ලොව පැරණිම මළ සිරුර හමුවෙයි
ලොව පැරණිම මළ සිරුර හමුවෙයි
වයස අවුරුදු කෝටි 23 යි
ඉතාම හොඳ තත්ත්වයේ පවත්නා ලොව පැරණිම මෘත දේහය පසුගියදා විද්‍යාඥයන් පිරිසක් විසින් සොයා ගන්නා ලද බව බ්‍රිතාන්‍යයේ ජාතික විද්‍යා ඇකඩමියේ නිල වාර්තාවේ සඳහන් වුණා. එය මැස්‌සකුගේ සිරුරක්. එහි වයස අවුරුදු කෝටි 23 යි. ඌ සිරවී සිටියේ දුම්මල ගුලියක් තුළ පියඹා යද්දී හෝ දුම්මල තට්‌ටුව මතින් ගමන් කරද්දී හෝ දුම්මල සුවඳ නිසා එය මත වැසීමෙන් හෝ මේ කෘමියා දුම්මල තට්‌ටුව මත ඇලවුණා. ඒ අතර ගලාගෙන ආ තවත් දුම්මල තට්‌ටුවක් මගින් උගේ සිරුර ලැමිනේට් කෙරුණා. මේ සිරුර හමු වූයේ වයඹදිග ඉතාලියෙන්. එම සිරුරට අමතර තවත් එබඳුම පැරැණි මැක්‌කන් දෙදෙනකුගේ වසර මිලියන 100 බැගින් පැරණි ඉතා හොඳ තත්ත්වයේ තිබූ මළ සිරුරු දෙකකුත් සොයා ගැනීමට විද්‍යාඥයන්ට පුලුවන් වූහ. මේ සිරුරු මිලිමීටර් දෙක බැගින් විශාලයි. එහි වටිනාකම විද්‍යාඥයන්ට කිව නොහැකි තරම් වැදගත්.
අපගේ පාඨකයන් දුම්මල යනුවෙන් හඳුන්වන්නේ මොනවාද කියා දන්නවා. එහෙත් එය වැඩිදුර පැහැදිලි කර දීම අපගේ යුතුකමක්. දුම්මල කියන්නේ සෑහෙන තරම් ලොකු කඳන් සහිත ගස්‌වලින් ගලා එන කිරි විශේෂයකටයි. එය වියෑලුණු පසු ලා දුඹුරු පැහැයේ සිට තද දුඹුරු පැහැය දක්‌වා වර්ණවලින් පවතිනවා. මෙයට වසර දශලක්‍ෂ 340 කට පෙර පෘථිවිය මත පැවැති Carboniferous හෙවත් අංගාරධර යුගයේ පැවැති ගස් වල සිට මෙයට වසර 40000 කට පෙර පැවැති ගස් වර්ග දක්‌වා වූ විවිධ ශාඛවලින් විවිධාකාරයේ ගම් වර්ග වැනි ඉස්‌ම වහනය වුණා. මේ සමහර ඉස්‌ම සුවඳයි. ඒවා උරා බොන්නට ආ කෘමීන් ඒවා මත ඇලී ගියා. පසු කාලයේදී මේ ගස් වියපත්ව කඩාවැටී ගල් අඟුරු නිර්මාණය වුණා. ගල් අඟුරු හාරන විට by Product එකක් හෙවත් උප නිෂ්පාදනයන් ලෙස දුම්මල හමු වනවා. මෙබඳු දුම්මල ආකර ඉතාලියේ ඇල්ප්ස් කඳු තීරයේ තිබෙනවා. දුම්මල ගස් අවට මැසි මදුරු සහ මැක්‌කන් වැනි සතුන් වර්ග 3500 ක් සිටියා. පසුගියදා සොයාගත් කෘමි මළ කඳන් අතර තිබූ මැක්‌කන් දෙදෙනා ඒ සත්ත්ව වර්ගවලට අයත් නමුත් ඉතා අසාමාන්‍ය ලෙස වැඩී සිටි සතුන් දෙදෙනෙක්. දුම්මල යනු සත්ත්ව සහ ශාඛ පුරාණයත් පාෂාණ විද්‍යාවත් ගැන සොයන විද්‍යාඥයන්ට ඉතාම ප්‍රයෝජනවත් දෙයක්. කුඩා සතුන්ගේ සිරුරු වෙන කිසිදු දෙයක් තුළ මෙතරම් හොඳින් සුරක්‍ෂිතව පවතින්නේ නෑ. 1993 දී ස්‌ටීවන් ස්‌පිල්බර්ග් නමැති හොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්‍ෂවරයා විසින් සාදන ලද ජුරාසික් පාක් චිත්‍රපටයේ කතාව වන්නේත් දුම්මල කැබැල්ලක් තුළ ඝනීභවනය වී සිටි ආදි කල්පිත මදුරුවකුගෙන් උකහා ගන්නා ලද DNA සාම්පලයක ආධාරයෙන් ඩයිනෝසරයන් බෝකිරීමේ ප්‍රවෘත්තියයි.
පසුගියදා ඉතාලියෙන් හමුවූ ට්‍රයාසික් (Triassic) යුගයට අයත් ඇන්ත්‍රොපොඩ්ස් (Anthropods) වර්ගයේ කෘමීන් ගෙවී ගිය අතීතය ගැන අලුත් ජීව විද්‍යාත්මක තොරතුරු අපට කියාදෙනු ඇති.