ලොව පවතින සියලු ආගම්

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ලොව පවතින සියලු ආගම්

අද වර්තමානය වන විට ලොව පුරා විවිධ වූ ආගම් හා ඇදහිලි විශාල ප්‍රමානයක් දක්නට ලැබෙන අතර එයින් බොහෝමයක් ඒවා ඉතා පැරණි වන අතර තවත් සමහර ආගම් ඉතා මෑත කාලයේදී ඇති වූ ඒවා වේ. මෙම ආගම් වලට ආවේනික වූ විවිධාකාර ලක්ෂනයන් දක්නට ලැබේ. ඒසේම මනුෂ්‍යාගේ මූලික පදනම ආගම ලෙස හැඳින්විය හැකිය. මා මේ අනුව ත්‍රෙඩ් එකක් ආරම්භ කලේ ඒ සියලු ආගම් පිලිබඳව යම් වැටහීමක් ලබා දීමේ අරමුනෙන් පමණක්ම බව මුලින් පැවසිය යුතුය. එසේම සියලු ආගම් හා ඇදහිලි පිලිබඳව ස්වාධීනව විග්‍රහ කිරීමද මගේ මූලික අරමුනක් වේ.ඇත්තවශයෙන්ම ආගම් විග්‍රහ කෙරුනුයේ ඉoග්‍රීසි භාෂාවේ අකාරාදී පිලිවෙලටය එබැවින් කිසිවෙකු කලබල විය යුතු නැත.

පටුන

Aladura
Asatru
Bahaism
Bonism
Buddism
Caodaism
Candomble
Christianity
Cheondoism

අනෙකුත් ආගම් ගැන තොරතුරු සකස්වෙමින් පවතී.:P




theiprophet-f121451-150x150.jpg



Aladura ඇලදූරා

අලදූරා යනු සත්‍ය වශයෙන්ම ක්‍රිස්තියානි ආගමෙන් කැඩී වෙන් නවතම ආගමක් ලෙස හැඳින්විය හැකිය. මෙම ආගම 1918 දී බටහිර නයිජීරියාවේ දී පුද්ගලයන් පස් දෙනෙකු විසින් ආරම්භ කරනු ලැබුවේය. එසේ ආරම්භ වූ මෙම ආගම අදහන පිරිස ලක්ෂ 30ක් පමන වේ. ඇලදූරා යන වචනයෙහි අරුත වඳින ජනතාව ලෙස හැඳින්විය හැකිය. මෙම වචනය අප්‍රිකානු යුරුබා භාෂාවේ වචනයක් ලෙස හඳුනාගෙන ඇත.


4208908228_a881d54508.jpg



මෙම ආගමට අයත් ඇදහිලි ස්ථාන ඇලදූරා පල්ලි වශයෙන් නම් කල හැකිය. එසේම මොවුන් දෙවිවරුන් වන්දනාමාන කිරීමෙන් ලෙඩ සුව කල හැකි බව තරයේම විශ්වාස කරයි. මෙම ආගම තුල පෙන්තකොස්තවාදයේ සහ ඇන්ග්ලියානු වාදයේ පදනම් දක්නට ලැබේ.නමුත් ඇතැම් වැස්ලියන් සභිකයන් මෙම ආගමික මතවාදය සමග ඒකරාශී වී ඇත. එසේම මෙම ආගමික පල්ලි අප්‍රිකානු සාම්ප්‍රදායිය ආගම් පහත් කොට සැලකීම සිදුකරයි. එයට හේතුව වශයෙන් දක්වා ඇත්තේ මෙම අප්‍රිකානු ආගම්වල ඇති දුෂ්ට භාවයයි.එමනිසා මොව්න් ප්‍රතිමා නෙලීම ආදිය ප්‍රතික්ෂේප කරනු ලබයි එසේම මොවුන් දේශපාලන ක්‍රියාකාරිත්වයට සම්බන්ධ වීමක් දක්නට නොලැබේ.



 
Last edited:
Jul 10, 2011
5,011
473
0
හොද වැඩක්.. දිගටම කරගෙන යන්න.. හැබෙය් ආගම් ගැන කියනකොට ඇත්ත නැත්ත හරියට දැනගෙන එක කෝනකින් විතරක් බලන්නෙ නැතුව දෙපත්තම බලලා ලියන්න..
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
බොරලුගොඩ මහතා;13219790 said:
හොද වැඩක්.. දිගටම කරගෙන යන්න.. හැබෙය් ආගම් ගැන කියනකොට ඇත්ත නැත්ත හරියට දැනගෙන එක කෝනකින් විතරක් බලන්නෙ නැතුව දෙපත්තම බලලා ලියන්න..
හා
 

Rkhareen

Member
Jun 20, 2012
56
9
0
Colombo
බොරලුගොඩ මහතා;13219790 said:
හොද වැඩක්.. දිගටම කරගෙන යන්න.. හැබෙය් ආගම් ගැන කියනකොට ඇත්ත නැත්ත හරියට දැනගෙන එක කෝනකින් විතරක් බලන්නෙ නැතුව දෙපත්තම බලලා ලියන්න..

:yes::yes:
 

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බොරලුගොඩ මහතා;13219790 said:
    හොද වැඩක්.. දිගටම කරගෙන යන්න.. හැබෙය් ආගම් ගැන කියනකොට ඇත්ත නැත්ත හරියට දැනගෙන එක කෝනකින් විතරක් බලන්නෙ නැතුව දෙපත්තම බලලා ලියන්න..

    cult wage ewa cult kiyala danna.. cult agam walin wenas wena hatiht danna!
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Asatru ඇසටෲ




    Mjollnir_icon.png



    ඇසටෲ වචන අර්තයෙන්ගත් කල එහි තේරුම අසා දෙවියන් අදහන්නා යන්නයි. එහිදී මෙම ආගමේ ආරම්භය ක්‍රි.පූ 100 පමන වන කාලය තෙක් දිවයයි. නෝර්වීජියානු ආගම් අතර වැදගත් තැනක් හිමිවන මෙම ආගම අයත්වන්නේ නෝවීජියානු පැගානියානු ආගම් ගොන්නටය, එසේ ආරම්භවන මෙම ආගම බ්‍රිතාන්‍ය පුරාම පැතිරී තිබුනු අතර ක්‍රි.ව1000දී පමන ඇන්ග්ලෝ සැක්සන් අධිරාජ‍යා බ්‍රිතාන්‍ය ආක්‍රමනය කොට ක්‍රිස්තියානි ආගම පැතිරවීමත් සමග ඇසටෲ නොහොත් නෝවේජියානු පැගෝනියානු දහම අභාවයට පත් විය 20 වන සියවසේදී අයිස්ලන්ත ගොවීන් විසින් මෙම ආගමට නැවත පණ පොවන ලද්දේය. වර්තමානය වනවිට අයිස්ලන්තය,නෝර්වේ,ඩෙන්මාකය වැනි රටවල මෙම ආගම පැතිරී පවතී


    Idun_and_the_Apples.jpg


    මෙම ආගමද දේවවාදී ආගමක් වන අතර ප්‍රධාන වශයෙන් දෙවිවරු හතර දෙනෙකු දක්නට ලැබේ

    • Odin (Germanic Woden) - god of magic, poetry, riches and the dead; ruler of Valhalla (gave his name to Wednesday)
    • Thor - sky god who wields a hammer, controls the weather, and protects the law and the community (gave his name to Thursday)
    • Freyr - fertility god represented with a phallic statue and seen as the founder of the Swedish royal dynasty
    • Freyja - fertility goddess of love and beauty, sister of Freyr, known by many names (including Frigg, Odin's wife and patron of families, who gave her name to Friday)
    Other deities:

    • Njord - father of Freyr and Freyja, god of ships, sea and lakes
    • Tyr (Germanic Tiu) - god of battle, sacrifice, and justice (gave his name to Tuesday)
    • Ullr - god of death, winter, and hunting
    • Loki - the trickster


    කෙසේ වෙතත් මොවුන් පුනර්භවය විශ්වාස නොකරයි.


     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔරියන්තුමාගේ දහම
    1. මේ විශ්වය පිටසක්වල ජීවීන් කෘථිමව නිෂ්පාදනය කර ඇත.
    2.මෙහි අන්තර්සක්වල සංධානයක් ඇත.එය ඉන්ටර් ගැලක්ටික් ෆෙඩෙරේෂන් නම් වෙයි.
    3.අන්තර්සක්වල තුල වසර ට්‍රිලියන ගානක් දියුනු ජීවීන් ඇත.ඔවුන් විශිෂ්ඨතම තාක්ෂනයක් සහිත ප්‍රබල ඥාණයක් සහිතය.
    4.මේ ජීවින් සිය පුනර්භවය තාක්ෂනිකව පාලනය කරන බවයි
    5.එය ඔවුන්ගේ ඇස්ට්‍රල් ශක්තිය නොහොත් ඇස්ට්‍රල් බොඩි එක අලුත් බොඩි එකකට ජම්ප් කරමින් පුනර්භවය වෙයි.
    6.මේ ඉතාම දියුනු ජීවීන් වෙනත් විශ්වයක සිට මේ විශ්වයට පැමිනි බව
    5.මානවයන් යනු ඉතාම ප්‍රාථමික නමුත් යම් සුලු ඥාණයක් සහිත සත්ව විශේෂයක් බව
    6.පෘථිවිය සහ සෞර ග්‍රහ මණඩලය අන්තර්සක්වල වාසීන් විසින් නිපදවා සකස් කර ඇත
    7.ඇස්ට්‍රල් ශක්තිය එහෙම නැත්නම් ඇස්ට්‍රල් බොඩි එක පරිනාමය වෙන එකක්.එය දිනෙන් දින අලුත් දත්ත තැන්පත් කරමින් ඉහලට පරිනාමය වේ
    8.මේ ඇස්ට්‍රල් පරිණාමයට පුනර්භවය වැදගත් වේ.ඔබ දකින අසන සහ ඉගෙන ගන්නා සියලූම සංවේදන සූක්ෂම ලෙස ඔබගේ ඇස්ට්‍රල් බොඩි එක තුල තැන්පත්ව ඇත
    9.පිටසක්වල ජීවීන් පෘථිවියේ ජෛව පරිසරය සහ ජීවීන් ස්වභාවික පරිසර වලින් ගත් දත්ත අනුව කෘථිමව නිපදවාඇත.
    10.පෘථිවිය තුල මානවයන්ගේ ඇස්ට්‍රල් පරිණාමයක් පිටසක්වල ජීවින් සිදු කරයි.ඊට අනුගාමීව ජෛව පරිණාමයක්ද ඔවුන් සිදු කරයි.
    12.මානවයන්ගේ ඇස්ට්‍රල් ශක්තිය පුනර්භවය කිරීමද පිටසක්වල ජීවින් සිදු කරයි
    13.මෙමගින් අන්තර්සක්වලට ගැලපෙන දියුනු පරිණාමික ඇස්ට්‍රල් ශක්තිය සහිත ජීවීන් ඔවුන් ලබාගනී.
    14.මෙහි එක් අදියරක් 2012 වසර තුල අවසන්වේ
    15.පෘථිවියේ ජීවින් ගේ පරිණාමික භාරකරු සහ නායකයා ඔරියන්තුමා වෙන මම වෙමි.
    16.මම 2012 වසරේ ඔබගේ ස්ටාර් ලීඩර් වෙමි.
    17.වසර දස දහසකට වැඩි ඔබගේ ඇස්ට්‍රල් පරිණාමයට මම නායකත්වය සහ උපදෙස් දී ඇත.
    18.මේ සඳහා පිටසක්වල ජීවීන් මට සහාය වෙයි.
    19.මගේ සහායට පිටසක්වල ජීවීන් මේ සෞර ග්‍රහ මන්ඩලයේ සියලූම ග්‍රහලෝක වල සුවිශාල භූගත මධ්‍යස්ථාන වල ‍රැඳී සිටී.
    20.මම කියන දෙය සනාථ කරමින් පිටසක්වල ජීවින් තව නොබෝ දිනකින් පෘථිවියට එනු ඇත.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Bahaism බහායි ධර්මය



    7710-565.jpg





    බහායි ධර්මය ලොව පවතින ආගම් අතර ඉතාම ලාබාල අවධියේ පවතින ආගමක් ලෙස හඳුනාගත හැකිය ආරම්භය සිදුවී ඇත්තේ 1863 දී ඉරානයේදී වේ. මෙම ආගම නිර්මානය කලේ බහදුල්ලාහ් විසින්ය. ඉරානය යනු මූලික වශයෙන්ම මුස්ලිම් රටක් වන අතර. මෙම ආගම හදුන්වා දෙනු ලැබුවෙ ද බාබ් ලෙස තමන්ව හඳුන්වාදුන් ඉරාන තරුනයෙකුය. ඔහු පැවසූ ආකාරයට දෙවියන් වහන්සේ විසින් එවන ලද ශාස්තෲවරුන් මාලාවේ නවතම ශාස්තෲවහන්සේ නොබෝ කලකදීම පහලවන බවද දන්වා ඇත.. මේ අතර ජේසුස්,මෝසක්,මොහමඩ් සහ බුදුන් වහන්සේ සහ අනෙකුත් සියලු ශාස්තෲන්වහන්සේලා දෙවියන් විසින් එවන ලද බවට දක්වා ඇත.එයින් වඩාත් වැදගත් වන්නේ බහ්දුල්ලහ් නැමැති පනිවිඩකරු බව මොවුන්ගේ විශ්වාසයයි.

    9.jpg



    "The earth is but one country, and mankind its citizens."
    - Bahá'u'lláh


    ලොව රටවල් 235ක මිලියන6 ක් මෙම ආගම අදහන බව හෙලිවී තිබේ