ලොව දූෂිතම ක්‍රිකට් රට ල0කාවයි - ICC

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :rofl:

    ක්‍රිකට් ලොක්කා රහස් පොලීසියට

    ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

    ඔහු සමඟ තවත් නිලධාරින් සිව් දෙනෙකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇති බවත් ඒ අතර ක්‍රිකට් ආයතනයේ මානව සම්පත් කළමනාකරු ද වන බව එහි ආරංචි මාර්ග පවසයි.

    එංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ගෙවිය යුතු මුදල් වලින් කොටසක් හොං කොං හි ආයතනයකට ගෙවීමට සූදානම්ව තිබියදී අවසන් මොහොතේ එම වංචාව අතටම අසු විය. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශයේ උසස් නිලධාරියකු චෝදනාවට ලක්වූ අතර පසුව ඔහුගේ කාමරයට මුද්‍රා තබන ලදි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කළ විමසීමකදී දැනගත හැකිවූයේ එම සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතුව ඇති තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරියා වන ඈෂ්ලි ද සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බවයි.

    මේ අතර මාස දෙකකට ඉහතදී නිමාවූ දකුණු අප්‍රිකානු පිලේ ශ්‍රී ලංකා සංචාරයේදීත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබිය යුතු මුදල් ඇමරිකා එක්සත් ජනපදයේ ගිණුමකට බැර කර ඇතැයිද කියැවේ.

    :dull::dull:ක්‍රිකට් ඉවරයි ටෙස්ට් නැති වෙනව ලගදිම..
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,369
    12,633
    113
    Piliyandala
    හුරේ ගමන් සුබයි ජය නියතයි..... ටෙස්ට් අවලංගු කරොත් මුන්ට දුවන්න පාරවල් නෑ... ICC එකෙන් දෙන්නේ රෙවෙන්ඩ දෙන්නේ රෙවේන්ඩ....

    මොකක්ද මේ ක්‍රිකට් වලට උණු විනාසය... ඩොලර්ස් වලට ෆික්ස් කරනවා නෑ නේ කිසිබිය.....
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    සිරාවට බන් ක්‍රිකට් විතරක් හොදට තිබ්බනම් නේ පුදුමේ. 2015 ඉදල මේ රටේ හැම ක්ෂේත්‍රයක්ම නැත්තටම නැති උනා :angry:
    :(:(
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,853
    113
    සේදවත්ත
    match fixing karai kiyala balaporottu wenna puluwan talented team ekekin. SL team eka wage talented nathi un kohomada fix karanne, un kohomath paradinawa

    ෆික්සින්ග් කරාම තමා ගහන්නේ නෑ වගේ 0 අවුට් වෙන්නේ කැච් මිස් වෙන්නේ අන්තීම ඕවර් ශෝට් පිච් කරල ෆුල් ටෝස් දෙන්නේ . ඒමයි බන් ෆික්සින් කරන්නේ . ඇයි බන් අවුරුදු ගානක් ඔය මගුල කරලා ක්‍රකට් ගහන්න බැරි බන් පොල් පිත්තෙන් කපා ගන්නවා. හිතපන් එකක් ෆික්ස් කරාම ලක්ෂ 50 දෙනවා කිව්වම ඌට එක මැච් එකක්ක පොඩි සීන් එකක් දාන්න තියෙන්නේ , පනහක් අතේ අනික ස්කොඩ් එක ලොකු නිසා කොච්චර කල් ගහන්න වෙයිද දන්නේ නෑ ඉන්න කාලේ හම්බකරන් යනවා. මොන රටද බන් , රට හොද වෙන්න ඕනේ රටට වැඩක් කරන්න රට අයාලේ යනකොට හම්බකරා බිස්න්ස් දැම්මා හෝ රට ගියා . ලංකාවේ හැමදේටම වෙන්නේ ඕක දැන්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    Oya spot fixing bn...
    Match fixing neme
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    BITTER TRUTH :yes::yes::yes::yes::yes:

    ක්‍රිකට් ක්‍රීඩකයන් විගනන දෙපාර්තමේන්තුවට යටත් කරලා ගිනුම් සොයා බෑලෙන විදිහට නීති සකස් කරන්න ඔනි .අනික පිටරටවල් වල පෞද්ගලික තරග වලට සෙල්ලම් කරන එකත් තහනම් කරන්න ඔනිමයි :angry:
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ලංකාවේ ක්‍රිකට් දූෂකයින්ගේ නම් හෙළිකරන අයි.සී.සී.යේ මාෂල්ගේ වාර්තාව අද එළියට !

    ශ්‍රී ලංකාවට පැමිණ සති තුනක පමණ කාලයක් විමර්ශන කටයුතු වල නිරතවූ ඇලෙක්ස් මාෂල් ප්‍රමුඛ අයි.සී.සී. දූෂණ චමර්දන ඒකකයේ අවසන් වාර්තාව අද (19දා) හෝ හෙට නිකුත් කරන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. පසුගිය වසරක පමණ කාලසීමාවකට අදාළව සිදුකරන ලද විමර්ශණ කටයුතුවලදී ලද නිරීක්‍ෂණයන්ට අනුව ගත් නිගමනයන්ගෙන් මෙකී වාර්තාව සකස් කරන ලදැයි දැනගන්නට ඇති අතර, මෙරට ක්‍රිකට් ක්‍ෂේත්‍රයේ නමක් දිනා සිටින දැවැන්තයින් කිහිප දෙනෙකුද ක්‍රිකට් තරග පාවාදීම් ඇතුළු දූෂණ කටයුතුවලට සම්බන්ධ වූ අයුරු මෙමඟින් හෙළිදරව් වනු ඇතැයිද පැවැසේ.

    කෙසේ වෙතත් අයි.සී.සී. දූෂණ මර්දන ඒකකයේ ප්‍රධානී මෙන්ම සාමාන්‍යධිකාරී ඇලෙක්ස් මාෂල් පවසන පරිදි ශ්‍රී ලංකාව යනු ක්‍රිකට් දූෂණ සම්බන්ධයෙන් පරීක්‍ෂණයන්ට භාජනය කළ පසුගිය මාස 12ක කාලය තුළ ඉදිරියෙන්ම සිටින රටයි. ඔහුට අනුව ඒ සම්බන්ධයෙන් 2වැනි තැන ගෙන ඇත්තේ සිම්බාබ්වේ රාජ්‍යයයි. එසේම මේ පිළිබඳව මාධ්‍යයට කරුණු අනාවරණය කර ඇති මාෂල් වැඩිදුරටත් පවසා ඇත්තේ ස්ථිර වශයෙන්ම කරුණු සනාථ කරගෙන වැරැදිකරු බවට තීන්දු කරන තුරු කිසිදු චූදිතයෙක් පිළිබඳව නම් හෙළිනොකරන බවයි.

    නමුත් මේ වන විට මෙරට ක්‍රීකට් ‍ෙක්‍ෂත්‍රයේ කිහිප දෙනකුගෙන් ප්‍රශ්න කර ඇතත් හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකයකු මෙන්ම ජාතික තේරීම් කමිටු සභාපතිවරයකුද වූ සනත් ජයසූරියට පසුගිය සතියේ චෝදනා බාරදීමට අයි.සී.සී.ය පියවර ගත්තේය. ඔහුට එරෙහිව මේ වන විට චෝදනාව වී ඇත්තේ අයි.සී.සී. දූෂණ මර්දන ඒකකයේ ශ්‍රී ලංකාව තුළ සිදුකරන පරීක්‍ෂණවලට සහයෝගය නොදීමත් අදාළ තොරතුරු වසන් කිරීමත්ය. එකී චෝදනාවලට පිළිතුරු දීමට සනත්ට දින 14ක කාලයක් ලබා දී ඇතත් ඉන්දියානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ සනත්ට අවම වශයෙන් මාස 6කට හෝ උපරිම වශයෙන් වසර 5ක අයි.සී.සී. යෙන් ක්‍රිකට් තහනමක් පැනවීමේ අවදානමක් ඇති බවයි.:yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද(20 වැනිදා) පැවැති සිවුවැනි එක්දින තරගයේදීත් එංගලන්ත කණ්ඩායම ලකුණු 18 ක ජයක් අත්කරගත්තේය. මෙම ජයත් සමගින් 3-0 ක් ලෙසින් ඉදිරියට පැමිණි එංගලන්ත පිල තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය ජයගත් අතර තරගාවලියේ පළමු තරගය වර්ෂාව නිසා අතහැර දමන ලදි.:angry: