ලොව දෙවන විශාලතම දියමන්තිය හමුවෙයි
ලොව දෙවන විශාලතම දියමන්තිය බොට්ස්වානා රාජ්‍යයෙන් හමුවී ඇති බව ලුකාරා දියමන්ති සමාගම පවසයි.
එරට අගනුවර වන ගබොරොනි සිට කිලෝමීටර 500ක් උතුරට වන්නට පිහිටා ඇති කරොවි නැමති පතලෙන් කැරට් 1111ක් වන මෙම දියමන්තිය හමුවී ඇත.
බොට්ස්වානා රාජ්‍යයෙන් හමුවූ විශාලතම දියමන්තිය එය වන අතර ශතකයකට අධික කාලයක් තුල හමුවූ විශාලතම දියමන්තියද එය වෙයි.
මෙතෙක් හමුවූ විශාලතම දියමන්තිය කැරට් 3106ක් වන අතර එය වසර 1905දී දකුණු අප්‍රිකාවෙන් හමුවිය. එය කපා දියමන්ති 9ක් නිර්මාණය කළ අතර එයින් බහුතරය එංගලන්තයේ රාජකීය ආභාරණ අතර පවතියි.