ලොව පළමු ඔමික්‍රෝන් මරණය වාර්තා වෙයි..

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,105
    198,613
    113
    Colombo, Sri Lanka
    ලොව පළමු 'ඔමික්‍රෝන්' මරණය මහා බ්‍රිතාන්‍යයෙන් වාර්තා වේ. මේ බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද විශේෂ නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කර තිබේ. 'ඔමික්‍රෝන්' පළමු මරණය පිළිබඳ පළමුවෙන් ලොවට දැනුම් දුන්නේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ය. ඒ, හදිසි මාධ්‍ය හමුවක් කැඳවමිනි.

    'කනගාටුවෙන් මා දැනුම් දෙන්න කැමැතියි, රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි, කොවිඩ් 19 ඔමික්‍රෝන් ආසාදිතයකු මියගියා. ඔමික්‍රොන් විකෘතිය ළැව් ගින්නක් සේ මහා බ්‍රිතාන්‍යය පුරා ව්‍යාප්ත වෙමින් තිබෙනවා. මා ඉල්ලා සිටිනවා හැකි ඉක්මණින් තමන්ට නියමිත බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගන්න'' යැයි එම මාධ්‍ය හමුවේ දී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ජොන්සන් එරට වැසියන්ගෙන් ඉල්ලීමක් කළේය.

    මේ අතර 'ඔමික්‍රෝන්' විකෘතිය 'ඩෙල්ටා' විකෘතියට වඩා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවත්, මේ වනවිට එය රටවල් 63 කට ව්‍යාප්ත වී අවසන් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා තිබේ. 'ඔමික්‍රෝන්' විකෘතිය 'කොවිඩ් 19' සඳහා නිපදවා ඇති එන්නත් කාර්යක්ෂමතාව අඩු කිරීමට සමත් වී ඇති බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ඒ අනුව, වයිරසයෙන් ආරක්ෂා වීමට බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගැනීම සුදුසු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් පෙන්වා දී ඇත.

    (රොයිටර්)
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,410
    113
    කෑගල්ල
    මෙන්න මේ වෙලාවට තමයි මොනා උනත් (ෆැසිස්ට් වාදියෙක් උනත්) සරත් පොන්සේකා ජනාධිපති උනානන් කියලා හිතෙන්නේ....
    එදා උනානම් පෝන්න රනිලා මොනවා කරයිද දන්නේ නෑ. මේ රටේ ඉන්න මෝඩයෝ මිනිස්සුන්ගේ හොදම කාලෙන් වැඩක් ගන්න දන්නේ නෑ. දැන්නම් පොරටත් වයස වැඩ්.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,294
    47,168
    113
    ඒ රටවල් වල අගමැතිලා දුක් වෙනවා ප්‍රසිද්ධියේ අැවිත් ඒව කියනවා..ඒකට අපේ රටේ උන්..හමුදාපති තමා අැවිත් කියන්නේ රටේ කොරෝනා තත්වේ ගැන.🤭