ලොව පලමු හා අවසාන අභ්‍යාවකාෂ ගලවාගැනීමේ මෙහෙයුම

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    1,235
    1,453
    113
    1983 පෙබරවාරි 11 වන දින සෝවියට් අභ්‍යාවකාෂ පාලක මධයස්තානයට ලැබෙන ප්‍රාධාන රේඩියෝ සංඥාවක් එක්වරම නැතිවී ගියා. ඒ මිනිසා සතුව ඒ වනවිට තිබූ එකම අභ්‍යාවකාෂ මධ්‍යාස්ථානය වූ සැලියුට් 7 අභ්‍යාවකාෂ මධ්‍යාස්ථානය‍ෙන් පැමිනෙන මෙහෙයුම් දත්ත රේඩියෝ සංඥාවයි. වහාම අතිරේක රේඩියෝ පද්දතිය ත්‍රියාත්මක කරගැනීමට හැකි වුවත් විදුලි පද්දතියක විලායකයක් දැවී යාමක් පිළිඹඳව ලැබෙන සං‍ඥාවක් සමග ප්‍රධාන පද්දති කිසිවක් මගින් ප්‍රතිචාරයක් ලැබුනේ නැහැ. විනාඩි කිහිපයක් තුල එම සංඥාවත් බිඳ වැටීමට ලක්වුනා. මේවන විට සම්පූර්ණ මධ්‍යස්ථානයම ස්වංක්‍රීය තත්වයේ පැවති බැවින් මිනිස් ජීවිත පිළිඹද ගැටළුවක් නොමැති වුවත් මේ සමඟ මධ්‍යාස්ථානය සියළු දුරේෂවලින් සොයාගත නොහැකි වීමත් සමඟ සෝවියට් වරුන් තුල ගැඹුරු සැකයකුත් මෝදු වෙමින් තිබුනා.

    salyut-7.jpg

    සඳ ගමනෙන් ලැබූ පරාජයත් තම ප්‍රධාන සැලසුම් ශිල්පියාගේ මරණයත් සමඟ බිඳ වැටි තිබුනු සොවියට් අභ්‍යාවකාෂ වයාපෘතිය තම දිෂානතිය මිනිසුන් අභ්‍යාවකාෂ තුල ජිවත් වීමට අදාල අහ්‍යාවකාෂ මධ්‍යාස්ථාන නිර්මානය සදහා යොමු වුනා. සඳ ගමන සඳහා නිපදවු සොයුස් යානා හා ගොඩබැසීමේ තාක්ෂනය සමග පලවන අභ්‍යාවකාෂ මධ්‍යාස්තානය 1971 වසර තුල තම පලමු සැලියුට් මධ්‍යාස්ථානය ගුවන්ගත කරන අතර ඇමරිකාව තවත් වසර දෙකක් යන තුරු තම එකම අභයාවකාෂ මධයාස්ථානය ගුවන් ගත් කරන්නේ නැහැ. 1971 සිට සොවියට් දේශය බිඳවැටෙන තුරු සොවියට් වරු අභ්‍යාවකාෂ මධයස්තාන අටක් ගුවන් ගත කරනු ලබනවා.

    සැලියුට් 7 යනු සැලියුට් 6 මධයස්තානය වෙනුවට සකස් කරන ලඳ backup මධ්‍යස්ථානය වූ අතර මීර් අභ්‍යාවකාශ මධ්‍යාස්ථානයේ ප්‍රමාද නිසා 1982 වසරේ ප්‍රෝටෝන් රොකට්ටුවක් මගින් ගුවන් ගත කරන ලදී. 1983 වසරේ විශාල ඉන්ධන කාන්දුවක් සිදුවීම සිදුවු අතර සම්පූර්ණ ඉන්ධන ටැංකියක්ම කාන්දුවී තිබිණි. Soyuz T11, T12 හෙවත් ඊළඟ යානා පැමිනෙන තෙක් අළුත්වැඩියාව කල් දැමුනු අතර එම මෙහෙයුමි වලදි අළුත්වැඩියාව සඳහා අවශ්‍ය උපකරණ හා පුහුණුවලත් අජටාකාශගාමීන් පැමිනි අතර EVA කිහිපයක් අවසානයේ එම සංකීර්ණ නඩත්තු කටයුත්ත අවසාන කරන ලදී. ප්‍රථමවරට කාන්තාවක් අහ්‍යාවකාෂ ඇවිදීමකට සහභාගී වුයේද මෙම මෙහෙයුම අතරෙදීය. 1984 ඔක්තොබර් මස Soyuz T11 යානය පොළවට පැමීනීමත් සමඟ 1985 මාර්තු තෙක් මධ්‍යාස්තානය ස්වංක්‍රීය තත්වයට පත්කරන ලදී.

    ජ

    මෙහෙයුම අතර තුර මියගිය අභ්‍යාවකාෂ මධ්‍යස්ථානය​
    සිතල යුද්ධයේ බයානකම අවධියක් වූ මෙම යුගයේ රොනල්ඩ් රේගන්ගේ උග්‍ර සොවියට් විරෝධි ප්‍රතිපත්තිය නිසා ඇමරිකානු සොවියට් සබඳතා බිඳ වැටී තිබිණි. එමෙන්ම ඇමරිකානු තාරකා යුද්ධ සංකල්පය සොවියට් වරුන්ව බියට පත් කර තිබිණි. නමුත් පැය කීහිපයකින් සැලියුට් 7 යානය රැසියාව විසින් සොයාගත් අතර කිසිදු සම්බන්දතාවක් නොමැතිවීම සහ කිසිදු ප්‍රණයක් නොපෙන්වීම ඇමරිකාව චිත්‍රයෙන් තාවකාලිකව ඉවත් කිරීමට සමත් විය. කිසිදු පාලනයක් නොමැති අහ්‍යාවකාෂ මධ්‍යාස්ථානය තවත් ගැටළු රැසක් මතු කර තිබිණි. ඇමරිකානු ෂටලය මධ්‍යාස්ථානයේ මිනුමි වලට සමාන cargo bay සහ payload capacity වලින් යුත්ක වීම එක්ගැටළුවක් වූ අතර uncontrol return path එක ඇමරිකාව තුලට හො ඇමරිකානු මිත්‍ර රටක් තුලට වීමේ සෑහෙන ඉඩකඩක් තිබීම එයින් ප්‍රධාන විය.

    අවසානයේ සොවියට් අභ්‍යාවකාෂ ඒජන්සිය විසින් අහ්‍යාවකාෂ මධ්‍යාස්ථානය බේරා ගැනීමට අවසන් සැලැස්ම සකස් කරන ලදී. සොයුස් යානයක් මධ්‍යස්ථානය තුලට ගොඩ බැස්සවීම මගින් අභ්‍යාවකාෂ මධ්‍යස්ථානය නැවත පනගැන්වීම හෝ් හාවිතා කිරීමට නොහැකිනම් පාලිතව ඉන්දීය සාගරයට හො පැසිපික් සාගරයට පතිත කිරීම එම මෙහෙයුමේ ප්‍රධාන අරමුණ වී තිබිණි. ගොඩ බැසීමට නොහැකි වුවහොත් අවසන් විසදුම ලෙස පුපුරවා හැරීම යොජනා වුවත් ඒය මගින් සියළුම චන්ද්‍රිකා වලට බලපෑමක් ඇතිවීමට හැකිව තිබුනා.මේ සඳහා Soyuz T13 යානය සූදානම් කරන ලඳ අතර එක් ආසනයක් ඉවත්කොට එම ඉඩ අත්‍යාවශය උපකරණ ගෙනයාමට සූදානම් කරණ ලදී. උපරිම කාලයකට ආහාර ද්‍රව්‍ය රැගෙන ගිය යානයේ බලාපොරොත්තු උපරම කාලය වූයේ දින දහයකි. මෙහෙයුම සදහා පළපුරුදු අණදෙන නිලධාරියෙකු වූ Vladimir Dzhanibekov සහ ගුවන් ඉංජිනේරු ලෙස Viktor Savinykh සහභාගීවූ අතර 1985 ජුනී මස දියත් කිරීම සිදු කෙරුනා.


    අභ්‍යාවකෂ මධ්‍යස්ථානය සමග සාර්ථකව කඅක්ෂ ගතවුනත් Vladimir ට ප්‍රශ්න කිහිපයකට මුහුණ දෙන්න උනා. මුල්ම දේ සම්පුර්ණයෙන් manual ගොඩ බෑමක් සිදු කිරීම. මේ වන කොට සියළු සොයුස් යානා ස්වයංක්‍රීයව ගොඩ බැසීමේ පද්දතියකින් යුක්ත වුනා. නමුත් මීට පෙර ඔහු manual ගොඩ බෑමක් සිදු කර තිබීම නිසා එකරම් ගැටළුවක් ඇතිනොවුනත් ඒ වනවිට අභ්‍යාවකෂ මධ්‍යස්ථානය තම අක්ෂ දෙකක් වටා කැරකැවිමින් පැවතීම විශාල ගැටලුවක් වුනා. සොයුස් යානය සතු ඉන්දන ප්‍රමානවත් වූයේ අවස්තා තුනක් සදහා පමණක් වූ අතර දෙවන අවස්තාවේ යානය අහ්‍යාවකාෂ මධ්‍යාස්ථානය තුලට ගොඩ බැස්ස වීමට ඔහු සමත් වූවා. ගොඩ බැස්සවීමෙන් පසු අභ්‍යාවකෂ මධ්‍යස්ථානයේ චලනය පාලනය කරගත හැකි වුවත් අභ්‍යාවකෂ මධ්‍යස්ථානය තුල වාතය කොතෙක් දුරට හොද තත්වයේද යන්න මෙන්ම වාතය රැදී ඇත්ද යන්න ගැටළුවක් වූ අතර වාතය රැදී නැත්නම් යානය අත්හැර දැමීමට සිදුවනවා.
    අභ්‍යාවකෂ මධ්‍යස්ථානය තුල වාතය රැදී ඇතිබව තහවරු වීමෙන් පසු අභ්‍යාවකෂ මධ්‍යස්ථානය තුලට ගොඩ බැසීමේ කාර්යය අවසන් අදියරට ගෙන එමෙන් අභ්‍යාවකෂ මධ්‍යස්ථානය තුලට පිවිසි ඔවුන්ට මුහුණ දීමට වූයේ හීනෙන් වත් බලාපොරෙත්තු නොවූ තත්වයක් හෙවත් සම්පූර්ණ රුසියානු ශීත සෘතුවකටයි. අභ්‍යාවකෂ මධ්‍යස්ථානයතුල උෂ්ණත්වය -
    20 c පමණ වී ඇති අතර එම නිසා අභ්‍යාවකෂ මධ්‍යස්ථානයේ වතුර ටැංකිය පුපුරා සියලුම පෘෂ්ඨ සෙන්ටිමීටරයක පමණ හිම තට්ටුවකින් වැසී ගොස් තිබිණි.මෙම තත්වය ඔවුන්ගේ ආහාර දින පහකට සීමා කිරීමට බල පෑවේය.ජලය සෑහුනේ දින දෙලහකට පමණි. ජූනි 23 පැමිණි පොරෙගස් සැපයුම් යානයක් මගින් මෙම ගැටළු විසදන ලදී.

    soyuz-t-13.jpg


    අභ්‍යාවකෂ මධ්‍යස්ථානය තුල වූ බැටරි වලින් බැටරි දෙකකින් සම්පූර්ණයෙන් විනාෂ විතිබු අතර අනෙත්වා සදහා ලැබෙන විදුලි බලය ඉතා අඩුමට්ටමක පැවති අතර අභ්‍යාවකෂ මධ්‍යස්ථානයේ රේඩිායේටරය සෘජුව සූර්‍ය කොෂ සමග සම්බන්ද කර ක්‍රියාත්මක කිරීම සමග අභ්‍යාවකෂ මධ්‍යස්ථානය තුල උෂ්ණත්වය අංශක 6 ක් පමණ දන්වා ගෙන ඒමට හැකිවු අතර එමගින් අයිස් දියකර ජලය ඉවත් කිරීම සිදු කිරීම සදහා තම ඇගළුම් පවා යොදා ගැනීමට ඔවුන්ට සිදුවිය. අවසානයේ ජලය ඉවත් කර නඩත්තු කටයුතු ඇරබූ අතර අභ්‍යාවකෂ මධ්‍යස්ථානයේ තත්වය කිසිලෙසකත් හිතකර නොවීය. වාත පිරිසිදු කරන නිසි ආකාරව ක්‍රියා නොකල අතර එම නිසා දෙදෙනාට එකවර අභ්‍යාවකෂ මධ්‍යස්ථානය තුල වැඩ කිරීමට අවසර නොලැබිණි.ඒ කාබන් මෙනොක්සයිඩ් විෂ වීමක් ඇතිවිය හැනි බැවිණි. එමෙන්ම උස්ණක්වය නිසා ශ්‍රීත සෘතු අගළුම් පැළඳ සිටීමට සිදු විය.
    soyuz-t-13_1.jpg


    අවසානයේ ගුටළුව සොයාගන්නා ලද අතර solar array pointing system එකෙහි සෙන්සරයක් අක්‍රීය වීම නිසා බැටරි පද්ධතිය ආරෝපණය නොවීම නිසා විදුලිපද්දති එකින් එක බිද වැටීමයි. අවසානයේ තවත් EVA එකක්සිදු කර අභ්‍යාවකාෂ මද්‍යාස්තානය නැවත ක්‍රියාත්මක තත්වයට පත් කල අතර සොයුස් T 14 යානය සමග පැමිණි අජටාකාෂගාමීන් වෙත බාර දෙමින් Vladimir Dzhanibekov දින112 පසු පොලවට පැමිණි අතර Viktor Savinykh ඉන් දින 64 කට පසු සොයුස් T 14 යානය මගින් පොළවට පැමිනියේය.

    සැලියුට් 7 තවත් එක් ගවේෂණ කණ්ඩායමකට පමණක් සෙවන සැලසූ අතර 1986 දී මීර් අභ්‍යාවකාෂ මද්‍යාස්තානය මගින් සැලියුට් 7 විශාම යවන ලද අතර අවසාන කණ්ඩායම උපකරණ අභ්‍යාවකාෂ මද්‍යාස්ථාන අතර රුගෙන යාම සිදු කරන ලදී. සැලියුට් 7 සොවියට් බුරාන් ෂටලය මගින් පොළවට රැගෙන ඒමට සැලසුම් කොට ඉහල කක්ෂයක රදවන ලද අතර අවසානයේ 1991 වසරේ ආජන්ටිනාව අසලට කඩා වැටිණි. සැලියුට් ව්‍යාපෘතියේ කෙටස් මීර් හා අන්තර් ජාතික අභ්‍යාවකාෂ මද්‍යාස්ථානයේ මධ්‍ය කොටස් ලෙස අදටත් ක්‍රියාත්මකව පවතී.

    2017 වසරේ මෙම සිදුවීම අලලා විද්‍යා ප්‍රබන්ද චිත්‍රපටයක් නිර්මාණය කල අතර එය imdb 7.2 ලබා ගැනීමට සමත් විය.
    https://yts.mx/movies/salyut-7-2017