ගෝලීය වශවෙන් නැවතත් කෝවිඩ් වසංගත තත්ත්වය හිස ඔසවමින් තිබෙනවා. රෝගීන් සංඛ්‍යාව ගත වූ මාසය තුළ පමණක් සියයට 52 කින් ඉහළ ගොස් ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. ගත වූ මාසයක කාලය තුළ කෝවිඩ් රෝගින් 850,000 ක් හදුනාගෙන තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ ගෝලීය වශයෙන් නැවතත් කොවිඩ් හිස ඔසවමින් තිබෙන බවයි.
ගෙවුණු මාසයක කාලය තුළ කෝවිඩ් රෝගය හේතුවෙන් ගෝලීය වශයෙන් සිදුව ඇති පුද්ගල මරණ ගණන 3000 ඉක්මවනවා.
මේ අතර ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පැතිර යමින් පවතින JN.1 කොවිඩ් අනුප්‍රභේදය දැනටමත් ශ්‍රී ලංකාවේ ද ව්‍යාප්ත වෙමින් පවතිනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා මහතා පෙන්වාදී ඇත්තේ මේ පිළිබඳ වඩාත් අවදානයෙන් පසුවීම ඉතා වැදගත් කාරණයක් බවයි.
සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ වෛද්‍යවරයා නිවේදනය කර ඇත්තේ මෙම JN.1 කොවිඩ් ප්‍රබේදය ඉන්දියාවේ ශීඝ්‍රයෙන් පැතිරයමින් පවතින බවයි. ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ අනු ප්‍රභේදයක් ලෙසයි මෙය හදුනාගෙන තිබෙන්නේ.
කේරළ ප්‍රාන්තයේ පැතිර ගිය JN.1 අනු ප්‍රභේදය මේ වනවිට ගෝආ සහ මහරාෂ්ට්‍ර ප්‍රාන්ත දක්වා ද පැතිර ගොස් තිබෙනවා.
එමෙන්ම කොවිඩ් ව්‍යාප්තිය පාලනයට අවශ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙස ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් ජනතාවට උපදෙස් ලබා දීමටද පියවර ගෙන ඇති අතර, කොරෝනා අනුප්‍රභේදය අවධානය යොමුකළ යුතු වෛරසයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය දැනටමත් ලෝක ප්‍රජාවට දැනුම්දී අවසන්.
මහාචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පෙන්වා දෙන්නේ, මෙම කොවිඩ් අනුප්‍රභේදය දැනටමත් මෙරට ජන සමාජය තුළ පවතින බවට සැක පළකළ හැකි බවයි. ශ්‍රී ලංකාවේ දැනට සුලභව දක්නට ලැබෙන ප්‍රතිශ්‍යාවට සමාන රෝගී තත්ත්වය එහි ප්‍රතිඵලයක් විය හැකි බව ඔහුගේ මතයයි.
උණ, කැස්ස, ගඳ සුවඳ හා රස නොදැනීම, අධික උණ අඛණ්ඩව පැවතීම, ශ්වසන අපහසුතා, ආහාර ගැනීමට අපහසුවීම සහ වමනය න්‍භග1 කොවිඩ් අනු ප්‍රභේදයේ රෝග ලක්ෂණ ලෙස පෙන්වාදිය හැකියි.
මේ නිසා මෙවැනි රෝග ලක්ෂණ සහිත පුද්ගලයන් වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බවද විශේෂයෙන් වයෝවෘධ සහ දුර්වල ප්‍රතිශක්තියක් සහිත පුද්ගලයන් වර්ධක එන්නත් ලබාගැනීම සුදුසු බවද චන්දිම ජීවන්දර මහතා අවධාරණය කරනවා. එමෙන්ම මුව ආවරණ පැළඳීම යෝග්‍ය බව ඔහුගේ අදහසයි.
කොවිඩ් වෛරසය සමාන්‍ය ප්‍රතිශ්‍යා වෛරස ලෙස නොසැලකිය යුතු බව පෙන්වා දෙන ජීවන්දර මහතා වැඩිදුරටත් අවධාරණය කරන්නේ, රෝගියෙකු බරපතළ තත්ත්වයකට පත්විය හැකි අවස්ථා මඟහරවා ගැනීම සියළු දෙනාගේ වගකීම වන බවයි.