ලොව පැරණිම සාම ගිවිසුම ලoකාවෙන්
පුරාවිද්‍යා නිලධාරී තහවුරු කරයි
ලෝක ඉතිහාසයේ මෙන්ම ලංකා ඉතිහාසයේ ද විවිධ කාලවකවානුවල විවිධ පාලකයන් ඇති කර ගත් යුද ගිවිසුම් මෙන්ම සාම ගිවිසුම් ඕනෑතරම් ප්‍රමාණයක් ඉතිහාසය අධ්‍යයනයේදී අපට දක්නට ලැබේ. ඊට අනුව මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාගේ සෙනෙවියකු වූ සෙලියුකස් නිකේටර් හා මෞර්ය චන්ද්‍රගුප්ත රජු අතර ක්‍රි. පූ. 04 වන සියවසේදී පමණ ඇති කර ගත් ගිවිසුම එක් නිදසුනකි.
ලංකා ඉතිහාසයේ මෙන්ම ලෝක ඉතිහාසයේ ද තිබූ මෙවැනි ගිවිසුම් ගැන අපට කියවන්නට ලැබෙන්නේ සාහිත්‍ය මූලාශ්‍රවලින් පමණක් වුවත් ලංකාවේ අදින් වසර 850 කට පමණ පෙර පොළොන්නරු යුගයේදී මහා පරාක්‍රමබාහු රජු හා දෙවන ගජබාහු රජු අතර ඇති කර ගත් සාම ගිවිසුමක් ගැන පුරාවිද්‍යාත්මක සාක්ෂියක් ලැබීම සුවිශේෂ අවස්ථාවක් වශයෙන් ස`දහන් කළ හැකිය. මහාවංශයේ මෙම රජවරුන් දෙදෙනා ඇති කර ගත් ගිවිසුම ගැන යම් යම් තොරතුරු ස`දහන් වේ. ඊට අනුව මෙම ගිවිසුමට සම්බන්ධ වූ මහා පරාක්‍රම බාහු හා දෙවන ගජබාහු රජවරුන් එකිනෙකාට විරුද්ධව යුධ නොවදින බව ප්‍රකාශ කරමින් මැදිරිගිරිය විහාරයේ ගලක එම ගිවිසුම කොටා තිබූ බවට මහාවංසයේ ස`දහන් වුවත් මැදිරිගිරිය විහාරයෙන් එවැනි ගිවිසුමක් කෙටූ ශිලා ලේඛනයක් නොලැබුණි. නමුත් පසු කාලයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ සංගමු විහාරයෙන් එම ගිවිසුමේ තවත් පිටපතක් ලැබී ඇත. මෙම ලිපියෙන් විශ්ලේෂණය කරන්නේ එසේ සංගමු විහාරයෙන් ලැබුණු එකී සාම ගිවිසුම් ශිලා ලේඛනය ගැනයි.
ක්‍රි. ව. 1153 - 1186 අතර කාලයේ ලංකාවේ අසහාය පාලකයා වූ මහා පරාක්‍රමබාහු හෙවත් පළමුවන පරාක්‍රමබාහු රජු මාණාභරණ හා රත්නාවලි නම් දෙපළගේ පුත්‍රයා විය. මාණාභරණ යනු මහා විජයබාහු නැගණිය වූ මිත්තා කුමරියට පාණ්ඩ්‍ය වංශික කුමරාගෙන් ලැබුණු පුතුන් තිදෙනාගෙන් වැඩිමහලු පුතාය. ඉතිරි දෙවැන්නා සිරිවල්ලභ හා කිත්සිරිමේඝ යන කුමාරවරුන්ය. රත්නාවලී කුමරිය යනු මහා විජයබාහු ගේ දෙවැනි බිසව වූ කාලිංග වංශික තිලෝක සුන්දරී කුමරියට ලැබුණු දූවරු අතරින් එක් දුවකි.
ඊට අනුව පරාක්‍රමබාහුගේ පියා වූ මාණාභරණ රජුගේ පියා පාණ්ඩ්‍ය වංශයට අයත් වන අතර පරාක්‍රමබාහුගේ මව වන රත්නාවලී දේවියගේ මව වූ තිලෝක සුන්දරී කාලිංග වංශයට අයත්ය. මේ නිසා උපතින්ම පරාක්‍රමබාහු රජුට කාලිංග හා පාණ්ඩ්‍ය වංශික ඥාති සබ`දතා විය.
මෙම සාම ගිවිසුම ස`දහා සම්බන්ධ වන දෙවන ගජබාහු රජු යනු මහා විජයබාහු රජුගේ කාලිංග වංශික බිසවගෙන් ලත් එකම පුත් වූ පළමුවන වික්‍රමබාහු රජුගේ පුත්‍රයාය. මහා විජයබාහුගේ මරණයෙන් පසුව ඇති වූ නොසන්සුන් දේශපාලන තත්ත්වය හමුවේ වඩාත් අසාධාරණයට ලක් වූ පළමුවන වික්‍රමබාහු කුමාරයා තමාගේ උරුමය ලබා ගැනීම ස`දහා සටන් කළේය. එම සටනින් ජයගත් වික්‍රමබාහු ක්‍රි. ව. 1111-1132 අතර කාලයේදී පොළොන්නරුවේ රජවී එහි සිට රට පාලනය කළේය. පළමුවන වික්‍රමබාහුගේ මරණයෙන් පසුව ක්‍රි. ව. 1132 දී රාජ්‍යත්වයට පත් දෙවැනි ගජබාහු පොළොන්නරුවේ පාලකයා වූයේ තම පියා මෙන්ම අභිෂේක නොවූ රජ කෙනකු ලෙසයි. මේ අනුව දෙවැනි ගජබාහු හා පළමු වැනි පරාක්‍රමබාහු නැදෑකමට අනුව දෙමස්සිනෝ වෙති.
පළමුවන විජයබාහු රජුගේ රාජ්‍ය කාලයෙන් පසු පොළොන්නරු රාජධානිය තුළ නැවතත් ස්ථාවර පාලනයක් ඇති වන්නේ මහා පරාක්‍රමබාහු රජුගේ පාලන සමයේදී ය. ඒ දක්වා එනම් ක්‍රි. ව. 1111 සිට ක්‍රි. ව. 1153 දක්වා වූ අඩසියවකට ආසන්න කාලසීමාව තුළ පොළොන්නරු දේශපාලනය අවුලෙන් අවුලට පත් වූ අවස්ථා බොහෝය. එනම් රට අභ්‍යන්තරයේ සිවිල් අරගල වර්ධනය වූයේ රජ පවුල අතරම බල තරගයක යෙදුණු පිරිස් සිටීම නිසාය. විශේෂයෙන් මේ ස`දහා මහා විජයබාහුගේ පුතා සෘජුවම ගැටුම්වලට සම්බන්ධ වූ අතර පරාක්‍රමබාහු කුමරා දේශපාලන කරලියට පැමිණි පසු දෙවැනි ගජබාහු මෙන්ම සිරිවල්ලභගේ පුත් දෙවන මාණාභරණ සහ ඔහුගේ මව සුගලා බිසව ද මෙම සිවිල් අරගලවල ප්‍රධාන නායක නායිකාවන් විය.
පරාක්‍රමබාහු කුමරුගේ උප්පත්තිය සිදු වූයේ පැරණි දක්ෂිණ දේශයට අයත් කෑගලු දිස්ත්‍රික්කයේ පිහිටි වර්තමාන දැදිගම වශයෙන් හ`දුනාගන්නා ලද පුංඛගාමයේ දීය. ඔහුගේ පියා වූ මාණාභරණ රජු කුමරා කුඩා කාලයේදී මියගිය බැවින් තම සුළු පියා වූ සිරිවල්ලභ යටතේ කුඩා කල හැදී වැඩී පසුව අනෙක් සුළු පියා වූ කිත්සිරිමේඝ රජුට පුතුන් නොසිටි නිසා එම රජු තරුණ පරාක්‍රමබාහු කුමරා පුත් තනතුරේ හදාවඩා ගත්තේය.
කුඩා කල සිටම පරාක්‍රමබාහු කුමරාගේ සිහිනය වූයේ ලංකාවේ අගරජු වීමයි. එම නිසා තමාගේ ඉලක්කය සිතේ තබාගෙන නිතර ඒ අනුව ඔහු කටයුතු කළේය. මේ නිසා එවකට ලංකාවේ අගනුවර ලෙස පැවති පොළොන්නරුව කෙරේ ඔහුගේ අවධානය වැඩිවිය. මේ වන විට පොළොන්නරුව පාලනය කරනු ලැබුවේ දෙවැනි ගජබාහු රජුය. කෙසේ හෝ තම සුළු පියාගේ රාජ සභාවෙන් නික්මී ඔහුගේ අවසරයකින් තොරවම දෙවැනි ගජබාහු ගේ රාජ සභාව වෙත ගිය පරාක්‍රමබාහු කුමරා දෙවන ගජබාහුගේ සිත දිනාගෙන එහි කලක් විසීය.
මෙසේ කලක් ගත කළ පරාක්‍රමබාහු කුමරා නැවත දක්ෂිණ දේශයට පැමිණෙන්නේ සිය සුළු පියා වූ කිත්සිරිමේඝ රජුගේ මරණයට ආසන්න කාලයේදීය. කිත්සිරිsමේඝ රජුගේ මරණයෙන් පසුව තරුණ පරාක්‍රමබාහු කුමරා දක්a‚ණ දේශයේ රජ විය. දක්ණ දේශයේ රජ වීමෙන් පසු අනාගත මහ රජු වීමේ අපේක්ෂාවෙන් දක්ණ දේශය මැනවින් සංවර්ධනය කළ බව වංශ කථාවේ වැඩිදුරටත් ස`දහන් වේ.
දක්ණ දේශය ආර්ථික හා දේශපාලන අතින් ශක්තිමත් කළ පරාක්‍රමබාහු තම අදහස මුදුන්පත් කර ගෙන රටේ අග රජු වීමේ අරමුණින් පොළොන්නරුවට පහර දෙන්නට විය. පරාක්‍රමබාහුගේ මෙම අරමුණට බාධා කළ තවත් කුමාරයෙක් රුහුණේ විසීය. ඔහු සිරිවල්ලභ ගේ සහ සුගලා බිසවගේ පුත් දෙවන මාණාභාරණයි. මේ අනුව දෙවන ගජබාහු, මාණාභරණ හා පරාක්‍රමබාහු යන තුන් කට්ටුව අතර පැවති සටන්වලදී වරින් වර එක් එක් පාර්ශ්වවලට ජය අත්වුව ද ඒවා තාවකාලික ජයග්‍රහණ විය.
කෙසේ වෙතත් වඩාත් ප්‍රබල වූ පරාක්‍රමබාහු රජු දිගින් දිගටම රජරටට පහර දෙමින් අවසානයේ පොළොන්නරුවට ප්‍රහාර එල්ල කර දෙවැනි ගජබාහු රජුව තීරණාත්මකව පරාජයට පත් කළේය. පරාජයට පත් වූ ගජබාහුගේ සේනා සී සී කඩ විසිර ගිය අතර ගජබාහු රජුව අත්අඩංගුවට ගත් පරාක්‍රමබාහු ඔහුව සිරකොට තැබීය.
මෙම තීරණාත්මක අවස්ථාවේදී ගජබාහු රජු වෙනුවෙන් එවර පෙනී සිටියේ මහ තෙරවරුය. උන්වහන්සේලා මෙම ගැටුමට මැදිවී සිටි දෙපාර්ශ්වය වෙත වැඩම කර පරාක්‍රමබාහු රජුට අනුශාසනා කරමින් ගජබාහු රජුට පුතුන් නොමැති බැවින් ද මහලු වයසේ සිටි බැවින් ද පරාක්‍රමබාහු රජුට රාජ්‍ය සාධනය ස`දහා ගජබාහු රජුගෙන් බාධාවක් නොවන බව පවසා දෙදෙනා අතර සමගි සන්ධානයක් ඇති කළහ. මේ සමගි සන්ධානය මැදිරිගිරිය විහාරයේ ගලක කෙට වූ බව ස`දහන් වේ.
ඉහත කී ලේඛනය සොයා ගත නොහැකි වුවද එහි පිටපතක් කුරුණැගල දිස්ත්‍රික්කයේ පිහිටි සංගමු විහාරස්ථානයෙන් ලැබී ඇති අතර එම ගිවිසුම පහත ස`දහන් වේ.
1. (ස්වස්ති) ශ්‍රී මහා සම්මත පරම්පරා

2. (යෙන්) නො පිරිහී ආ සත්‍යධන වූ ගජ
3. බා (හු ප) රාක්රම බාහු දෙසුරුබඩු වම්
4. හ (අප) කළ සන්ධානයට ජීවිතාන්ත
5 දක්වා විග්‍රහයක් නො කරම්හ. ඔවු
6. නොවුන් අයාමෙහි පළමු වැ කෙනෙකුන්
7. ගේ .... පසු වුවන් අත් පත්
8. (වන්න) ...... එක් කෙනෙකුන් ...
9. (වැ) මෙ. ..... (රා)ජ්‍ය වී (ලුප්ත) වන නියායෙ
10. න්........ (අප) දෙදෙනා කෙරෙන්
11. එක් කෙනෙකු (නි හට) සතුරු වූ රජදරු කෙ
12. නෙක් ඇත්නම් දෙදෙනාටම සතුරහ.. මෙ
13. ට විරුද්ධයක් කළමො නම් තුනුරුවන් ආඥා
14. මැකුවම්හ ... නරකයෙන් මුක්ත නොවූවම්හ.
තේරුම -
"යහපතක් වේවා ශ්‍රී මත් මහා සම්මත පරම්පරාවෙන් නොසි`දී පැමිණ සත්‍යයම ධනය කොට ඇති (අපි) ගජබාහු පරාක්‍රමබාහු ඥාති සොහොහුරෝ (දෙමස්සිනෝ) වෙමු.
අප කළ මේ පොරොන්දුවට (අනුව) දිවි කෙළවර දක්වා (අප දෙදෙන) සටන් නොකරමු. අප දෙදෙනාගෙන් පළමුව මැරුණකුගේ (රාජ්‍යය) නොමැරී ජීවත්වන්නාට අයිතිය ............. එක් කෙනෙක් ............ මේ රාජ්‍යය වැනසෙන අයුරින් .................. අප දෙදෙනාගෙන් එක් කෙනෙකුට සතුරු වූ රජ කෙනෙක් ඇත්නම් ඔවුහු අප දෙදෙනාටම සතුරුය. මෙයට (ගිවිසුමට) විරෝධයක් (විරුද්ධ යමක්) අප කළොත් තුනුරුවන්ගේ ආඥාව කඩ කළෝ (ඉක්ම වූවෝ) වෙමු. අපායෙන් ද නොමිදුනෝ වෙමු" යනුවෙන් ස`දහන් කර ඇත.
මෙම ලේඛනය කෙටියෙන් අදාළ කාරණාව පමණක් ස`දහන් කරමින් ලියන ලද්දකි. කෙළින්ම අදාළ කාරණාව ස`දහන් කර ඇත. එහි පළමු වගන්තියෙන් තම තමන්ගේ ජීවිතාන්තයන් දක්වා එකිනෙකා අතර යුධ නොකරණ බවට ගිවිස ගෙන ඇත. එය "අප කළ සන්ධානයට ජීවිතාන්ත දක්වා විග්‍රහයක් නොකරම්හ" ලෙස ස`දහන් කර ඇත. දෙවැනි වගන්තියෙන් ගිවිස ගෙන ඇත්තේ දෙදෙනා අතරින් පළමුවෙන් මියයන්නාගේ දේපළ ජීවත්වන තැනැත්තාට හිමි විය යුතු බවයි. තුන්වන වගන්තිය අපහැදිළිය. හතරවැනි වගන්තියෙන් තමන්ගෙන් එක් අයෙකුට සතුරු වන රජෙකු දෙදෙනාගේම සතුරකු ලෙස සැලකිය යුතු බවට ද සපථ වී ඇත. අවසානයේ මේ ගිවිසුමට පටහැනිව කටයුතු කළහොත් තමන්ට සිදුවිය යුතු දේ පිළිබ`දව ඔවුන් දෙස් තියාගනිති. (ශිලා ලේඛන සංග්‍රහය. 2 පිට)
මෙම ගිවිසුමෙන් පරාක්‍රමබාහු කුමරුට හා ගජබාහු රජු යන දෙදෙනාටම වාසි අත්විය. මෙහිදී පරාක්‍රමබාහු රජු තරුණ අවධියක පසුවීම නිසාත් ගජබාහු මහලු වයසේ පසු වීම නිසාත් ස්ථිර වශයෙන්ම පරාක්‍රමබාහුට පොළොන්නරුව හිමි විමේ ඉඩකඩ වැඩිය. (ගජබාහු රජු මියයැම නිසා) තවද පරාක්‍රමබාහු කුමරා ලංකාවේ අග රජු වීමට විශාල උත්සාහයක් දැරීම තුළ ඔහුට ආ අභියෝග වන්නේ පොළොන්නරු රාජධානියට අයිතිවාසිකම් කිව හැකි තවත් කුමාරවරුන් කිහිප දෙනකු සිටිමයි. ඒ අතරින් ගජබාහුගේ සහෝදරයන් වූ මහින්ද හා අනිකංගට පරාක්‍රමබාහුට වඩා පොළොන්නරු රාජධානියට අයිතිවාසිකමක් තිබුණි. රුහුණේ මාණාභාරණට ද පරාක්‍රමබාහුට සමානව අයිතිවාසිකම් තිබුණි. මෙම අයිතිවාසිකම් නිසා දෙවැනි ගජබාහු නීත්‍යානුකූලව තම රාජ්‍ය ඔහුගේ ඇවෑමෙන් පරාක්‍රමබාහුට පවරා දීම නිසා පරාක්‍රමබාහුට එම රාජ්‍යයට නීත්‍යානුකූල අයිතියක් ලැබීම අන් කුමරුවන්ට නොලැබුණු විශේෂ වරප්‍රසාදයක් විය. දෙවැනි ගජබාහු පැරදුණු අවස්ථාවේදී බලෙන් පොළොන්නරුව පරාක්‍රමබාහු අල්ලා ගත්තේ නම් ඔහුට එවැනි නීත්‍යානුකූල අයිතියක් ලැබෙන්නේ නැත.
එසේම ගජබාහුට ද මෙම ගිවිසුම නිසා තමාගේ අවසන් කාලය කරදරයකින් තොරව රාජ්‍ය කරගෙන යැමේ හැකියාව ලැබුණි. විශේෂයෙන් පරාක්‍රමබාහු පොළොන්නරුව යටත් කරගෙන ගජබාහු රජුව සිර කළ අවස්ථාවේදී පරාක්‍රමබාහුගේ ඇමතියන් ප්‍රකාශ කළේ ගජබාහු රජුව ඝාතනය කරන ලෙසයි. මෙම ගිවිසුම නිසා ගජබාහුගේ ජීවිතය බේරීම ඔහු ලැබූ බලවත්ම වාසියයි. තවද ගජබාහු මෙම ගිවිසුමට එළැඹියේ පැරදී අවාසි සහගත තත්ත්වයකදීය. එම අවාසිය වාසියක් බවට පත්වූයේ මෙම ගිවිසුම නිසාය. තවද ගිවිසුමේ රජවරුන් දෙදෙනාගේ නම් ස`දහන් කිරීමේදී දෙවැනි ගජබාහුට ප්‍රධානත්වය ලබාදී ඇති බව ඔහුගේ නම පළමුව ස`දහන් කිරීමෙන් පැහැදිලි වේ. මේ නිසා පරාක්‍රමබාහු ගජබාහුගේ ප්‍රධානත්වය පිළිගැනීම ද ගජබාහු ලැබූ ජයග්‍රහණයක් විය.
මෙම ගිවිසුමෙන් අවාසියට පත් තවත් පාර්ශ්වයක් විය. එනම් රුහුණේ මාණාභරණ රජුය. ඔහුට ගිවිසුමට සම්බන්ධ වූ රජවරුන් දෙදෙනාගෙන්ම ඈත් වන්නට සිදුවිය. ඔහු රුහුණේ තනි විය. මෙම තත්ත්වයෙන් ගැළවීමට සිතා මාණාභරණ පසු අවස්ථාවක නැවත ගජබාහු සමග සමගි සන්ධානයක් ඇති කර ගැනීමට යෝජනා කළ ද ගජබාහු එය ප්‍රතික්ෂේප කරමින් පරාක්‍රමබාහු සමග පැවති ගිවිසුම හො`දින් රැකගත්තේය. එම තත්ත්වය ද පරාක්‍රමබාහුට වාසියක් ලෙස බලපෑවේය.
මේ ආකාරයෙන් භික්ෂූන් වහන්සේලා මැදිහත් වී රජවරුන් දෙදෙනා සමගි කර ඇතිවන්නට ගිය විනාශයක් නවතාලුයේය. මෙම ගිවිසුම අපට වැදගත් වන්නේ ලෝක ඉතිහාසයෙන් මෙසේ පුරාවිද්‍යා සාක්ෂි සහිතව ගිවිසුමක් හමුවන පැරණිම අවස්ථාව වීමයි. වංශ කථාවෙන් ද තහවුරු වන මෙම කරුණ පුරාවිද්‍යා සාක්ෂි මගින් මැනවින් තහවුරු වී ඇත.
පළමුවන පරාක්‍රමබාහු හා දෙවැනි ගජබාහු මේ ආකාරයෙන් ගිවිසුම් ඇති කර ගත්ත ද ගජබාහු රජු මියගිය පසු පෙරකී ගිවිසුම ගැන නොතැකූ ගජබාහු රජුගේ ඇමතිවරු රජරට පාලනය භාර ගන්නා ලෙස රුහුණේ සිටි මාණාභරණ රජුට ඇරයුම් කළේය. මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගත් මාණාභරණ රජු සේනාව සංවිධානය කොට ගෙන වහාම රජරටට ආක්‍රමණයක් මෙහෙයවා රජරට බලය අල්ලා ගත්තේ පරාක්‍රමබාහුගේ හමුදා පරාජයට පත් කරවමිනි. පරාජයෙන් නොසැලුණු පරාක්‍රමබාහු රජු නැවතත් සේනා සංවිධානය කර ගෙන රජරටට පහර දී මාණාභරණ රජු නැවත රුහුණටම පලවා හැර පොළොන්නරුවේ බලය යළි තහවුරු කර ගැනීමට සමත් වූ අතර යළි රුහුණට පලාගිය මාණාභරණ රජු නොබෝ දිනකින්ම මරණයට පත්වීමත් සමග පරාක්‍රමබාහු රජු දිවයිනේ අග රජු බවට ක්‍රි. ව. 1153 දී පොළොන්නරුවේදී අභිෂේක විය. පරාක්‍රමබාහු රජු දිවයිනේ අසහාය පාලකයා බවට පත් වීමෙන් පසු තවත් දශක කිහිපයක් රට තුළ සියලු අරගලවලින් තොර සාමකාමී කාලයක් උදාවිය.
මේ අනුව ලෝකයේ කොතෙක් සාම ගිවිසුම් තිබුණ ද මේ ආකාරයන් ශිලා ලේඛනයකින් එම ලියවිල්ල අද දක්වාම තහවුරුව පවතින එකම හා පැරණිම සාම ගිවිසුම ලෙස මෙම සංගමු විහාර සෙල්ලිපිය අගය කළ හැකිය.
වැයිහේනේ බුද්ධි නාගොඩවිතාන
ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාලය
කොටුව - ගාල්ල