වෙන අය කරපු වැඩත් තමන්ගෙ වගේ නම් කරපු රජතුමා.

topkollek

Well-known member
  • May 22, 2014
    44,020
    1
    58,335
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕකේ තියෙන්නේ සෙල්ල්පි වල තියෙන ඒව අතිශෝක්තිය කියල.

    අහපු එකට උත්තරේ තමා එතුමාගේම සෙල්ලිපි. ඒක එහෙම කියන්නේ ඇයි කියන්න තමා ලිපිය ඇලෙව්වේ

    අතිශයෝක්තිය පිළිගන්න පුළුවන්. මොකද අද කාලෙත් ප්‍රවෘත්ති ලියන්නෙ ඇම්බැට්ටයෝ නිසා.

    හැබැයි වෙන එවුන් කරපු දේවල් තමන් කරා කියල කියවෙන සෙල්ලිපි මොනවද? එහෙම එකක් ඔය ලිපියෙ නෑ
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,124
    13,801
    113
    පෘථිවිය

    නිශ්ශංක මල්ල රජතුමා (ක්‍රි.ව.1187 සිට 1196)​








    නිශ්ශංක මල්ල රජතුමා



    කිර්ති නිශ්ශංක සහ කාලිංග ලෝකේශ්වර යන නාම වලින්ද හැඳින්වුන නිශ්ශංක මල්ල රජතුමා 1187 සිට 1196 දක්වා ශ්‍රී ලංකාව පාලනය කළේය. මහා පරාක්‍රමබාහු රජතුමාගේ අනුප්‍රාප්තිකයා වූ ඉන්දියාවේ සිට පැමිණි කාලිංග වංශිකයෙකි.

    මොහු පිළිබඳ තොරතුරු ගවේෂණය කරන්නකුට සාහිත්‍ය මූලාශ්‍රය සහ සෙල්ලිපි යන අංශ දෙකෙන්ම තොරතුරු ගවේෂණය කළ හැක. මහා වංසයෙහි දෙවැනි කොටසෙහි සහ දඹදෙණි යුගයේ දී මයුරපාද පරිවෙණාධිපති බුද්ධපුත්‍ර හිමියන් විසින් රචිත පූජාවලිය තුළින් ද නිශ්ශංකමල්ල රජු පිළිබඳ තොරතුරු රැසක්‌ම ලද හැකිය. එසේම නිශ්ශංකමල්ල රජු පිළිබඳව තොරතුරු ලබා දෙන සාහිත්‍ය මූලාශ්‍රයන් අතර
    • රාජාවලිය
    • පූජාවලිය
    • දළදා සිරිත
    • රාජරත්නාකරය යනාදියට ද වැදගත් ස්‌ථාන හිමි වේ.
    එපමණක්‌ ද නොව, නිශ්ශංකමල්ල රජු පිළිබඳ තොරතුරු සපයන මූලාශ්‍රයන් අතර, "සෙල්ලිපි" සඳහා ද සුවිශේෂී ස්‌ථානයක්‌ හිමි වන අතර, ලංකාවේ වැඩිම සෙල්ලිපි ප්‍රමාණයක්‌ පිහිටුවීමේ ගෞරවය හිමිවනුයේ ද නිශ්ශංකමල්ල රජතුමාටය. නිශ්ශංකමල්ල රජු විසින් පිහිටුවන ලද සෙල්ලිපි අතර
    • ගිරිතලේ ගල් ආසන ලිපිය
    • ගල්පොත ලිපිය
    • වැලිගහවත්ත ලිපිය
    • කටුගහගල්ලේ ලිපිය
    • රාමේශ්වරමේ ලිපිය ප්‍රධාන ස්‌ථානයක්‌ හිමිකර ගනී.



    ගල්පොත ලිපිය


    මෙම සෙල්ලිපි තුළින් නිශ්ශංකමල්ල රජු පිළිබඳ තොරතුරු රැසක්‌ම අනාවරණය කර ගැනීමේ හැකියාව පවතී. එම තොරතුරු පිළිබඳව සඳහන් කරන්නේ නම්
    • තුන් රජය පැදකුණු කිරීම
    • දුස්‌ථ ලංකාවාසීන් සුස්‌ථ කිරිම
    • පාණ්‌ඩ්‍ය රාජ්‍ය ජයග්‍රහණය කිරීම
    • විදේශ රාජ්‍යයන්ගෙන් පුද පඬුරු ලැබීම යනාදිය වැදගත් ය.

    මෙවැනි කරුණු ගණනාවක්‌ම සෙල්ලිපි තුළින් පැහැදිලි කරන අතරම, මොහු පිළිබඳ තොරතුරු සපයන මාධ්‍යයක්‌ වශයෙන් "පුරාවස්‌තු" ද වැදගත් වේ. එම පුරාවස්‌තු ලෙස
    • නිශ්ශංක ලතා මණ්‌ඩපය
    • රන්කොත් වෙහෙර
    • නිශ්ශංකමල්ල රාජ සභා මණ්ඩපය
    • හැටදාගෙය
    • වටදාගෙය යනාදිය පෙන්වාදිය හැකිය.




    නිශ්ශංක රාජ සභා මණ්ඩපය



    නිශ්ශංක ලතා මණ්ඩපය



    නිශ්ශංකමල්ල රජු යනු විදේශීය වංශිකයකු බැවින් මෙරට රාජ්‍යයට පත්වීම ඔහුට මහත් අසීරුතාවක්‌ විය. එයට හේතුව වූයේ ලාංකීය ජනතාව විදේශීය පාලකයකු මෙරට පාලන කටයුතු මෙහෙයවීම අනුමත නොකිරීමයි. මෙසේ සිදු වූ අවමානයෙන් මිදීමට නම් රජු ජනතාව අතර කැපී පෙනෙන චරිතයක්‌ බවට පත්වීම සිදු විය යුතුමය. මේ අනුව නිශ්ශංකමල්ල රජු සිය අභිමානය ගොඩනැංවීම උදෙසා යොදාගත් උපක්‍රමයක්‌ වශයෙන් "විරුදනාමයන් භාවිත කරමින් ජනතාව ඉදිරියේ පෙනී සිට ඇත. එසේ භාවිත කළ විරුද නාමයන් අතර "නිශ්ශංකමල්ල" යන්න භාවිත කිරීම පෙන්වා දිය හැකිය. කාලිංග රජවරු පොදුවේ භාවිත කළ නාමයක්‌ සේ "මල්ල" යන්න සඳහන් ය. මොහු විසින් කරවන ලද සියලු ස්‌ථාන තමාගේ නාමයෙන්ම හඳුන්වාදී තිබේ. එම නාමයන් අතර "නිශ්ශංක ගව්ව, නිශ්ශංකලතා මණ්‌ඩපය, නිශ්ශංක දළදාගේ" යනාදිය සඳහන් ය. එසේම මොහු "පරාක්‍රමබාහු" යන විරුද නාමය ද යොදා ගෙන තිබේ. "නිශ්ශංක කාලිංග පරාක්‍රමබාහු" සේ හඳුන්වා තිබෙන බවත්, මෙය මහා පරාක්‍රමබාහු රජතුමා තමාට ප්‍රදානය කළ බවත් සඳහන් කරනු ලබයි. නිශ්ශංකමල්ල රජු යොදාගත් විරුද නාමයන් අතර, "කාලිංග ලංකේශ්වර" යන්න සඳහන්ය. විදේශිකයෙකු වූ මොහු කාලිංග යන වචනයව ලාංකිකයන්ට නිතර ඇසීමට සලස්‌වා තිබේ. මොහු යොදාගත් විරුද නාමයන් අතරින් අප්‍රතිමල්ල යන්න විශේෂ තේරුමක්‌ නැතිව යොදා ගෙන තිබේ. විද්වතුන් පෙන්වා දෙන අන්දමට මෙහි අදහස වනුයේ "සතුරන් නොමැති" යන්නයි. මේ ආකාරයට නිශ්ශංකමල්ල රජු තම අභිමානය සලසා ගනු සඳහා හෝ කුමන හේතුවක්‌ නිසා හෝ විරුද නාමයන් බොහෝ ප්‍රමාණයක්‌ භාවිත කරන ලද බව පැහැදිලි වේ.

    ලංකාවේ රාජ්‍ය බලය හිමිකර ගත් රජවරු විවිධ අභියෝගයන්ට මුහුණ දුන් බව මූලාශ්‍රය තොරතුරුවලින් අපට අනාවරණය කර ගත හැකිය. පොලොන්නරුව රාජ්‍යයෙහි බලයට පත් වූ නිශ්ශංකමල්ල රජු ද අභියෝගයන් රැසකටම මුහුණ දුන්නේය. නිශ්ශංකමල්ල රජු එවැනි අභියෝගයන් හයකට (6) ලක්‌ වූ බවත් එම අභියෝගයන් ජයග්‍රහණය කළ ආකාරයත් පිළිබඳ මූලාශ්‍රය සඳහන් කරනු ලබයි. ඒ අනුව නිශ්ශංකමල්ල රජුට මුහුණ දීමට සිදු වූ අභියෝගයන් මෙසේය.
    1. විජාතිකත්වය
    2. මහා පරාක්‍රමබාහු රජුගේ ජනප්‍රියත්වය
    3. ගොවිකුල ජනතාව
    4. පරාක්‍රමබාහු රජතුමාගේ හමුදාව
    5. පාණ්‌ඩ්‍ය වංශිකයන්
    6. රුහුණේ ජනතාව


      අතීත පොලිටිකලි ගනින් දැන් පොලිටික්ස් වලට ගන්න එපා. ඉතිහාස පාඩමක්.
    පුනුරුප්පත්ති සීන් එකක් නේද ?
    ලපයක් ඇඩ් වෙලා
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ප්‍රශ්නයක් ඇහුවා ත්‍රෙඩ් එකක උත්තර දියන්කෝ.
    අරාම එක්ක ප්‍රශ්න දාගෙන නම කැත කරගෙන ඉන්න අය ආශ්‍රය කරන්න එපා කියලා තමයි රට්ටු කියන්නේ 🙄
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708
    113
    අතිශයෝක්තිය පිළිගන්න පුළුවන්. මොකද අද කාලෙත් ප්‍රවෘත්ති ලියන්නෙ ඇම්බැට්ටයෝ නිසා.
    මේ එහෙම එකක් නෙවෙයි රජතුමාම අරගෙන ගිහිං ලියා ගත්තුව තියෙන්නේ. එහෙම ඇම්බැට්ටයෝ ලිව කියල නෑ රජතුමා බලනව ඔව්ව. එහෙම බලල correction කරපු සෙල්ලිපිත් තියෙනවා.



    හැබැයි වෙන එවුන් කරපු දේවල් තමන් කරා කියල කියවෙන සෙල්ලිපි මොනවද? එහෙම එකක් ඔය ලිපියෙ නෑ
    දාගෙන තියෙන නම්ඹු නාම ටික කියවලා බලන්න. තමන් ළග නැති දෙයක් අරගෙන තියෙනවා වෙන නම් එක්ක තමන්ගේ නම ඇදලා.

    මෙහිදී සිදුවන්නේ අධිකාරී බලය, අනුමැතිය හා ගරුත්වය චරිතයට එක්කර ගැනීමයි. ජනප්‍රිය සහ බොහෝ දෙනා අතර ගෞරවයෙන් සැලකෙන නාමයක් උපයෝගී කරගෙන අදාළ පුද්ගලයා ප්‍රකටවීම මෙහිදී සිදුකෙරේ. නිශ්ශංකමල්ල රජු පරාක්‍රමබාහුට තම සෙල්ලිපිවලින් දොස් කීවත් ඔහුගේ නාමය තම නාමය ජනප්‍රිය කරවීමට ඈඳාගෙන තිබේ. එමෙන්ම දැහැමි රජකෙනෙකු ලෙස ප්‍රකට සිරිසඟබෝ නාමය ද ඔහු තමාට පවරාගෙන ඇත.

    • සිරිසඟබෝ කාංලිග පරාක්‍රමබාහු වීර රාජ නිශ්ශංකමල්ල.. (පොළොන්නරුව ගල්පොත)

    • ශ්‍රී කාලිංග ලංකේශ්වර අප්‍රතිමල්ල වීරරාජ නිශ්ශංකමල්ල පරාක්‍රමබහු... (රන්කොත් වෙහෙර පුවරු ලිපිය)

    ජනතාවගේ ජීවන තත්ත්

    රජතුමා වැඩි හරියක් කරලා තියෙන්නේ වටේම ඇවිද ඇවිද පොඩි පොඩි modifications ටිකක් එකතු කරලා ලොකු සෙල්ලිපියක් තියලා එන එක. මේ comparison එක කරන්නේ පරාක්‍රම බාහු රජතුමා එක්ක. තිබ්බ අභියෝග වලින් එකක් තමා ඒක. ඕක ඉක්මවන්න තමා ඕක කරන්නේ. ඒ අතර රන්කොත් වෙහෙර වගේ ඒවත් කරවල. නොබෝසත්තුහු නොරජවම්හ කියන එක තව ඉස්සරහට අරගෙන බෞද්ධ කෙනෙක් විතරයි ලංකාවේ පාලනය කරන්නේ කියන එකත් අරගෙන එනවා

    පුනුරුප්පත්ති සීන් එකක් නේද ?
    ලපයක් ඇඩ් වෙලා
    නිශ්ශංකමල්ලගේ දීර්ඝතම ශිලා ලේඛනය පොළොන්නරුවේ ගල්පොතයි. වෙනත් රජවරු මෙන් නොව නිශ්ශංකමල්ල එකම කරුණු මාලාවක් සෙල්ලිපි රැසකම සඳහන් කරයි. තම චරිතය පිළිබඳ සංස්කෘත ශ්ලෝකයකින් සෙල්ලිපිය අරඹන රජු ඊට පසු රාජ පරම්පරාව සඳහන් කර පඬි රට විජයග්‍රහණය, තුන් රජය පැදකුණු කිරීම, ජනතාවගෙන් පෙර පාලකයන් අය කළ අධික බදු බර ඉවත් කිරීම, දාන ශාලා පිහිටුවා ආහාර පාන ලබාදීම, තුලාභාර දාන දීම ඇතුළු තම චරිතයේ කීර්ති නාමය ඉහළ නංවන කරුණු සඳහන් කරයි.
    ------ Post added on Feb 4, 2025 at 11:56 AM
     
    Last edited:

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,301
    113
    නිස්සංකමල්ල කොටයි ද ?
    දැන් හරි

    King-Nissanka-Malla.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708
    113
    මෙහෙම එකක් කියල නෑ.
    කලින්ම කිව්වානේ සෙල්ලිපි තමා උත්තරය. ඒ නිසා සෙල්ලිපි කියවල බලන්න.

    ඔය ලිපිය references වලට දුන්නේ. රාජ්‍ය කාලය එක්ක සසදල බලන්න කරා කියන වැඩ එතකොට අදහසක් ගන්න පුළුවන් ඇත්තට කරපු දේවල් මොනවද නැත්තේ මොනවද කියන එක.