~ලොව පුදුම කරවන ශක්තී ප්‍රභව~...Amazing Energy sources
ලොව පුදුම කරවන ශක්ති ප්‍රභව
..............................................
................................................
................................................
1.ජෙලිෆිෂ් (Jellyfish)
ඔබ දන්නවද ජෙලිෆිෂ්ලා ජලය යටදී දිලිසුම් ඇති කරන හැටි? විශේෂ වූ ප්‍රෝටීන් වර්ගයකින් තමා මෙයාලා මෙම දීප්තිය ඇති කරගන්නේ.විද්‍යාඥයින් සොයාගෙන තියනවලු මේ අයගේ ප්‍රෝටීන් වලින් විදුලිය නිපදවන්න පුළුවන් කියලා.
..............................................................................................
2. සීනී (Sugar)
සීනී වලින් හයිඩ්රජන් නිපදවන ක්‍රමයක් හොයාගන්න විද්‍යාඥයින් සමත් වෙලාලු.එමගින් ඉන්ධන කෝෂයක් නිපදවලා එය ඉතා ලාබදායි හා පිරිසිදු ශක්ති ප්‍රභවයක් විදියට හාවිතා කරන්න පුළුවන්ලු.
..............................................................................................
3.බලු බෙටි( Dog poop)/මිනිස් බෙටි(Human poop)
මළ(බෙටි) වල “මෙතෙන්” කියන වායුව අඩංගු වෙනවා.ඉතින්,දැනට අපි භාවිතා කරන ස්වභාවික වායුන් විදියටම මේ බලු බෙටිත් පාවිච්ච් කරන්න පුළුවන්.බලු බෙටි විතරක් නෙමේ මිනිස් බෙටි වලිනුත් පුළුවන්.බල්ලගෙන් කොච්චර නම් ප්රළයෝජන තියනවද නේ?
..............................................................................................
4.චොකලට්(Chocolate)
චොකලට් වල තියන මේදය ජීව ඉන්ධනයක් විදියට භාවිතා කරන්න පුළුවන්.කොහොමද කියනවනම් Racing car එකක 130 mph වේගයකට ළගා වෙන්න තරම් බලය දෙන්න එය ප්රබලලු.
..............................................................................................
5.සූර්ය ශක්තිය(Solar power)
දැනට විද්‍යාඥයින් පරීක්ෂණ කරනවලු පෘතුවි කක්ෂයේ solar panel හයි කරලා එමගින් ලැබෙන ප්‍රයෝජනවත් ශක්තිය ; ශක්ති කදම්භයක් විදියට නැවත පෘතුවියට ලබා ගන්න.මේක පට්ට නේ.මොකද ඉර පැය 24 ම orbit එකට පායලානේ තියෙන්නේ, අපිට රෑ වුනාට.
..............................................................................................
6.පුපුරන විල් (Exploding lakes)
ඔවු,මේකත් එක්තරා ක්‍රමයක්.ලෝකයේ පුපුරමින් පවතින විල් 3 ක් තියනවලු.ඒ කියන්නේ ප්‍රතික්‍රියා වෙන.ඊට හේතුව, ගැබුරුම ජලයේ තියන මෙතේන් හා කාබන් ඩයොක්සයිඩ් මිශ්‍ර වෙන හින්දා කියලා තමා හොයාගෙන තියෙන්නේ.එකේ අවසාන ප්‍රතිපලය විදියට ජලය මතුපිට නිකන් උතුරන ගතියක් එනවලු.හරියට කේතලයේ වතුර නටනවා වගේ.හැබැයි තාමත් පරීක්ෂණ මට්ටමේ පවතින එකක් මේක.
..............................................................................................
7.ලුණු වතුර(salt water)
මේක කරන්න නම් ලුණු වතුරෙන් ලුණු වෙන් කරගන්න ඕනේ. ප්‍රතිවර්ත්‍ය ප්‍රතික්‍රියාවකදී ශක්තිය දෙආකාරයකට use වෙනවනේ.අන්න ඒක තමා මෙතනත් වෙන්නේ.
..............................................................................................
8.බැක්ටීරියා(bacteria)
මේක නිකන් හරියට බැක්ටීරියා දෙහියුෂ බවට පත්කරන ක්‍රමයක් විදියට තමා විද්‍යාඥයින් අර්ථ දක්වන්නේ.බැක්ටීරියා වල තියන මේද සහිත අම්ල ඉවත්කරගෙන ඒවගෙන් bio-diesel හදන්න පුලුවන් ක්‍රමයකට උත්සහා දරනවලු.
..............................................................................................
9.ඇල්ගී(Algae)
ඇල්ගී වල භාගයක්ම තියෙන්නේ ඉන්ධන වලට හැරවිය හැකි ලිපිඩ නම් කොටස්.මේවගෙන් ලැබෙන ජීව ඉන්ධන ඉතාම පිරිසිදු, ඉතා කාර්යක්ෂම සහ පරිසරයට වඩා හිතකර ශක්තී ප්රභාවයක්ලු පෙට්‍රෝලියම් ඉන්ධන වලට වඩා.
..............................................................................................
10.සද(The moon)
ඉතා පිරිසිදු ශක්තිය ඉක්මනට නිපදවිය හැකි මුලද්‍රවය ඉතා විරලය.නමුත්, සදට මෙම කාරණය අදාල නොවේ.2020 වනවිට සදෙන් හීලියම්-3 කියන මුලද්‍රවය ලබාගන්න දැනට කටයුතු කරගෙන යනවලු.
.............................................................................................
මුලාශ්‍රය-අන්තර්ජාලය
උපුටා ගැනීමක් නොවන අතර මා විසින්ම පරිවර්තනය කර ලියන ලද්දක් බව කරුණාවෙන් සලකන්න.
bump or rep ඉතාම අගය කොට සළකමි.
මුලාශ්‍රය-අන්තර්ජාලය
උපුටා ගැනීමක් නොවන අතර මා විසින්ම පරිවර්තනය කර ලියන ලද්දක් බව කරුණාවෙන් සලකන්න.
bump or rep ඉතාම අගය කොට සළකමි.
Last edited: