රැහැන් රහිතව විදුලි ශක්තිය සන්නයනය කිරීම පිළිබඳ පර්යේෂණ සඳහා ද යොදා ගැනුණේ ටෙස්ලා දඟරයයි. 1920 දශකය දක්වා ම රැහැන් රහිත ටෙලිග්‍රැෆි තාක්ෂණය සඳහා මෙය යොදා ගැනිණි. අද වන විට ටෙස්ලා දඟරය බොහෝ සෙයින් යොදා ගන්නේ අධ්‍යාපනික හා විනෝදාත්මක උපකරණවල දර්ශනීය විද්‍යුත් පුළිඟු හෝ අධි වෝල්ටීය ධාරාවන් නිපදවා ගැනීමට ඇවැසි වූ විට ය.